ෆිල්ම් එක ලස්සනයි. හැබැයි ප්ලොට් හෝල් කන්දයි...
1. ලේ වලින් සම්බන්ධයක් හදන්න පුළුවන් නම් මොකටද කසාද උත්සව..? නගරෙ කෙල්ලො තුනක් අල්ල ගත්තා.. ලේ වලින් සම්බන්ධයක් හැදුවා.. මකරට කන්න දැම්මා..
2.මකරට තාත්තගෙයි දූගෙයි ලේ වල සුවඳ වර්ග දෙකක් එන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිවුනේ කොහොමද?
3. තාත්ත සිද්ධිය දැනගෙන එතනට ආවා කියන්නෙ , තාත්තට එයාගෙ දූව මකරෙක්ට කන්න දානව කියල දැනුම් දීලද කසාදෙ කරවන්නෙ..?
4. අර රජ පවුල ඉවරකරපු ගමන් මකරා කුමාරි පස්සෙ යන්නෙ රජ පවුල මැරුවට පස්සෙ මකරා රාජ කුමාරිගෙ වහලෙක් උනාද?
යම් යම් පුංචි පුංචි අඩුපාඩු තිබුනට ඇත්තටම කියනව නම් Damsel ගොඩක් ලස්සන චිත්රපටයක්.. පවුලෙ හැමෝම එක්ක ආසාවෙන් බලන්න පුළුවන් මට්ටමේ මේ චිත්රපටය තියෙන බවත් කියන්නම ඕන.ඉහළ රසඥතාවක් තියෙන සිනමාවේදීන්ට නම් මේකෙ අඩුපාඩු ගොඩක් පෙනෙයි. හැබැයි ඉතින් එහෙම අය oppenheimer වගේ ඒවා බලනව මිසක් මේ වගේ ඒව නොබලන නිසා හොඳයි..