ඇමැතිලා දෙන්නෙක්ගේ මුණු දාලා හොර වටිට්ස් ඇප් ගිණුම් හදන් සල්ලි ගරපු භික්ෂුවක් අල්ලයි
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලකගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ වටිස් ඇප් ගිණුම් නිර්මාණය කර මුදල් රැස් කළ බවට චෝදනා එල්ල වී ඇති හිමි නමක් පෙරේදා(17) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර 21 හැවිරිදි භික්ෂුව මුරුතලාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ළමුන් සඳහා පාසල් උපකරණ මිලදී ගැනීමට කරන ඉල්ලීම් ලෙසට වංචනික සකස් කළ ලිපි කිහිපයක් හිමිනම සතුව තිබූ බව විමර්ශන වලින් හෙළි වී තිබේ.
එපමණක් නොව, මෙම ලිපි අදාළ අමාත්‍යාංශ දෙකෙහි ලේකම්වරුන්ගේ නම් වලින් අත්සන් කර ඇති බව වාර්තා වේ.
විමර්ශන නිලධාරීන්ට අනුව, සැකකරු මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම ලිපි පෞද්ගලික ආයතන වෙත යොමු කර ඇත.
වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් පවතී.
https://www.gossip.lankahotnews.net/2026/02/a-monk-who-created-fake-whatsapp.html?m=1

Last edited: