අද කෝපි ඉවර නිසා ගියා කාගිල්ස් එකට යද්දී ඇතුලේ පට්ට සෙට් එකක් නෝමල් ස්ටාෆ් එක වගේ 4 ගුණයක් වගේ වට වෙලා කතාවක් කෝපි තියන රැක් සෙට් එක ලග දැන් මට එතනට යන්න ඕන යන්න බෑ. එක කෙල්ලෙක් හිටියා මන් ගිහින් ඇහුවා කොෆි කොහෙද කියල එයා ඊටපස්සේ එක්කන් ගියා මාව එතනට. පොඩ්ඩක් හිටපු අයට කියලා ඉඩ දුන්නා මම ෂෝට පිටින් හිටියේ. මන් දැන් පහත වෙලා කොෆි බලද්දී එතන මැද ඉන්න කෙනා කියන ඒවා හොදට ඇහෙනවා. මට ඉතින් විනාඩි 15 විතර යනවා කෝපි තෝරන්න එතනට ගියාම මට බෝන් අරෝමා ද කහෝ ෂෝන් ද නෙස්කෆේ ගෝල්ඩ් ද කියල හිතාගන්න බැරුව ඒවගේ නියුට්රිෂන් ගුගල් කර කර විනාඩි 20 විතර හිටියා. වෙනදා නම් ඉතින් බෝන් අරෝමා තමා ගත්තේ වෙනසකට වෙන එකක් ගන්නවද කියල හිත හිතා හිටියේ එත් අවුල් එකක් සෙට් වෙයිද කියල තමා මට එහෙම කරන්න උනේ. කොහොම හරි ඒ මීටින් එකත් ඉවර උනා මන් කෝපි එක තොරගද්දී. මෙන්න මේ විදියට තමා මන් හිටියේ 


