හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්. ඩිලාන් පුතා දාපු මේ සුපිරි අයිඩියා එක මම කාටත් අාස හිතෙන විදිහට ලස්සනට හදලා ගත්තා.
උදාහරණයට ගත්තෙ Ron DeSantis උන්නැහේ Martha's Vineyard එකට migrants ලා 100 ක් යවපු සීන් එක. වැඩේ හිතපු විදිහටම වුණානෙ එ‍්කෙනුත්.

Original idea එකට @dilann ට thanks.
මෙන්න එහෙනම් වර නගලා ලියපු එක.
Fb යන්න කම්මැලි / embed එක පේන් නැති උන්ට.

මේ පින්තූරය බලන්න.
අැමරිකාවෙ මෙක්සිකානු දේශ සීමාව බයිඩන් පාලනය යටතේ විවෘත කිරීමත් එක්ක එ‍් අාසන්නයේ නගර බොහොමයක් අනවසර සංක්‍රමණිකයන් දාස් ගණන් පැමිණීම නිසා ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. හැබැයි තීන්දු තීරණ ගන්න ඉහළ පෙළේ අය ඉන්න ප්‍රදේශවල ගැටලුවක් නොතිබුණු නිසා කවුරුත් එයාලාගෙ ඉල්ලීම්, දුක් ගැනවිලි ගැන අැහුවෙ නෑ. එ‍් වෙනුවට සංක්‍රමණිකයන්ට "මානුෂිකව සලකන්න, ඔවුන්ට ඉන්න තමන්ගෙ ගෙවත්තෙ ඉඩ වෙන් කරන්න" කියල තමයි ලොකු ලොකු අය කවුරුත් කිව්වෙ.
හැබැයි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අාණ්ඩුකාර ඩිසැන්ටිස් මහතා එ‍්කට අපූරු පිළියමක් කරා. එ‍් තමයි බස් කීපයක දාලා සංක්‍රමණිකයන් සීයක විතර පිරිසක් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා අැතුළු ඩිමොක්‍රැට් පක්ෂයේ දේශපාලන, ව්‍යාපාරික ප්‍රබලයන් බොහොමයකගෙ සුපිරි නිවාස තියෙන ප්‍රදේශයකට ගිහින් අැරලවීම. එ‍් හරහා ඔවුන්ට තමන් අනුන්ට කරන්න කියල කියන දේවල් තමන්ම කරලා පෙන්නන්න අවස්ථාවක් ලැබුණා.
හැබැයි ඩිමොක්‍රැට් පක්ෂ ප්‍රබලයන් සංක්‍රමණිකයන්ට මානුෂිකව ඉන්න තමන්ගෙ සුවිසල් ගෙවතුවල ඉඩ වෙන් කරේ නෑ. අාරක්ෂක සේනාංක ගෙන්වලා ඔවුන්ව පැයකින් ඉවත් කරලා දැම්මා. අනිත් නගරවල සංක්‍රමණිකයන් දාස් ගණන් ඉඳලා අැති කරන ප්‍රශ්නය එයාලට හොඳට තේරෙන්න එ‍්ක අපූරු ක්‍රමයක් වුණා.
එ‍් විතරක් නෙවෙයි, දේශ සීමාවට විතරක් සීමා වෙලා තිබ්බ නිසා ලොකු ලොකු උදවිය වැඩිය ගණන් නොගත්ත, ලිබරල් මාධ්‍යවලින් හංගන්න උත්සාහ කරන ප්‍රශ්නය මුළු රටේම කතාබහට ලක් වුණා. අන්තිමේ බයිඩන් පාලනය පවා සංක්‍රමණිකයන් පැමිණීම පාලනය කරන්න පියවර ගත්තා.
ඉතින් රිලා ප්‍රශ්නය විසඳන්නත් මේකෙන් අපිට හොඳ පාඩමක් ගන්න පුළුවන්. කොළඹ සීතල කාමරවල ඉන්න අයට තාම මේක දුර පළාතක තියෙන ප්‍රශ්නයක් විතරයි. පරිසරවේදීන්ටත් මානුෂිකව බලන්න අාස හිතෙන්නෙ එ‍්ක පිට පළාතක තියෙන ප්‍රශ්නයක් නිසා.
ඉතින් රිලා ප්‍රශ්නයෙන් බැට කන ප්‍රදේශවල ජනතාවට තියෙන හොඳ විසඳුමක් තමයි ඔය කරුමයක් වුණ රිලව් ටිකක් අල්ලලා, ඔය මානුෂිකව සලකන්න කියන උදවියගෙ, ලොකු ලොකු අැමතිලාගෙ ගෙවල්වලට ගෙනිහින් අත අරින එක. අන්න එතකොට බලන්න පුළුවන් එයාලා රිළවුන්ට මානුෂිකව සළකන හැටි.
ප්‍රශ්නය තමාගෙ නොවන තාක් දෙන දාර්ශනික විසඳුම් රෝල් කරලා කොහෙ හරි ගහගෙන හරි හමන් විසඳුමක් දෙන්න එතකොට එයාලා පියවර ගනියි.
උදාහරණයට ගත්තෙ Ron DeSantis උන්නැහේ Martha's Vineyard එකට migrants ලා 100 ක් යවපු සීන් එක. වැඩේ හිතපු විදිහටම වුණානෙ එ‍්කෙනුත්.
අඩෝ ගමේ උන්ට රිලව් 50ක් විතර අල්ලලා ලොරියක දාගෙන ඇවිත් කොලබට ගෙනල්ලා අත අරින්න වගේ අයිඩියා එකක් දුන්නොත් කොහොමද .![]()

නරක නෑ