👨‍🔬🎇 අංශූ ත්වරකයකට (Particle Accelerator) සම්බන්ධ අනපේක්ෂිත අනතුරකට මුහුණ දුන් රුසියානු භෞතික විද්‍යාඥයා - "Anatoli Petrovich Bugorski" 🎇👨‍🔬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,900
    113

    1619101243-the-cern-particle-accelerator-o.webp

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️


    "Particle accelerator" එකක් ලෙස හදුන්වන්නේ, විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් යොදාගනිමින්, රික්තයක් ඔස්සේ ආරෝපිත පරමාණුක සහ උපපරමාණුක අංශු අධි වේගී (ආලෝකයේ වේගයට ආසන්න) ශක්ති කදම්භ ප්‍රවාහයන් ලෙස යම් ඉලක්කයක් වෙත යොමු කරවීමට හෝ එම එකට ගැටීමට සලස්වා ලිය හැකි විශේෂිත යන්ත්‍රයකුයි. ලෝකයේ මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විශාලතම "Particle accelerator" එක ලෙස ස්විට්සර්ලන්තයේ, ජිනීවා නගරයේ පිහිටා තිබෙන "Large Hadron Collider" (LHC) නම් "Particle accelerator" යන්ත්‍රයයි. කොහොම නමුත් පහළින් ඇතුළත් කර තිබෙන වීඩියෝවෙහි කතාවට හේතුපාදක වනුයේ සෝවියට් දේශයේ, 'Protvino' කියන නගරයේ පිහිටා තිබෙන "Institute for High Energy Physics" පර්යේෂණ ආයතනයට අයත් "U-70 (synchrotron)" නම් "Particle accelerator" යන්ත්‍රයයි.

    මේ පර්යේෂණ ආයතනයේ සේවය කළ "Anatoli Petrovich Bugorski" නම් අංශු භෞතික විද්‍යාඥයා (particle physicist) මේ "Particle accelerator" යන්ත්‍රයේ තිබෙන දෝෂ සහිත උපකරණයක් පරීක්ෂා කරමින් සිටින අවස්ථාවකදී අනපේක්ෂිත ලෙස "Particle accelerator" යන්ත්‍රයේ තිබුණු ආරක්ෂිත යාන්ත්‍රණය (safety mechanisms) අඩපණ වී ඔහු "Particle accelerator" එක තුළට හිස යොමාගෙන සිටි අවස්ථාවේදී ආරෝපිත අංශු අඩංගු අධිවේගී ශක්ති කදම්භ ප්‍රවාහයක් (76 GeV proton beam) ඔහුගේ හිස හරහා ගමන් කරන්නට වෙනවා. මෙහිදී ඔහුගේ හිස පිටුපසින් ඇතුල් වුණු මේ අධ්වේගී කදම්භ ප්‍රවාහය ඔහුගේ මොළයේ "occipital lobe" සහ "temporal lobe" යන ඛණ්ඩිකාවන් හරහා ගොස් වම් මැද කණින් තමයි පිටවෙන්නෙ. ඔහු මේ අනපේක්ෂිත සිද්ධියට ඔහු මුහුණ පාන්නෙ 1978 වසරේදීයි. එය සිදුවන අවස්ථාවේදී කිසිදු වේදනාවක් නොදැනුණු බව පවසන ඔහුට එම අවස්ථාව දර්ශනය වෙලා තිබෙන්නෙ සූර්යයන් දස දහස් ගණනකින් නිකුත් වන ආකාරයේ දීප්තියක් ඔහු ඉදිරිපිට විද්‍යාමාන වුණු ආකාරයෙනුයි. වාසනාවකට මෙන් මේ සිද්ධියෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවුණත් මේ සිද්ධියෙන් පසුව ඔහුට ශාරීරිකව මුහුණ පාන්න වුණු ආබාධ සහ රෝගී තත්ත්වයන් වගේම මේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් කාරණා ගැන සිදුකරන හොද පැහැදිලි කිරීමක් මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.



    "Anatoli Petrovich Bugorski" සිද්ධියට මුහුණ පෑමෙන් අනතුරුව ලබාගත් ඡායාරූපයන්


    bugorski-featured-1.jpeg

    OJztRUxktdfOAVd5enTrFSrsJLydw4QqPj4VBTDApqE.jpg
    anatolibugorski.jpg




    මේ සිද්ධියට මුහුණ දුන් "Anatoli Petrovich Bugorski" තවමත් ජීවතුන් අතර සිටින අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 81 වනවා.







    ත්‍රෙඩ් එකේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ නොවුනට මේ වීඩියෝවෙන් කතා කරන්නෙ උක්ත සිද්ධියට සමාන, වියට්නාමයේ 'Hanoi' නගරයේ පිහිටා තිබෙන "Particle accelerator" එකකදි සිද්ධ වුණු අනතුරක් ගැනයි. මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නෙ 1992 අවුරුද්දෙ නොවැම්බර් 17 වෙනිදා.




    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️
     
    Last edited:

    nupus

    Well-known member
  • Oct 28, 2023
    218
    324
    63

    1619101243-the-cern-particle-accelerator-o.webp

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️


    "Particle accelerator" එකක් ලෙස හදුන්වන්නේ, විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයන් යොදාගනිමින්, රික්තයක් ඔස්සේ ආරෝපිත පරමාණුක සහ උපපරමාණුක අංශු අධි වේගී (ආලෝකයේ වේගයට ආසන්න) ශක්ති කදම්භ ප්‍රවාහයන් ලෙස යම් ඉලක්කයක් වෙත යොමු කරවීමට හෝ එම එකට ගැටීමට සලස්වා ලිය හැකි විශේෂිත යන්ත්‍රයකුයි. ලෝකයේ මේ වනවිට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විශාලතම "Particle accelerator" එක ලෙස ස්විට්සර්ලන්තයේ, ජිනීවා නගරයේ පිහිටා තිබෙන "Large Hadron Collider" (LHC) නම් "Particle accelerator" යන්ත්‍රයයි. කොහොම නමුත් පහළින් ඇතුළත් කර තිබෙන වීඩියෝවෙහි කතාවට හේතුපාදක වනුයේ සෝවියට් දේශයේ, 'Protvino' කියන නගරයේ පිහිටලා තිබෙන "Institute for High Energy Physics" පර්යේෂණ ආයතනයට අයත් "U-70 (synchrotron)" නම් "Particle accelerator" යන්ත්‍රයයි.

    මේ පර්යේෂණ ආයතනයේ සේවය කළ "Anatoli Petrovich Bugorski" නම් අංශු භෞතික විද්‍යාඥයා (particle physicist) මේ "Particle accelerator" යන්ත්‍රයේ තිබෙන දෝෂ සහිත උපකරණයක් පරීක්ෂා කරමින් සිටින අවස්ථාවකදී අනපේක්ෂිත ලෙස "Particle accelerator" යන්ත්‍රයේ තිබුණු ආරක්ෂිත යාන්ත්‍රණය (safety mechanisms) අඩපණ වී ඔහු "Particle accelerator" එක තුළට හිස යොමාගෙන සිටි අවස්ථාවේදී ආරෝපිත අංශු අඩංගු අධි වේගී ශක්ති කදම්භ ප්‍රවාහයක් (76 GeV proton beam) ඔහුගේ හිස හරහා ගමන් කරන්නට වෙනවා. මෙහිදී ඔහුගේ හිස පිටුපසින් ඇතුල් වුණු මේ අධ්වේගී කදම්භ ප්‍රවාහය ඔහුගේ මොළයේ "occipital lobe" සහ "temporal lobe" යන ඛණ්ඩිකාවන් හරහා ගොස් වම් මැද කණින් තමයි පිටවෙන්නෙ. ඔහු මේ අනපේක්ෂිත සිද්ධියට ඔහු මුහුණ පාන්නෙ 1978 වසරේදීයි. එය සිදුවන අවස්ථාවේදී කිසිදු වේදනාවක් නොදැනුණු බව පවසන ඔහුට එම අවස්ථාව දර්ශනය වෙලා තිබෙන්නෙ සූර්යයන් දස දහස් ගණනකින් නිකුත් වන ආකාරයේ දීප්තියක් ඔහු ඉදිරිපිට විද්‍යාමාන වුණු ආකාරයෙනුයි. වාසනාවකට මෙන් මේ සිද්ධියෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවුණත් මේ සිද්ධියෙන් පසුව ඔහුට ශාරීරිකව මුහුණ පාන්න වුණු ආබාධ සහ රෝගී තත්ත්වයන් වගේම මේ සිද්ධියට සම්බන්ධ අනෙකුත් කාරණා ගැන සිදුකරන හොද පැහැදිලි කිරීමක් මේ වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.



    "Anatoli Petrovich Bugorski" සිද්ධියට මුහුණ පෑමෙන් අනතුරුව ලබාගත් ඡායාරූපයන්


    bugorski-featured-1.jpeg

    OJztRUxktdfOAVd5enTrFSrsJLydw4QqPj4VBTDApqE.jpg
    anatolibugorski.jpg




    මේ සිද්ධියට මුහුණ දුන් "Anatoli Petrovich Bugorski" තවමත් ජීවතුන් අතර සිටින අතර මේ වන විට ඔහුගේ වයස අවුරුදු 81 වනවා.







    ත්‍රෙඩ් එකේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ නොවුනට මේ වීඩියෝවෙන් කතා කරන්නෙ උක්ත සිද්ධියට සමාන, වියට්නාමයේ 'Hanoi' නගරයේ පිහිටා තිබෙන "Particle accelerator" එකකදි සිද්ධ වුණු අනතුරක් ගැනයි. මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නෙ 1992 අවුරුද්දෙ නොවැම්බර් 17 වෙනිදා.




    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️

    Apologies for bringing this question here @Stimulus mind , what is the use of Particle accelerator machine?
     
    • Love
    Reactions: Stimulus mind

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    Apologies for bringing this question here @Stimulus mind , what is the use of Particle accelerator machine?
    From reddit:

    We've learned that atoms are like buildings made of Lego, they are a thing, but they are also made up much smaller things built on each other.

    All those smaller things are complicated but they are all the banned "P" words, just think of them as tiny Lego bricks that are usually assembled into a spaceship, or a racecar, or a castle.

    The collider is like a 4 year old smashing the spaceship into the racecar. This does two things, it sprays out all the Lego bricks and we see them and pick them up and learn about Lego bricks that way, how big they are, how much they weight, how they attach to other Lego bricks, etc.

    They also sometimes combine into new things, sometimes you smash a racecar and a castle and you get a pile of Lego bricks, but you also get a small house by pure chance. There's stuff to be learned from that as well. For example, you might think Lego houses exist, but if you get one from the smash you realize that A. they do actually exist and B. what Lego bricks it requires to build a house.

    That's the gist of it. In lieu of a 4 year old they have a big machine that uses super powerful magnets that spin the atoms in loops on and on and on until they super dooper fast and then SMASH! Pick up the bricks.

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,955
    152,900
    113
    Apologies for bringing this question here @Stimulus mind , what is the use of Particle accelerator machine?
    "Hadron collider" එක වගේ ලොකු "particle accelerator" පාවිච්චි කරන්නෙ නම් particle physics, nuclear physics වගේ ක්ෂේත්‍රවලට සම්බන්ධ අලුත් න්‍යායාත්මක කරුණු සොයා ගන්නයි,ඒවා තහවුරු කර ගන්නයි. තව "universe' එකේ origin එක, evolution එක ගැන අලුත් දේවල් හොයාගන්නත් පාවිච්චි කරනවා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,778
    11,132
    113
    ඔය අන්සු තුවරක සීන් එක ෆ්ලෑශ් බලල ඔලුවට ගහල ටීවී එකෙ ටියුබ් එක අරන් ඕකක් හදන්නත් කල්පනා කොරා. මගේ කම්මැලිකම මුල් වෙලා බඩු අඤ්ඤකොරොස් උනා
     
    • Haha
    Reactions: Stimulus mind

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,406
    25,619
    113
    මොළය සිදුරු කිරීමෙන්.... අධිමානසික තත්ව ඇති කිරීම , ලොබ්සන් රම්පාගේ ටිබෙට් පොත් වල තියෙනවා. ඇනටොලි සුපර් මෑන් කෙනෙක් වෙන්න ඇති මේකෙන් පස්සේ..
     
    • Love
    Reactions: Stimulus mind