මට දැන් වයස 28 වෙනව. බැදල නෑ, කෙල්ලෙකුත් නෑ. මම මගෙම කියල බිස්නස් එකක් කරගෙන යනව ඒ වගේම ඒකෙන් මට හොද ආදායමක් තියනව. මගෙ තාත්ත කරන්නෙත් බිස්නස් ඒකෙනුත් හොද ආදායමක් තියනව වගේම අපිට ලොකු ප්‍රශ්නත් නෑ. එත් තාත්ත හැමදාම කියන්නෙ දැන් මම එයාගෙ බිස්නසුත් බාරගන්න ඕනෙ කියල, ඒත් මම දන්නව මම ඔය දෙකම කරන්න ගත්තොත් වෙන්නෙ කිසිම නිදහසක් නැතුව වැඩ වලටම හිර වෙලා ඉන්න. දැනට උනත් අපේ තාත්ත එහෙමයි. මට එහෙම ආසාවක් නෑ. මට ඕනෙ නිදහසේ ඉන්න. මගෙ ආදායම මට හොදටම ඇති. ඒත් අම්මල හැම වෙලේම කියවනම් මටලු මේ හැමදේම එයාල කරල තියෙන්නෙ.. ඇත්ත් මම පවුලෙ එකම ලමය, ඒත් එහෙමයි කියල මට එයාල කරපු දේවල්ම කරන්න කියන එක වැරදීනෙ. රන්ඩු වෙන්නෙ නම් නෑ ඒත් එයාල කියන දේවල් වලට හිත රිදෙනව. තව මම ආසයි පවුලක් විදිහට එයාල එක්කත් ඔය ට්‍රිප් එකක් එහෙම යන්න. වෙන රටකට ගිහින් ඇවිදල එන්න, ඒත් බන් අම්මල ඒ කිසි දේකට ආසාවක් නෑ. තාත්තනම් වැඩම විතරයි කියමු, ඒත් අම්මත් ආසන නෑ ඇවිදින්නවත් යන්න. උබලගෙ ගෙවල් වලත් මෙහෙමද? දැනුත් මේ ඕව ගැන කතාවක් ඇති වෙලා කලකිරිල ඉන්නෙ. 
