රෝහින්ග්‍යා තම්බි යලි මියන්මාරයට පිටුවහල් කරන්න එපා - මුජිබුර් රහුමාන් ගෙන් අනුරට ලිපියක්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    muji-letter.jpg


    2025 ජනවාරි 04
    ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා
    ජනාධිපති ලේකම් කාර්යාලය
    කොළඹ 01

    අතිගරු ජනාධිපතිතුමනි,
    රෝහින්ග්‍යා යුද අනාථයන් මියන්මාරයට පිටුවහල් නොකරන ලෙස ඉල්ලීමයි

    මුලතිව් මුහුදේ අතරමං ව සිටිය දී ධීවරයන් විසින් දෙසැම්බර් 19 දා බේරාගෙන රජයට බාර දීමෙන් පසු දැන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින රෝහින්ග්‍යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය අපේ බලවත් කම්පාවට හේතු වෙයි. යුද බියෙන් ජීවිත බේරාගැනීමට පලා යන මෙම අසරණයන් 103 දෙනා අතර දරු දැරියන් 40 කට වැඩි සංඛ්‍යාවක් ඉන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනය කර ඇත. ඔවුන්ගේ අපේක්ෂාව ආරක්ෂිත රටක දේශපාලන රැකවරණය ලබා ගැනීමයි.

    මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් ජනමාධ්‍යයට ප්‍රකාශ කර ඇති පරිදි රජයේ සැලසුම ඔවුන් මියන්මාරයටම පිටුවහල් කිරීමයි. ඔවුන්ගේ නම් ලැයිස්තු ඒ ආණ්ඩුවටම ලබා දී ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ. එය මේ සෑම දෙනාගේම පමණක් නොව මියන්මාරයේ වෙසෙන ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ද ජීවිත පවා අනතුරේ හෙලීමක් බව අපගේ දැඩි විශ්වාසය යි. එපමණක් නොව ඔවුන් මියන්මාරයට යැවීම යම් රටක දී අනතුරකට ගොදුරු වීමේ අවදානමක් ද සහිත පුද්ගලයන් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව එම රටටම ආපසු යැවීමෙන් වැළකී සිටීමේ (Non Refoulement) ජාත්‍යන්තර නෛතික මූලධර්මයට ද හරස්ව යාමකි. ඔබතුමාගේ පාලන කාලය තුල මෙරටට ඇතුළු වූ මුල්ම සරණාගත පිරිස ඔවුන් පැමිණි රටේ මාර මුඛයට යැවීමෙන් ලෝකයා හමුවේ අපේ රටට අත් වන්නේ කැළලකි.

    ජාතිවාදී ගැටුම්වලින් ගලා ගිය ලෙයින් තෙත් වූ දේශයක ජනතාව ඒ ඉරණමින් ගලවා නොගෙන, දැන දැනම අනතුරේ හෙලීම ජාතිවාදී ගැටුම්වලින් පීඩාවට පත්වූ මේ දේශය සුවපත් කිරීමට පාර්ලිමේන්තුවේ මංගල දේශනයෙන් පොරොන්දු දුන් රාජ්‍ය නායකයා වන ඔබතුමාට තරම් නොවේ. දශක කිහිපයක් යටිබිම්ගත දේශපාලනයක සැඟවෙන්නට බල කෙරුණු පක්ෂයක නායකයා වන ඔබතුමා රාජ්‍ය මර්දනයේ තරම කටුක අත්දැකීමෙන්ම දනී.

    එමනිසා, ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින රෝහින්ග්‍යාවරුන් පිරිස තමන්ගේ සුරක්ෂිත භාවය සහතික කරන තවත් රටකට යනතුරු මියන්මාරයට පිටුවහල් නොකර තව දුරටත් අපේ රට තුලම ඔවුන්ගේ සුබ සිද්ධිය සලසා දී, මානව හිමිකම් සුරකින, අසරණයන්ට සරණ වන ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරයේ අසිරිය ලොවට විදහා දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා මෙන් උදක්ම ඉල්ලා සිටිමි. ඒ සද්ක්‍රියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවල පමණක් නොව විපක්ෂයේ ද සහාය ඔබතුමාර ලැබෙනු ඇති බව අපේ විශ්වාසය යි.

    ස්තූතියි

    මෙයට
    මුජිබුර් රහුමාන්

    පාර්ලිමේන්තු මන්ත්‍රී
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    පුතාණෝ දින්නනම් සැප නේහ් 🙃
    අනිවාර්යෙන්. ඌ දින්නනම් කන්න ටික හරි තියනවා

    දැන් හාල් නෑ. ඉස්සරහට ලුණු කැඳත් නෑ තොපිට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රෝහින්‍යා සරණාගතයින් ඇතුලු මෙරටට පැමිණ සිටින සියලු සරණාගතයින් සඳහා පැමිණිමේ දොරටු විවෘත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව අනාවරණය වී තිබේ. 2005 වසරේදී එක්සත් ජාතීන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව එම සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන සරණාගතයින්ට රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇත.

    මේ බව අනාවරණය වූයේ අමාත්‍ය චම්පික රණවක සිදුකල පැහැදිලි කිරීමකදීය.

    කෙසේ වුවද විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්ය අනුමැතිය අත්‍යාවශ්‍ය බව චම්පික රණවක අමාත්‍යවරයා පවසයි. මියන්මාර සරණාගතයින් පසුගිය අප්‍රේල් මාසයේ සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ ක්‍රියාදාමයකට අනුව බවත්, ඔවුන්ට එසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට බලයක් හිමිව ඇත්තේ 2005. 12. 07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවයක් මත බවද ඇමති චම්පික පවසයි.


    - http://harigossip.com/2017/09/27/මහින්ද-රාජපක්ෂ-රෝහින්‍යා/

    මියන්මාරයේ රෝහින්ග්‍යා ප‍්‍රශ්නය මියන්මාරයට භාරදෙමු. අපේ ප‍්‍රශ්න අපි විසඳා ගනිමු. අපේ රටතුළ කිසිඳු විදේශියෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නැහැ.

    විදේශිකයෙකු හෝ විදේශ සරණාගතයෙකු ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට නම් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිතුමාගේ අනිවාර්යය අනුමැතිය අත්‍යාවශ්‍යයි. මේ දිනවල කතාබහට ලක්ව තිබෙන මියන්මාරයේ රෝහින්ග්‍යා අනාතයින්ට ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදීමට එවැනි අවසරයක් වෙනුවෙන් ලක් රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිඳු එකඟතාවයක් නැතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

    මියන්මාර සරණාගතයින් පසුගිය අපේ‍්‍රල් සිට මෙරට රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ කි‍්‍රයාදාමයකට අනුවයි. ඔවුන්ට එසේ හෝ ශ‍්‍රී ලංකාවේ රැඳී සිටීමට බලය පැවරුනේ 2005.12.07 වන දින එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග ඇතිකර ගත් එකඟතාවය මතයි. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන්ට විවිධ රටවලින් පැමිණෙන අනාතයින් සම්බන්ධව ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයා කිරීමේ බලය පැවරිණ. 2008 සහ 2012 වසර වලදී මියන්මාර අනාතයින් මෙරටට පැමිණ ඇති බවට වර්තා ඇත. එමෙන්ම 2013 වසරේදී පකිස්ථානයේ කි‍්‍රස්තියානි අනාතයින් 1,000 ක් මෙරටට පැමිණ ඇති අතර දැනටත් ඔවුන් මීගමුව ප‍්‍රදේශයේ රැඳී සීටි. ඔවුන්ව ද වහාම සුදුසු රටකට යැවිය යුතු බව ඇමති චම්පික පවසයි. තවද 2008 වසරේ මෙරටට පැමිණි සරණාගතයින් ආපසු මෙරටින් ගියේ 2012 වසරේදී ය.

    මියන්මාරයේ රොහින්ග්‍යා සරණාගතයින්ට ශ‍්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවට විවිධ මත සමාජගත කරමින් බෞද්ධ ජනයා කුපිත කිරීමට ඇතැම් දේශපාල අනාතයින් සහ විවිධ සංවිධාන ගෙනයන කි‍්‍රයාදාමය පිළිකුලින් හෙලා දකිනවා. බෞද්ධ හෝ ඉස්ලාම් හෝ වේවා මියන්මාරයේ ප‍්‍රශ්නය ලංකාවේ උද්ඝෝෂණ බවට පත්කර ගැනීම හෙලා දකින බවත්, අන්රටවල ප‍්‍රශ්නවලට අපි මැදිහත්විය යුතු නැති බවත්, ඇමති චම්පික පෙන්වා දෙයි. මියන්මාරයේ මුස්ලිම්වරුන්ට සිදුවන අපරාධවලට යමෙක් උද්ඝෝෂණය කරනවා නම් ඒ අය පකිස්ථානයේ සහ ඊජිප්තුවේ කි‍්‍රස්තියානින්ට එරෙහි ඝාතන පිළිබඳවත්, බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධයින්ට එරෙහි ඝාතන පිළිබඳවත් සාකච්ඡා කළ යුතුය.

    පසුගියදා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ඉන්දීය ආරක්‍ෂක අංශ විධිමත්ව පැවසූවේ ආරාබියේ ඇතැම් අන්තවාදීන්ගේ අරමුදල් රෝහින්ග්‍යා මුස්ලිම් අන්තවාදීන් අතට පත්වන බවයි. තවද රෝහින්ග්‍යා ප‍්‍රදේශයේ ජීවත් වූ හින්දු ජාතිකයින් 45 දෙනෙකුගේ මල සිරුරු සමූහ මිනී වලකින් හමු වී ඇති බවයි. දැනට ඉන්දීය දේශ සීමාවේ සිටින 40,000 ක් පමණ වන රෝහින්ග්‍යා පිරිස් වෙත ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරෙහිව එරට ආරක්‍ෂක අංශය ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දැක්වීය. තවද ඊට සම්බන්ධ බංග්ලාදේශ බලගතු ත‍්‍රස්ත නායකයෙක් වන රහමන් ඇතුළු තිදෙනෙක් ඉන්දීය ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් වගකීම වන්නේ මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින් වහාම වෙනත් රටකට භාරදීමට කටයුතු කිරීමයි. ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය මෙම පිරිස් ශ‍්‍රී ලංකාවේ පිරිස් සමග මිශ‍්‍ර කිරීමට දරණ උත්සාහය වහාම වැලැක්විය යුතු බවයි. මුහුදේ අතරමං වී සිටින දරුවන්, කාන්තාවන් ආදී පිරිස් ගලවාගැනීමට කවරෙකු හෝ එරෙහිවනවා නම් එය අපගේ මනුෂ්‍යත්වයට කරන නිගාවකි. විශේෂයෙන්ම බෞද්ධ ධර්මයට එරෙහිව කරන නිගාවකි. ශ‍්‍රී ලංකාවේ ලක්‍ෂ 18 ක පමණ පිරිසක් වෙනත් රටවල ජීවත් වන්නේ ඒ හැම පිරිසකටම ඒ ඒ රටවල යම් නීත්‍යානුකූළ භාවයක් ලබාදී ඇති තත්වයකදී ය.

    කෙසේ වෙතත් ඉස්ලාමීය සරණාගතයින්ට බටහිර රටවල බරපතල විරෝධයක් ඇති බවට පසුගිය ප‍්‍රංශ හා ජර්මන් මැතිවරණ වලදී ඉස්මතු විය. අන්ත දක්ෂිණාංශ පක්ෂවලට ලැබූ විශාල ජනවරමෙන් එය ඔප්පු විය.

    මියන්මාරයේ රෝහින්ග්‍යා ප‍්‍රශ්නය මියන්මාරයට භාරදෙමු. අපේ ප‍්‍රශ්න අපි විසඳා ගනිමු. අපේ රටතුළ කිසිඳු විදේශිකයෙකුට, විදේශීය සරණාගතයෙකුට නවාතැන් පහසුකමක් මානුෂීය හේතුන් මත වෙනත් රටකට යනතෙක් ලබාදෙනවා මිස ස්ථිර පුරවැසි භාවයක් ලබාදීමට කිසිඳු තීරණයක් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය ලබාගෙන නැතැයි ඇමති චම්පික රණවක වැඩිදුරටත් අවධාරණය කර සිටී.


    -

    rohi.jpg


    - http://www.ada.lk/article/279846/2008-සිට-රොහින්ග්‍යා-සරණාගතයින්-ලංකාවට-ආවා

    News article on 11 July 2014:

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.


    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html

    Government එකක් ඉතින් UN එක්ක ගහල තියන agreement අනුව වැඩ කරන්න සිද්ද වෙනවනේ. සුපුරුදු ලෙස මේවා පටන් ගත්ත කාලේ මහින්ද UNHCR ගිවිසුම් ගහපු කාලේ කටයි පු*යි වහගෙන හිටපු බය්යෝ දැන් ලෝක විනාසේ උනා වගේ දගලන්න කෑගහන්න පටන්ගෙන .
    ඇයි බන් ඒම ?
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,825
    113
    අනිවාර්යෙන්. ඌ දින්නනම් කන්න ටික හරි තියනවා

    දැන් හාල් නෑ. ඉස්සරහට ලුණු කැඳත් නෑ තොපිට

    අනේ පලයං නිකන් බොරු පච ගහන්නේ නැතුව..පුතාණෝ දින්නනම් කන්න වෙන්නේ බෝම්බ තමා😂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විල්පත්තුවේ පදිංචි කරවයි. මිට කලින් ආපු එවුන්ටත් එහෙම කරේ

    පානදුරේ එපාට්මන්ට් වල ඉඳලා ඉස්කෝලෙ ගිහිනුත් තිබුනේ, මහින්ද මහත්තයාට පින්සිද්ද වෙන්න
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනිවාර්යෙන්. ඌ දින්නනම් කන්න ටික හරි තියනවා

    දැන් හාල් නෑ. ඉස්සරහට ලුණු කැඳත් නෑ තොපිට

    dinanna tharan konda pana nethi ponanyek, amuma amu pissek
     
    Last edited: