සුළිකුණාටුව ගැන සති දෙකකට පෙර කාලගුණ ප්‍රධානියා දෙරණට ඇවිත් කියූ අනාවැකිය

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada


    https://sinhala.adaderana.lk/news/217636


    පසුගිය නොවැම්බර් 12 දින විකාශය වූ දෙරණ බිග් ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා, අද වන විට උද්ගතව ඇති ව්‍යසනකාරී කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනයක් සිදු කළේය.

    එහිදී ඔහු පැවසුවේ, නොවැම්බර් 14 වෙනදායින් පසු වර්ෂාපතන රටාවේ වෙනස්වීමක් සිදුවිය හැකි බවය.

    එහිදී අඩුපීඩන තත්ත්වයක් ඇති විය හැකි බවත්, එය සුළිකුණාටුවක් දක්වා වර්ධනය විය හැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    “අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. ඒ අනුව තමයි ඔය කැළඹෙන ස්වභාවයවල් වෙනස් වෙන්නේ. මේ වන විට අපට පැහැදිලිව පේනවා, ලංකාවට ගිනිකොණ දිසාවෙන්, හැමදාම තියෙන්නේ ඉතිං බෙංගාල බොක්ක, බෙංගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. අප කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවයක් එනකොට තමා, ඒ අවට ඉතුරු ජලවාෂ්ප එතන්ට රැස්වෙන්නේ. එතකොට මේක දැනට අපට හොඳට පේනවා. අපේ වින්ඩ් ෆ්ලෝ එක හොඳට පෙන්නුම් කරනවා. එතකොට මගේ එක්ස්පීරියන්ස් අනුව මට පැහැදිලිව පේනවා, මේක අනුව මොනවා හරි වෙනස් වීමක්, ඩිවලොප්මන්ට් එකක් තියෙනවා. හැබැයි තාම අපිට කියන්න බැහැ ගමන් මාර්ගය කොහාටද කියන එක. හැබැයි ගොඩාක් මේක තියෙන තැන අනුව, අපිට මේකේ වක්‍ර බලපෑම නම්, ලංකාවට තියෙනවා.“

    “එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යයෙන් වෙනවා, ඒක දැනටත් අපි ප්‍රකාශ කළා. 14 (නොවැම්බර්) වෙනිදායින් පස්සේ, මේ හෙට අනිද්දා, හැබැයි 14 ම හරියටම ඕක වෙනවා නොවෙයි, ඒ දින කිහිපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. ඒ කියන්නේ උදේ කාලයේත් වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා, අඳුරු ස්වභාවය, ඒවගේ දේවල් එනවා.“

    “හැබැයි මේක දැන් ක්‍රමක්‍රමයෙන් කැරකෙන ගමන්. එතන්ට මොයිස්චර් එනකොට ක්‍රමක්‍රමයෙන්, මේක කියනවා සෙන්ටර් එක, ඒ සෙන්ටර් එක හරියේ තියෙන ස්පීඩ් එක වැඩිවෙන කොට, අන්න අපි පැහැදිලි කරනවා අඩුපීඩන කලාපයක්. ඊට පස්සේ තවත් ස්පීඩ් එක වැඩිවෙන කොට පීඩන අවපාතය සුළි කුණාටුව බවට පත්වෙනවා. කවදාකවත් සුළි කුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදියට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේක ගමන් මාර්ගයේ චෙක් වෙනවා. වාසනාවට ගොඩාක් වෙලාවට බොහෝදුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ, දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම්, ඉදිරි දින කිහිපය තුළ, මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩුපීඩන කලාප පීඩන අවපාත මට්ටමට යන්න පුළුවන්. සුළි කුණාටු කියන වචනය දැන්මම මම කියන්නේ නැහැ.“

    “හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනවාට වඩා වැඩිවීමක් තියෙනවා. එතකොට මේක ඇවිල්ලා තාවකාලික ප්‍රශ්නයක්. එතකොට මේ සිස්ටම් එක ඉන්දියාවට හරි කොහාට හරි ගියාට පස්සේ ආයේ නෝමල් තත්ත්වයට එනවා, එතකොට අර සුපුරුදු ආකාරයේ සවස් ජාමයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. අපේ අර ප්‍රඩික්ෂන් එක තුළ පේනවා දෙසැම්බර් මාසය තුළත් එච්චර ලොකු වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    වහී කියලා හිතුවා මෙහෙම වහී කියලා හිතුවේ නෑ
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    මේපාර කලින් වගේ සහන ආධාර නෑ ඔය ඔස්තාර් කලින්ම කියලා තියෙන්නේ..ගංවතුර බස්සලා දෙයි ,තියෙන දෙයක් කාලා ඉදපල්ලා.. හදුන් අයියා මඩකලපු ගියා එනකම් ඉදපන්..මිනිහා ඓතිහාසික වැඩක් කරනවා එහේ..මල්වතු ඔය හරවලා මඩකලපුවට



    AoWPhyO.jpeg