ගම්පහ ඔස්මන්ගේ Father චිත්‍රපටය 🎥🎬

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura

    ගම්පහ ඔස්මන් නැත්තම් රියල්(හිතහොද) චන්ඩියා..

    මේ ඔහුගේ කථාවයි..මේක දැක්කම හිතුණු එක දෙයක් තමා අදකාලේ චණ්ඩි නෑ..අද කාලෙ ඉන්නේ තුට්ටු දෙකේ පාතාලයෝ..කොහෙ හරි රටක හැංගිලා ඉන්න ගමන් ඉස්කෝලේන් අවුට් වෙච්ච එකෙක්ව කු*,අයිස් ටිකක් දීලා ඌව මත් කරවලා ලක්ශ 05,10ක් දීලා මොකෙක්ව හරි පෙන්නලා ඌට වැඩේ දීපන් කියලා පස්සේ කියවන චණ්ඩි තමා දැන් ඉන්නේ..

    ඇත්තටම මන් අපෙ තාත්තාගෙන් පොඩි කාලේ ඉදලම අහලා තිබුණේ කොළඹ චන්ඩි ගැන..සොත්ති උපාලි,මහවත්තේ ලෝකයා,මහවත්තේ රම්බෝ,නාවල නිහාල්,තුම්මුල්ලේ පද්මෙලා ගැන තාත්තා ඉස්සර කිව්වේ ඒ අය ඔක්කොම අපේ ප්‍රදේශ වල ඇවිදන් යන්න පුලුවන් දුර නිසාත් තාත්තාලගෙ කොල්ලා කාලේ නිතරම ඇහුණු දැකුණු නම් නිසාත්...දෙරණේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍ය යද්දි තාත්තා හරිම කැමැත්තෙන් මාවත් ලග තියන් ඔය චරිත ගැන,ඇත්ත සිදුවීම් ඔක්කොම කියලා තියෙනවා..

    හැබයි මේ ගම්පහ ඔස්මන් ගැන ඇත්තකෙන්ම මන් හාංකවිසියක්වත් අහලා නෑ ලොකුවට..ෆිල්ම් එකක් එනවා මෙන්න මේක ඇත්ත ස්ටොරියක් කිව්වම පොඩි කුතුහලයක් ආවා බලන්න..ඒ වගේම කාස්ට් එක දැක්කමයි ට්‍රේලර් එක ආවමයි ඊටපස්සේ ඒ ට්‍රේලර් කට් එකේ වඩා හොදටත් නිකන් කොල්ලො එඩිට් කරලා ශෙයා කරපු ක්ලිප් වලින් තවත් කුතුහලය වැඩි උනා ඒක බලන්න..කෝමත් කනිශ්ක කියන්නේ මගේ ෆේවරිට් ලිස්ට් එකේ ඉන්න නිසා කෝමත් මේක සුපිරියට ඇති කියලා හිතුනා..

    මේකේ මේ මනුස්සය තාම ඉන්නවා කියලා දැනගත්තේ ටිකක් පසුවට..ඒකෙන් මන් තවත් පොඩ්ඩක් අන්දුන් උනා..මොකද අර මන් කලින් කිව්ව ගිනිඅවි සහ ගිනි කෙලි චරිත මේ ලෝකෙන් සමු අරන්..එතකොට මන් බැලුවේ තාමත් ඉන්න මනුස්සයෙක් ගැන කෝමද ඒම ගැන්ග්ස්ටර් ස්ටොරියක් ගහන්නේ කියලා..

    අන්න ඒ කුතුහලය නිසාම මන් මේ මනුස්සයා ගැන හොයන්නම ගියේ නෑ.මන් හිතන් හිටියේ ඇවිල්ලම හොයනවා කියලා..ඇත්තටම චිත්‍රපටයක් බලලා දේවල් හොයන්න තරම් අපි කාලය යොදවනවා කියන්නෙම ඒක සුපිරියි..මේකත් ඒ වගේ...

    මේකේ චරිත වලට ජේශ්ට,නවක,නැගී එන වශයෙන් විවිධාකාර නලු නිලි කොට්ටාසයක් හිටියත් ඒ එකම චරිතයක්වත් එකිනෙකාට කිසිම වෙලාවක දෙවනි උනේ නම් නෑ.හැම චරිතයක්ම තමන්ගේ ඇගට කාවද්දෙගන රගපාපු බවක් තමා පේන්න තිබ්බේ..ඒ ගැන ආයේ කවර කතාද..ඩිරෙක්ටර් මහත්මයාට මෙච්චර පර්ෆෙක්ට් කාස්ට් එකක් කෝමද ඔලුවට ආවේ..😍

    ෆිල්ම් එකේ මුල මැද අග ස්ක්‍රීන් ප්ලේ එක ක්ලියර්..අවුලක් නෑ..කැමරාකරණය සුපිරියි..අතීත ජවනිකා වල සුළු දෙයක් පවා අපිව ඒ කාලේ අතීතයට අරන් යන විදියේ දේවල් තිබ්බා..සිගරට් එකේ ඉදන් ඒක පත්තු කරන සිගරට් පෙට්ටිය,ලියුම් මහත්තයා ලියන පෑනේ ඉදන්ම හොදට හිතලා ඒ පරණ ෆීලින් එකට උපරිම සාධාරණයක් කරලා තියෙනවා..පිටරටක උනත් සමහර පරණ කාලවල් වල සීන්ස් ශූට් කරද්දි බැක් ග්‍රවුන්ඩ් එකෙන් අලුත් වාහනයක් හරි කැප්චර් වෙල නෝන්ඩි උනු අවස්තා තියෙනවා..මේකේ මටනම් කිසි දෙයක් ඒම නෝට් උනේ නෑ.

    මේකේ ක්ලයිමැක්ස් එක ආරම්භ වෙන්නේ වවුල් කැලේ සිද්දියෙන්..ඒක සම්පූර්ණ සීන් එකම මට පසුකම්පනයක් ඇති වෙයි කියලා හිතුනේ නෑ..නෝමල් ගැන්ග්ස්ටර් ෆිල්ම් එකක් වෙලා වීරයා දිනනකන් බලන් හිටපු ඕඩියන්ස් එකව විනාඩි 10/15 කට අධ්‍යක්ශකතුම වෙනම ලෝකෙකට අරන් ගියා..ඒ විනාඩි 10/15 බලන් ඉන්න අපිටත් මාරාන්තිකයි..ෆිල්ම් එකේ හොදම ටික ඇත්තටම ඒ ටික...ඒ කොටසේ බිමල් ගේ රංගනය සහ පසුතල සියල්ල පරිපූර්ණයි..අපේ රටේ අදුරු ඉතිහාස කොටස් කීපයක් චිත්‍රපටයෙන් පෙන්නලා තිබ්බා..මිනිස්සු නිහඩ වෙලා ඒ ටික බලන් හිටියා..මොකද true story එකක තියෙන අමාරු වැඩේ ඕක..මෙහෙම දේවල් ඇත්තට උනා නේද..කියලා හිතද්දි පොඩ්ඩක් අවුල් යනවා..

    මෙතන ඔස්මන්ගේ තරුණ කම,ආවේග ශීලි බව,ඔස්මන්ගේ පලායාම,ඔස්මන්ගෙ නැගි සිටීම,ඔස්මන්ගේ පාලනය පැතිරීම,ඔස්මන්ගේ බලය වගේ විවිධ කාලපරිච්ඡේද වල පැතිකඩ කීපයක් අපිට බොහොම ඉක්මනින් පෙන්වනවා...

    මේකට ලියන්න ගියොත් කියවන්න එපා වෙනකන් ලියන්න පුලුවන්..ඔයාලටත් එපා වේවී..මේකට නන් දෙසින් ඔල්වරසන්,අප්පුඩි එනවා..

    හැබයි මට පොඩි අඩුපාඩු තැන් කීපයක් තියෙනවා..ඒක මගේ පෞද්ගලික අඩුපාඩුවක් වෙන්න ඇති..මන් මේ වගේ ස්ටොරි වලට මාර ආසයි..ඒ කියන්නේ සාමාන්‍ය විදියට ඉදලා සමාජය විසින්ම නිකන් ඉන්න මනුස්සයෙක්ව නීතිය අතට ගන්න තැනට ගේන ඒවා..නිතරම දෙමළ ෆිල්ම් බලන කෙනෙක් විදියට මට මේක "වඩ චෙන්නයි","පුදුපේට්ට" ලෙවල් එකට බලාපොරොත්තු උනා..අන්න ඒ නිසා..

    ඔස්මන්ගෙ පළමු ගොදුර(ට්‍රාන්ස්ෆෝමේශන් එක මීට වඩා හොදට කරන්න තිබ්බා කියලා හිතුනා..ඒ කියන්නේ ඒක තත්පර ගානකින් ඉවර කරපු එක ලොකු අවුලක්)

    ඒ වගේම රසම රස කෑමකට ලුණු පොඩ්ඩක් මදි උනා වගේ හැගීමක් ආවේ මේකේ මියුසික් වලට,බැක් ග්‍රවුන්ඩ් ස්කෝ එකට..ඉන්න පුටුවෙන් නැගිටලා,විසිල් එකක් ගස්සන්න රගපෑම,අධ්‍යක්ශණය වගේම සංගීතයක් එකට එකක් නොඅඩුව තියෙන්න ඕනේ..අපේ රටෙ ඉන්න මියුසීශයන්සා දැන් අප්ඩේට් වෙන්න ඕනේ පසුබිම් ගීත විතරක් නැතිව හෝල් එකක මාස් ක්‍රවුඩ් එකක් අල්ලගන්න විදියේ සංගීතත් කරන්න..

    මේකේ Goosebumps moment ගොඩක් තිබ්බත් ඒවා ක්ශණික ආවාගියා ගතියකුත් සහ සංගීතය මදි නිසාත් හරියටම එන්ජෝයි කරන්න බැරි උනාදො කියලා හිතුණා..මේක මගේ පෞද්ගලික මතයක් වෙන්නත් පුලුවන්...

    හැබයි චාමරගේ සිංදුව පට්ටයි..ඒක ප්ලේස් කරන තැන් ටිකත් මරු...සමහර වෙලාවට ඒ සිංදුව අපිව හිස් අවකාශයකට ගෙනියනවා..End එකේදීත් ඒක ප්ලෙස් කරපු විදිය මරු...

    මේකට god කෑල්ල අයින් කරලා father කියලා විතරක් දාන්නත් හේතුව අධ්‍යක්ශවරයත් අන්තිමට ඔස්මන්ගෙන් අහනවා..

    "මේකම නෙමෙ නේද යුක්තිය කියලා"

    සෞම්‍ය නැත්තම් වයසක ඔස්මන් කියනව ඒනම් ඔයාගේ චිත්‍රපටයෙන් යුක්තිය හරි විදියට පෙන්වන්නකෝ කියලා..

    මොකද ඔස්මන් කියන විදියට අපි ඉන්නේ හීනෙක..ඒ හීනේ දෙයියා අපි නෙමේ..❤️🔥

    මේකනම් අනිවාරෙන් ආයෙත් නැරඹිය හැකි චිත්‍රපටයක්..

    මේ වගේ කතා ඕනේ තරම් රටේ තියෙනවා..මේකෙන් නතර නොවී මේ වගේ ෆිල්ම් ටිකක් ගහමු..

    2026 සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් ටිකට කෙලින්නයි යන්නේ ඩෙස්මනුයි යාලුවෝ ටිකයි..

    ✍️ඉශාන් මධුශංක
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,789
    1
    100,183
    113
    33
    Kalutara
    මම දැක්කා අර ධර්මයුද්ධය 2 ෆිල්ම් එකේ ප්‍රිමියර් එකේ හෙන කතා ටිඉකක් කියනවා බලපු උන්. යකෝ පත දෙමල කොපියක් එහෙම පිටින්ම උස්සලා ගහලා ජීවිතේට දැකපු නැති ෆිල්ම් එකක් වගේ හෑලි කියනවා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    මම දැක්කා අර ධර්මයුද්ධය 2 ෆිල්ම් එකේ ප්‍රිමියර් එකේ හෙන කතා ටිඉකක් කියනවා බලපු උන්. යකෝ පත දෙමල කොපියක් එහෙම පිටින්ම උස්සලා ගහලා ජීවිතේට දැකපු නැති ෆිල්ම් එකක් වගේ හෑලි කියනවා.
    හොදයිනේ ඩෝ! හෑලි බල බල හරි ගිහින් ඕවා බලල, හදන උන්ට ඕකෙන් ගානක් අතට එන්න ඕනි! නැත්තම් වෙන්නේ හැමදාම අර හද්ද පරන රජ කතා බල බල ඉන්න. :lol:

    එතකොටවත් හොද ඒවා ටිකක් එලියට ඒවිනේ
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,256
    5,323
    113
    Panadura
    කෙහෙල්බද්දර පද්මෙ | ගණේමුල්ල සංජීව හා පස් පොඩ්ඩා | ඔස්මන් ගුණසේකර හැප්පුන ගම්පහ පාතාල රාජධානිය සමඟ "Father"

    ගම්පහ පිරිසකට සාධාරණ චණ්ඩියෙක් වුනු, තවත් පිරිසකට සුදු ඇඳගෙන ආ කළු චරිතයක් වුනු, තවත් කොටසකට අභියෝගයක් වුනු තවමත් ජීවතුන් අතර සිටින ගම්පහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකරගේ කතාව Father ලෙසින් සිනමාවට,

    ඔස්මන් ගුණසේකර ලංකාව ඇතුලෙ ප්‍රසිද්ධියට පත්වන්නෙ සුප්‍රසිද්ධ වවුල්කැලේ නඩුවත් සමඟින්. කෙසේනමුත් 2000 වසරේදී මෙම නඩුවෙන් නිදහස් වන ඔස්මන් ව්‍යාපාරිකයෙකු ලෙස ගම්පහ නගරය කේන්ද්‍රකරගෙන සිය වැඩකටයුතු ආරම්භ කරනවා සේම ක්‍රමිකව ගම්පහ සිය ව්‍යාපාරික ආධිපත්‍යය පතුරුවනවා,

    එමෙන්ම 70 දශකයේ පාතාලය සම්බන්ධ තවත් චෝදනා එල්ලවූ අයෙක් ගම්පහ නෙවිල් පෙරේරා. එහෙම නැත්නම් කවුරුත් දන්න කෙහෙල්බද්දර පද්මෙ හෙවත් මන්දිනු පද්මසිරිගෙ පියා. නෙවිල් පෙරේරාත් කාලයත් සමඟ මෙම සියලුම චෝදනා වලින් නිදහස්ව ව්‍යාපාරිකයෙක් ලෙස සිය වැඩකටයුතු සාර්තක ලෙස කරගෙන යනවා. ඔහුත් ගම්පහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ යම් චරිතයක් බවට පත් වෙනවා.

    අනෙක් පසින් ගණේමුල්ල සංජීව,පස්පොඩ්ඩා ඇතුලු පිරිස. මොවුන් ගම්පහ නගරය කේන්ද්‍රකරගනිමින් කප්පම් හා මත්ද්‍රව්‍ය වෙළඳාම සිදු කිරීමට උත්සහ කලත් ඔස්මන් ගුණසේකරගේ බලපෑම නිසා එය ව්‍යර්ථ වෙන අතර පාතාලයට එරෙහිව තනි මිනිසෙකු සේ ඉදිරිපත් වීම නිසාම ගම්පහ ව්‍යාපාරිකයන් ඇතුලු අනෙකුත් ජනතාවට ඔස්මන් වීරයෙක් වෙනවා, ඒ වගේම අනිත් පැත්තට සංජීව සාමරත්න නොහොත් ගණේමුල්ල සංජීවට ලොකුම අභියෝගය වෙන්නෙ ගම්පහ ඔස්මන්.

    මේ නිසාම සංජීවගෙ ඝාතන ලයිස්‍තුවට ඔස්මන් ඇතුළත් වෙනවා. එහි ආරම්භය 2007 වසර. ඒ සංජීවගේ හිතවතෙකු වූ කරාටේ අජිත් ඝාතකයා ලෙස යොදාගත් සැලසුමකින්. නමුත් මෙම සැලසුම ව්‍යර්ථ වන අතර අජිත් පොලිස් වෙඩි පහරකින් මිය යනවා, පසු කාලීනව සංජීව බන්ධනාගාර වුවත් කරාටේ අජිත්ට කල නොහැකි වූ දේ කළු අජිත් නැමැත්තා මාර්ගයෙන් සිදු කරවීමට බන්ධනාගාරය තුළ සිටම plan කරන සංජීව කළු අජිත් ලවා ගම්පහ ජා ඇල ප්‍රදේශයේදි ඔස්මන් ගමන් කරනා වාහනයට වෙඩි තැබුවත් එතනදිත් ඔස්මන් හට සිය ජීවිතය බේරාගැනීමට හැකි වන අතර ඔහු සමඟ සිටි වෙනත් ව්‍යාපාරිකයෙකු පමණක් තුවාල ලබනවා,

    කෙහෙල්බද්දර පද්මෙ පවසන ආකාරයට ඔහුගේ කතාව පටන්ගන්නේ මෙන්න මේ ගණේමුල්ල සංජීව ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට දරන සැලැස්මේ අතුරු ප්‍රථිපලයක් ලෙස,

    එනම් පද්මෙගේ පියා නොහොත් ව්‍යාපාරික නෙවිල් පෙරේරා ඝාතනයට ආසන්නතම හේතුව ගම්පහ ඔස්මන් ඝාතන උත්සහයේ වෙඩි ප්‍රහාර අඩංගු cctv දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය සහයෝගය නෙවිල් පෙරේරා විසින් පොලිසියට ලබාදීම. මෙයින් උරණවන ගණේමුල්ල සංජීව හා පස්පොඩ්ඩා ඇතුලු පිරිසගේ ඊළග ඝාතනය නෙවිල් පෙරේරා වන අතර එයට පලිගැනීමේ අරමුණින් මන්දිනු පද්මසිරි පෙරේරා කෙහෙල්බද්දර පද්මෙ ලෙසින් පාතාල ලෝකයට 2018 දී පැමිණෙන අතර පද්මෙගේ මුල් සැලැස්ම ක්‍රියාත්මක වන්නේ පස්පොඩ්ඩා වෙනුවෙන්.

    ඒ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින පද්මේ 2022 දී සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා ඝාතනය කරන්නේ ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී සැලසුම් කරන ලද වෙඩි තැබීමකින්. පද්මෙගේ ඊලඟ තැත යොමුවන්නේ ගම්පහ ඔස්මන්ගේ ප්‍රධාන විරුද්ධකරු මෙන්ම ගම්පහ පාතාලයේ ගෝඩ් ෆාදර් වීමට බලාපොරොත්තුවෙන් සිටි ගනේමුල්ල සංජීව වෙත. සංජීව විසින් සිදුකරන ලද බොහොමයක් ඝාතනයන් සාධාරණ හේතු රහිත ඒවා බව පද්මෙගේ අදහසයි.

    තම පියාගේ ඝාතනයට අවශ්‍ය පලිගැනීම සම්පූර්ණ කරමින් ඉකුත් මාර්තු මස අධිකරණයේ විත්තිකූඩුව තුලදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරන පද්මේ ගම්පහ පාතාලයේ එක පසෙක අණසක පතුරුවා සිටි ප්‍රධාන පුරුක් දෙකම ඉන් ඉවත්කර දමන අතර ඉන් පසුව ගම්පහ බලය ඔස්මන් ගුණසේකර හා කෙහෙල්බද්දර පද්මෙ වෙත බෙදී යනවා. ඉකුත් අප්‍රේල් මස කෙහෙල්බද්දර පද්මෙගේ ඝාතකයෙකු යැයි කියාගත් අයෙකු ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට පැමිණි අතර ඒ අවුරුදු උත්සවයක් ඉලක්ක කරගෙනයි. ඒ හා සම්බන්ධ තවත් සාමාන්‍ය ජන සංහාරයක් වුනත් කෙසේ හෝ ඔස්මන් ඝාතනය විය යුතු බව පද්මෙ විසින් ප්‍රකාශ කල බව ඝාතකයා පවසා ඇති අතර කෙසේ හෝ එම ඝාතන තැත ද ව්‍යර්ථ වී ඇත.

    නමුත් මෙම චෝදනාව බැහැරකරන පද්මේ විසින් පවසන්නේ "ඔස්මන් මාමා වයස 70ක විතර මනුස්සයෙක්, ඔස්මන් මට එච්චර පොරක් නෙවෙයි, පිනක් දහමක් කරන් ඉන්න ඕන මනුස්සයෙක්" යනුවෙන්.

    නමුත් පද්මෙගේ සමීපතමයෙකු වන පස් දේවා ඔස්මන් ඝාතනයේ සැකකරුවෙකු ලෙස මේ වන විටත් අත් අඩංගුවේ සිටින අතර ඔස්මන් ගුණසේකර ඝාතන උත්සහයේ චෝදනාව ඔහුටද ඇත. මෙලෙස වර්තමාන පාතාල ක්‍රියාකාරිත්වයේද අවධානයට ලක්වූ හිතහොඳ චණ්ඩියා යැයි මිනිස්සු පවසන ඔස්මන්ගේ ස්වරූපය මේ සියල්ලටම වඩා වෙනස් බවත් මෑතකාලීනව ගම්පහ පාතාලයේ සිදුවූ ඝාතනයන්හි බළල් හස්‍තයක් ලෙස ඔස්මන් නම් කල හැකි බවත් මුලින් සඳහන් කල පරිදි තවකෙකුගේ මතයයි.

    මෑතකාලීනව ගණේමුල්ල සංජීව හා කෙහෙල්බද්දර පද්මෙ ගෙ උත්සහයන් තුලින් වැලකුණු ඔස්මන් ජීවිත අවධානමෙන් ගැලවුනු ප්‍රථම අවස්ථාවන්ද මේවා නොවේ. මේ චරිත කතාව පාදකකොටගෙන චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ලද Father චිත්‍රපටය තුළ ඝාතන 08ක් අඩංගු වේ.
    මෙය ශාන්ත ගීතදේව ගේ නිෂ්පාදනයක් වන අතර සෞම්‍ය ලියනගේ, දිල්හානි ඒකනායක, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සේවියර් කණිෂ්ක, අකලංක ප්‍රභාෂ්වර, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න ,පූජන දන්දෙණිය, කෝරලගේ සමන්, මනෝජා ප්‍රනාන්දු,සුරාජ් මාපා, සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්,සනත් විමලසිරි ආදී ක්ෂේත්‍රයේ දක්ෂතම ප්‍රවීණ හා නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් චරිත නිරූපණය කිරීමට නියමිතය.

    එමෙන්ම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මෙම මස 05 වනදා නිකුත් කිරීමට නියමිතය.

    මෙරට සමාජයේ ප්‍රසිද්ධ නමුත් කතා කිරීමට බොහොමයක් දෙනා පැකිළෙන මාතෘකාවක් මෙලෙස සිනමාවට නැගීම මෙම වසර ආරම්භයේ සිට ජයග්‍රාහී ලෙස පැමිණෙන සිංහල සිනමා රැල්ලට තවත් බලාපොරොත්තුවක් එක් කරයි නම් මෙයත් අවසානයේ සාර්ථක චිත්‍රපටයක් වනු ඇත

    සටහන - Ashendrie Samarasinghe ✍️
    (මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)
     
    • Like
    Reactions: War Fighter

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,840
    7,769
    113
    පද්මේ කියන්නේ හොඳ එකෙක්..

    ඔස්මන්ට වඩා පොරක් ඇත්තටම..

    ------ Post added on Jan 14, 2026 at 8:34 AM
     
    cowabunga

    Junior member
  • Apr 5, 2025
    71
    95
    18
    මෑතකාලීනව ගණේමුල්ල සංජීව හා කෙහෙල්බද්දර පද්මෙ ගෙ උත්සහයන් තුලින් වැලකුණු ඔස්මන් ජීවිත අවධානමෙන් ගැලවුනු ප්‍රථම අවස්ථාවන්ද මේවා නොවේ. මේ චරිත කතාව පාදකකොටගෙන චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ලද Father චිත්‍රපටය තුළ ඝාතන 08ක් අඩංගු වේ.

    අඩො රිදිතිරෙ වීරයාගෙ රෙද්ද ගැලෙව්වෙ කෞඩ උට්ටො