Whatsapp සම්බන්ධව ලොකු ප්‍රශ්නයක්.

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මේක මම අඳුරන කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් (ඇත්තටම අඳුරන කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක් හොඳේ)
    එයාට තියෙන්නෙ Huawei android ෆෝන් එකක්. එයාගෙ සිම් දෙකක් තියෙනව. ඒ සිම් දෙකෙන් එකක් තියෙන්නෙ පොඩි නොකිය ෆෝන් එකක. අනිත් සිම් එක තියෙන්නෙ Smart phone එකේ. එතකොට පොඩි ෆෝන් එකේ තියෙන සිම් එකේ නම්බර් එකට තමයි එයා වට්ස්ඇප් හදාගෙන ඉන්නෙ. වට්ස්ඇප් තියෙන්නෙ ස්මාට් ෆෝන් එකේ. එතකොට දැන් ප්‍රශ්නෙ තමයි එයාගෙ වට්ස්ඇප් අකවුන්ට් එක සැරෙන් සැරේට වෙන කෙනෙක් ගන්නව. ඒ කියන්නෙ වට්ස්ඇප් අකවුන්ට් එකේ ඇක්සස් එයාට නැතිවෙලා යනව. ඊට පස්සෙ ආයිත් ඒ අකවුන්ට් එක ගන්න පට්ට ගේමක් දෙන්න ඕන මොකද OTP එන්නෙත් නැතිලු. දැන් ඕක කිව්වම මටත් පට්ට ප්‍රශ්නයක් කොහොමද මෙහෙම වෙන්නෙ කියල. පස්සෙ මම ෆෝන් එක අරගෙන බැලුව. Linked devices මුකුත් නෑ. ඊට පස්සෙ මම වැඩේ ටෙස්ට් කරන්න මගේ තිබ්බ ඇන්ඩ්‍රොයිඩ් පොඩි ෆෝන් එකක වට්ස්ඇප් අලුතෙන් දාල අර නම්බර් එකට අකවුන්ට් එකක් හදන්න හැදුව. එතකොට OTP එක යන්නෙ ෆෝන් එකට SMS එකක් විදියට නෙමෙයි අර ස්මාට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට තමයි වට්ස්ඇප් වලින්ම OTP එක එන්නෙ. ඒ OTP එක ගහපු ගමන් ඒ අකවුන්ට් එකේ ඇක්සස් මට ලැබෙනව. අන්න ඒ වගේ තමයි ඔය අකවුන්ට් එක හැක් කරන කෙනත් වට්ස්ඇප් එකට ඇක්සස් ගන්නව ඇත්තෙ. පස්සෙ මම ඒක නවත්තන්න 2FA Enable කරල පින් එකක් දැම්ම. ඒක එයාට කොලේක ලියලම දුන්න. දැන් අකවුන්ට් එක හැක්වෙනව ඒත් අර පින් එක නැති නිසා ඒක ගන්න බැරි සීන් එකක් තියෙන්නෙ. හැබැයි අකවුන්ට් එක නැති උන ගමන් මෙයාට OTP එන්නෙ නෑ පොඩි ෆෝන් එකට. එන්නෙ පැය 24කට පස්සෙ. මම එදා ෆෝන් එකත් චෙක් කරා එහෙම Spy app මුකුත් දාල නෑ. හැබැයි වට්ස්ඇප් නම්බර් එක මාරු කරන එකත් අමාරුයිලු හැමෝම දන්න නිසා ඒ නම්බර් එක. ඔක්කොටම වැඩිය මට තියෙන ප්‍රශ්නෙ අර ෆෝන් එකට එන OTP එක කොහොමද තව කෙනෙක් දැනගන්නෙ කියල.
    අනිත් එක මෙයා ෆෝන් එක හදන්න දීල තියෙනව ෆෝන් කඩේකට මාස 3කට 4කට කළින් වගේ. ඊට පස්සෙ තමයි ඔය සීන් එක වෙන්න අරගෙනත් තියෙන්නෙ.
    මම කිව්ව මේ පාර අරගෙන එන්න ෆෝන් එක රීසෙට් කරල ඔය සීන් එක හොයමු කියල. ඒ අතරෙ කිසිම පෞද්ගලික වැඩක් ඕකෙන් කරන්න එපා කියල කිව්ව.
    උඹල මොකද මේක ගැන හිතන්නෙ. මම පළවෙනි වතාවට මෙහෙම සීන් එකක් ඇහුවෙ.

    කෙල්ලගෙ ෆොටෝ ඉල්ලා සිටීමෙන් වලකින්න 😁
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    කඩේ එකා උගේ ෆොනේ එකට සිම් එක දාලා ඇක්ටිව් කරගෙන වෙන්න ඇති. data වලින්නේ යන්නේ :baffled:
    නෑ නෑ මචං සැරෙන් සැරේට වට්ස්ඇප් අකවුන්ට් එක යනව. ඔන්න අද හැදුවොත් තව දවස් 2කින් 3කින් වගේ හෝ සතියකින් හරි ආයිත් යනව. අන්න ඒ වගේ සීන් එකක් වෙන්නෙ. ආහ් තව දෙයක්. මෙයා සිම් එකත් අරගෙන අද ආකේඩ් එකට ගිහිල්ල එහෙන් කියල මේක වට්ස්ඇප් එකේ ප්‍රශ්නයක් කියල ෆෝන් එක රීසෙට් කරන්න කියල එහෙන් කියල තියෙන්නෙ. ඇත්ත තමයි මොබිටෙල් එකේ කිසි සම්බන්දයක් නෑ මොකද OTP එන්නෙ ෆෝන් එකටත් නෙමෙයි නේ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ස්මාර්ට් ෆෝන් එක කඩේ එකා අතට යනවා ඇති.
    මටත් 90%ක්ම හිතෙන්නෙ එහෙමයි. හැබැයි එදා මම චෙක් කරා එහෙම සැකකටයුතු ඇප් එකක්වත් ප්‍රොසෙස් එකක්වත් රන් උනේ නෑ බං. එහෙම යනව නම් OTP එක එද්දිම ස්ක්‍රීන්ෂොට් එකක් ඕන කඩේ එකාට හෝ වෙන එකෙක්ට යන්න. ඒත් එහෙම ඇප් තියේද බං?
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මටත් 90%ක්ම හිතෙන්නෙ එහෙමයි. හැබැයි එදා මම චෙක් කරා එහෙම සැකකටයුතු ඇප් එකක්වත් ප්‍රොසෙස් එකක්වත් රන් උනේ නෑ බං. එහෙම යනව නම් OTP එක එද්දිම ස්ක්‍රීන්ෂොට් එකක් ඕන කඩේ එකාට හෝ වෙන එකෙක්ට යන්න. ඒත් එහෙම ඇප් තියේද බං
    කෙල්ල යනවා ඇති
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Huawei Phone එකේ අදාළ sim එක නැති නිසා auto logout වෙනවා වෙන්න බැරි ද?
    ඒක නම් වෙන්න බෑ නේ මචං. මගේ දෙවැනි ෆෝන් එකේ වට්ස් ඇප් දෙකක් දාගෙන ඉන්නව Dual App. ඒකෙ එක අකවුන්ට් එකක නම්බර් එක ඒ ෆෝන් එකේ නෙමෙයි තියෙන්නෙ ඒත් ජීවිතේට ලොග් අවුට් වෙලා නෑ.

    කෙල්ල යනවා ඇති
    පිස්සුද බං
    ------ Post added on Jul 11, 2023 at 8:37 PM
     
    • Like
    Reactions: NRTG and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක නම් වෙන්න බෑ නේ මචං. මගේ දෙවැනි ෆෝන් එකේ වට්ස් ඇප් දෙකක් දාගෙන ඉන්නව Dual App. ඒකෙ එක අකවුන්ට් එකක නම්බර් එක ඒ ෆෝන් එකේ නෙමෙයි තියෙන්නෙ ඒත් ජීවිතේට ලොග් අවුට් වෙලා නෑ.


    පිස්සුද බං
    ------ Post added on Jul 11, 2023 at 8:37 PM
    එහෙමද
     
    • Like
    Reactions: NRTG and chami2015

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    පිස්සුද බං
    එක පාර ෆෝන් හතරකට වට්ස්ඇප් දාගන්න පුළුවන් ක්‍රමය ආවේ දැන් මාස දෙක තුනකට කලින් නේද? එහෙම දාගෙන ඇති.
     
    • Like
    Reactions: NRTG

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    මටත් යාලුවෙක් කාලේකට කලින් ඔය වගේ සීන් එකක් කිව්වා. මොනවා කරගත්තද දන්නෑ.
    account එක delete කරලා ආපහු හැදුවොත් ඒ number එකටම?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,692
    113
    ඒක නම් වෙන්න බෑ නේ මචං. මගේ දෙවැනි ෆෝන් එකේ වට්ස් ඇප් දෙකක් දාගෙන ඉන්නව Dual App. ඒකෙ එක අකවුන්ට් එකක නම්බර් එක ඒ ෆෝන් එකේ නෙමෙයි තියෙන්නෙ ඒත් ජීවිතේට ලොග් අවුට් වෙලා නෑ.
    එහෙම ලොගවුට් වෙන්න නම් විදිහක් නෑ හැබැයි :unsure: Huawei එකට APKPure එකෙන් අළුත්ම whatsapp version එක දාල බැලුවද?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Oya huawei android eka Google support nathi ekak da? aniwaren ubata miss wela screen reading permission/cookie stealing app ekak athi. mehema karala balahan WhatsApp web log weyan passe ara phone eka switch off karala tiyahan eth oka wenavada balanna. Google account PW ehemath wenas karanna
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    එක පාර ෆෝන් හතරකට වට්ස්ඇප් දාගන්න පුළුවන් ක්‍රමය ආවේ දැන් මාස දෙක තුනකට කලින් නේද? එහෙම දාගෙන ඇති.
    ඒත් මචං ඒක පෙන්නන්න ඕන නේද/ අද ආකේඩ් එකෙන් ඒ සීන් එකත් කියල තියෙනව. ඒත් ඒකෙදි එක Primary no එකක් ඕන මම හිතන්නෙ. ඒත් වට්ස්ඇප් එක ඇතුලෙ පේන්න ඕන.
    මටත් යාලුවෙක් කාලේකට කලින් ඔය වගේ සීන් එකක් කිව්වා. මොනවා කරගත්තද දන්නෑ.
    account එක delete කරලා ආපහු හැදුවොත් ඒ number එකටම?
    එහෙම ඩීලීට් කරල හදන්න පුලුවන්ද බං? මම දන්නෙ නෑ ඒ සීන් එක. යාලුවටත් මේකමද උනේ?
     
    • Like
    Reactions: NRTG

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    එක පාර ෆෝන් හතරකට වට්ස්ඇප් දාගන්න පුළුවන් ක්‍රමය ආවේ දැන් මාස දෙක තුනකට කලින් නේද? එහෙම දාගෙන ඇති.
    එක ෆෝන් එකයි. ෆෝන් 4ක් බැ.

    එහෙම ඩීලීට් කරල හදන්න පුලුවන්ද බං? මම දන්නෙ නෑ ඒ සීන් එක. යාලුවටත් මේකමද උනේ?
    මන් කිව්වේ ඔය අවුල තියන number එකේ whatsapp acc එක delete කරල අලුතෙන් හදලා බැලුවොත් ඒ number එකටම.
    ඔව් යාලුවගේ acc එකටත් වෙන කෙනෙක් log වෙනවා කියලා කිව්වේ.
     
    • Like
    Reactions: chami2015 and NRTG

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඒත් මචං ඒක පෙන්නන්න ඕන නේද/ අද ආකේඩ් එකෙන් ඒ සීන් එකත් කියල තියෙනව. ඒත් ඒකෙදි එක Primary no එකක් ඕන මම හිතන්නෙ. ඒත් වට්ස්ඇප් එක ඇතුලෙ පේන්න ඕන.
    ඕක වෙන්න ඇත්තේ.

    එහෙම නැත්තං ස්ක්‍රීන් ෂෙයාර් ඇප් එකක් ගෙන ඇති.

    එහෙමත් නැත්තන් සිම් එක ක්ලෝන්.

    ඔය වගේ කොච්චර දේවල් තියෙනවද?

    කෙල්ල පිට ගිහිං උබට බබා පාර්ට් දානවද දන්නෙත් නැහැනේ.
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    හාඩ් රීසෙට් කරල බැලුවෙ නැද්ද? නැත්නම් අලුතෙන් firmware ගහල බැලුවනම් හරි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල security risk එක ගොඩක් වැඩියි අපි හිතනවට වඩා. මමනම් ෆෝන් ගන්නෙ හොඳ ඒජන්ට් කෙනෙක් ඉන්න බ්‍රෑන්ඩ් එකකින් නම් විතරයි සහ රෙපයාර් එකකට දෙනවනම් දෙන්නෙ උන්ට විතරයි (eg - sotlogic).

    ෆෝන් එකේ රෙපයාර් කරල තියෙන්නෙ මොකක්ද? ඔය කියන විදියෙ දෙයක් වෙන්නම බෑ. මාත් වෙන ෆෝන් එකක තියෙන සිම් එකකට වට්සැප් හදල තියෙනවා. කවදාවත් OTP එක අහක ගිහින් නෑ අදාල සිම් එක තියෙන ෆෝන් එකට එන්නේ. ඇන්ඩ්‍රොයිඩ් එකට OTP එක එනකොට එන්නෙ කොයි විදියෙ notification එකක් හරහාද