🎥🎬🐒 "Planet Of the Apes" සිනමාපට මාලාවේ නවතම දිගහැරුම: "Kingdom of the Planet of the Apes" 🐒🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    Planet-of-the-Apes-Banner.jpg


    "Planet Of the Apes" චිත්‍රපට මාලාවේ නවතම සිනමා සම්ප්‍රාප්තියේ නිල නාමය "20th Century' ස්ටූඩියෝව විසින් පසුගියදා එළි දක්වනු ලැබුවා. 'Kingdom of the Planet of the Apes' නමින් නම් කර ඇති මෙම සිනමාපටයේ රංගනය වෙනුවෙන් Owen Teague, Freya Allen හා Peter Macon යන රංගන ශිල්ප ශිල්පිනියන් මේ වන විට එක්ව තිබෙනවා. "War of the planet of the Apes' සිනමාපටයේ සිදුවූ සිදුවීම් මාලාවට පසු කාලයක සිදුවන සිදුවීම් මාලාවක් මෙම සිනමාපටයෙහි ප්‍රධාන කතා තේමාව වී තිබෙනවා. Josh Friedman, Rick Jaffa, Amanda Silver, හා Patrick Aison තිර රචනයෙන් දායක වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Wes Ball විසිනුයි. 'Kingdom of the Planet of the Apes' සිනමාපටය 2024 වසරේදී ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.


    නිල පූර්ව ප්‍රචාරක සංකල්ප බැනරය (Concept Art)

    dfegegq-6d41a94c-8185-44de-9c4f-7818e6b451e6.jpg



    අධ්‍යක්ෂණය: Wes Ball

    zVPXrhuAxYAWlwDEWCaqeUPycFx.jpg




    රංගනයෙන් දායක වන රංගන ශිල්පීන් (දැනට වාර්තා වී ඇති අන්දමට)


    Owen Teague

    dEFXrRmXOULWI0dorfT08IjK49P.jpg



    Freya Allen

    freya-allan_a541365_ZYfcyBZ.jpg




    Peter Macon

    peter-macon-ap-450x600.jpg










     
    Last edited:

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,588
    30,733
    113
    අපායෙ දොරකඩ
    68 original එකත් මරු. E කාලේ හැටියට
    👍
    මම ඉසෙල්ලම බැලුවෙ 2001 remake එක. ඊට ගොඩකාලෙකට පස්සෙ original series එකම බැලුව reboot series එක බලන්න පටන් ගන්න කලින්. ඒත් 2001 එකෙ අමුතු ගතියක් තියෙනව කියාගන්න බැරි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    👍
    මම ඉසෙල්ලම බැලුවෙ 2001 remake එක. ඊට ගොඩකාලෙකට පස්සෙ original series එකම බැලුව reboot series එක බලන්න පටන් ගන්න කලින්. ඒත් 2001 එකෙ අමුතු ගතියක් තියෙනව කියාගන්න බැරි.
    අලුත් trilogy එකේ වගේ CGI, motion capture technology එක පාවිච්චි නොකර, හුගක් prosthetic makeup, practical effects 2001 remake එකේ පාවිච්චි කරලා තිබ්බ එකත් ඕකට හේතුවක් වෙන්න ඇති. :yes:
     

    Similar threads