මාලිමා JVP බාල ගල් අඟුරු මගඩිය නිසා ගල්අඟුරු විදුලි ජනන ධාරිතාව පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දිනපතා ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණ වේ!

monson

Well-known member
  • May 7, 2007
    24,907
    26,954
    113
    නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් පහත බැස ඇති බවට ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී ඇති පසුබිමක, ගල්අඟුරු විදුලි ජනන ධාරිතාව පහත බැස ඇති බවට වන දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කරන දිනපතා ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණ වේ.

    ඒ අනුව ඉකුත් මාර්තු 03 වැනිදා ගල්අඟුරු දහනයෙන් ගිගාවොට් 34.2ක විදුලි ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කර ඇති අතර, එම අගය ඊයේ දිනයේදී එනම්, මාර්තු 17 වැනිදා ගිගාවොට් 26.2ක් දක්වා පහළ ගොස් තිබේ.

    කෙසේ නමුත් එම වාර්තාවලට අනුව මාර්තු 03 වැනිදා ඩීසල් බලාගාර මගින් ගිගාවොට් 18.7ක විදුලි ධාරිතාවක් උත්පාදනය කර ඇති අතර, එම අගය මාර්තු මස 17 වැනිදා ගිගාවොට් 26ක් දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

    ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින පසුබිමක විදුලි උත්පාදනයටත් මෙලෙස ඩීසල් බලාගාර වැඩි දායකත්වයක් ලබාදීම අඛණ්ඩ විදුලි සැපයුමට බාධා එල්ල කරනු ඇති බවට විශේෂඥයන්ගේ මතය වී තිබේ.


    - https://sinhala.adaderana.lk/news/222849
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,907
    26,954
    113



    ඊයේ දවසම 810ක් එන්න ඕන coal plant එකෙන් 635MW ක් වගේ ඇවිත් තියෙන්නේ. 175MW ක් අඩුයි කුමාරලගේ බාල ගල් අඟුරු වංචාව නිසා

    Zpmd6LE.png


    - https://cebcare.ceb.lk/gensum/details
    ------ Post added on Mar 19, 2026 at 7:20 AM


    ------ Post added on Mar 19, 2026 at 7:46 AM