📈💸 "Elon Musk"ගේ වත්කම ඉතිහාසයේ දෙවන වරටත් ඇමරිකානු ඩොලර් බිලියන 300 සීමාව ඉක්මවා යයි 📈💰

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    ftcms%3Aad00fb2f-0a66-46e0-bb14-36ad24abb936

    ඇමරිකානු බිලියනපතියෙක් මෙන්ම ලොව ධනවත්ම පුද්ගලයා වන ව්‍යාපාරික "Elon Musk"ගේ වත්කම (Net worth) දෙවන වරටත් ඇමරිකානු ඩොලර් බිලියන 300 සීමාව ඉක්මවා යාමට මේ වන විට සමත් වී තිබෙනවා. 2021 වසරේ නොවැම්බර් මාසයේදී ඔහුගේ වත්කම පළමුවරට ඇමරිකානු ඩොලර් බිලියන 300 සීමාව ඉක්මවා ගියේ එම කඩඉම පසු කිරීමට සමත් වූ ලොව ප්‍රථම පුද්ගලයා ලෙස ද වාර්ථා අතරට එක් වෙමිනුයි. මෙවර දෙවන වරටත් "Elon Musk"ගේ වත්කම මෙලෙස ඇමරිකානු ඩොලර් බිලියන 300 සීමාව ඉක්මවා යාමට ඔහු මෙවර පැවැත්වුණු ඇමරිකානු ජනාධිපත්වරණයේදී සහය දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය මූලික වශයෙන් හේතු වුණු බවයි ව්‍යාපාරික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග "Elon Musk" ට අයත් "Tesla' මෝටර් රථ නිෂ්පාදන සමාගමේ වෙළදපොළ වටිනාකම පසුගිය සතියේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 230 කින් ඉහළ ගොස තිබෙනවා. මේත් සමගම "Tesla' මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මුළු වෙළදපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනය පසුකර යෑමද එහිදී සිදු වුණා. "Elon Musk" ට අමතරව තවත් බිලියනපතියන් කීපදෙනෙකුගේම වත්කම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඉහළ ගොස් තිබෙනවා. මේ අතර "Elon Musk" විසින් "Ford' මෝටර් රථ සමාගම මිලිදී ගැනීමට සැරසෙන බවට රාවයක් පසුගිය දිනවල පැතිර ගිය නමුත් එය මේ වන විට අසත්‍යක් බවට තහවුරු කොට තිබෙනවා.

    වැඩිදුර තොරතුරු

    💸 Elon Musk’s Net Worth Tops $300 Billion in Wake of Trump Victory​

    💸 Elon Musk's wealth soars past $300 billion as Tesla shares climb on the back of Trump's election win​

    "Tesla' සමාගම

    Market capitalization - 1.031 trillion USD
    Share price - $321.22

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Mama Forbes eka balana danna kale idhan paranama top 10 billionaire set eken Warren buffet and Bill gates ta amatharawa Oracle dial ekath halenne nathuwa kohoma hari top 10 list eka athule ellila innawa.

    Issara 80, 90 billion level ekata aweth henama slow eke bill gates, Warren buffetla ehema. Sahena kaalayak giya.

    Ekata dan 100, 150, 200, 300 billion levels pass kale ehe harila mehe hareddi wage 🤣
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    Mama Forbes eka balana danna kale idhan paranama top 10 billionaire set eken Warren buffet and Bill gates ta amatharawa Oracle dial ekath halenne nathuwa kohoma hari top 10 list eka athule ellila innawa.

    Issara 100 billion level ekata aweth henama slow eke bill gates, Warren buffetla ehema. Sahena kalayak giya.
    Ekata dan 200 billion 300 billion ehe harila mehe hareddi pass karala 🤣
    "Bernard Arnault" නම් පහුගිය මාසෙ දෙකේ සෑහෙන පල්ලෙහාට බැස්සා ලිස්ට් එකේ. පොර එකට හිටියෙ නැත්නම්.

    libs in shambles
    they were going to boycott his tesla, ouch

    ------ Post added on Nov 10, 2024 at 2:41 PM
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    "Bernard Arnault" නම් පහුගිය මාසෙ දෙකේ සෑහෙන පල්ලෙහාට බැස්සා ලිස්ට් එකේ. පොර එකට හිටියෙ නැත්නම්.
    ඔව් Fashion Retail කරන අයට හොද කාලයක් නෙමෙයි වගේ. ඔයිට කලින් Zara owner, Amancio Ortega නොම්බර 1 වෙලා හිටිය ටික කාලයක්. පස්සෙ පල්ලෙහාට ගියා ගියාමයි ආයෙ ටොප් 03 ආවෙ නෑ. දැන් 10 වෙනිය.

    මම ගොඩ කාලෙකින් Real time Forbes Billionaire list එක බැලුවෙ. දෙයියනේ Bill gates, Top 10 list එකෙන් එලියට විසිවෙලා නේත ? 13 වෙනියට වැටිල. පොරගෙ රෙකෝඩ් එකනම් හැබැයි කාටවත් කඩන්න හම්බ වෙන්නෙ නෑ අද කාලෙ. අවුරුදු 20කට ආසන්න කාලයක් නොම්බර 1 හෝ 2ක. ඒකෙනුත් වැඩිම නොම්බර 1ට. 1990 ඉදන් 2023 වෙනකන් Top 10 List එකේ හිටිය.

    මගෙ හිතේ Oracle owner - Larry Ellison පළවෙනි වතාවට Top 03 ඇවිත් තියෙන්නෙ.
    ගොඩක් පරණම අය පල්ලෙහාට විසි වෙද්දි, පොර Top 10 List එකේ ඉන්න පරණම එක්කෙනෙක් විදිහට නොම්බර 02 ට ඇවිල්ල පලවෙනි වතාවට. Great achievement.

    ඔතන නොපෙනෙන දෙයක් තියෙනව. ඔය කවුරු Top 10 හෝ නොම්බර 1 වුනත් එදා ඉදන් ඇත්තටම Wealthiest ම සෙට් එක Walmart Family members ල. ඒගොල්ලන්ගෙ Walmart Wealth එක පවුලෙ අය අතරෙ බෙදිල තියෙන්නෙ. අදටත් හරියට බැලුවොත් Walmart Family එක තමයි Wealthy ම.

    15 Rob Walton & family $103.7 B
    16 Jim Walton & family $102.5 B
    18 Alice Walton $94.9 B
    50 Lukas Walton $36.1 B
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340

    Actually there are more families who controls the economy.Some don't even want to be popular due to nature of business they are doing.Even in SL deep state is made out of these families.I don't want to call out names since i like how it is.Lol