ශත 18ක් හිඟ වෙලා විදුලියත් කපලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_75858d4ef5.jpg

    (සිරංගිකා ලොකුකරවිට)
    විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි.
    මෙලෙස මාපලගම මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි සැපයුම් ලබාදෙන සීමාසහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම (LECO) විසිනි.
    විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේ දී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන බවයි.
    රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා
    රුපියල් 6650.00ක මුදලක් ගෙවා ඉතිරි වූ රුපියල් 0.18 ගෙවා නැත. ඔහු මෙම ගෙවීම සිදුකර ඇත්තේ 2023-12-19 වැනි දින දී ය.
    නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක දී සීමා සහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම විසින් නිවසේ විදුලිය විසන්ධි කර දමා ගොස් තිබූ බව මාපලගම මහතා අප සමඟ කීවේය.
    ඔහු පැය ගණනකට පසු නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231.00 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල රුපියල් 0.18ක් ගෙවිය යුතු බව ද සඳහන් කර තිබූ බවත් පවසයි.
    මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට ඔහුට පැහැදිළි පිළිතුරක් ලැබී නැත.
    එහි සිටි නිලධාරිනියක් පවසා ඇත්තේ විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කිසිම වගකිව යුතු අයකු කාර්යාලයේ නොමැති බවයි. මේ නිසා එම ස්ථානයේ දී තමන්ට අවේගශීලීව කතා කිරීමට සිදු වූ බව ද වගකිව යුතු අයගේ දුරකථන අංකයක් පවා ලබානොදුන් බව මාපලගම මහතා පවසයි.
    ඔහු මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව තම කාර්යාලයට ගිය පසු ලෙකෝ සමාගමේ නිලධාරිනියක දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමන් ඇතුළු නිලධාරීන්ගෙන් බරපතල වරදක් සිදුව ඇති බවයි.
    දැනට පරිගණක ගත කරන ලද ක්‍රමය අනුව විදුලි බිලෙහි ශතයක් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළුවන බවත් එය පරීක්ෂා කර රුපියල් 10,000.00ට වඩා ඇති බිල් පමණක් විසන්ධිකරන බවත් ඇය පවසා තිබේ. මෙම බිල්පතෙහි ශත 18ක් අඩුවෙන් ගෙවා ඇති බැවින් විදුලි විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළත්ව තිබී ඇති නමුත් එය ඉවත්කිරීමට අතපසු වී ඇති බව ද ඇය පවසා ඇත.
    මේ සම්බන්ධයෙන් අප ලෙකෝ ආයතනයෙන් විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය.එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදින ම නැවත විදුලි සම්බන්ධතාව ලබාදුන් බව ද ඇය පැවසුවාය.
    image_52c446429c.jpg

    image_115420e6e9.jpg
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පොඩි අතපසු වීමක් නෙ බං.

    මුං නිව්ස් වලට දාන්නෙ නිකන් මහින්දගෙ හොරකමක් අල්ලගත්ත විදිහට.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Disconnection notice එකක් print වෙලා තියන්න ඇති. ඒක නිසා මුන් බලන්නේ නැතුව කපලා.. නැත්නම් මෙයා disconnection notice එක ගහපු දවස් 10යට පසුව ගෙවන්න ඇති. ගෙදර කවුරුත් හිටපු නැති නිසා talk කරන්න විදියක් නෑ නේ...
    හරි නම් free connection එක දෙන්න ඕන. බිල ගෙවලා නේ. පාරිභෝගික අධිකාරිය ත් පැමිණිලි කරන්න ඕන එතකොට හරි
     
    • Like
    Reactions: vito

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    රනිල් මහත්තයගෙ විකිනීමේ වැඩපිලිවෙල කඩාකප්පල් කරල රටේ කලබලයක් ඇති කරන්න ජෙප්පො ගහපු ගේමක් කියල තේරෙනව නම් උබත් පොරක් තමයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    image_75858d4ef5.jpg

    (සිරංගිකා ලොකුකරවිට)
    විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම මහතා පවසයි.
    මෙලෙස මාපලගම මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ගාල්ල නගරය සහ ඒ අවට ප්‍රදේශයට විදුලි සැපයුම් ලබාදෙන සීමාසහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම (LECO) විසිනි.
    විසුම් මාපලගම මහතා පවසන්නේ, තමන් රුපියල් 6650.18ක් වූ විදුලි බිල්පත ගෙවීමට ලෙකෝ කාර්යාලයට ගිය අවස්ථාවේ දී ශත 18ක මුදලක් ගෙවිය යුතු දැයි විමසූ විට මුදල් අයකැමි සඳහන් කළේ එවැනි සුළු මුදලකට විදුලිය විසන්ධි නොකරන බැවින් එය නොගෙවීම ගැටලුවක් නොවන බවයි.
    රවුම් ගණනක් ගෙවන්න යැයි ද මුදල් අයකැමි පැවසීම නිසා
    රුපියල් 6650.00ක මුදලක් ගෙවා ඉතිරි වූ රුපියල් 0.18 ගෙවා නැත. ඔහු මෙම ගෙවීම සිදුකර ඇත්තේ 2023-12-19 වැනි දින දී ය.
    නමුත් දින කිහිපයකට පසු නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක දී සීමා සහිත (ලංකා) විදුලි පුද්ගලික සමාගම විසින් නිවසේ විදුලිය විසන්ධි කර දමා ගොස් තිබූ බව මාපලගම මහතා අප සමඟ කීවේය.
    ඔහු පැය ගණනකට පසු නිවසට යද්දී විදුලිය විසන්ධි කිරීමේ නිවේදනය නිවස ඉදිරිපිට තබා ගොස් තිබූ බවත් විදුලිය නැවත ලබාගැනීම සඳහා අමතර ගාස්තුව රුපියල් 1,231.00 ක් සහ විදුලිය විසන්ධි කිරීමට හේතු වූ හිඟ මුදල රුපියල් 0.18ක් ගෙවිය යුතු බව ද සඳහන් කර තිබූ බවත් පවසයි.
    මේ ගැන විමසීම සඳහා තමන් බිල්පත් ගෙවූ බවට ඇති සියලු ලේඛන සහිතව ගාල්ල රිච්මන්ඩ් කන්දේ පිහිටි ලෙකෝ සමාගමේ කාර්යාලයට ගිය විට ඔහුට පැහැදිළි පිළිතුරක් ලැබී නැත.
    එහි සිටි නිලධාරිනියක් පවසා ඇත්තේ විදුලි ඉංජිනේරුවරයා ඇතුළු කිසිම වගකිව යුතු අයකු කාර්යාලයේ නොමැති බවයි. මේ නිසා එම ස්ථානයේ දී තමන්ට අවේගශීලීව කතා කිරීමට සිදු වූ බව ද වගකිව යුතු අයගේ දුරකථන අංකයක් පවා ලබානොදුන් බව මාපලගම මහතා පවසයි.
    ඔහු මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් එම ස්ථානයෙන් ඉවත්ව තම කාර්යාලයට ගිය පසු ලෙකෝ සමාගමේ නිලධාරිනියක දුරකථනයෙන් කතා කරමින් පවසා ඇත්තේ තමන් ඇතුළු නිලධාරීන්ගෙන් බරපතල වරදක් සිදුව ඇති බවයි.
    දැනට පරිගණක ගත කරන ලද ක්‍රමය අනුව විදුලි බිලෙහි ශතයක් හෝ අඩුවෙන් ගෙවා ඇත්නම් විදුලිය විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළුවන බවත් එය පරීක්ෂා කර රුපියල් 10,000.00ට වඩා ඇති බිල් පමණක් විසන්ධිකරන බවත් ඇය පවසා තිබේ. මෙම බිල්පතෙහි ශත 18ක් අඩුවෙන් ගෙවා ඇති බැවින් විදුලි විසන්ධි කිරීමේ ක්‍රමවේදයට ඇතුළත්ව තිබී ඇති නමුත් එය ඉවත්කිරීමට අතපසු වී ඇති බව ද ඇය පවසා ඇත.
    මේ සම්බන්ධයෙන් අප ලෙකෝ ආයතනයෙන් විමසූ විට තමන් අතින් වරදක් සිදුව ඇතැයි දුරකථනයට පිළිතුරු දුන් නිලධාරිනියක පිළිගත්තාය.එබැවින් කිසිම අමතර මුදල් අයකිරීමකින් තොරව එදින ම නැවත විදුලි සම්බන්ධතාව ලබාදුන් බව ද ඇය පැවසුවාය.
    image_52c446429c.jpg

    image_115420e6e9.jpg
    ඕවා ඔහොම තමා.
    GPA එක 0.01ක් අඩු වෙලා 1st claz miss වෙච්ච උන් ඉන්නේ
     
    • Like
    Reactions: SLK_sri

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පොඩි අතපසු වීමක් නෙ බං.

    මුං නිව්ස් වලට දාන්නෙ නිකන් මහින්දගෙ හොරකමක් අල්ලගත්ත විදිහට.
    ඕක වරදක් හැටියට පිළිගත්තේ Social Media වල Share වෙච්ච නිසා.
     
    • Like
    Reactions: Cypress and gamerlk

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Disconnection notice එකක් print වෙලා තියන්න ඇති. ඒක නිසා මුන් බලන්නේ නැතුව කපලා.. නැත්නම් මෙයා disconnection notice එක ගහපු දවස් 10යට පසුව ගෙවන්න ඇති. ගෙදර කවුරුත් හිටපු නැති නිසා talk කරන්න විදියක් නෑ නේ...
    හරි නම් free connection එක දෙන්න ඕන. බිල ගෙවලා නේ. පාරිභෝගික අධිකාරිය ත් පැමිණිලි කරන්න ඕන එතකොට හරි
    මම හරියට බලපු නැති නිසා මටත් වැරදුනා. මේකට disconnection notice එකක් ගහලා එකේ තියන outstanding එක අඩුවෙන් ගෙවපු නිසා තමයි disconnect කරලා තියන්නේ.. outstanding එකක් අවහම හරියටම ගෙවන්න ඕන..
    මේකේ photos හරියටම පැහැදිලි නෑ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,991
    54,595
    113
    Colombo
    ලයිට් කපන්නෙ නැතුව ඉන්න නම් ලක්ශ ගානක් පොලු තියන්න ඕනෙ.

    ඒත් දැන් අනුන්ගෙ බිල් ගෙවන්න හිටපු එකත් මලානෙ :(
     
    • Haha
    Reactions: Amith0424

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132

    Dila dila