මම දකින විදියට ලංකාවේ සෞඛ්‍ය අංශයේ කාර්යක්ශමතාවය සහ ප්‍රමිතිය අඩු වීමට හේතු
-
1. හරි record සිස්ටම් එකක් නොමැති වීම - ලංකාවෙ ලෙඩ්ඩුන්ගෙ records තියාගන්න තාමත් පාවිච්චි කරන්නෙ paper based සිස්ටම් එකක්. ඒ කියන්නෙ ලෙඩා ගැන ඔක්කොම විස්තර තියෙන්නෙ කොළ වල, නැත්තං, පොත් වල. ඉතින් ලෙඩෙක්ට ක්ලිනික් පොත ගේන්න අමතක උනොත් හරි, නර්ස්ගෙ අතින් රිපෝර්ට් එකක් නැති උනොත් හරි, ආයෙ ඒ ලෙඩා ගැන කිසිම විස්තරයක් කාටවත් හොයාගන්න නෑ. එහෙමත් නැත්තං වෛද්‍යවරුන් දෙන්නෙක්ට එකම වෙලාවෙ ලෙඩෙක්ගෙ විස්තර බලන්නත් බෑ. ඉතින් පිටු පෙරල පෙරල විස්තර හොයන්න, කැත අත් අකුරු කියවන්න, ඉස්පිරිතාලෙ පුරා ෆයිල්ස් / රිපෝර්ට්ස් එහෙට මෙහෙට යවන්න අමතර කාලයත්, මහන්සියත්, වියදමකුත් වැය වෙනවා. ඉතින් රජය පොඩ්ඩක් වියදම් කරලා computers based system එකකට මාරු වෙන්න ක්‍රමයක් හැදුවොත් මේ ප්‍රශ්නෙ අඩු වෙනවා වගේම, ඕනම කෙනෙක්ට ඕනම වෙලවකදි, ඕනම තැනකදි ලෙඩා ගැන විස්තර බලාගන්නත් පුලුවන්. ආයෙ ෆයිල්, පොත් හොය හොය ඉන්න දෙයක් නෑ.
2. නාස්තිය - මේකටත් වැඩිපුරම වග කියන්න ඕන පළවෙනි හේතුව තමයි. උදාහරනෙකට, ලෙඩෙක්ගෙ X-ray එකක් අරගෙන ඒ ෆිල්ම් එක නැති උනොත් හරි, වතුර ටිකක් හැලිලා සවුත්තු උනොත් හරි, ආයෙත් X-ray එකක් ගන්නම වෙනවා. මාස තුනකට බෙහෙත් දීලා අද ගෙදර යවන ලෙඩා, ආයෙ හෙටත් ඉස්පිරිතාලෙට ආවොත්, ආයෙත් මාස තුනකට බෙහෙත් දීලා යවනවා. මොකද දීපු බෙහෙත්වල නම්, දීපු ප්‍රමානෙ වගේ දේවල් වල කිසිම සඳහනක් කොහෙවත් ඉක්මනට හොයාගන්න නැති නිසා. එක ඉස්පිරිතාලෙක පරීක්ශන ගොඩක් කරපු ලෙඩා, හෙට තවත් ඉස්පිරිතාලෙකට ගියොත්, ආයෙමත් ඒ පරීක්ශන මුල ඉඳන් කරන්න වෙනවා කිසිම තැනක සඳහනක් නැති නිසා. ඉතින් computer සිස්ටම් එකක මේ දේවල් තියෙනව නං, ඕන වෙලාවක, ඕන කෙනෙක්ට මේ දේවල් බලන්න පුලුවන් වගේම ආයෙ ආයෙ පරීක්ශා කරන්න වියදම් කරන්න ඕනෙ නෑ. ඒකෙන් ලොකු නාස්තියක් අඩු කරගන්න පුලුවන්.
3. වෛද්‍යවරු - ලංකාවෙ කෙනෙක් වෛද්‍යවරයෙක් උනාට පස්සෙ, ආයෙ ජීවිත කාලෙටම මොකුත් නොකර වෛද්‍යවරයෙක් විදියට ඉන්න පුලුවන්. අලුත් දේවල් ඉගෙනගන්න ඕනෙ නෑ, portfolios තියාගන්න ඕනෙ නෑ, එක්සෑම්ස්/ courses/ workshops වලට යන්න ඕනෙ නෑ, appraisals/ revalidations කරන්න ඕනෙ නෑ. Medical council එකේ membership එකට ගෙවන තාක්කල් තමන් වෛද්‍යවරයෙක්. ඒ නිසා තමන්ගෙ සේවයේ ප්‍රමිතිය වැඩි කරගන්න, දැනුම update කරගන්න වෛද්‍යවරු නීතියෙන් බැඳිලා නෑ. ඉතින් ලංකාවෙ ගොඩක් වෛද්‍යවරු වැඩ කරන්නෙත් හරි අමුතුම විදියකට. ඒ කියන්නෙ ගොඩක් වෛද්‍යවරු senior වෙන්න වෙන්න, තමන්ට තියෙන වගකීම් අඩු කරගන්නවා. වෙලාවට වැඩට එන්නෙ නෑ, ඇවිල්ලත් ඉස්පිරිතාලෙ ඇතුලෙ ඉන්නෙ පැය දෙකයි තුනයි. වැඩට එන්නෙත් තමන්ගෙ private practice එකේ නම තියාගන්න. ඉතින් juniorම, දැනුම අඩුම ඩොක්ටර්ස්ල තමයි වැඩියෙන් වැඩ කරන්නෙ. එහෙම උනාම වෛද්‍යවරු ඉගෙනගන්න දේවල් අපතෙ යනවා වගේම පිං පඩි ගන්න ඩොක්ටර්ස්ලට ගෙවන එන රජයට පාඩුවක්.
අනිත් දේ තමයි ලංකාවෙ කෙනෙක් වෛද්‍යවරයෙක් උනාට පස්සෙ තමන්ට කැමති ඕන දෙයක් කරන්න පුලුවන්. අමුතුවෙන් qualify වෙන්න ඕනෙ නෑ. උදාහරනෙකට life support course එකක්වත් කරපු නැති කෙනෙක්ට උනත් හදිස්සි සහ අනතුරු (A&E) අංශ වල, දැඩි සත්කාර ඒකක (ICU) වල වැඩ කරන්න පුලුවන්. ලමයින් සුරැකීම ගැන course එකක්වත් කරන්නෙ නැතුව ලමාරෝග වාට්ටු වල වැඩකරන්න පුලුවන්. Surgical පුහුනුවක් නැති junior doctorsලා පවා තනියම ඔපරේශන් කරන්න පුලුවන්. ඩොක්ටර් කෙනෙක් විදියට ජොබ් එකට යද්දි qualifications බලන්නෙ නෑ, experience එක බලන්නෙ නෑ, interviews එකක්වත් නැතුව නිකම්ම ජොබ් එක දෙනවා. එහෙම උනාම ප්‍රමිතියක් තියාගන්න අමාරුයි.
4. හෙදියන් සහ අනිත් කාර්යමන්ඩලය - එයාලටත් තියෙන්නෙ වෛද්‍යවරුන්ට තියෙන ප්‍රශ්නම තමයි. හරිහමන් පුහුනුවක් නෑ. ඉගෙනගන්න අවස්තාව ලැබෙන්නෙ නෑ. හරියටම කිව්වොත් ලංකාවෙ සමහර නර්ස්ලට තියෙන්නෙ ඩිප්ලෝමා එකක් විතරයි. එහෙම උනාම කොලේ කියවල වෙලාවට බෙහෙත් ටික දෙනව ඇර්ර්න්න වෙන කිසි දෙයක් බෑ. ECG එකක්වත් කියවගන්න බෑ. සමහර නර්ස්ලට, අටෙන්ඩන්ට්ස්ලට. ලෙඩෙක්ට arrest උනොත් CPR දෙන්නවත් තේරෙන්නෙ නෑ. ඩොක්ටර් එනකන් ඉන්න වෙනවා. එහෙම උනාම ඉතින් ඩොක්ටර් කෙනෙක් නැති වෙලාවෙ හදිස්සියක් උනොත් බඩු පැකට්.
5. ලෙඩ්ඩු - ලෙඩ්ඩුත් ඒ වගේම තමයි. ගොඩක් ලෙඩ්ඩු තමන්ට දෙන සිම්පල් උපදෙස් ටිකවත් පිලිපදින්න තේරෙන්නෙ නෑ. වතුර ටිකක්වත් මැනල බොන්නවත් තේරෙන්නෙ නෑ. පොඩි ප්‍රශ්නයක් උනත් ලොකු වෙනකම් ගෙදරට වෙලා බලන් ඉන්නවා. නැත්තං ගොඩ වෙදකම් කරන්න ගිහින් තවත් අල කරගන්නවා. එහෙම උනාම අකාර්යක්ෂමව දුවන සෞඛ්‍ය අශය තවත් හිරවෙනවා.
අනිත් දේ තමයි ලෙඩ්ඩු හිතන් ඉන්නෙ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා ඉන්නෙ තමන්ට වඩා උඩින් කියල. ඩොක්ටර්ස්ලට කතා කරන්නෙ "සර්/මැඩම්" කියල. ඩොක්ටර් එනකොට පුටුවෙන් නැගිටිනවා. Discharge වෙලා යනකොට වැඳලා යනවා. එච්චර ඕනෙ නෑ, තමන්ට තියෙන ප්‍රශ්න ටිකවත් වෛද්‍යවරයගෙන් අහන්න බයයි. ඔක්කොටම "හා" කියලා ගෙදර ඇවිල්ලා ෆේස්බුක් එකෙන් උපදෙස් ඉල්ලනවා. ඉතින් මුලින්ම ලෙඩ්ඩුත් තේරුම් ගන්න ඕන දේ තමයි, ඩොක්ටර්ස්ල නර්ස්ලා තමුන්ට උදව් කරන්න, සලකන්න බැඳිලා ඉන්නෙ කියන එක. සිංහලෙන්ම කියනව නං, ලෙඩ්ඩු තමයි ඉස්පිරිතාලෙ කස්ටමර්ස්ලා. "කස්ටමර් ඉස් කිං
”. ලෙඩාට ඩොක්ටර් "සර්" කියනව මිසක් ඩොක්ටර්ට ලෙඩා "සර්" කියන්න ඕනෙ නෑ. 
6. නඩු නොදැමීම - උඩ කියපු හේතුව නිසා ලෙඩ්ඩු තමන්ට සෞඛ්‍ය අංශයෙන් කොච්චර ලොකු අසාදාරනයක් උනත් නීතියෙන් උදව් ගන්නෙ නෑ. "නඩු දැම්මට ලෙඩාට පණ එන්නෙ නෑනෙ", "උන් කොහොම හරි බේරෙයි" වගේ දේවල් කියල අත අරිනවා. එහෙම උනාම කවුරුවත් වැරදි කරන්න, අතපසු කරන්න බය වෙන්නෙ නෑ වගේම තවත් කෙනෙක්ට ඒ අසාදාරනය ආයෙත් වෙන්න පුලුවන්. ඉතින් වෛද්‍යවරයෙක්ගෙන්, නර්ස් කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි සෞඛ්‍ය අංශයේ කොතනදි හරි තමන්ට අසාධාරණයක් උනොත් ඒකට නීති පියවර ගන්න එක පුරවැසියෙක් විදියට තමන්ගෙ රාජකාරියක්. නැත්තන් කවදාවත් ලංකාවෙ සෞඛ්‍ය සේවය දියුනු වෙන්නෙ නෑ.
7. පොලිටික්ස් - ලංකාවෙ සෞඛ්‍ය අංශයේ ප්‍රමිතිය අඩු කමට ලොකුම හේතුව ඉතින් මේක කියල කවුරුත් දන්න නිසා මේ ගැන වැඩිය කතා කරන එකේ තේරුමක් නෑ. ඒත් පොලිටික්කන්ගෙ යාලුවො පොඩි දේටත් ICU එකේ තියන් ඉන්නකම්, චන්දෙට වැඩ කරන කරන අයව සුදුසුකම් නැතුව ඉස්පිරිතාලෙ රස්සාවට ගන්නකම්, ඩොක්ටර්ස්ලගෙ අම්මලා ක්ලිනික් එකේ පෝලිම පනිනකම් සද්ද නොකර බලන් ඉන්නකම් සාමාන්‍ය මිනිහෙට තමන්ට අවශ්‍ය දේ හරි වෙලාවට කවදාවත් කරගන්නෙ වෙන්නෙ නෑ.
8. Research සහ Audits - ලංකාවෙ ගොඩක් රෝහල් වල research වලට, audits වලට තැනක් නැතිම තරම්. සමහර ඉස්පිරිතාල වල අවුරුදු ගානකින්වත් රිසර්ච් එකක් කරල තියා research ගැන බලන්න ඔෆිස් එකක්වත් නෑ. ජීවිතේට research එකක් කරල නැති ඩොක්ටර්ස්ලා පවා ඕන තරම් ලංකාවෙ ඉන්නවා. එහෙම උනාම දැනුම, ප්‍රමිතිය, skills වගේ දේවල් කවදාවත් දියුනු වෙන්නෙ නෑ. ඒ කියන්නෙ නොදැන වැරදි දෙයක් කරනව නං, ලෝකෙ වෙන කොහෙ හරි තැනක කෙනෙක් ඒක වැරදී කියල හොයාගන්නකම්, දිගටම කරන්නෙ වැරදි දේම තමයි. උදාහරනෙකට ලංකාව වගේ පොල්තෙල් ගොඩක් පාවිච්චි කරන රටක, පොල්තෙල් හොඳද නරකද කියලවත් බලන්න තාම හරියට research එකක් කරල නෑනෙ. එතනින් එහාට කතා කරල වැඩක් නෑ.
9. ප්‍රමිතියක් තියෙන emergency service එකක් නැතිකම
- රටක හරියට තියෙන්නෙ ඕන පලවෙනි දේ තමයි emergency service එක. මොකද මොන දේ උනත් මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න එක තමයි වැදගත්ම දේ වෙන්න ඕනෙ. ඒත් තාමත් ලංකාවෙ ප්‍රධාන නගර අවට ඇරෙන්න දුර පලාත්වල හරියට ambulance service එකක් නෑ. තියෙන ඒවත් පරන ලදරම්. ගොඩක් ඉස්පිරිතාල වලට හදිස්සියකට හෙලිකොප්ටර් එකක්වත් නෑ. තූත්තුකුඩියෙ ඉඳන් කොලඹට ලෙඩෙක් එවනව නං එවන්නෙ කබල් වෑන් එකක. ඒ එද්දි ආයෙත් ලෙඩාට විතරක් නෙමෙයි, ලෙඩා එක්ක එන ඩොකාලටත් අසාධ්‍යයි.
10. ඇඳුම් සහ සපත්තු - මේක බෝනස් හේතුවක්
. මම දැකපු දෙයක් තමයි ලංකාවෙ මිනිස්සු තැනේ හැටියට ඇඳුම් අඳින්නෙ නැතිකම නිසා කාලෙ මාර විදියට නාස්ති කරනව කියන එක. උදාහරනෙකට වාට්ටුවේ නර්ස්ලා ඉන්නෙ දිග ගවුම් ඇඳගෙන, ඩොක්ටර්ස්ලා ලෙඩ්ඩු බලන්නෙ දිග සායවල්, සාරි, හිජාබ් ඇඳගෙන, ඇටෙන්ඩන්ට්ස්ලා ඉන්නෙ රබර් සෙරෙප්පු දාගෙන. ඉතින් හදිස්සියක් වෙලා CPR දෙන්න උනාම ලෙඩාගෙ ඇඳට නගින්න ගවුම් උස්සගෙන, සාරි උස්සගෙන දඟලන්න ඕනෙ, ඇටෙන්ඩන්ට් සෙරෙප්පු දෙක හොයාගන්නකම් බලන් ඉන්න ඕනෙ. ඒ අස්සෙ ඇටෙන්ඩන්ට්ගෙ කකුලට ඔක්සිජන් සිලින්ඩරේ පෙරලිලා කෙල උනාම, තව එකෙක් එනකම් බලන් ඉන්න ඕනේ. විකාර ලෝකයයි. ලේඩ්ඩු උනත් ඉන්නෙ ෆුල් කිට් ගහලා. පපුවෙ අමාරුවක් හැදුන වෙලාවට ලෙඩාගෙ බ්‍රා එක ගලවගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ. ඉතින් හැමෝම තමන්ට සැහැල්ලු ඇඳුම් ඇඳලා, ආරක්ශිත සපත්තු දාන්න පුරුදු උනා නං මේ ප්‍රශ්න ගොඩක් අඩුයි. ඉතින් දරුවනේ කවද හරි උඹලට ඉස්පිරිතාලෙ යන්න වෙලා, උඹල ඉන්න වාට්ටුව බලාගන්නෙ මේ ෆොටෝ එකේ වගේ සාරි ඇඳලා, මේකප් දාලා, මාල වලලු තොරොම්බල් දාගත්ත ඩොක්ටර් කෙනෙක් නං, ඉක්මනට එතනින් පැනල දුවපන්. නැත්තං මැරෙන්න වෙන්නෙ.. 

ඉතින් මේ ඔක්කොම මම ලංකාවෙ වැඩ කරපු මාස කීපයේදි අත්දැකපු දේවල් සහ එදිනෙදා අහන දකින දේවල් එක්ක හිතුන දේවල්. මේක මගේ පෞද්ගලික මතයක් විතරයි. ඒ නිසා ටිපර් වීමෙන් වලකින්න.
-https://www.facebook.com/kalpana.perera.391/posts/2592224880926089