හොරණ නගර සභාව තුල ඇති ඔරලෝසුවේ වේලාව විනාඩි 5 ක් වැඩිකර වන්චනික හා නින්දිත අන්දමින් අය වැය සම්මත කරගැනීමට අද NPP එක සමත් විය.
අයවැව සදහා බහුතර බලය නොමැති බව දැන ගෙන එක් වරක් පරාජය වී ඇති පසුබිමක NPP මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් අද දින මෙය සම්මත කරගනිනා ලදී.
විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව ආරම්භයට නියමිතව තිබූ පෙ. ව. 10.00 සභාව තුලට පැමිනෙනවිට 9.55 අයවැය සම්මතකර පලක පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්බයෙන් පිටව ගියේ ලේඛම් වරියගේද ආශිර්වාදය ඇතුවය.
න්‍යාය පත්‍රයට අනුව පෙ. ව. 10.00 සබහව රැස්වීමට නියමිතව ඇති අතර ආගම සිහි කිරීම, මියගිය සියලු මන්ත්‍රීවරුන් සිහිකිරීම පසුව ගිය විශේෂ මහ සභාවේ සභා වර්තාව සංශෝධනය කර ඒ සදහා කරුනු ඉදිරිපත්කර වාර්තාව සම්මත කිරීමෙන් අනතුරුව අයවැය දෙවනිවර කියවා සම්මත කිරීමට නියමිතව තිබුනද ආගමවත් සිහි නොකර විනාඩි 3 වැනි කෙටි කාලයක් තුල අයවැය වංචනිකව සම්මතකර කරගෙන ඇත.
වංචනික කටයුතු කිරීමේදී ආගම සිහි කිරීම හෘද ශාක්ෂියට එකග නොවන නිසා එය එසේ සිදු කලා යැයි සිතිය හැකි මුත් න්‍යාය පත්‍රය පසෙකලා කිසිම සදාචාරයක් නොමැති දේශපාලන කඳවුරක අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට මෙලෙස කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍යයට මුණ බලා කෙළ ගැසීමකි. මේ සෙල්ලම් තාවකාලික පැලස්ටර් බව වටහාගෙන මෙම ක්‍රීඩාවන්හි යෙදීම නුවණට හුරු වනු ඇත.
මෙම වසලයන්ගේ යථාර්ථය අප ජනතාවට හෙළි කරන දවස දුර ඈතක නැත.. එතෙක් සතුටෙන් සිටින්න
