කථානායකට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්: බලාගෙන ගියාම NPP JVP මාලිමා කියන්නේ නියම හොර තක්කඩි නේ!

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    Sri Lanka Sl GIF
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මාලිමා පාර්ලිමේන්තු කැණිමඩල ගිනි තබයි...
    ඊයෙ ඔහු විසින් කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා..
    ඒ පැමිණිල්ලෙ බරපතල චෝදනා ගොඩයි...
    සමහර චෝදනා හරිම පිලිකුල්, විලිලැජ්ජා සහගතයි..
    පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ, වරෙන් පාර්ලිමේන්තුව වටලලා බලය අල්ලමු කියූ ජවිපෙට සොබා දහම විසින් සිත්පිත් නැති අයුරින් පන්න පන්න දඬුවම් කරමින් ඉන්නවා...
    ඒ චෝදනා නම්....
    📕
    වාහන අවභාවිතය
    කථානායකතුමාගේ පරිහරණය සඳහා උපරිම වශයෙන් නිල වාහන දෙකක් ද, එකී වාහන සඳහා උපරිම ඉන්ධන ලීටර් 900ක් ද විය යුතුය. එහෙත් ඔහු නිල වාහන 03ක් තම භාවිතයට ගනු ලැබේ.
    ඔහු විසින් මෙවන විට ද තමාට නිල වශයෙන් හිමි වාහන දෙකට අමතරව, පාර්ලිමේන්තුව සතු WP NC 4923 දරන වෑන් රථය තම පෞද්ගලික පරිහරණයට භාවිතා කරන අතර, ඉහතින් අනුමත ඉන්ධන දීමනාවන්ට අමතරව මාස 06කට අධික කාලයක් තිස්සේ එකී රථය සඳහා ද ඉන්ධන ලබාගෙන ඇත.
    📕
    iනීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම
    ඉහත i හි සඳහන් පාර්ලිමේන්තු මහ ලේකම්ගේ හා ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛ වලට අනුව කථානායකවරයාට නිල වශයෙන් හිමි වන්නේ උපරිම වාහන දෙකක් හා ඉන්ධන ලීටර් 900ක් වන අතර, වර්තමාන ගරු කථානායක ජගත් වික්‍රමරත්න මහතා එකී තනතුරට පත්වූ 2024.12.17 දින සිට 2025 නොවැම්බර් මස දක්වා ඉහත ඉන්ධන දීමනා වලට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් ලීටර් 568ක පමණ ඉන්ධන දීමනාවක් ලබාගෙන ඇත. .
    ඒ අනුව, අදාළ කාලය සඳහා රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000/-) පමණ මුදලක් පාර්ලිමේන්තු ගිණුමෙන් කිසිදු අනුමැතියකින් තොරව නීති විරෝධී ආකාරයෙන් ලබාගෙන ඇත.
    📕
    පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අවභාවිතය
    ඔහුට පාර්ලිමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය තුළ පෞද්ගලික මාධ්‍ය ඒකකයක් සඳහා නිලධාරීන් අනුමත නොමැති අතර, එහෙත් එතුමා විසින් නීති විරෝධී ආකාරයෙන් පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු කැමරා උපකරණ තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා යොදාගෙන ඇත.
    මෙමගින් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ඔහු විසින් "දූෂණය" නැමැති වරද සිදුකර ඇති බව ඔබගේ අවධානයට යොමු කරමි.
    📕
    නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම ( ඊයා ඕයි....)
    කථානායකවරයා වෙත ආහාර සැපයීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් ඔහුගේ වැටුපෙන් එක අයෙකුට දිවා ආහාර ලබාදීම වෙනුවෙන් අයකරගනු ලබන නිශ්චිත මුදලක් අයකරගනු ලබයි.
    නමුත් ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතා ද ඔහු සමඟ කථානායකවරයා දිවා ආහාර ලබා ගන්නා කාමරයෙන් දිවා ආහාර ලබා ගනු ලැබේ.
    එසේ කථානායකවරයාගේ අමුත්තෙක් වශයෙන් ඔහුගේ දිවා ආහාර ලබා ගන්නා කාමරයේදී දිවා ආහාර ලබා ගන්නා අයෙකු වෙනුවෙන් එක් දිවා ආහාර වේලක් සඳහා රු. 900/-ක මුදල් අයකර ගනු ලැබිය යුතු වුවත් ඒ වෙනුවෙන් චමීර ගාල්ලගේ මහතාගේ වැටුපෙන් අයකරනු ලබනුයේ රු. 150/-ක මුදලක් පමණි.
    ( මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු ආ දවසෙ සිටම ඔවුන්ට තිබූ ලොකුම ප්‍රශ්ණය මේ ආහාර ප්‍රශ්ණයයි. කෑම කා ඔතාගෙනද යනවා යැයි ඔවුන්ට චෝදනා එල්ල විය)
    📕
    නීතිවිරෝධී ලෙස විමර්ශන නිලධාරියෙකු පත්කර ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් මුදල් ගෙවීමට හා ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.
    මීට පෙර ඉහතින් දක්වන පරිදි වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මා කෙරෙහි ඇති කරගත්තා යැයි විශ්වාස කරන ද්වේෂ සහගතභාවය හේතුවෙන් ඔහු විසින් අමාත්‍ය මණ්ඩල තීරණයන්ට හා රජයේ චක්‍රලේඛයන්ට පටහැනිව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව නොමඟ යවමින් විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු වන එස්.කේ. ලියනගේ යන අය මා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නීතිවිරෝධී ආකාරයෙන් පත්කර, ඔහු වෙත රු. 274,975/- ක මුදලක් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවා ඇත.
    ( මේ සම්බන්ධයෙන් අවස්ථාවන් රැසකදීම සමාජ මාධ්‍ය හරහා ඔහුට චෝදනා එල්ල වී ඇත. කතානායකවරයා එනකොට ගමෙන් කැන්දන් ආ කුප්‍රකට PHI මොහුය )
    📕
    නීතිවිරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් භාවිතා කිරීම
    පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ නිල නිවාස ආයතන සංග්‍රහයේ XVIII වැනි පරිච්ඡේදය යටතේ උපලේඛනගත නිල නිවාසයකි. එසේ එකී නිල නිවාසය හිමිව තිබියදී වර්තමාන ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් රාජකාරී හා පෞද්ගලික කටයුතු සඳහා භාවිතා කරමින් ඊට අමතරව නීති විරෝධී ලෙස කොළඹ 04, ලොරිස් පටුමග පිහිටි රජයේ නිල නිවාසයක් 2025 ජනවාරි මස සිට තම නමට වෙන් කරවා ගෙන භාවිතා කරනු ලබයි.
    📕
    තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද තොරතුරු ලබාදීම නීතිවිරෝධී ආකාරයෙන් ප්‍රතික්ෂේප කර තම දූෂණ හා වංචා ක්‍රියාවන් යටපත් කර ගැනීමට උත්සාහ කිරීම
    සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, මාධ්‍ය ඒකකය හා ඔවුන් භාවිතා කරන නිල රථ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇතත්, කථානායකවරයා විසින් එම තොරතුරු ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරීන් වෙත ලිඛිතව නියෝග ලබාදී ඇත.
    📕
    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පරිපාලනයට අනිතික ලෙස මැදිහත්වීම
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65වන වගන්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇති පරිදි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලය පත් කිරීම සඳහා කථානායකවරයාගේ අනුමැතිය ලබාගත යුතු අතර, විනය හා පරිපාලන බලධාරියා පාර්ලිමේන්තු මහ ලේකම් වේ. එහෙත් වර්තමාන කථානායකවරයා එම බලතල අභිබවා නිලධාරීන්ගේ උසස්වීම්, විදේශ ශිෂ්‍යත්ව හා වැටුප් සඳහා නීති විරෝධී ලෙස මැදිහත් වේ.
    මේ ඒ චෝදනා සංක්ෂිප්තවයි... ( සම්පූර්ණ චෝදනා පත්‍රය කමෙන්ටු වල ඇත.. )
    ජනතාව විසින් පාරිශුද්ධත්වයෙ දෙවඟන යැයි සිතා බලයට ගෙන ආ අනුර සහ අනුරගෙ ආණ්ඩුව ලිබර්ටි ප්ලාසා එකේ ජිනා ඇන්ටිටත් වඩා හොඳින් රෙද්ද උස්සමින් ඇත.
    අනුර සහ ඔහුගෙ ආණ්ඩුවෙ කන්‍ය පටලයේ පවිත්‍රත්වයෙ ලේ බ්ංඳුව වෙනුවට එන්නෙ කරගැට කැඩී ගලනා සැරවය...
    කපුවා දේවාලයෙ මළපහ කරමින් ඇත..
    මේ වර්තමාන කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ලැබුණු දෙවෙනි පැමිණිල්ලයි..
    මේ චෝදනා නැගෙන්නෙ මේ රටේ තෙවැනි පුරවැසියාටයි. ඒ නිසා මේ චෝදනා සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකිය..
    මා දකින්නේ මේ චෝදනා වල මුල්‍ය අවභාවිතයට වඩා ඇත්තෙ සදාචාරාසම්පන්න බවේ ප්‍රශ්ණයකි. තමන්ගෙ පෞද්ගලික චර්යාවන් සහ අභිලාෂයන් වෙනුවෙන් රටේ සම්පත් අවභාවිතා කිරීම ලැජ්ජා සහගතය..
    අනුර සහ ආණ්ඩුව දැන්වත් ඔවුන්ගේ නොහැකියාව තේරුම් ගෙන ලැජ්ජාවක් තියෙනවා නම් ජනතාව පාරට බැද එලවන්නට පෙර පුටුවෙන් බැස යා යුතුය..
    නිලන්ත සත්සර ගමගේ
    ✍️


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    බෝ පැල කීවට මුන් හද්ද වල් ගස් නේ .. වල්නාශක ගහන්න වෙනවා ..🤌🤌

    කතානායකට පක්සයක් නෑ.
    ඔහු කරන වැරදි වලට ආන්ඩව පලි නෑ
    නෑ නෑ ඔය පාරේ ගිය එකෙක්වනේ අල්ලාගෙන කතානායක කරේ ..🤌🤌
    ------ Post added on Feb 3, 2026 at 9:05 AM
     

    Similar threads