නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තියයි : කාන්තාවක් මරුට - දරුවෙකුට තුවාල

monson

Well-known member
  • May 7, 2007
    25,830
    29,070
    113
    මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අද (22) රාත්‍රී මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 10 හැවිරිදි දරුවෙකු ද ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

    අදාළ දරුවා මියගිය කාන්තාවගේ පුත්‍රයා බව පොලීසිය පැවසුවේය.

    මියගිය 30 හැවිරිදි කාන්තාව මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්ය.

    ඇය මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇප ලබා සිට පැමිණ තිබේ.

    අදාළ කාන්තාව ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටි අතර තුරදී නිවස ආසන්නයේදී වෙඩි වැදීමට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

    වෙඩි තැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් හෝ පිස්තොලයක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පලකරයි.

    - https://sinhala.adaderana.lk/news/212534
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,964
    11,416
    113
    ගැනුන්ට ලම්යින්ට වෙඩි තියන හෙළ චන්ඩි. ආරුගම්බෙ අල්ලනකොට කට්ටිය නිදි. උන්ගෙන් කප්පම් ගන්නෙවත් නැතුව ඇති
     

    Similar threads