සිඑරා

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සිඑරා...
    නුඹ නම් රහස් කන්දක්...

    කවුරුවත් නොදන්නා
    දෑ බොහෝ සඟවාන...
    කිසිවක් ම නොදන්නා
    සා පැංචියක විලස...
    සිටින්නී සැඟවිලා
    හඳුනගත නොහැකි ලෙස...

    සිඑරා...

    නුඹට මං දුන්න ඒ
    රහස් වචනය වුනේ...
    කවදාවත් එපා
    නටන්නට මා එක්ක...
    ඒ වචන අතරමැද
    තිත් තියා හරි හැඩට...
    අන්තිමට එක් කළෙමි
    විශ්මයාර්ථයේ ලකුණ...

    සැර වැඩි ද මන්ද ඒ
    රහස් වචනය වුනත්...
    ඒ වුනත් එහෙම සැරට ය
    ඒව යොදන්නෙත්...

    කොහොම වුනත් සිඑරා...

    මින් පසුව නුඹ වැඩක්
    නැතිවේවි එයාලට...
    ඒ හින්ද නුඹ එන්න
    මගේ පරිගණකයට...
    මම හදමි ගොනුවක්
    ඒ නමින් ඒ හැඩට...
    නුඹේ ආත්මය රැගෙන
    පැමිණෙන්න ඒ වෙතට...

    ඇත්තට සිඑරා...
    නුඹ නම් රහස් කන්දක්...

    [සිඑරා : කලකට පෙර ප්‍රේමයෙන් යුතුව මා විසින් නම ලබාදුන් එක්තරා පරිගණක රහස් ගොනුවකි.]

    2307012157 2307012215 2307012256 2307012306 2307012309
    #siehra
    #spn
     
    • Like
    Reactions: kinkon and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    Copyright secure
    කරගනින්.... පද මාලාව සුප්පා...

    හාර්ඩ් රොක් පාරකට මරු.
     
    • Like
    Reactions: s.p.n and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    Sierra1-min-scaled.jpg
     
    • Like
    Reactions: s.p.n