ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා (PR) ලබාදීමට තීරණය කර තිබේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා මෙරට ස්ථිර වාස වීසා බලපත්‍ර (PR) ලබාදීමට තීරණය කර තිබේ. විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ ස්ථිර වාස වීසා නිකුත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව විදෙස් රටක පුරවැසි භාවය ලබාගත් හේතුව නිසා මෙරට පුරවැසි භාවය අහිමි වී සිටින්නන්ට ලාංකිකයකු සමග විවාහ වී සිටින විදෙස් රටක පුරවැසිභාවය හිමි කාලාත්‍රයකුට සහ විදෙස් රටක ජීවත් වන ශ්‍රී ලාංකිකයකුගේ බිරිඳට සහ දරුවන්ට යන පාර්ශව තුනට මෙලෙස ශ්‍රී ලංකාවේ ස්ථිර වීසා ලබා ගත හැකි බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.


    මේ පිළිබඳව කළ විමසුමකදී ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ කාලයක සිට ශ්‍රී ලාංකිකයන්ගෙන් ලද ඉල්ලීමක් ඉටු කරමින් නව වීසා ක්‍රමය හඳුන්වා දෙන බවය.සිංගප්පූරුව තායිලන්තය ජපානය හොංකොං තායිවානය සහ මැලේසියාව වැනි රටවල පුරවැසි භාවය ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කිරීමට නොහැකි හෙයින් එවැනි පිරිසට නව ක්‍රමය මගින් විශාල සහනයක් සිදුවන බව ද ඉලුක් පිටිය මහතා කීවේය.

    ශ්‍රී ලංකාවේ ස්ථිර වාස වීසා ලබා ගන්නා තැනැත්තකුට ජීවිත කාලය පුරාම මෙරට සාමාන්‍ය පුරවැසියකු ලෙස ජීවත් විය හැකි අතර,

    ​

    ඔවුන්ට ශ්‍රී ලාංකිකයකුට ලැබෙන වර ප්‍රසාද හිමිවන බව ද ඉලුක්පිටිය මහතා සඳහන් කළේය.එහෙත් එවැනි ස්ථිර වාස වීසා ලබා ගන්නා පුද්ගලයකුට ශ්‍රී ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට නොහැකි අතර, ඡන්ද අයිතිය හිමි නොවන බව ද ආගමන විගමන පාලක ජනරාල්වරයා කීවේය.

    ඉතිහාසයේ කිසි දිනක ශ්‍රී ලංකාව විදෙස් ජාතිකයකුට හෝ විදෙස් පුරවැසියකුට මෙරට ස්ථිර වාස වීසා පත්‍ර ලබා නොදුන් අතර නව ක්‍රමය ප්‍රථම වතාවට ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.මේ අතර එවැන්නකුට ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය සෞඛ්‍ය සහ වෙනත් රාජ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවන බව ද ඔහු සඳහන් කළේය.මීට අමතරව ශ්‍රී ලංකාවේ යම් නීත්‍යානුකූලක වෘත්තියක නිරත වීමටත් ව්‍යාපාරයක් වාණිජ ක්‍රියාකාරකමක් සිදු කිරීමටත් සහ ලිඛිත නීතියක් මගින් ඉඩ සලසා ඇති ශ්‍රී ලංකාවේ යම් දේපළක් උරුම වීමට හෝ පැවරීමට ද එම පුද්ගලයන්ට හැකි බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා කීවේය.

    රංජන් කස්තුරි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    Meanwhile in canadian students facebook groups :-

    මචංලා Western Province දාන්න එපා PR ලොවෙත් ගන්න බැ.. උතරැ මැද,උතුරැ පළාත, වන්නිය,දෙබරගස්වැව වගේ apply කරොත් PR ගන්න ටිකක් ලේසිය... රත්නපුරේ දාන්න එපා weather අවුල්.. ඉන්න අමාරැයි students ලට.. කිලිනොච්චිය, මැදවච්චිය වගේ ත් දාන්න එපා Part time හොයා ගන්න අමාරැයිනේ.. පැයකට ගෙවන ගානත් මදී... මැදමුලන ඒ අවට college වලට නම් ලොවෙත් දාන්න එපා ආගිය අතක් හොයන්න හම්බෙන්නැ ! SOP එක ලියද්දි ආයේ අනිවා කැනඩාවට ආයේ යනව study වලින් කියල දාපන්.. ලංකාවේ immigration එකත් එක්ක අමාරැයි ! මීටරෙන් ඉන්නේ..

    1 ) ISLTS (International Sinhala Language Testing System) ඔනේද කියල අහන්න එපා ඕනේ... 7.0 අඩුම ඔනේ... පුත්තලම ඒ පැත්තේ සමහර college වලට Master වලට නම් ISLTS ඕනේ වෙන්නනැති වෙයි.. පොඩ්ඩක් net එකේ බලන්න

    2) part time කරල fees හොයන්න පුලුවන්ද ?

    ජිවතේට බෑ.. ලංකාව ඇතුලට ගියාම තෙරෙයි.. දවසට 1000 ගානේ මාසෙට 30,000× 4 = 120,000 ( semester එකකට අඩුම 250,000 වගෙ ඕනේ )

    වැඩිදුර ලංකාවේ student life එක බලන්න " Canadian Guy In Ceylon " You Tube එකේ බලන්න..

    නැත්නම් Canadians in Sri Lanka page එකට join වෙන්න....එකේ ලංකාව ගැන ගොඩක් දාලා තිබ්බා..මන් දැක්කා

    මාවත් Followe කරන්න මට පුලුවන් උපරිමෙන් ඔයාලට උදව් කරන්නම්

    ©️🙂📗
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,321
    8,272
    113
    දැන් අපේ රටත් දියුණුයි වගේ හිතෙනවා සුද්දෝ රෙෆුෆියු එයු නේද
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,371
    2,777
    113
    මේක තමයි මරු :lol: :lol:

    Screenshot 2024-06-04 170518.png
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,949
    8
    35,721
    113
    ඩයනව ගොඩ දාන්නද යන්නේ ?
    Most likely.... Diana et al. This is only the first stage. Next would be make amendments such that PR holders will be entitled to enter the Parliament. :unsure:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,777
    26,204
    113
    උඹ ලා දන්නවද ලංකාවේ වීසා ගන්න අමාරුයි ඔසී වලට වඩා. මේක හොඳ වැඩක් දැන් ලංකාවේ අය ළමයි හදන්නේ නෑ, බnදින්නේ නෑ... ඉතින් වෙන ජාතියක් හරි ෆෝරම් වෙයි. දැන් USA වල Spanish කට්ටිය බෝ වෙනවා, අනෙක් national අඩු වෙලා යනවා. Japan වල ජප්පෝ අඩු වෙලා...