පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?
“මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් [පිළිමවලින් NW] දුරුව සිටපල්ලා.”—1 යොහන් 5:21.
1. යෙහෝවඃ වහන්සේට දෙනු ලබන නමස්කාරය පිළිම වන්දනාවෙන් නිදහස් ව තිබෙන්නේ මන්ද?
යෙහෝවඃ වහන්සේ වනාහි ලෝහ, දැව හෝ ගල්වලින් සෑදූ පිළිමයක් නොවේ. භූමික දේවාලයක උන් වහන්සේ ව තබන්නට නොහැකි ය. උන් වහන්සේ වනාහි මිනිසුන්ට නොපෙනෙන, සර්වබලධාරී ආත්මයාණන් බැවින්, උන් වහන්සේගේ රූපයක් සෑදීමට නොහැක. මෙබැවින්, යෙහෝවඃ වහන්සේට පුදන නිර්මල නමස්කාරය මුළුමනින් ම පිළිම වන්දනාවෙන් තොර විය යුතු ය.—නික්මයාම 33:20; ක්‍රියා 17:24; 2 කොරින්ති 3:17.
2. අපගේ සැලකිල්ලට භාජනය විය යුතු ප්‍රශ්න මොනවා ද?
2 ඔබ යෙහෝවඃ වහන්සේට නමස්කාර කරන්නෙකු නම්, ඔබ මෙසේ අසනවා විය හැක, ‘පිළිම වන්දනාව යනු කුමක් ද? යෙහෝවඃ වහන්සේගේ සේවකයන් හට අතීතයේ දී එයින් වැළකී සිටීමට හැකි වී තිබෙන්නේ කෙසේ ද? තව ද අද දින පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?’
පිළිම වන්දනාව යනු
3, 4. පිළිම වන්දනාව අර්ථ දැක්විය හැක්කේ කෙසේ ද?
3 පොදුවේ ගත් කල, පිළිම වන්දනාවට උත්සවයක් හෝ පූජාවිධියක් ඇතුළත් වෙයි. පිළිම වන්දනාව වනාහි පිළිමයකට භක්තිය පිදීම, ප්‍රේම කිරීම, නමස්කාර කිරීම හෝ භක්ත්‍යාදරයක් දැක්වීමකි. පිළිමයක් යනු කුමක් ද? එය රූපයකි, නැතහොත් යම් දෙයක නියෝජනයකි. එසේ නැත්නම් භක්තිය පුදනු ලබන වස්තුවක සංකේතයකි. සාමාන්‍යයෙන්, පිළිම වන්දනාව යොමු වන්නේ, ජීවමාන ව පවතින බවට විශ්වාස කරනු ලබන සැබෑ හෝ උසස් යයි සිතා සිටින බලයක් කෙරෙහි ය (මිනිසෙකු, සතෙකු, හෝ සංවිධානයක්). එහෙත් අජීවි දේවල් (බලවේගයක් හෝ ස්වභාව ධර්මයේ අජීවි වස්තුවක්) සම්බන්ධයෙන් ද පිළිම වන්දනාවක් ක්‍රියාත්මක කළ හැකි වෙයි.
4 ශුද්ධ ලියවිලි තුළ, පිළිමවලට යොමු දක්වන හෙබ්‍රෙව් වචන, බොහෝ විට වටිනාකමින් ශුන්‍ය බව අවධාරණය කරයි, නැතහොත් ඒවා අවමන් සහගත අරුතක් ඇති පද වේ. පරිවර්තනය කොට ඇති වචන අතර මේවා වෙයි; “කැටයම් කරන ලද හෝ නෙළන ලද රූප” (වචනානුසාරයෙන් ගත් කල, නෙළන ලද යමක්); “ලෝහවලින් උණු කොට ගත් ප්‍රතිමාව, රූපය, හෝ පිළිමය” (අඹා ගත් හෝ වක්කර ගත් යමක්); “නිහීන [පිළිකුල්] පිළිමය;” “නිෂ්ඵල පිළිමය” (වචනානුසාරයෙන් ගත් කල, නිෂ්ඵලත්වය); සහ “ගොම මෙන් වූ රූප.” එයිʹඩො·ලොන් යන ග්‍රීක වදන පරිවර්තනය කොට ඇත්තේ “පිළිමය” යනුවෙනි.
5. සියලු පිළිම, පිළිම නොවන බවට පැවසිය හැක්කේ මන්ද?
5 සියලු රූප පිළිම නොවේ. ගිවිසුම් පෙට්ටිය සඳහා රන් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදන මෙන් ද, මණ්ඩපය සඳහා වූ තිර දහයේ අභ්‍යන්තර ආවරණය මත ද, ශුද්ධස්ථානය සහ අති ශුද්ධස්ථානය වෙන් කරන තිරය මත ද එවන් ආත්ම මැවිලිවල නියෝජනයන් අලංකාර කරන මෙන් ද දෙවියන් වහන්සේ ම ඊශ්රායෙල්වරුනට පැවසූ සේක. (නික්මයාම 25:1, 18; 26:1, 31-33) මූලික වශයෙන් ස්වර්ගික කෙරුබ්වරුන්ගේ පින්තූරයක් වශයෙන් තිබුණා වූ මෙම නියෝජනයන් දුටුවේ සේවය කරමින් සිටි පූජකයන් පමණි. (හෙබ්‍රෙව් 9:24, 25 සසඳන්න.) මණ්ඩපයේ වූ කෙරුබ්වරුන්ගේ නියෝජනයන් හට භක්තිය පුදනු ලැබීමට නොතිබූ බව පැහැදිලි වන්නේ, ධර්මිෂ්ඨ දේව දූතයන් පවා නමස්කාරය පිළිනොගත් බැවිනි.—කොලොස්සි 2:18; එළිදරව් 19:10; 22:8, 9.
යෙහෝවඃ වහන්සේ පිළිම වන්දනාව දෙස බලන අයුරු
6. යෙහෝවඃ වහන්සේ පිළිම වන්දනාව දෙස බලන්නේ කෙසේ ද?
6 යෙහෝවඃ වහන්සේගේ සේවකයෝ පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වෙති, මන්දයත් උන් වහන්සේ සියලු ම පිළිම වන්දනාත්මක ක්‍රියාවලට විරුද්ධ ව සිටින සේක. භක්තිය පිදීමේ වස්තූන් ලෙස රූප සාදා ගෙන ඒවාට නමස්කාර නොකරන ලෙස දෙවියන් වහන්සේ ඊශ්රායෙල්වරුනට ආඥා කළ සේක. දස පනත අතර මෙම වචන සොයා ගත හැකි ය: “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්ටයක් තට සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව, මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ [තනි භක්තිය තදින් ඉල්ලන්නා වූ NW], මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ, මට ප්‍රේමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරමප්රා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.”—නික්මයාම 20:4-6.
7. යෙහෝවඃ වහන්සේ සියලු ම පිළිම වන්දනාවන්ට විරුද්ධ වන්නේ මන්ද?
7 යෙහෝවඃ වහන්සේ සියලු ආකාරයේ පිළිම වන්දනාවට විරුද්ධ ව සිටින්නේ මන්ද? ඉහත, දස පනතේ දෙවැන්නේ පෙන්වා ඇති පරිදි මූලික වශයෙන්, ඒ උන් වහන්සේ තනි භක්තිය තදින් ඉල්ලා සිටින නිසා ය. එපමණක් ද නොව, ස්වකීය අනාගතවක්තෘ යෙසායා තුළින් උන් වහන්සේ මෙසේ පැවසූ සේක: “මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW]; මාගේ නාමය ඒකය; මාගේ ගෞරවය අන්කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව [කැපූ NW] රූපවලටත් නොදෙන්නෙමි.” (යෙසායා 42:8) එක් අවස්ථාවක දී, පිළිම වන්දනාව ඊශ්‍රායෙල්වරුන් ව කොතරම් දුරකට උගුලට හසු කරගත්තාද කිවහොත්, “ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද යක්ෂයන්ට [භූතයන්ට NW] පූජා කළෝය.” (ගීතාවලිය 106:36, 37) පිළිම වන්දනාකරුවෝ, යෙහෝවඃ වහන්සේ සැබෑ දෙවියන් වහන්සේ බව ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, නමුත් භූතයන් ද ඇතුළු උන් වහන්සේගේ ප්‍රධාන විරුද්ධකාරයා වන යක්ෂයාගේ ඕනෑ එපාකම්වලට සේවය ද කරති.
පරීක්ෂාවන් යටතේ පක්ෂපාත ව
8. ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ යන හෙබ්‍රෙව්වරුන් තිදෙනාට මුහුණ දීමට තිබූ පරීක්ෂණය කුමක් ද?
8 යෙහෝවඃ වහන්සේට පක්ෂපාත ව සිටීම, පිළිම වන්දනාවට එරෙහි ව ද අප ව ආරක්ෂා කරයි.මෙය, දානියෙල් 3 වෙනි පරිච්ඡේදයේ වාර්තා වී ඇති සිද්ධියෙන් නිරූපනය වෙයි. තමන් විසින් නංවා තිබූ විශාල රන් රූපයක් උත්සවාකාරයෙන් විවෘත කිරීම පිණිස, බබිලෝනිය රජ වූ නෙබුකද්නෙශර්, තමාගේ අධිරාජ්‍යයේ නිලධාරීන් ව එක්රැස් කළේ ය. ඔහුගේ නියෝගයට, බබිලෝනීය පරිපාලන දිස්ත්‍රික්ක පුරා හෙබ්‍රෙව් පරිපාලකයන් වූ ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ ද ඇතුළත් විණි. එක්තරා සංගීත භාණ්ඩවල නාදයත් සමඟ ම, පැමිණි සිටි සියල්ලන්ට ම රූපය ඉදිරිපිට වැඳ නමස්කාර කිරීමට අණ කොට තිබුණි. මෙය වනාහි, බබිලෝනියේ නියම දෙවියා වූ සාතන් වන යක්ෂයා විසින්, මෙම හෙබ්‍රෙව්වරුන් තිදෙනා ව බබිලෝනීය අධිරාජ්‍යය නියෝජනය කරන රූපයක් ඉදිරියේ වැඳ නමස්කාර කරවීමට ගත් උත්සාහයක් විය. ඔබ එම ජවනිකාව තුළ සිටිනවා කියා කල්පනාවට ගන්න.
9, 10. (අ) මෙම හෙබ්‍රෙව්වරුන් තිදෙනා ගත් ස්ථාවරය කුමක් ද? ඔවුන්ට ඒ සඳහා විපාක ලැබුණේ කෙසේ ද? (ආ) හෙබ්‍රෙව්වරුන් තිදෙනාගේ ක්‍රියා මාර්ගය මගින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට ලබා ගත හැකි දිරිගැන්වීම කුමක් ද?
9 බලන්න! හෙබ්‍රෙව්වරුන් තිදෙනා සිට ගෙන සිටී. රූප හෝ කැපූ පිළිම සෑදීම හෝ ඒවාට සේවය කිරීමට එරෙහි ව දෙවියන් වහන්සේ පනවා තිබූ නීතිය ඔවුහු සිහියට ගනිත්. නෙබුකද්නෙශර් ඔවුන්ට අන්තිම නියෝගය දෙයි—වැඳ වැටෙනු නැතහොත් මරණය! එහෙත් යෙහෝවඃ වහන්සේට පක්ෂපාතී ව ඔවුහු මෙසේ පවසති: “ඇවිලෙණ ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක. එසේ නොකළත්, රජ්ජුරුවෙනි, ඔබගේ දෙවිවරුන්ට අප සේවයකරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාරකරනේවත් නැති බව ඔබ දැනගත මැනව.”—දානියෙල් 3:16-18.

අඩු ගානෙ සාහිත්‍ය රසය හරි තියෙනවා නේ 