විදේශ සංචිත පහළට! තාම රනිල් හදලා ගිය ඩොලර් බිලියන 6 මට්ටමේ!

monson

Well-known member
  • May 7, 2007
    25,451
    28,209
    113
    🤌
    නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙනවා.

    පෙර ලිපියෙහි විස්තර කළ පරිදි, වසරේ පළමු මාස අටක කාලය තුළ අතිරික්තයක්ව පැවති ජංගම ගිණුම් ශේෂය ඉන් පසුව සෘණ අතට හැරී තිබෙනවා. එයින් අදහස් වන්නේ උපයා ඇති ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වැය කර ඇති බවයි.
    ජංගම ගිණුමෙහි හිඟයක් ඇති විට, එම හිඟය පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ ආයෝජන රටට නොපැමිණේනම්, ඒ වෙනුවෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම්, එම හිඟය පියවෙද්දී රටේ විදේශ සංචිත පහත වැටෙනවා. නොවැම්බර් මාසය අවසානයේදී රටට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවත්, එම මාසය තුළද සංචාරක පැමිණීම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිව තිබුණු බැවින්, සංචිත අඩු වීමට හේතුව එම ආපදා තත්ත්වය සේ සලකන්න අසීරුයි. ආපදා තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු වනු ඇත්තේ දෙසැම්බර් මාසය තුළයි.
    පසුගිය මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය අවසානයේදී මහ බැංකු අධිපතිවරයා විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියේ මෙම වසර අවසන් වෙද්දී ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ වැඩිම විදේශ සංචිත ප්‍රමාණය වාර්තා වනු ඇති බවයි. ආර්ථික අර්බුදයෙන් පසුව දැනට වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා වී ඇති පසුගිය මාර්තු මාසය අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,531 දක්වා ඉහළ ගොස් තිබුණු අතර දැන් මට්ටමේ සිට එම මට්ටම දක්වා යාම සඳහා වුවද දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 498ක් එකතු කර ගැනීමට සිදු වෙනවා. එවැන්නක් සිදු වීමේ විභවයක් මේ වෙද්දී පෙනෙන්නට නැහැ.
    මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ පදනම වූයේ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදලයි. එහෙත්, දැන් පවතින තත්ත්වය අනුව, එම වාරිකය මේ වසර තුළ ලැබීමේ ඉඩක් නැහැ.
    ආපදා තත්ත්වය හමුවේ මේ වන විට රජය විසින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කරමින් මෙම වසරේදී යම් ප්‍රමාණයකින් හා ඉදිරි වසර තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය වියදම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙය එම රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනයක් නොවෙතත්, මේ තීරණය හේතුවෙන් මූල්‍ය අරමුදල සමඟ පසුගිය විමර්ශන අවස්ථාවේදී රජය විසින් ඇති කරගත් එකඟතා බිඳී යන බැවින්, රජයට නැවතත් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට සිදු කර අවසන්ව තිබෙන විමර්ශනය නැවතත් මුල සිටම සිදු කරන්නට වෙනවා. අරමුදලේ ඊළඟ වාරිකය ලැබෙනු ඇත්තේ එම සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කර ගැනීමෙන් පසුවයි. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකියි.
    මෙම ආපදාව සිදු වූයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අවපාතයකින් ගොඩ එමින් සිටින අතරයි. එය සිදු වන විටද, ලංකාවට ආර්ථිකය පෙර (2018දී) පැවති මට්ටම දක්වා ප්‍රසාරණය කර ගැනීමට අවම වශයෙන් තවත් වසරක් පමණවත් බලා සිටින්නට සිදු වී තිබුණා. ආපදාව හේතුවෙන් මේ සඳහා වඩා වැඩි කාලයක් ගත විය හැකි අතර, ඒ සඳහා විනාශ වූ ප්‍රාග්ධන සම්පත් නැවත ගොඩ නගා ගත යුතුව තිබෙනවා. ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට නැවත එසැවීම තීරණය වනු ඇත්තේ මෙසේ විනාශ වූ සම්පත් නැවත ගොඩ නැගෙන වේගය අනුවයි. ඒ අතරතුර, ආර්ථික වර්ධනයෙහි කෙටිකාලීන පසුබෑමක් සිදු වන බව පැහැදිලියි.
    ආර්ථිකයෙහි සිදු විය හැකි කෙටිකාලීන පසුබෑම රාජ්‍ය ආදායම් කෙරෙහිද යම් හෝ බලපෑමක් කරනවා. නැවත සිදු කෙරෙන විමර්ශනයකදී මෙය මූල්‍ය අරමුදලේ අවධානයට ලක්වන බව පැහැදිලියි. එක් පසෙකින් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී, අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාම තුළ ස්ථායිකරණ වැඩපිළිවෙලේ පරාමිතීන් අවශ්‍ය පරිදි සීරුමාරු කර ගැනීම තරමක අභියෝගයක්.
    ආපදාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම දේශපාලනිකව හා සමාජයීයව නිවැරදි ප්‍රවේශයක් වුවත්, එහි ආර්ථික බලපෑම වනුයේ සැපයුමෙහි වෙනසක් නොමැතිව ඉල්ලුම ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ එක්කෝ මිල ඉහළ යාම (උද්ධමනය) හරහා මෙම සහන වල මිල සහන නොලබන අය මත පැටවෙනවා. එසේ නැත්නම්, ආනයන ඉහළ යාම හරහා ඉල්ලුම් සැපයුම් වෙනස තුලනය වෙද්දී විදේශ අංශය මත පීඩනය ඉහළ යනවා. බොහෝ විට සිදු විය හැක්කේ මේ දෙකෙහි මිශ්‍රණයක්.
    මෙවැනි වියහැකියාවන් දෙකක් තිබුණත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දේ සඳහා දේශීය ආදේශක නොමැති බැවින් සහන සැලසීමෙහි බලපෑම වැඩිපුරම දැනෙනු ඇත්තේ විදේශ අංශයටයි. සහන ලෙස ලබා දෙන රුපියල් හේතුවෙන් ආනයන ඉල්ලුම ඉහළ යද්දී දැනට පවතින විදේශ අංශයේ තුලනයද වෙනස් වෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්වී තිබෙනවා.

    #ඉකොනොමැට්ටා #economatta #v10econ



    වැටිලා තිබ්බ රට රනිල් කඩාකප්පල් කුහක ජෙප්පෝන්ගේ බාධා කිරීම් මද ගොඩ අරන් දුන්නට පස්සේ social media campaign, ඩොබි tv channel වලින් උස්සල ආපු වැඩ බැරි හිස් චරිත කරපු කිසිම වැඩක් නැහැ එතනින් ඉස්සරහට ගෙනියන්න. තාම foreign reserves රනිල් යනකොට තිබ්බ 6 billion usd. ජනාධිපති කෙනෙක් පත් කරන්නේ තියන ඕනෑම පහසුකමක් අරන් රට තිබ්බ තැනින් උඩට ගණන් නැතුව මෙලෝ වැඩක් බැරුව අච්චර ඉතුරු කරා මෙච්චර ඉතුරු කලා කියන හිඟන job එකක් නෙමෙයි. එකනේ තක්කඩි ජෙප්පෝ ගෝටා ගෙන් පස්සේ උන් රට බාර ගත්තා වගේ රනිල් කරපු ඒවාට credit එක ගන්න පච අනුරගේ ඉඳන් මාලිමා පාපිස්ස දක්වා පච කෙලින්නේ. :lol:

    6XAxvTj.jpeg



     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,447
    12,368
    113
    35
    Spain
    ගංවතුර අස්සෙත් බංකොළොත් පොන්නප්පු පිම්බීමේ අසාර්ථක වෑයම දිගටම. 🙈😂
    අසාර්ථක කම් කෙසේ වෙතත් උඹලගේ එකා පිනුම් ගහන්නේ රනිලා හදල ගියපු ආර්ථිකය උඩ තමයි කියල ඔය පේන්න තියෙන්නේ. එහෙම නැත්නම් මොකක් හරි ආර්ථික දර්ශකයකින් ප්‍රගතියක් පේන්න එපයි. එහෙම මොකුත් නෑ.
    එත් කොටා ගේ වාසනාවට කුණාටුවක් ආව, රටෙන් බාගයක් වැනසුන. දැන් විදේශ ආධාර එක්ක ලබන අවුරුද්දේ ඉඳිකිරීම් ක්ෂේත්‍රය වගේ යම් යම් ක්ෂේත්‍ර වල එහෙම හොඳ වර්ධනයක් පෙන්වන්නත්, හිකවෙලා ගියත් නිදහසට කාරණයක් එහෙමත් ලැබෙනවා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    දැන් ඩොලර් එකක් දෙකක් අඩු උන ගමන් ඇයි උබ thread දාන්නෙ, ඩොලර් නැති වෙලා පොලිම් අවාම ආයෙ උබලගෙ සියට එන්න පුලුවන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,297
    86,517
    113
    ආශ්චර්යමත් රටක
    අසාර්ථක කම් කෙසේ වෙතත් උඹලගේ එකා පිනුම් ගහන්නේ රනිලා හදල ගියපු ආර්ථිකය උඩ තමයි කියල ඔය පේන්න තියෙන්නේ. එහෙම නැත්නම් මොකක් හරි ආර්ථික දර්ශකයකින් ප්‍රගතියක් පේන්න එපයි. එහෙම මොකුත් නෑ.
    එත් කොටා ගේ වාසනාවට කුණාටුවක් ආව, රටෙන් බාගයක් වැනසුන. දැන් විදේශ ආධාර එක්ක ලබන අවුරුද්දේ ඉඳිකිරීම් ක්ෂේත්‍රය වගේ යම් යම් ක්ෂේත්‍ර වල එහෙම හොඳ වර්ධනයක් පෙන්වන්නත්, හිකවෙලා ගියත් නිදහසට කාරණයක් එහෙමත් ලැබෙනවා.


    😹😹😹

    බංකොළොත් පොන්සියා බංකොළොත් කරල ගියපු රටේ තමයි පිනුම් ගහන්න වෙලා තියෙන්නෙ.

    කාලකණ්ණියො අවුරුදු 50ක් බලේ ඉඳලා බංකොළොත් කරලා, ණය සාගරයක්(සී-ලෝන්) කරල ගියේ නැත්තං අද රට කොහොම තැනක තියෙන්න ඕනද.
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    441
    444
    63
    thorathuru copy paste kale apiwa denuwath karannada ? api ethakota den moko karanna one. Sajith da ? Namal da ? Ranil da ? kelinma kiyapan
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,064
    20,644
    113
    හස්තිශෛලපුර
    තනි දමනියා මාකට් කරන්න බෑ කියන එක ඇයි බන් උබලට තෙරෙන්නෙ නැත්තේ? උබලා ගිලෙන්න යන මිනිහා පිඩුරු ගහෙත් එල්ලෙන සීන් එකක් මට නම් පෙන්නේ..

    හරි හමන් මිනිහෙක් විපක්ශෙන් ආවෙ නැත්තම් රටම ඉවරයි.. නූගත් සජියට නම් ශොට් එක හම්බෙයි.. නැමොලයා වගෙ නූගත් මැටි මොලෙක්ට ආයේ ලක්ශ 69 ගෝටගේ චන්ද ටික හරෙන්නෙ නැ කොහොමත්..

    මිනිස්සුන්ට ඔප්ශන් එකක් නෑ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,451
    28,209
    113
    සීයගේ කාලේ තරම් දියුණුවක් නැද්ද දැන්?
    මෝඩ ජෙප්පන්ට කඩේ යන්න කලින් හිතන්න තිබ්බා. දැන් කෙඳිරි ගාලා වැඩක් නැහැ :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,252
    113
    😹😹😹

    බංකොළොත් පොන්සියා බංකොළොත් කරල ගියපු රටේ තමයි පිනුම් ගහන්න වෙලා තියෙන්නෙ.

    කාලකණ්ණියො අවුරුදු 50ක් බලේ ඉඳලා බංකොළොත් කරලා, ණය සාගරයක්(සී-ලෝන්) කරල ගියේ නැත්තං අද රට කොහොම තැනක තියෙන්න ඕනද.
    👆👆කුඹුරේ නගුලේ ගැටගහන්න ඕන එකාව කවුද හුත්තො ඔසී යැව්වෙ 🤭🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,447
    12,368
    113
    35
    Spain
    😹😹😹

    බංකොළොත් පොන්සියා බංකොළොත් කරල ගියපු රටේ තමයි පිනුම් ගහන්න වෙලා තියෙන්නෙ.

    කාලකණ්ණියො අවුරුදු 50ක් බලේ ඉඳලා බංකොළොත් කරලා, ණය සාගරයක්(සී-ලෝන්) කරල ගියේ නැත්තං අද රට කොහොම තැනක තියෙන්න ඕනද.
    පකෝ පාර්ලිමේන්තුව කැඳවල දිට්වා කියන එක වෙනස් කරපන් "කොටාගේ වාසනාව" කියල. ජප්පොන්ට කමිකාසේ කොටාට මේක!
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    එකට කමක නැ! සල්ලි ප්‍රින්ට් කරල හරි ගන්වතුරට ගිය උන්ට බෙදනවා! නැත්නම් ලපකොටා ආයෙ චන්දෙ ඉල්ලල ඉවරයි!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,320
    113
    අනේ බන් මේ කටයි පුකයි වහන් නිදාගනින්. හැමදාම ඇවිල්ල බයිල ගහනව මේකෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,492
    72,692
    113
    මාලඹේ
    කාලකණ්ණියො අවුරුදු 50ක් බලේ ඉඳලා බංකොළොත් කරලා, ණය සාගරයක්(සී-ලෝන්) කරල ගියේ නැත්තං අද රට කොහොම තැනක තියෙන්න ඕනද.
    අනුර ණය බර අඩු කර ද මචං?
    එහෙනම් ඒ කියකින් ද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,451
    28,209
    113
    එකට කමක නැ! සල්ලි ප්‍රින්ට් කරල හරි ගන්වතුරට ගිය උන්ට බෙදනවා! නැත්නම් ලපකොටා ආයෙ චන්දෙ ඉල්ලල ඉවරයි!
    :lol:

     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads