18+ අමනුෂ්‍ය දෝෂ විශ්වාස කරනවාද ?

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මචංලා මේ අමනුෂ්‍ය දෝෂ කියන ඒවා විශ්වාස කරනවාද?

    කිසිදු අසනීප තත්ත්වයක් නැති කෙනෙක් මළගිය අයකු පියවි සිහියට දැකල එයින් ඇති වන බියෙන් බටහිර වෙෙද්‍ය විද්‍යාවට අහු නොවෙන අසනීප තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්ද? (අපිට මෙහෙම සිදු වීමක් මේ දිනවල වෙලා තියෙනවා)

    කිරි වැසියන්ට එහෙම සිදුවිම් වෙලා තියෙනවාද? /ඒවගෙන් ගැලවීමට ගත් ක්‍රියාමාර්ග මොනවාද?

    මම මේ කිසිම දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි ඒකයි මෙහෙම අහන්න හිතුවේ 🤔
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මොකද්ද උනේ කියහන්කො අවුස්සලා අතාරින්නෙ නැතුව. විශ්වාසයක් නෑ ඇත්ත කියලා නම්. අමනුස්සයො ඇති කියලා 50-50 ට්‍රස්ට් එකක් තියෙනව
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මානසික ලෙඩක් නම් බෙහෙත් තමයි. ඒත් සිරාම අමනුෂ්‍ය බලපෑමක් නම් බටහිර වෙදකමේ ඕවට බෙහෙත් නෑ බන්. ආයුර්වේදෙත් නෑ. ඉස්පිරිතාලේ ගෙනිච්චොත් අතපය ගැටගහලා අංගොඩ යවයි. එහෙන් නින්ද යන බෙහෙත් දිදි දඟලන එක පාලනය කරයි. වෙදෙක් ගාවට ගියොත් හිසකුඩිච්චියක් දාලා ඔරුවක බස්සයි.

    දියුණු රටවල් වලත් මේ වගේ ප්‍රශ්ණ වලට පිලියම් කරන්න බලන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමයෙන් නෙවේ. ආගම් සංස්කෘති එක්ක ආපු ක්‍රම තමයි ගොඩක් අය කරන්න බලන්නෙ. හැබැයි ඒවා හරිද නැද්ද දන්නෙ නෑ. ඒත් ඒවා කරන ගොඩක් දෙනා හොරු වංචාකාරයො.