📺😎 චිත්‍රපට රූපගත කිරීම්වලදි "ක්‍රිස්ටෝපර් නෝලාන්ට" නැතුවම බැරි උපකරණය 🎥📺

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,039
    153,148
    113
    "ක්‍රිස්ටෝපර් නෝලාන්" කියන්නෙ කවුද කියන එක ගැන ඉතින් කිරියෙ නොදන්න කෙනෙක් නෑනෙ. නෝලාන් ෆිල්ම් එකක් ෂූට් කරන කොට අනිවාර්යයෙන්ම බෙල්ලෙ එල්ලගෙන ළග තියාගන්න සුවිශේෂ උපකරණයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. වර්තමානයෙදි ෆිල්ම් එකක් රූපගත කරද්දි අධ්‍යක්ෂවරයෙක් අනිවාර්යයෙන්ම භාවිතා කරන දෙයක් තමයි "video village" කියන්නෙ. චිත්‍රපටයක යම් දර්ශනයක් රූපගත කරන වෙලාවට ඒ දර්ශනයෙ කැමරා කෝණයන් සහ 'framing' වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ දර්ශනයෙදි තමාට අවශ්‍ය විදිහට හැසිරවෙනව ද කියලා අධ්‍යක්ෂවරයාට සජීවීව වගේම රූපගත කිරීම්වලට පස්සෙ නරඹන්නත් හැකියාව ලබාදෙන දර්ශන තලවලට මදක් බැහැරට වෙන්න ස්ථානයකට තමයි "video village" එක කියලා කියන්නෙ. කැමරාවට මදක් දුරස්ථව සම්බන්ධ කරපු 4K ඩිජිටල් මොනිටරයක් හෝ මොනිටර් කීපයක් මගින් තමන් රූපගත කරන දර්ශනය එවේලේම නරබන්න මේ ක්‍රමය මගින් අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට අවස්ථාව ලැබෙනවා.


    "video village" එකක් සදහා උදාහරණ

    kfc2.jpg


    M-287_%28D_23419%29.jpg


    කොහොම නමුත් මේ වගේ "video village" එකක් භාවිතා නොකරන හොලිවුඩ් අධ්‍යක්ෂවරයෙක් විදිහට ක්‍රිස්ටෝපර් නෝලාන්ව හදුන්වන්න පුළුවන්. නෝලාන් මේ "video village" එක වෙනුවට භාවිතා කරන්නෙ ඇනලොග් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන ඉතා කුඩා ප්‍රමාණයේ ජංගම වර්ණ රූපවාහිනී යන්ත්‍රයකුයි (portable color tv). "Casio' සමාගමෙන් නිපදවපු පරණ තාලෙ, අඟල් 4 කුඩා තිරයකින් යුක්ත වුණු මේ ජංගම රූපවාහිනී යන්ත්‍රයක (Casio EV-4500 portable LCD 4-Inch TV) මිල ඇමරිකානු ඩොලර් 80 කටත් වඩා අඩු අගයක් තමයි ගනු ලබන්නේ. නෝලාන් තමන්ගෙ චිත්‍රපට රූපගත කරන්න යොදාගන්න සිනමා කැමරාවලට වගේම, IMAX කැමරාවලටත් විශේෂයෙන් සවිකරපු ඇන්ටනාවක් මගින් UHF/VHF සංඥාවන් ආකාරයෙන් මේ කුඩා TV යන්ත්‍රය වෙත කැමරාවන් මගින් රූපගත කෙරෙන දර්ශනවලට අදාළ රූපරාමු සජීවීවම සම්ප්‍රේෂණය කිරීමකුයි මෙහිදී සිද්ධ වෙන්නෙ. ඉතින් මෙන්න මේ විදිහට තමයි "video village" එකක් නැතුව තමන්ගෙ චිත්‍රපටවල දර්ශන තමන්ට අවශ්‍ය විදිහට හරියාකාරව රූපගත කෙරෙනව ද කියලා ක්‍රිස්ටෝපර් නෝලාන් පරීක්ෂා කරලා බලන්නෙ.

    2089b0f434b221c57cd206252763c5c926-dark-knight-2.2x.w710.jpg


    Casio EV-4500 portable LCD 4-Inch TV

    GVmqGcHX0AANi9-


    3EF2CAAF-10EC-44D6-BF2A-A6626F78DE23.jpeg


    werbung-casioev4500.jpg



    5677c9f006f85b4c4b5238c8378434c5.jpg


    GVm--FSXsAMQh0k


    interstellar-christopher-nolan-dtgbpg7.jpg


    6b202e260de342403d68f1df74b0fba763-interstellar-2.2x.h473.w710.jpg


    GVm9_vNW0AA-LvR


    bts_interstellar_cinematographer_operating_imax_cam.jpg


    GVmqaOdXwAA_I3D.jpg






    ක්‍රිස්ටෝපර් නෝලාන් කිසිම දවසක ඊ-මේල් ලිපිනයක්, නවීන ජංගම දුරකතනයක්වත් භාවිතා නොකරන, තාම යතුරු ලියනය (Type writer) විතරක් පාවිච්චි කරන පරණ තාලෙට ජීවත් වෙන කෙනෙක් විදිහටත් ප්‍රසිද්ධයි. :yes: :rolleyes:




    ✍️ සටහන: @Stimulus mind ✍️
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ක්‍රිස්ටෝපර් නෝලාන් කිසිම දවසක ඊ-මේල් ලිපිනයක්, නවීන ජංගම දුරකතනයක්වත් භාවිතා නොකරන, තාම යතුරු ලියනය (Type writer) විතරක් පාවිච්චි කරන පරණ තාලෙට ජීවත් වෙන කෙනෙක් විදිහටත් ප්‍රසිද්ධයි. :yes: :rolleyes:
    ක්‍රිස්ටෝපර් නෝලාන් ජනපති කරමු ✌️

    BUMP
     

    Similar threads