වරෙන් මහ රෑට හොල්මන් කතාවක් කියවන්න...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,565
    1
    99,767
    113
    33
    Kalutara
    මේ කතාව 100%ක් ඇත්ත කතාවක් කියල ගෙදර අඳුරගෙන ඒ ගෙදර කලින් පදිංචි වෙලා හිටපු උන් කමෙන්ට් කරලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් වලත් තව හොඳ හොඳ කතා තියෙනවා කුලී ගෙවල් වල සිද්ද වෙච්ච.
    “ගෙයක් හොයනකොට මුලින්ම අසල්වැසියන්ගෙන් අහන්න…”
    🏚️
    💔
    👹


    ගෙයක් කියන්නේ බිත්ති, දොරවල්, වහලක් විතරක් කියලා මට හිතෙන්නෙ නෑ... සමහර ගෙවල්… මතක තියෙනවා... සමහර වෙලාවට ඒ මතක අපිව පිළිගන්නෙත් නෑ, නමුත් යන්න දෙන්නෙත් නෑ.

    අපි ඒ ගෙයට ගියේ ලොකු හීනයක් එක්ක. අවුරුදු ගානක් කුලියට පොඩි පොඩි ගෙවල් මාරු වෙලා, අන්තිමට “හරි, මේක තමයි” කියලා හිතෙන ගෙයක්. මාසෙට හැටදාහක්. නිල් පාටින් ලස්සන අලුත් paint. Key Money වැඩිය ගත්තෙත් නෑ. අවුරුදු 1කට ගත්තේ... අයිතිකරුත් හරි සාමකාමී. වැඩිය කතා නෑ, ප්‍රශ්නත් නෑ. “මෙච්චර කාලෙකට කිසිම අවුලක් වෙලා නෑ” කියලා ඒ මනුස්සයා කිව්වා. අපි ඒ වචන විතරයි විශ්වාස කළේ. අසල්වැසියන්ගෙන් අහන්න ගියෙත් නෑ අයිතිකාරයාගේ වචන විශ්වාස කරපු හින්දා...

    පළමු සති දෙක හොඳටම සාමකාමී. ගෙය හරි නිශ්ශබ්දයි. වට පිටාවෙත් කිසිම සද්දයක් නෑ.. අපේ පවුලේ අම්මයි තාත්තයි, ආච්චි සහ පවුලේ එකම පුතා මමයි මගේ බිරිඳයි මගේ අවුරුදු එකේ දුවයි, මගේ ආසම පර්සියන් පූසෝ තුන්දෙනයි.. මේ තමා මගේ ආදරණීය පවුල, මෙච්චර කාලයකට පොඩි පොඩි මුඩුක්කු ගෙවල්වල හිටියත් ඒ තිබ්බ සන්තෝසය මේ ගෙදර වැඩි කල් යන්න කලින්ම නැති වෙලා ගියා..

    තුන්වැනි සතියේ පටන්ගන්නවත් එක්කම එක රෑක, නිදාගෙන ඉන්නකොට, හිතාගන්න බැරි විදිහට හදවතට දැනුණු දෙයක් නිසා මං එක වෙලාවකට හීනෙන් බය වෙලා ඇස් අරිනවා... මගේ පොඩි දුවත් ගෙදරට ආපු දවසේ ඉදන්ම හරියට නිදාගන්නෙත් නෑ කිරි බොන්නෙත් නෑ.. රෑ තිස්සේ අඩන එකමයි වැඩේ... අලුත් තැනකට මාරු වුන නිසා අපි කාටත් හරියට හුරු නැති නිසා මේ වගේ නිස්කලංක පරිසරයක ජීවත් වෙන එක පොඩ්ඩක් හුරු වෙනකං අමාරු ඇති කියලා හිත හදාගෙන හිටියා..

    දවසක් රෑ කාමරේ දොරට කවුරුහරි හුඟාක් හෙමින් තට්ටු කරන හඬක්. තට්ටු කරන්නෙ එළියෙන් නෙවෙයි. ගෙදර ඇතුළින්. සැකයට රෑ ජාමේ දොර ඇරලත් බැලුවා කිසිම කෙනෙක් නෑ. ඒ වෙලාවට පට්ටම මූසලයි පරිසරය මාරම නිහඬයි. නමුත් මං ඒක වැඩිය හිතට ගත්තෙ නෑ...

    නමුත් ඊළඟ සතියේ, එක රෑක, සාලයේ පුටු අදින සද්ද බද්ද එහෙම ඇහෙනවා අම්මලාගේ කාමරෙයි ආච්චිගේ කාමරෙයි සාලෙට පොඩ්ඩක් එහා නිසා එගොලන්ට වැඩිය ඇහෙන්නේ නෑ අපේ කාමරේ සාලයට කිට්ටු නිසා කව්රුහරි දොරට තට්ටු කරත් හරි සාලයේ මොනවහරි සද්දේ නම් හොදට ඇහෙනවා..

    දවසක් රෑ වයිෆ් කුස්සියේ වැඩ ඉවර කරලා සාලයේ ලයිට් off කරපු වෙලාවේ කොණක අඳුරු වෙච්ච shadow එකක් දැක්කා කියලා මට බය වෙලා කිව්වා. ඒක මනුස්සයෙක් වගේද, බිත්තියක් වගේද කියලා හඳුනාගන්න බැරි වුනාලු... එදා එයා දැක්ක දවසේ ඉදන් එක දිගට සනීප නැතුව හිටියේ...

    අපි හදපු සුරතල් පර්සියන් පූසෝන්ගෙත් අමුතු වෙනස්කම් තිබ්බා රෑ අපි නිදාගත්තම අමුතු විදිහකට අඩන්නේ.. කවදාවත් උන් රෑට අඩන්නේ නෑ හොදට නිදාගන්නවා මිසක්.. උන් ගෙදර ඇතුළට ආපු දවසේ ඉඳලා හරි අසහනෙන්. බිත්තිය දිහා බලාගෙන අඬනවා. රෑට එක තැනකට ගිහින් නවතිනවා. එක දවසක උදේ, එක පූසෙක් ලේ වමාරලා මැරිලා. පට්ටම දුකයි... මාසයක් ඇතුළත තවත් එකක් කිසිම හේතුවක් නැතුව.. තුන්වැනි එකා මැරිලා තිබුණේ ගෙදර ඉදිරිපස දොර ළඟ... ඒක දැක්ක මොහොතේ මට හිතාගන්න බැරි භයක්... මාරම දුකක් ගෙදර අයට.. සතුන්ටත් මේ ගෙය හොඳ නෑ නම්, අපිට කොහොමද? අම්මත් බැන බැන හිටියා ගෙවල් මාරු වෙමු ගාලා.. අවුරුද්දක් Agreement නිසා ඉවර කරලම යමු ගාලා තමා හිටියේ බඩු ආයිත් ආයිත් අදින්න බැරි නිසා...

    රෑට රෑට නින්ද අහිමි වෙන්න පටන් ගත්තා... ඇස් පියවුණත් හීන නෙවෙයි. කාමරේ කවුරුහරි ඉන්නවා වගේ දැනීමක්. කරපු බිස්නස් වලත් ලොකු lost එකක් වුනා.. කුලිය ගෙවන්නත් හිර වෙලා හිටියේ.. ආච්චිටත් හොදටෝම අසනීප වුණා.. ප්‍රශ්න ගොඩයි.. ආපු දවසේ ඉදන්ම..

    අවසානයේ අපි අසල්වැසියන්ගෙන් ඇහුවා. කලින් ආපු මුල් දවස්වල එයත් එක්ක කතා කරත් වැඩිය මුහුණ දුන්නේ නෑ අපිට.. එහා ගෙදර අන්කල් පොඩ්ඩක් සැරයි.. ගේ ඇතුලටම වෙලා තමා ඒගොල්ලෝ හිටියේ... පස්සේ ඇන්ටි තමා කිව්වේ කලින්ම මේ ගෙදර අයිතිකාරයාලු හිටියේ ගෑණිත් එක්ක දවසක් පවුලේ රණ්ඩුවක් දූර දිග ගිහින් මිනිහා එළියට ගියපු වෙලාවේ ගිනි තියාගෙන මැරිලා කියලා.. මගේ පපුව ගැහුනා හොදටම... මේ ගැන කිසිම දෙයක් අයිතිකාරයා කිව්වේ නෑ නේ ගාලා.. වයිෆ් මැරුනා විතරයි කිව්වේ කොහොමද වුනේ කියලා වැඩි විස්තර කිව්වේ නෑ.. පස්සේ පස්සේ කුලියට ගොඩක් අය ඇවිත් මාස 6ක් වත් ඉන්නේ නෑලු ගේ දාලා යනවලු..

    අපිත් ගේ අතහැර යන්න හිතුවා වෙන සිදුවීම් එක්ක.. අයිතිකාරයාත් මුකුත්ම කිව්වේ නෑ අපි යනවා කිව්වම key money එකත් දීලා ඉන්නවනම් ඉදපල්ලා නැත්නම් පලයල්ලා කියන තත්වේ තමා ඌ හිටියේ..

    අදත් ඒ ගෙය කුලියට තියෙනවා. “House for Rent” කියලා. මට ඒ board එක දැක්ක හැම වෙලාවකම හිතෙන්නේ එක දෙයක් විතරයි අපි පොඩි මුඩුක්කු ගෙයක හිටියත් හරි සැනසීමෙන් මේ වගේ ලොකු කුලී ලස්සන ගෙවල්වල ඒ නිදහස නෑ කියලා..

    ඒ ගෙදර පින්තූර comment section එකේ දාලා ඇති.. මේක මං දන්න කෙනෙක්ට වුන ඇබැද්දියක්...


    මේ වගේම මරාලයක් අපිටත් හම්බුනා.ලස්සන වුනාට පිටින් විතරයි ගේ ඇතුල පුදුම මූසලයි.ගේ ගැන විස්තර දාන්නම් අපි මුලින් හිටියෙ ඊට පහල පොඩි ගෙදරක ඒකට යද්දිම වගේ රස්සාවත් ලැබුන අඩුපාඩු ප්‍රශ්න සේරම විසඳුනා.වහල කැඩිල වතුර ගලනව රත්නපුරේ කුරැවිට ඒක.

    හදන්නෙත් නෑ හදාගෙන ගාන අඩුකරන්න හැදුවම ඒකත් ඒ ගෑනිට හරියන්නෙ නෑ.මුනුපුරාගෙ ගෙදර ආච්චි තමයි සල්ලි ගන්නෙ.10 උදේ පාන්දර නයිටිය ගහන් කුනු කෙල පෙරන් ගේ දොරකඩ ඉන්නව කුලිය ගන්න.හරිම පෙරේතයි සල්ලි වලට එයාගෙ මහත්තයත් ගුරැකම් කරල මිනිස්සුන්ට වින කරල පන පිටින් බගඉ්දිම පනුවො ගහල මැරැන කියල ගමේ මිනිස්සු කියනව.අර ගෙදර කවුරැත් නෑ.ඒක ඇහුවම මාසක⁣ට 5000කට දෙන්නම් කිව්ව.පහුවදාම බඩු ඇදන් ගියා.රෑට මං තනියම සද්ද බද්ද වැඩි නිතරම.හැදි මුඩි සද්ද දාන් වැටුන.ගිහින් බලද්දි මුකුත් නෑ.පහල ගෙදරකින් ඇහුවම එයාල මුලිනුත් කිව්ව අපිට එහෙට යන්න එපා කියල.

    ගෙදර වයසක තුන් දෙනා නැතිවෙලා මාස 3න් 3ට.දානෙ දෙද්දි තව කෙනෙක් එහෙම පිලිවෙලට.මෙයාල නය වෙලා කඩවලට අන්තිම ⁣කෙනාගෙ දානෙත් නොදී ගෙවල් වහල ගිහින්.ගෑනු කෙනා හවස 6න් පස්සෙ ඉන්න ⁣නෑ.දලු කඩන්න විතරයි එන්නෙත් ඒ ආවමත් මං එයාට තේ හදන්නනඕනෙ එයාගෙ වැඩත් මං ලව්ව කරගන්න බලන්න ගත්ත.ඒක එක කරදරයක්.දිගටම සද්ද ඇහෙන්න ගත්ත,ඉස්සරහ දොර වහල තියන එක දවස් දෙකක් ඇරල දාල තියනව දැක්ක.ඒ කාමරේ යතුර එයාල ගාව බඩු තියන නිසා.දවසක් ඒක ඇරල බඩුත් නෑ කාමරේ හිස්.මං ඔලුව දාල බලන්න ගියා හොරැද කවුද දන්නෙ එක පාරම දඩස් ගාල වැහුන අරින්න හැදුවට ලොකු.

    තව දවසක් කඩහඬවල් ඇහුන දෙන්නෙක් කසුකුසු ගානව.මං දෙපාරක් ඇහුව කවුද කියල ගේ වටේම ගියා 6ට විතර සද්ද නෑ.උයන ගමන් ලිප ලඟ අල තෙල් දානව මං.තාච්චිය බාන්න යද්දිම හුලඟක් එක්කම කවුද කියල පිරිමි කෙනෙක් කන ගාවින් සද්දෙන් කතාකලා.මං ගල්වුනා.තාච්චිය තබිබ දරනුව උඩින්.පහන පත්තු කරල ටෝච් එකත් අරන් එහෙම්ම ගියා පහල අන්කල්ල ගෙදරට.එදා තමයි දන්නෙ එයාලගෙ විස්තරේ හරියටම.පහන තියන්න බෑ රන්ඩු වෙනව එදාට නැත්තන් කරන්ට් එක යනව හරියටම ඒ වෙලිවට.අහල පහල හැම ගෙදරකම ලයිට් මෙහෙට නෑ.පිරිත් දැම්මම වයර් එක ගැලවිල ටීවි එක ඕෆ් වෙලා තිබ්බ දවස් කිපයක්.මං දවාලක දෙයක් දැක්ක.ඔලුවෙ ඉඳන් අලුපාට දුඹුරැ පාට වගේ කඩමලු ඇඳුමක් ඇඳන් කෙනෙක් කුස්සිය පැත්තෙ ඉඳන් එලියට එනව.මං සාලෙ අඬ නින්දෙන් මගෙ කකුල උඩින් පැනල හිමින් එලියට ගියා.මං බෙල්ලත් හරවන් බලන් හිටිය.ඒක කන්ද උඩ අන්තිම ගෙදර එක්කො කන්ද උඩ⁣ෙ යන්න ඕනෙ නැත්තන් පහලට.ටික වෙලාවකින් මං සිහියට ආව එහෙම්ම දිව්ව එලියට කවුරැත් පාරවල් දෙකේම නෑ.හරියටම දවල් 12.

    කලින් දවසක බලු පැටිය දිව එලියට දාන් මැරිල හිටිය ඇසුත් ඇරන්.බැලක් හිටිය පාන්දර 2 වෙදදි උඩු බුරලනව කූඩුව ඇතුලෙම ඉඳන්..ප්‍රෂ්න ගොඩාක් වුනා.අපි එහෙන් ආව.මහ මරැමුස් ගෙවල්
    මේක කුලියට ගත්ත ගෙදරක වෙන සිද්ධියක් නෙවේ.
    එයාලගෙ පවුලෙ අයම කාලෙකට කලින් හදපු ගෙයක සිද්ධියක්.
    ඒ ගෙදර ඉන්න පවුලට නිතරම එකේක අත්භූත දේවල් වෙනවලු. ඒ ගෙදර ඉන්න ගෑණු ළමය රෑට පාඩම් කරනකොට එහෙම පොඩි අවුරුදු 3ක විතර පොඩි පිරිමි ළමයෙක් ඉදන් ඉන්නව දැකල තියෙයිලු. ඒ ගෙදර කවුරුවත් තනියම ඉන්නෑ. නිදාගන්නෙත් හැමෝම එක කාමරේලු බය හින්ද.


    පිරිමි ළමයෙකුයි, තව ලොකු මනුස්සයෙකුයි ඉන්නව දැකල තියෙයි කට්ටිය.. බැලුවම කියල තියෙන්නෙ අවුරුදු 100 කට විතර කලින් ඒ ඉඩමෙ හිටපු අයලු ඒ ඉන්නෙ.
    බාතෲම් එකටවත් තනියම යන්නෙ නෑ. එක්කෙනෙක්ව දොර ගාව එළියෙන් තියලලු බාතෲම් යන්නෙත්. මොකද සමහරදාට කිසිම හේතුවක් නැතුව බාතෲම් එකත් ලොක් වෙලා තියෙනවලු එහෙ..



     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    284
    338
    63
    මේ කතාව 100%ක් ඇත්ත කතාවක් කියල ගෙදර අඳුරගෙන ඒ ගෙදර කලින් පදිංචි වෙලා හිටපු උන් කමෙන්ට් කරලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් වලත් තව හොඳ හොඳ කතා තියෙනවා කුලී ගෙවල් වල සිද්ද වෙච්ච.









    mama fb eke share karapu eka mu meke share karala 👽👽
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,596
    113
    අම්බකිස්ස
    අපේ ගෙවල් පැත්තෙඝ් ගෙයක් තියෙනවා ඔය වගේම. අපි ඉස්කෝලේ යනකාලේ හදලා පදිංචි වුනේ. පස්සේ කුලියට දුන්නේ උනටත් ඉන්න බෑ. දැන් වල් වැදිලා. හයිලෙවල් එකට පයින් යන දුර.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,565
    1
    99,767
    113
    33
    Kalutara
    අපේ ගෙවල් පැත්තෙඝ් ගෙයක් තියෙනවා ඔය වගේම. අපි ඉස්කෝලේ යනකාලේ හදලා පදිංචි වුනේ. පස්සේ කුලියට දුන්නේ උනටත් ඉන්න බෑ. දැන් වල් වැදිලා. හයිලෙවල් එකට පයින් යන දුර.

    හදපු උන්ටත් ඉන්න බැරිද?

    ඔයත් ඉතින් #$%^& හැමිනෙ#වනේ හේෂ්. යකෝ රෙන්ට් එකට ගෙයක් හොයන්න හැදුවා විතරයි :lol: (y)

    මට පින් දීපන්. අවදානමට පෙර සූදානම පෙන්නුවට.
    ------ Post added on Jan 29, 2026 at 11:54 PM
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    අපිත් ඔහොම හොල්මන් තියෙනවා කියලා කියපු ගෙදරක ගේ හදන්න කලින් අවුරුදු 02ක් හිටියා.. මෙලෝ දෙයක් උනේ නෑ.. හැබැයි පට්ට විදියට නයි එනවා.. හැබැයි කාටවත් කරදරයක් උනේ නෑ... :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    මට පින් දීපන්. අවදානමට පෙර සූදානම පෙන්නුවට.
    මේ ටිකෙම පොඩ්ඩක් settle වෙනකන් කොල්ලගෙ school එක හරියෙන් ගෙයක් හොයන් යමු කියලා වදේ, හරිනේ දැන්. මේක පෙන්නුවම ඒ වදෙත් ඉවරයි හැබැයි. :lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,596
    113
    අම්බකිස්ස
    මේක නම් කොහොමත් වල් වැදිලානේ. අනික මෙච්චර පාර අයිනට වෙන්න කොහොමද බන් හදල තියෙන්නේ?
    පාර හැදෙන්න කලින් ගේ හැදුවේ, පාර ඔය ගානට හදනකොට ගෙදර අත ඇරලා.පාර හදන්න ආපු උන් න්න් ටික කාලයක් නතර වෙලා හිටියා ගෙදර.
    ඇත්ත වෙන්නත් පුළුවන් ඉතින් ඒ ගෙදර නම් මූසල පාටයි.


    අමු සොහොනක් වගේ බන් අම්මෝ
    ------ Post added on Jan 30, 2026 at 12:13 AM
    ඔව් ඔතන ලොකු වංගුවක් තියෙන්නේ.එතන දැක්කම මූසලයි. ලොකූ ගහක් තියෙනවා දවල්ටත් කලුවරයි