2015-2019 රනිල්ගේ ආණ්ඩුවෙ Railway Efficiency Improvement Project / Colombo Suburban Railway Project: කැලණිවැලි මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස

monson

Well-known member
  • May 7, 2007
    25,454
    28,211
    113
    එදා මෝඩ ගෝඨාව උස්සන් ඇවිල්ලා රට බංකොලොත් කරපු මේ projects වලට කෙලෝපු ඊට පස්සේ වැඩ බැරි පච කයිවාරු අනුරව ගෙනාව ලක්ෂ 69 ගොන්නු ටික නැත්තන් මේ වෙනකොට KV line එකේ Fort - Makumbura MMC අතර elevated double line එකක Electric trains යනවා. එතනින් එහාට Electric trains double line එකක් ground level එකේ

    07nGdld.jpeg

    කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රවේශ අයිතිය තුළ පදිංචිව සිටි අනවසර පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නාවින්නේ සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනවසරයෙන් පදිංවිව සිටි පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකරන ලද කොට්ටාව, මාලපල්ල පර්ල් සිටි රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය අද (06) ජනතා අයිතියට පත් කෙරිණි.

    ඒ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

    මෙහිදී ඉඩම් සහ නිවාස අහිමි වූ පවුල් ඒකක 116ක් සඳහා හිමිකම් පත්‍ර ලබා දීම සිදු කෙරිණි.

    ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණය මහල් 12කින්, නිවාස ඒකක 120 කින් සමන්විත අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 2,175 කි.

    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ සිට මාලපල්ල දුම්රිය ස්ථානය දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු හෙට දිනයේදී ම ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවය.

    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන්, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුබසිංහ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාථ, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති අසංක අබේවර්ධන, දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර, මාගා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ එම්.ජී. කුලරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු රැසක් ද ප්‍රතිලාභී ජනතාව සහ ප්‍රදේශවාසීහු රැසක් ද එක්ව සිටියහ.

    - https://sinhala.adaderana.lk/news/210853

    Kelani Valley Railway Improvement Program Phase 1 / Colombo Suburban Railway Efficiency Improvement Project / Colombo Suburban Railway Project / Railway Electrification

    Colombo Suburban Railway Project​

    https://www.csrp.lk/
    https://www.adb.org/projects/49111-002/main

    Railway Efficiency Improvement Project​

    https://www.adb.org/projects/49111-005/main
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    එදා මෝඩ ගෝඨාව උස්සන් ඇවිල්ලා රට බංකොලොත් කරපු මේ projects වලට කෙලෝපු ඊට පස්සේ වැඩ බැරි පච කයිවාරු අනුරව ගෙනාව ලක්ෂ 69 ගොන්නු ටික නැත්තන් මේ වෙනකොට KV line එකේ Fort - Makumbura MMC අතර elevated double line එකක Electric trains යනවා. එතනින් එහාට Electric trains double line එකක් ground level එකේ

    - https://sinhala.adaderana.lk/news/210853

    Kelani Valley Railway Improvement Program Phase 1 / Colombo Suburban Railway Efficiency Improvement Project / Colombo Suburban Railway Project / Railway Electrification

    Colombo Suburban Railway Project​

    https://www.csrp.lk/
    https://www.adb.org/projects/49111-002/main

    Railway Efficiency Improvement Project​

    https://www.adb.org/projects/49111-005/main
    ඕකට ඕනෙ උස්සපු මාර්ග (Elavated Lines) නෙවෙයි. විශේෂ දුම්රිය තියනවා (Hybrid Trains). ඒවා තමයි ඕනෙ. එතකොට ව්‍යාපෘතියට යන වියදම අඩුයි. මේවා ඉතිං ආර්ථික මහාචාර්ය වරු දන්නේ නෑ.

    • Like
    Reactions: DXB2021