කැබිනට් මාධ්‍ය හමුව සීමා කෙරේ..මින් පසු අනවශ්‍ය ප්‍රශ්ණ බෑ..මාධ්‍යවේදී හැඳුනුම්පත අනිවාර්්‍යයි..🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,536
    47,741
    113
    සතිපතා පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුව යම් යම් සීමා පැනවීමට රජයේ අවධානය යොමු වී තිබේ.

    අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉදිරියේදී මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති අය පමණක් කැබිනට් මාධ්‍ය හමුවට සම්බන්ධ කරගැනීමට අවධානය යොමු වී ඇති බවයි.

    තමන් කැබිනට් මාධ්‍ය හමුවට පැමිණෙන්නේ කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීන්දු තීරණ දැනුම්දීමට බවද පැවසූ ඔහු ඒවා සම්බන්ධයෙන් පැන නගින ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය වෙනත් ප්‍රශ්න කිහිපයක් පමණක් විමසිය හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    ඒ අනුව ඉදිරියේදී නව ක්‍රියාමාර්ග අනුව කැබිනට් මාධ්‍ය හමුව විධිමත් කිරීමට කටයුතුකරන බවද ඒ මහතා තවදුරටත් කියා සිටියේය..

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,321
    25,118
    113
    tracing Geo-location.. ... ...
    “අනවශ්‍ය අය වාහන ගන්නවා” වගේ සුපිරි කතාවක් තමයි මේක.. 😁

    හිරු ඵකේ උන් තමා ඔතන අැවිත් අනවශ්‍ය මඟුල් අහන්නේ..

    ඔව් බන් එහෙම කොර වෙන ප්‍රශ්න අහන්න ඔට්ටු නෑනේ..
    ------ Post added on Apr 29, 2025 at 6:15 PM
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,623
    16,535
    113
    ඵහෙනම් මීට පස්සේ මුං දෙන්නව විතරක් ගෙන්නගන්න කියපං..🤣

    pyu6ZEB.jpeg