කොටකෙතන මවයි -දුවයි මැරූ විත්තිකරු පෝරකයට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,834
    35,710
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමස්ත ශ්‍රී ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක දූෂණය කර මරා දැමීමේ චෝදනාවලට වරදකරු වූ විත්තිකරුට චෝදනාවලට වරදකරු වූ විත්තිකරුට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (19) මරණ දඬුවම නියම කළාය.අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රිය කර, විත්තිකරුට මරණීය දඬුවම නියමකළ විනිසුරුවරිය, ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු ඔහු ඛෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.

    දාම ඝාතක අපරාධකරු මෙම විත්තිකරුම බව ඩී.එන්. ඒ. තාක්ෂණය යොදා ගනිමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් මරණ දඬුවම නියම කළ විනිසුරුවරිය, විත්තිකරුට මරණීය දඬුවම පමුණුවමින් තීන්දුවට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය. පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූ අතර, අධිකරණ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ මංජුලා උදයංගනී මැදවත්ත මෙනවිය අධිකරණයේ කටයුතුවලට සහාය දැක්වූවාය.



    අධිකරණ ඉතිහාසයේ පළමු ‘දාම ඝාතන සිද්ධිය රත්නපුර කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කරගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්‍රියාත්මක වූ අතර, කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වූයේ, රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වූ, අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් (42) නමැති, සිවු දරු පියකුටය.2012 ජුලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) සහ හේවාගේ පුෂ්පා කුමාරි (32) නමැති මව සහ දියණිය ඝාතනය කිරීම, හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තිය දූෂණය කිරීම යන චෝදනා වලට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.මරණකාරියගේ ශරීරය තුළ විත්තිකරුගේ පුරුෂ ධාතු තිබුණත්, විත්තිකරු මරණකාරිය සමග කැමැත්තෙන් එක් වුණේ ද, බලහත්කාරයෙන් එක් වුණේ ද යන්න පිළිබඳ සාක්කි නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය, පුෂ්පා කුමාරි නමැත්තිය දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළාය.

    මෙය සුවිශේෂී අපරාධයක් බව තීරණය කරමින් මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් පැවැත්වීමකින් තොරවමවිත්තිකරුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා මත නඩු පැවැරිණි. පූර්වගාමී විනිසුරුවරුන් තිදෙනකු ඉදිරියේ දීර්ඝ කාලයක් පුරා මෙම නඩුව විභාග කෙරුණු අතර, මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී නඩු විභාගය අවසන් කෙරිණි.2012 වසරේ සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඉන් වසර තුනකට පසු 2015 වසරේදීය. අත්අඩංගුවට ගැනුණ විත්තිකරු 2015 වසරේ සිට දඬුවම නියම කළ ඊයේ දිනය දක්වාම රිමාන්ඩ් භාරයේ පසු විය.

    පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 19 දෙනකු සාක්කි දුන් අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව, ඔහු වෙනුවෙන් ඔහුගේ මව, බිරිය සහ අසල්වැසියෙක් සාක්කියට කැඳවනු ලැබූහ. මෙම අපරාධයට අදාළව මීට පෙර අවස්ථාවක විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබූ අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අපරධ ස්ථානයේ තිබී සොයාගත් ඩී.එන්.ඒ. සමග විත්තිකරුවන්ගේ ඩී.එන්.ඒ. නොසැසඳෙන බවට කරුණු මතු කිරීම හේතුවෙන් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් තිදෙනාම සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය.


    අපරධ ස්ථානයේ තීබී සොයාගත් ඩී.එන්.ඒ. සමග විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගේ ඩී.එන්.ඒ. සැසඳෙන බවට ‘ජීන් ටෙක් අනුක විද්‍යාගාරයේ ප්‍රධානි, මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා වාර්තා කිරීමෙන් අනතුරුව, අපරාධයෙන් වසර 3කට පසු අත්අඩංගුවට ගැනුණ මෙම විත්තිකරුට එරෙහිව ඩී.එන්.ඒ. වාර්තා පදනම් කරගනිමින් නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී ඝාතනයට ලක් වූ මව සහ දියණිය රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ නිවෙසක පදිංචි වී සිටි බවත්, 2019 ජුලි 19 වැනිදා අලුයම 3.00ට පමණ එම නිවෙස ගිනි ගන්නවා අසල්වැසියන් දැකීම නිසා සියල්ලන්ම එක්ව වතුර ගසා ගින්න නිවා දැමූ බවත්, ඝාතනට ලක් වූ මව සහ දියණිය නිවෙසේ වම් පැත්තේ ඇති කාමරයේ පිළිස්සී සිටි බවත් හෙළි විය. අපරාධ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන් කළ විමර්ශනයේදී, කාන්තාවන් දෙදෙනා මතට නිවෙසේ තිබූ භාණ්ඩ මෙන්ම කාමරයේ ඇඳේ තිබූ මෙට්ටය ද දමා ගිනි තබා ඇති බවත්, එම ගින්න හේතුවෙන් මුළු නිවෙසම ගිනි ගෙන ඇති බවත් හෙළි වූ බවට නඩු විභාගයේදී සාක්කි හෙළි විය.


    ඝාතනයට ලක් වූ ලියනාරච්චිගේ ප්‍රේමවතී නමැත්තියගේ දේහය සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ බවත්, කඩුවක් වැනි ආයුධයකින් පහරදීමෙන් ඇගේ හිසේ කැපුම් තුවාල තුනක් තිබූ බවත්, එම කැපුම් තුවාල වලින් ඇගේ මොළය දක්වා කැපී යන අන්දමේ තුවාල තුනක් ඇගේ ශරීරයේ තිබූ බවත් මෙහිදී අනාවරණය විය.හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තියගේ දේහය ද සම්පූර්ණයෙන් පිළිස්සී තිබූ බවත්, කඩුවක් වැනි ආයුධයකින් පහරදීමෙන් ඇති වූ තුවාල 10ක් ඇගේ ශරීරයේ තිබූ බවත්, ඉන් තුවාල නවයක්ම ඇගේ හිසේ තිබූ බවටත් සාක්කි ඉදිරිපත් විය. එම තුවාල බොහොමයක් ඇගේ මොළය දක්වා කැපී යන අන්දමේ තුවාල බවත්, ඝාතනය කළ මව සහ දියණියගේ දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කළ රත්නපුර රෝහලට අනුයුක්තව සේවය කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන උත්පල ආටිගල සහ සිසිර කුමාර දිසානායක මහත්වරු සාක්කි දෙමින් අධිරණය හමුවේ පැවැසූහ.


    මරණ පරීක්‍ෂණයේදී හේවාගේ පුෂ්පාකුමාරි නමැත්තියගේ යෝනි මාර්ගයේ තිබී ශුක්‍රාණු සොයාගත් බව අධිකරණ වෛද්‍ය නිලධාරි සිසිර කුමාර දිසානායක මහතා සාක්කි දෙමින් හෙළි කළේය. එලෙස සොයාගත් ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. රටා හඳුනා ගැනීම සඳහා ‘ජීන් ටෙක්’ ආයතනයට යොමු කළ බව ද සාක්කි මගින් අනාවරණය විය.මෙම නඩුවට පාදක වූ අපරාධයට අමතරව කොටකෙතන ප්‍රදේශයේ ද්විත්ව කාන්තා ඝාතන දිගින් දිගටම සිදු වීම නිසා එයට සම්බන්ධිත අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා කොටකෙතන ප්‍රදේශයේ තෝරාගත් පිරිමින් කාණ්ඩ කර ඔවුන් අතුරින් 9 දෙනකුගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ. විමර්ශන සඳහා යොමු කළ බවත්, විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තා ද විමර්ශන සඳහා රුධිර සාම්පල ලබාගත යුතු අයකු ලෙස හඳුනාගෙන තිබූ නමුත්, ඔහු ඩී.එන්.ඒ. පරීක්ෂණයට යොමු කළ යුතු දිනයේ ඔහු එයට ඉදිරිපත් නොවූ බවත්, පසුව රහස් පොලිසියේ මැදිහත් වීම මත ඔහු ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා ‘ජින් ටෙක්’ ආයතනයට යොමු කළ බවටත් සාක්කි ඉදිරිපත් විය.




    ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා රුධිර සාම්පල ලබා ගැනීමෙන් පසු විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත්, ඔහු නිරන්තරයෙන් කල්පනා කරමින් සිටින පුද්ගලයකු බවට පත් වූ බවටත් සාක්කි ඉදිරිපත් විය.ඝාතනයට ලක් වූ හේවාගේ පුෂ්පා කුමාරි නමැත්තියගේ යෝනි මාර්ගයේ තිබී අධිකරණ වෛද්‍ය නිලධාරි සිසිර කුමාර දිසානායක මහතා සොයාගත් ශුක්‍රාණුවල ඩී.එන්.ඒ. රටා සමග වෙනත් අපරාධයක් සඳහා අත්අඩංගුවට ගැනුණ විත්තිකාර නීල් ලක්ෂ්මන් නමැත්තාගෙන් ලබා ගත් රුධිර සාම්පලයේ ඩී.එන්.ඒ. රටා සර්වසම ලෙස සැසඳෙන බව ජීන් ටෙක් අනුක විද්‍යාගාරයේ ප්‍රධානි, මහාචාර්ය රුවන් ඉලේපෙරුම මහතා සොයා ගැනීමෙන් අනතුරුව, ඒ බව රහස් පොලිසියට මෙන්ම අධිකරණයට ද වාර්තා කළ බව සාක්කිදෙමින් හෙළි කළ රුවන් ඉලේපෙරුම මහතා ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක හා සමාන ඩී.එන්.ඒ. රටා ඇති පුද්ගලයන් දෙදෙනකු සොයා ගැනීම සඳහා පුද්ගලයන් ට්‍රිලියන 1.42ක් පරීක්‍ෂාවට ලක් කළ යුතු බවට ද ඔහු මතයක් පළ කෙරිණි.


    මෙම අපරාධයට අදාළ විමර්ශන රහස් පොලිසිය බාර ගැනීමෙන් අනතුරුව විත්තිකරුගේ නිවෙස සෝදිසියට ලක් කර ඇති බවත්, එසේ සෝදිසි කිරීමේදී එම නිවෙසේ තිබී පෞද්ගලික උකස් ආයතයක උකස් රිසිට් පත්‍රිකාවක් සොයා ගෙන ඇති බවත්, ඒ අනුව අදාළ පෞද්ගලික උකස් ආයතනයට උකස් කළ රන් ආභරණ පරීක්‍ෂා කිරීමේදී ඝාතනයට ලක් වූ හේවාගේ පුෂ්පකුමාරි නමැත්තිය පැළඳි කරාබු යුගලය බවත් නඩු විභාගයේදී අනාවරණය විය. අදාළ කරාබු යුගලය පුෂ්පා කුමාරිගෙ නෑනා විසින් අධිකරණයේදී නිශ්චිත වශයෙන් හඳුනා නොගැනීම නිසා එම කරාබු යුගලය මියගිය පුෂ්පාකුමාරි නමැත්තියගේම බවට පිළිගත නොහැකි බව අධිකරණය තීරණය කළේය.


    විත්තිකරු සිය නිර්දෝෂීභාවය සඳහා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින්, මෙම නඩුවට පාදක අපරාධය වූ දින තමා නිවෙසේ සිටි බවත්, අසල්වැසියකු වන විජිතානන්ද නමැත්තා පැමිණ මේ පිළිබඳ තමාට කී බවත්, අම්මාගේ කරාබු දෙක මුදල් නැති නිසා උකස් තැබූ බවත් පැවැසුවේය.විත්තිකරු වෙනුවෙන් බිරිය සිද්ධියෙන් වසර 11ක කාලයකට පසු සාක්කි දෙමින්, සිද්ධිය වූ දින දහවල් 2.00ට පමණ රැකියාවට ගොස් පැමිණි තම සැමියා වැසිකිළියට යෑමටවත් ගෙදරින් එළියට නොගිය බව පවසා ඇතත්, එදින ඔහු ඇඳ සිටි ඇඳුම් පිළිබඳ පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විමසීමේදී, ඒ ගැන තමාට මතකයක් නැති බව පවසා තිබිණි.

    දෙපාර්ශ්වයෙන්ම දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කළ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය, මෙම සාක්කි අනුව විත්තිකරුගේ විත්ති වාචක පිළිගැනීමට හැකියාවක් නැතැයි තීන්දු කළ අතර, විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළාය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයකුට දිය යුත්තේ මරණ දඬුවම වුවත්, මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි විත්තිකරුට දැනුම් දුන්නේය.ඒ අවස්ථාවේදී විත්ති කුඩුවේ සිට අධිකරණය ඇමතූ විත්තිකරු, “මං මේ අපරාධය කළේ නැහැ. මං නිර්දෝෂීයි.” යනුවෙන් පැවැසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුළු නිවා දමා, ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා අක්‍රිය කර, විත්තිකරුට මරණීය දඬුවම පැනවූ විනිසුරුවරිය, විත්තිකරුට මරණීය දඬුවම පැමිණ වූ තීන්දු ප්‍රකාශයට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය.

    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත් කරන ලද නීතිඥ චාමින්ද කෝන්පිටිය මහතා මනා කැපවීමකින් හා නිසි වගකීමකින් යුක්තව ඉතා විශිෂ්ට ලෙස කටයුතු කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය, නීතිඥ චාමින්ද කෝන්පිටිය මහතාගේ කැපවීම අනෙකුත් නීතිඥවරුන්ට ද විශාල ආදර්ශයක් බව පෙන්වා දෙමින් ඔහු අගය කළාය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුපුන් රණසිංහ මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.
    මනෝප්‍රිය ගුණසේකර
     

    thilina chamara

    Junior member
  • Aug 14, 2008
    116
    14
    18
    විත්තිකරුගේ පැත්තෙන් ඉදිරිපත් වු කාරණා කිසිවක් නැද්ද? ශුක්‍රාණු සාම්පල් විතරයි නේද ගැලපිලා තියෙන්නේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මේ පාරවත් හරි මිනිහද හිරේට ගිහින් තියෙන්නේ කියල සැකයි මට නම්.. මේ කොටකෙතන සින් වලට කිසිම සම්බන්දයක් නැති උන බර ගානක් හිරකර නේද?
     

    thilina chamara

    Junior member
  • Aug 14, 2008
    116
    14
    18
    මේ පාරවත් හරි මිනිහද හිරේට ගිහින් තියෙන්නේ කියල සැකයි මට නම්.. මේ කොටකෙතන සින් වලට කිසිම සම්බන්දයක් නැති උන බර ගානක් හිරකර නේද?
    මේ මනුස්සයා මැරුණ කෙනා එක්ක අනියම් සම්බන්ධයක් තිබුනා නම් එහෙම මොකද කරන්නේ.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    උබලට මතකද කහවත්තෙ අම්මකෙනෙකුයි ලස්සන දුවෙකුයි කපලා කොටලා මැරුවා පොලිසියට ඔත්තු දුන්නා කියලා කුඩු විකුනන පවුලක උන් සෙට් එකක්. උන් මාස ගානෙන් නිදහස් උනා. හොද ලෝය කෙනෙක් ඇල්ලුවානම් මූත් එලියෙ.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    උබලට මතකද කහවත්තෙ අම්මකෙනෙකුයි ලස්සන දුවෙකුයි කපලා කොටලා මැරුවා පොලිසියට ඔත්තු දුන්නා කියලා කුඩු විකුනන පවුලක උන් සෙට් එකක්. උන් මාස ගානෙන් නිදහස් උනා. හොද ලෝය කෙනෙක් ඇල්ලුවානම් මූත් එලියෙ.
    Oya e scene eka neda?
     
    • Like
    Reactions: TechnWeb

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    උබලට මතකද කහවත්තෙ අම්මකෙනෙකුයි ලස්සන දුවෙකුයි කපලා කොටලා මැරුවා පොලිසියට ඔත්තු දුන්නා කියලා කුඩු විකුනන පවුලක උන් සෙට් එකක්. උන් මාස ගානෙන් නිදහස් උනා. හොද ලෝය කෙනෙක් ඇල්ලුවානම් මූත් එලියෙ.
    මේ එක තමයි බං.

    මේ පාරවත් හරි මිනිහද හිරේට ගිහින් තියෙන්නේ කියල සැකයි මට නම්.. මේ කොටකෙතන සින් වලට කිසිම සම්බන්දයක් නැති උන බර ගානක් හිරකර නේද?
    ඒ දැන් හිරේ ඉන්න DIG වාස් ගුණවර්ධන පරීක්ෂණ ඉක්මන් කරන්න කරපු වැඩ කියලා කීවේ ඒ කාලේ.
    ------ Post added on Feb 20, 2024 at 4:26 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මේ මනුස්සයා මැරුණ කෙනා එක්ක අනියම් සම්බන්ධයක් තිබුනා නම් එහෙම මොකද කරන්නේ.
    අපේ උන් චෙක් කරවන DNA ගැනවත් විස්වාස කරන්න අමාරුයි මට නම්.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේ පාරවත් හරි මිනිහද හිරේට ගිහින් තියෙන්නේ කියල සැකයි මට නම්.. මේ කොටකෙතන සින් වලට කිසිම සම්බන්දයක් නැති උන බර ගානක් හිරකර නේද?
    "විත්තිකරුට මරණීය දඬුවම පමුණුවමින් තීන්දුවට අත්සන් කළ පෑන ද කඩා දැමුවාය."


    afaik ඉස්සර ලංකාවේ මරණ දඬුවම් දෙන්න තිබිල තියෙන්නේ ,මරණ දඬුවම දෙන්න ඕන ගානට නඩුව අවොත්

    නඩුව අයෙත් අරගෙන සේරම දේවල් එක දිගට සතියක් අහනවා සේරම සාක්කි etc සේරම මුල ඉඳන් අහනවා තීන්දුව දෙන judges ලම වෙන judges ල ඉස්සරහ දුන්න සාක්කි කොළ වල තියෙන බලල තීන්දුව දෙන්නේ නැහැ .,
    ඊට පස්සේ judges ල 7 වගේ ලොකු ගානක් තීරණය කරන්න ඉන්නවා මරණ දඬුවම දෙනවද නැද්ද කියන එක .

    මොකද සාක්ෂි අහන්නේ එක judge කෙනෙක් අවුරුදු ගානකට පස්සේ ඒවා බලන්නේ කොළ වලින් වෙන judge කෙනෙක් , තීන්දුව දෙන්නේ වෙන judge කෙනෙක් උනාම ලොකු අවුලක් මරණ දඬුවම (ක්‍රියාත්මක නම් ) වගේ reverse කරන්න බැරි දේකදී .

    කොන්ඩේ වවන් ඉන්න මාලඹේ පාතාලේ උන්ට එහෙම කතා කරන lawyer ඔය කතාව tv program එකක කිව්වා . යහපාලන කාලේ ,මරණ දඬුවමට අත්සන් කරන කතා ගියපු කාලේ .
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    කහවත්ත පැත්තේ තමයි මම හිතන්නේ ලංකාවේ පලවෙනි official serial killer ඉදල තියෙන්නේ
    මිනී 15 ද කොහෙද මරල තියනව , ගොඩක් දුරට වයස අවුරුදු 40-60ත් අතර ගනු target කරලා තියෙන්නේ
    හවසට, රෑට තමයි ගොඩක් murders කරලා තියෙන්නේ
    ලංකාවේ පම්කේ පොලිසිය case close කරන්න අහුවෙන අහුවෙන එකාව අල්ලලා ගහ ගහ හිරේ දැම්ම මිසක හරි අපරාද කාරයව හොයාගන්න උනන්දු වුනේ නෑ
    YouTube එකේ video එකක් තියනවා කතාව ගැන මරුවට explain කරලා දාපු
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ඒ දැන් හිරේ ඉන්න DIG වාස් ගුණවර්ධන පරීක්ෂණ ඉක්මන් කරන්න කරපු වැඩ කියලා කීවේ ඒ කාලේ.
    වාස් එන්න ඉස්සෙල්ලත් ඇල්ලුවා බන්, ඊට පස්සෙත් ඇල්ලුවා. ඒ ගොඩක් අය කිසි සම්බන්දයක් නැ කියල පස්සේ කිව්වා. එකෙක් ලැජ්ජාවට සියදිවි හානි කරගත්තත් එක්ක. තව ඉස්කෝලේ යන පොඩි එකෙඋත් ඇල්ලුවා.
    මොකද සාක්ෂි අහන්නේ එක judge කෙනෙක් අවුරුදු ගානකට පස්සේ ඒවා බලන්නේ කොළ වලින් වෙන judge කෙනෙක් , තීන්දුව දෙන්නේ වෙන judge කෙනෙක් උනාම ලොකු අවුලක් මරණ දඬුවම (ක්‍රියාත්මක නම් ) වගේ reverse කරන්න බැරි දේකදී .
    ඔව් එක ඇත්ත. ජජ්ට වැරදි කියන්න බ. ඒ වගේම පොලිසියෙන් ඉදිරිපත් කරන සාක්කි වලින් විස්වාස කරන්නත් අමාරුයි. දැන් පේනවා නේ කුඩු දාල අල්ලන් යනවා මිනිස්සු.
     
    • Like
    Reactions: U-tag

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,751
    39,552
    113
    Homagama
    උබලට මතකද කහවත්තෙ අම්මකෙනෙකුයි ලස්සන දුවෙකුයි කපලා කොටලා මැරුවා පොලිසියට ඔත්තු දුන්නා කියලා කුඩු විකුනන පවුලක උන් සෙට් එකක්. උන් මාස ගානෙන් නිදහස් උනා. හොද ලෝය කෙනෙක් ඇල්ලුවානම් මූත් එලියෙ.

    ඒකේ චුදිතයාටමරණ දඩුවම නියම උනා. පසුව ඉහල අධිකරණයකින් නිදහස් කලා කියලා මතක නැ. එහෙම උනානම් විස්තර දානන්.
    Oya e scene eka neda?
    නැ .
    මේ එක තමයි බං.
    නැ බං. මේ ඊට පස්සේ වයසක දෙපලක් මරපු එක
    ඔව් එක ඇත්ත. ජජ්ට වැරදි කියන්න බ. ඒ වගේම පොලිසියෙන් ඉදිරිපත් කරන සාක්කි වලින් විස්වාස කරන්නත් අමාරුයි. දැන් පේනවා නේ කුඩු දාල අල්ලන් යනවා මිනිස්සු.

    කේස් වලදි සාධාරණසැකයෙන් තොරව ඔප්පුකරවගන්න වෙනවානේ බං.
    මේක ලෙසි නැ ඇත්තටම ප්‍රොසිකියුටර්ට. පොලිසියට කියලා සාක්ෂි හදලා දාලා ගේම ගහන්න අමාරුයි. බේරෙන්න ලේසියි බං හිරේ යනවාට වඩා ලංකාවේ.ඔප්පු කරවන්නයි අමාරු. එහෙමයි සිස්ටම් එක.මොකෙක්හරි උසාවියේ නඩු අහලා වැරදිකාරයෙක් කියලා තින්දු වෙනවානම් "ඌ සිරාවටම වරදක් කරලා තියන්න" ඉඩ 99%ක් මේ ක්‍රමය තුල.

    වරද කරු කරත් උට ඉහල උසාවි දෙකකට වලට යන්න පුලුවන්. තමන්ට හරි දේ උන්නැ කියලා අභියෝග කරන්න පුලුවන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,735
    1
    8,922
    113
    Oya e scene eka neda?

    මේ එක තමයි බං.


    ඒ දැන් හිරේ ඉන්න DIG වාස් ගුණවර්ධන පරීක්ෂණ ඉක්මන් කරන්න කරපු වැඩ කියලා කීවේ ඒ කාලේ.
    ------ Post added on Feb 20, 2024 at 4:26 PM
    නෑ මේ ඒක නෙවෙයි බන් ඒකෙ කෙල්ලට අවුරුදු 36ක් නෑ අවුරුදු 18ක විතර පොඩි කෙල්ලෙක්
     
    • Like
    Reactions: gamerlk

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,398
    17,995
    113
    කහවත්ත පැත්තේ තමයි මම හිතන්නේ ලංකාවේ පලවෙනි official serial killer ඉදල තියෙන්නේ
    මිනී 15 ද කොහෙද මරල තියනව , ගොඩක් දුරට වයස අවුරුදු 40-60ත් අතර ගනු target කරලා තියෙන්නේ
    හවසට, රෑට තමයි ගොඩක් murders කරලා තියෙන්නේ
    ලංකාවේ පම්කේ පොලිසිය case close කරන්න අහුවෙන අහුවෙන එකාව අල්ලලා ගහ ගහ හිරේ දැම්ම මිසක හරි අපරාද කාරයව හොයාගන්න උනන්දු වුනේ නෑ
    YouTube එකේ video එකක් තියනවා කතාව ගැන මරුවට explain කරලා දාපු
    තිලිණි පෙරේරගෙ චැනල් එකේ
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වාස් එන්න ඉස්සෙල්ලත් ඇල්ලුවා බන්, ඊට පස්සෙත් ඇල්ලුවා. ඒ ගොඩක් අය කිසි සම්බන්දයක් නැ කියල පස්සේ කිව්වා. එකෙක් ලැජ්ජාවට සියදිවි හානි කරගත්තත් එක්ක. තව ඉස්කෝලේ යන පොඩි එකෙඋත් ඇල්ලුවා.
    සේයා ළමය මරපු එකට දෙන්නෙක් වැරදිලා අල්ලලා හංවඩු ගැහුවා media වලින් මතකද , එතනින් පොඩි වයසේ 18 වගේ කොල්ල මානව අයිතිවාසිකම් නඩු දැම්ම කියල news වල එහෙම ගිය ටික කාලෙකින් ඒ කොල්ලව කුඩු or ගංජා එක්ක අහු වෙලා හිරේ ගියා .

    ඔව් එක ඇත්ත. ජජ්ට වැරදි කියන්න බ. ඒ වගේම පොලිසියෙන් ඉදිරිපත් කරන සාක්කි වලින් විස්වාස කරන්නත් අමාරුයි. දැන් පේනවා නේ කුඩු දාල අල්ලන් යනවා මිනිස්සු.

    ඒ නිසා තමයි system එකක් ඕන ,
    සේරම සාක්ෂි ප්‍රකාශ එකම judges(අඩුම 5ක් වත් ඉස්සරහ) ල සෙට් එකක් ඉස්සරහ පොඩි කාලයක් ඇතුලත ආයෙත් අහන්න ඕන මරණ දඬුවම දෙන තීන්දුව finalized කරන්න කලින් . එහෙම උනාම ගොඩක් අඩු වෙනවා වැරදීම් වෙන්න තියෙන ඉඩකඩ .

    එහෙම නැතුව ඇත්තට එල්ලන්න ගත්තොත් අහක යන වැරදි නොකරපු මිනිස්සු මැරේවි ඕන තරම් (ලෝකේ ඕන තරම් ඇති අනිවා එහෙම වැරදිලා දුන්න තීන්දු උඩ උසාවි වලින් reverse කරපු idk ලංකාවෙත් ඇති ).

     
    • Like
    Reactions: NaOH and eksudda

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    scene dekak
    1. palaweni ekata marana daduwama dunne 2019 di Raju kiyana ekek ta.. uwa nidahas nam kallee naa


    collage.png


    2. deweni ekata marana daduwama dunne oya dan kiyana minimaruwata



    Rivira_Sunaday_e-paper.jpg
     
    • Like
    Reactions: Boole

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,344
    22,831
    113
    විත්තිකරුගේ පැත්තෙන් ඉදිරිපත් වු කාරණා කිසිවක් නැද්ද? ශුක්‍රාණු සාම්පල් විතරයි නේද ගැලපිලා තියෙන්නේ.
    ඒකනෙ. ඇසින් දුටු සාක්ෂි නෑ.
    මිනිහ ඒ පැත්තෙ ගියෙවත් නෑ කියපු එකෙන් මාට්ටු හැබැයි ශුක්‍රාණු තිබිලනෙ.
    ඌට කියන්න තිබ්බෙ ගෑනිත් එක්ක සෙක්ස් කරල ආවා විතරයි එනකොට හොඳට ඉදිය කියල.


    scene dekak
    1. palaweni ekata marana daduwama dunne 2019 di Raju kiyana ekek ta.. uwa nidahas nam kallee naa


    collage.png


    2. deweni ekata marana daduwama dunne oya dan kiyana minimaruwata


    Rivira_Sunaday_e-paper.jpg
    පාපොච්චාරණය කරා කියල නඩුවෙ කියල නෑනෙ.
    ------ Post added on Feb 20, 2024 at 6:04 PM