TSUNAMI 20 YEARS - jeewithe amathaka nowana dawasak

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,279
    3,556
    113
    Maligawatta
    ado tsunami ewilla avurudhu 20 adhata, 2004 kiyanne mang AL karana kale
    mang 99n berune, edha Galle yanna bus ekata negga, dehiwala hariye radio eke kiyanawa Galle wala muhudhu wathura rata ethulata enawa kiyala, Moratuwa koralawella hariyen yanokota muhudha ne (winadi 15-20k parakkuwela othanin aawanam baba hambenawa), kohomahari wadduwa hariyata yanakota minissu duwanawa paara dige, bus eka wadduwen ethul paarakata dhaala kalutara wenakam giya, eeta passe bus ekata yanna dunnehe, eeta passe kalutara nendhala gedhara giya, issara handphone nehe, landline weda kare ne, gedarata inform karanna beri una, ammala hithala matath badu hambela ethi kiyala, kohomahari dawas dekak giya gedarata inform karanna mang innawa kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,327
    72,141

    අපෙ ගෙදරට 100m දුර වගේ තමා වතුර නැවතුනෙ. ඒත් අපිත් ගෙදරින් ගියා, ගියෙත් කාගෙද ලොරියක. නැවතිලා හිටියෙ මලගෙදරක, මල බතට ගෙනාපුවා උයන් කැවා කට්ටියම (ගමේ ගොඩක් උන් හිටියෙ එහෙ). ගෑනු/වයසක අයට නිදගන්න දීලා මායි යාලුවො 2තුන් දෙනෙකුයි පාරේ නිදාගත්තා. දවස් 3 4ක්ට පස්සෙ ගෙදර ගියා. අම්මගෙ නංගි නැති වෙලා තිබ්බා පැරෑලියේ. ඒ මලගෙදරටත් ගියා. සුනාමියෙන් පස්සෙ ගොඩක් උන්ට පලාත එපා වෙලා තිබ්බෙ. යාලුවන්ගෙ ගෙවල් අස් කරන්න උදව් උනා. කැරිම මූසල ක්මක තිබ්බේ ඒ දවස්වල.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    628
    205
    43
    ado tsunami ewilla avurudhu 20 adhata, 2004 kiyanne mang AL karana kale
    mang 99n berune, edha Galle yanna bus ekata negga, dehiwala hariye radio eke kiyanawa Galle wala muhudhu wathura rata ethulata enawa kiyala, Moratuwa koralawella hariyen yanokota muhudha ne (winadi 15-20k parakkuwela othanin aawanam baba hambenawa), kohomahari wadduwa hariyata yanakota minissu duwanawa paara dige, bus eka wadduwen ethul paarakata dhaala kalutara wenakam giya, eeta passe bus ekata yanna dunnehe, eeta passe kalutara nendhala gedhara giya, issara handphone nehe, landline weda kare ne, gedarata inform karanna beri una, ammala hithala matath badu hambela ethi kiyala, kohomahari dawas dekak giya gedarata inform karanna mang innawa kiyala
    Mama ol kare 2004 👍
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,572
    113
    Somewhere in this world
    අපි ගෝල් රෝඩ් එකේ එන්න ඉදල එදා උදේ එන්නෙ නැතුව කලින් දවසෙ රෑ ආව ගමේ ඉදල අපි එන්න හිටපු වෙලාවෙ ආවනං අහුවෙනව අපිවත් අදුරන අය පවුල් පිටින් ගියා මූසලම දවසක්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,726
    5,672
    113
    උබ කොහෙද බන් නූලෙන් බේරිලා තියෙන්නේ? අර එකෙක් දාලා තිබ්බේ පාස්කු බෝම්බයේ වෙලාවේ බස් ඒකේ එද්දි චෙක් කරලා මරණ බය දැනුණා කියලා. අන්න නූලෙන් බේරිලි.

    ඒ කාලේ ඇත්තටම පට්ටම අවුල් ඔය වගේ එකක් උනාම. මොකුත් නැහැ විස්තරයක් දැනගන්න. අපිත් කුරුණෑගල ට්‍රිප් එකක් ගිහින් හිටියේ හවස මුහුද ගොඩ ගලලා කියලා රේඩියෝ ඒකේ කිව්වා. මොකෙක්වත් මොකද්ද උනේ කියලා දන්නේ නැහැ හරියට. දවස් ගානක් ගියා හරි හමන් විස්තරයක් දැන ගන්න මිනිස්සු ගැන.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    සුනාමියෙන් දිවි අහිමි වූ සහ විපතට පත් සැමට උත්තමාචාර...

    George C Scott America GIF by 20th Century Fox Home Entertainment
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,414
    8,558
    113
    අපිනම් ඉතිං රට ඇතුලේ.. මැච් එක බල බල ඉන්නකොට සිරසේ දැම්ම මුහුද ගොඩට ඇවිත් ගාල්ල මාතර පැත්තේ කියල...
    10-11 වගේ වෙනකොට නිවුස් අවා දෙන්න තුන්දෙනා මැරිලා කියලා.. හවස් වෙනකොට තම ඔක්කොම චැනල් වල සින් එක හරියට පෙන්නුවේ...
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,740
    3,169
    113
    සුනාමියෙන් පස්සේ සති 2ක් විතරම කරාපිටියේ හොස්පිටල් එක, ගාල්ලේ ටවුන් එකේ මිනී කුණු ගඳයි. ගොඩක් මිනී කරාපිටියෙ හොස්පිටල් එකේ දාලා තිබ්බා පවුලේ අයට ඇවිත් අඳුරගෙන ඕන නම් ගෙනිහින් අවසන් කටයුතු කරන්න.

    ඒ දවස් වල සමහරු මිනී බලන්න ඇවිත් රත්තරන් මාල. මුදු දාපු මිනිස්සු නෑදෑයෝ කියලා බොරුවට මිනී ලඟ අඬලා රත්තරන් බඩු, පර්ස් අරන් ගිහින් තිබ්බා. ගොඩක් මල මිනී අඳුරගන්නත් අමාරුයි ඉදිමිලා විරූප වෙලා තිබ්බේ. ඒ දවස් වල අපි අඳුරන මේසන් බාස් කෙනෙක් හිටියා සුනාමියට අහුවෙලා මැරුණ. හොඳට සල්ලි තියන පොරක්. මිනිහගෙ මල මිනියේ තිබ්බ රත්තරන් බඩුත් අරගෙන තිබුණලු. නෑදෑයෝ එන්න කලින් සෙට් එකක් ඇවිල්ල රත්තරන් බඩු, පර්ස් අරන් ගිහින්. නෑදෑයෝ එනකොට මිනිය ඉදිමුම නිසා මුදු දාලා තිබ්බ ඇඟිලි සෙට් එක කපල මුදු ටික අරන් තිබ්බ කියලා නෑදෑයෙක් කිව්වේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle

    ටවුමේ බෝක්කු අස්සේ කුණු අලෙ මිනි ගත්ත සති ගානක් යනකම්. පහුවෙලා ගත්ත මිනි ගොඩක් ඉදිමිලා හරක් වගේ මහත වෙලා තිබ්බේ.
     
    • Sad
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,740
    3,169
    113
    ටවුමේ බෝක්කු අස්සේ කුණු අලෙ මිනි ගත්ත සති ගානක් යනකම්. පහුවෙලා ගත්ත මිනි ගොඩක් ඉදිමිලා හරක් වගේ මහත වෙලා තිබ්බේ.
    ඔව්. මිනී සෙට් එකක් ගෙනල්ල ආගමික චාරිත්‍ර කරලා සමූහ මිනී වලක වල දැම්මා කුරුඳුවත්තේ කටුපොල් කෑල්ලෙ. ඕක බලන්න මම ගියා. වල දාපු පැත්තේ ඉඳන් කිලෝමීටරයක් විතර දුරට ගඳයි. ඒ තරමට මිනී කුණු වෙලා තිබ්බේ. ටිපර් වලින් ගෙනාපු මිනී උස්සලා වලට අතෑරපු එක කළේ. එක මිනියක් තිබ්බා වෘෂන කෝෂ බෑග් එකක් වගේ ඉදිමුන. වලේ තිබුණ තව මිනියක බඩ ඉදිමිලා ඒක උඩට එක මිනියක් වැටුන හැටියේ බඩ පැළුනා. ගොඩක් මිනී දියවෙලා තිබුණේ. මිනී ඇදපු මිනිස්සු නම් කිව්වේ සමහර මිනී ඇදලා ගනිද්දි කෑලි කැඩිලා ආවේ කියලා.