මම අවු 29ක කොල්ලෙක්. දැන් බැදලා මාස 5ක් වගේ වෙන්නෙ. අපි දෙන්නා හොදට ආදරෙන් හිටියා. මම බදින්න කලින් ඉඩමක් අරගෙන ගෙදරින් බාගයක් හදාගත්තා පුලුවන් විදිහට ඉන්න. කාමර 4කට විතර ප්ලෑන් කරත් දැනට ඉවර කරගෙන තියෙන්නෙ සාලෙයි, කුස්සියයි, කාමරේකුයි, බාත්රූම් එකයි විතරයි. අපි මාස 4ක් විතර හොදට හිටියා. ඊට පස්සෙ එයාලාගෙ මහ ගෙදර ගියපු දවසක එයාගෙ බල්ලව අරන් එන්න ඕනෙ කිව්වා. මම ඉතිං හා කිව්වා. විරුද්ධ වෙන්න දෙයක් නෙමේනෙ. මූ අපි නිදාගන්න ඇදෙත් එක්ක නිදාගන්නවා. වයිෆ් කැමති නෑ කාමරෙන් එළවනවටවත්. මට බල්ලා නිදාගන්න නිසා ඇදේ නිදාගන්න හිතෙන්නෙ නෑ. එයා කියන්නෙ ඌ එහෙම තමයි ගෙදර හැදිලා තියෙන්නෙ කියලා. මට තේරෙනවා. ඒත් මට බල්ලෙක් නිදාගන්න ඇදක නිදාගන්න බෑ. මට සෑහෙන්න අවුල් ඒක. එයා ඒක තේරුම් ගන්නෙ නැතුව ඒක ඒච්චර හිතන්න දෙයක් නෙමේ කිය කිය මාත් එක්ක රණ්ඩු කරනවා. මම සති කීපයක්ම පැදුරක් දාගෙන සාලෙ නිදාගත්තෙ. මට කෑ ගහනවා. බල්ලට සැර කරොත් එහෙම මාව මරාගෙන කන්න හදනවා. මට බනිනවා. පුදුම මානුශිකකමක්නෙ මේක. මට නම් දැන් මේ කසාදෙම ඇතිවෙලා තියෙන්නෙ. අවුරුදු 4ක් ආදරේ කරලත් මේකිට මාව වටින්නෙ නැද්ද? මට තේ එකක් හදන්න බෑ, මම හදාගන්න ඕනෙ, හැබැයි බල්ලට වෙනම උයලා දෙන්න පුලවන්. ගෙවල් වල හිටියොත් ප්‍රශ්ණ කියලා කලින්ම මගෙම තැනකුත් හදාගෙන, එයාව මගෙ කරගන්න මෙච්චර දෙයක් කරලා, එයාට බල්ලව ඇදෙන් එලවන්න බෑ. මම බල්ලන්ට අකමැතිව නෙමේ. මමත් බල්ලො හදාගෙන තියෙනවා. ඒවුනාට කාමරේ අස්සෙ දාගෙන, උන් එක්ක බුදියගෙන නෑ. මට දැන් හිතලා තියෙන්නෙ බල්ලත් එක්කම වයිෆ්වත් ගෙදර ගිහින් දාලා එන්න. මේක මල කෝලමක් වුනානෙ. මොකක්ද මේකට කරන්නෙ?
