🧠 හදිසි අනතුරක් හේතුවෙන් අත්, පා සම්පූණයෙන්ම පාහේ අකර්මණ්‍ය වූ අයෙක්, තවත් පුද්ගලයෙකුගේ අතක් හරහා සංවේදනයන් අත්විදීම සහ චලනයන් සිදු කරන ආකාරය ✋

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    "Keith Thomas" (කීත් තෝමස්) කියන්නෙ, 2020 වසරෙදි සිදුවුණු හදිසි අනතුරකින් සුෂුම්නාවට සිදුවුණු හානි නිසා අත්, පා සම්පූර්ණයෙන්ම පණ නැති වෙලා (බෙල්ලෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ම පාහේ අකර්මණ්‍ය වුණු) ආබාධිත තත්ත්වයට පත්වුණු (Quadriplegic) 40 හැවිරිදි ඇමරිකානු ජාතික පුද්ගලයෙකුයි. ඇමරිකාවේ, නිව් යෝර්ක් නගරයේ පිහිටලා තියෙන "Institute of Bioelectronic Medicine at the Feinstein Institutes" කියන විද්‍යායතනයේ පර්යේෂකයන් විසින් නිර්මාණය කරපු කෘතිම බුද්ධි ඇල්ගොරිතමයන් (AI algorithms) මගින් ක්‍රියාත්මක වෙන සුවිශේෂ "Brain Implant" එකක් ඔහුගේ මොළයට බද්ධ කිරීම 2023 වසරෙදි සිදු කරනවා.

    විවිධාකාරයේ හදිසි අනතුරු හේතුවෙන් සුෂුම්නාවට හානිවෙලා අත්, පා සහ ශරීරයේ විවිධ කොටස් අකර්මණ්‍යභාවයට පත්වුණු රෝගීන්ව යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් ක්‍රමවේදයන් සොයන්න මේ විද්‍යාතනය මගින් සිදු කරපු විශේෂ පර්යේෂණ ව්‍යාපෘතියක් මගින් තමයි කීත් තෝමස්ට මේ "Brain Implant" බද්ධ කිරීම සිදු කරේ.

    "Keith Thomas" ට "Brain Implant" එක ප්‍රථමවරට බද්ධ කළ 2023 වසරේ පළ කළ වීඩියෝව සහ ළිපිය

    මුල් අදියරේදී කීත්ට මේ "Brain Implant" එක නිසා අත්වල සංවේදනයන් අත් විදින්න වගේම චලනයන් සිදු කරන්නත් (sensations and movements) යම් ආකාරයක හැකියාව ලැබුණා. කෙසේ නමුත් මේ "Brain Implant" එකේ වැඩිදියුණු කරපු නවතම සංස්කරණය මගින් කීත්ට වෙනත් පුද්ගලයෙකුගේ අතක් හරහා සංවේදනයන් අත්විදින්නත්, චලනයන් සිදු කරන්නත් මේ වෙනකොට හැකියාව හිමිවෙලා තියෙනවා. මේ නවතම පරීක්ෂණයෙදී කීත්, සුෂුම්නාවට සිදුවුණු අනතුරක් මගින් එය අර්ධ වශයෙන් හානියට පත්වීම නිසා දෙඅත් අර්ධ වශයෙන් අකර්මණ්‍ය වෙලා දුර්වලතාවයට පත්වුණු "Kathy Denapoli" කියන 60 හැවිරිදි කාන්තාවගේ දකුණු අත හසුරවන්නත් ඒ අතෙහි සංවේදනයන් අත්විදින්නත් මෙහිදී සමත් වුණා.

    "Keith Thomas" විසින් "Kathy Denapoli" ගේ දකුණත "telepathic brain implant" එක හරහා පාලනය කළ ආකාරය

    brain-implant-trial-l.webp

    මෙහිදී කීත්ගෙ මොළයේ සවිකරපු කරපු සුවිශේෂ ඉලොක්ට්‍රෝඩ හරහා ඔහුගේ මොළයේ සිට පැමිණෙන සංඥාවන් පරිගණකයක් මගින් ග්‍රහණය කරගෙන නැවතත් එම සංඥාවන් "Kathy Denapoli" අතෙහි සවිකර තිබෙන ඉලෙක්ට්‍රෝඩ වෙතට යොමු කිරීම මගින් තමයි මේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ.

    "Avatar' චිත්‍රපටවල පෘථිවි මිනිසුන්, "Naʼvi' ගෝත්‍රික පිටසක්වල ජීවීන්ගේ ශරීරවලට සම්බන්ධවෙලා ඒ ශරීරවල ජීවත්වෙන්න යොදාගන්න තාක්ෂණය සිහිගන්වන මේ සුවිශේෂී "telepathic brain inplant" එක, අනාගතයේදී සුෂුම්නාව සහ මොළයට සිදුවුණු අනතුරු නිසා අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් ආබාධිත වෙලා ඉන්න පුද්ගලයන්ගේ ජීවිත යළි යථා තත්ත්වයට ගන්න ලොකු මෙහෙයක් සිදු කරාවි කියන එක නම් අනිවාර්යයෙන් ම කියන්න පුළුවන්. :)

    ✍️ සටහන: @Stimulus mind ✍️

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    Patta 😍 TFS machan.

    Neuralink un initial stage eke try karanneth me wage disabilities fix karanna neda?
    ඔව්, Neuralink එකෙත් අරමුණ ඕකම තමයි. :yes: හැබැයි මේ විදිහට quadriplegic patient කෙනෙක්ගෙ මොළෙන් එන brain signals වලින්, තව patient කෙනෙක් අත්, පා කොන්ට්‍රෝල් කරන එක වගේ දෙයක් Neuralink ලා තාම කරා ද කියන එක නම් හරියටම දන්නෙ නෑ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,838
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Thinking Comics GIF by VeeFriends

    ඔය සිග්නල් රෙකෝඩ් කරගන්න රී ප්ලේ කරන්න විදිහක් හදන්න ඕන.

    ඊට පස්සෙ පෝන් හදනකොට උන්ට දැනෙන විදිහත් රෙකෝඩ් කරන්න ඕන

    සල්ලි තමයි
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,159
    6,285
    113
    ඔය spinal cord damage වුනු හා මොළයට හනි වුනු අයට මාරම ගැටලු තියනව damage එක වුනු තැන අනුව, ඒවා අපිට පේන්නෙ නෑ හිතන්නත් බෑ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,349
    1,592
    113
    If I am that badly injured, I would refuse treatment as I do not want to be a burden to others and waste the Taxpayer money on me

    End of Life Law in Australia

    Withholding and withdrawing life-sustaining treatment for adults, and guardianship law

    Can an adult with capacity refuse life-sustaining treatment?

    Yes. A fundamental principle of health law is an adult’s right to decide what is or is not done to their bodies. This includes the right to consent to or refuse medical treatment. An adult who has capacity can choose to refuse medical treatment even if failure to receive treatment will result in death.
     
    In our country, due to lack of proper treatment, attention, and many other weaknesses, people are dying who would not die in such a situation in a developed country.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    අඩේ මාර වැඩක් නේ එක නම්..

    අර ආර්ථික ගාතකයාගේ මොලේට දාන චිප් එකෙනුත් ඔය වගේ අත පය පන නැති අය හොද කරන්න පුළුවන් කියනවා නේද..
    ------ Post added on Oct 21, 2025 at 3:55 PM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,349
    1,592
    113
    In our country, due to lack of proper treatment, attention, and many other weaknesses, people are dying who would not die in such a situation in a developed country.

    Agree but my point was you can most likely never fully recover, regardless of what treatment you get, so what's the point of such a substandard life?

    In Aus, there's a scheme called NDIS (National Disability Insurance Scheme), which supposed to cost $1 billion per week, to the Taxpayers but I've seen participants cared by support workers from our background, who cannot even eat by themselves.

    Our body was never designed to take such a big impact, externally or internally, without breaking - imagine how a stroke/ heart attack happens

    Also when you grow very old, your body starts giving up, to enable dying, so to let a new human being take your place. When you grow very old, you could end up getting, Dementia, which means you won't even recognise your own family, so what's the point of lengthening the life, at a huge cost to the Taxpayers?
     
    It’s easy to make judgments from the outside, but people facing serious illness often find meaning, strength, and connection in ways we can't imagine. Life doesn’t stop being valuable just because it’s hard and every person deserves the right to choose how they live, not be told when to give up.