25 පැනපු නාකින්ට මගෙන් anti-aging

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    දැන් ඉතින් අපි එන්න එන්න නාකි වෙනවනේ ඉතින් 25 පැනලා නම් තොපි දැන් anti-aging skincare routine එකකට යන්න කාලේ ඇවිල්ලා. මහලොකු දෙයක් කරන්න නෑ තියෙන routine එකට Tretinoin එකතු කරගන්නයි තියෙන්නේ.

    මොනවද මේ Tretinoin කියන්නේ?

    Tretinoin කියන්නේ ගොඩාක් powerful retinoid (vitamin A derivative) වර්ගයක්. මේකට ඇත්තටම කරන්න බැරි දෙයක් නෑ. කුරුලෑ වලක්වන්න, සම රැළිවැටීම, එල්ලා වැටීම නවත්තන්න වගේම cell turnover එක සහ collagen නිශ්පාදනය වේගවත් කරලා මූණට ස්මූත් වගේම පැහැපත් පෙනුමක් ලබා දෙනවා. තව දෙයක් මතක තියාගන්න අවුරුදු 50කට වඩා research කරලා සායනික ප්‍රතිඵල පෙන්නලා තියෙන ඖෂධයක් තමයි Tretinoin කියන්නේ. මේ ගැන කාට හරි වැඩිදුර කියවන්න ඕනි නම් අන්තර්ජාලයේ ඕනි තරම් විස්තර තියෙනවා.

    ඔච්චර දේවල් කරන්න පුලුවන්නම් ඇයි මේක එච්චර ප්‍රසිද්ධ නැත්තේ?

    ඒකට හේතු කිහිපයක් තියෙනවා

    1. ගොඩාක් රටවල මේක prescription-only බෙහෙතක් ඒ නිසා වෛද්‍යවරයෙක්ගේ නියමයක් නැතුව මේක ෆාමසියෙන් ගන්න බෑ

    2. ගොඩාක් රටවල මේක පට්ට expensive.

    3. බහුතරයක්දෙනා මේක සතියක් වගේ යූස් කරලා ඉතා ඉක්මණට ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා.

    ලංකාවේ අපිට මේක ඩොක්ටර් කෙනෙක්ගෙ නියමයකින් තොරව රු 700කට වගේ මුදලකට ගන්න පුලුවන්. අන්න ඒකයි ලංකාවේ වාසිය.

    හරි දැන් අපි බලමු මේක යූස් කරන්නේ කොහොමද කියලා.

    Tretinoin පාවිචි කරන්නෙ රෑට. මේක කොයිම වෙලාවකවත් දවාලේ ගන්න එපා. මුලින්ම 0.025% වගේ පොඩි ප්‍රමාණයකින් තමයි පටන් ගන්නේ. 0.025% tube එක ඉවර වෙලා සම පුරුදු උනාට පස්සේ අපිට පුලුවන් 0.05% වගේ strength එකකට යන්න.

    Tretinoin පාවිච්චි කරන්න නම් අනිවා මෙන්න මේ ටික තියෙන්න ඕනි.

    1. හොඳ hydrating cleanser එකක්
    2. හොඳ hydrating moisturizer එකක්
    3. හොඳ sunscreen එකක්.

    Tretinoin දිනපතා ගාන්නෙ නෑ. සාමන්‍යෙන් දවස් දෙකෙන් දෙකට තමයි ගාන්නෙ (හොඳට සම හුරු වුණහම දිනපතා ගාන්නත් පුලුවන්)

    1. මුලින්ම හොඳට cleanser එකෙන් මූණ පිරිසුදු කරගන්න
    2. දැන් moisturizer එක ඇප්ලයි කරන්න (මතක තියාගන්න moisturizer ගාපු ගමන් tretinoin ගාන්නේ නෑ අඩුම පැය භාගයක්වත් මූණ වේලෙනකල් ඉන්න ඕනි)
    3. දැන් ඉතා පොඩි tretinoin ප්‍රමාණයක් (pea size කියලා ගූගල් සර්ච් කරන්න අනිවාර්යෙන්) ඇඟිල්ලට අරගෙන මුළු මූණෙම ගා ගන්න. ඇස් අවට ගාන්න යන්නෙපා දැවිල්ල හැදෙයි.

    4. මේ ස්ටෙප් එක නොකළොත් සේරම ඉවරයි. sunscreen (අඩුම SPF 50) අනිවා ගාන්න ඕනි. Tretinoin වලට සම සංවේදී වෙනවා ඉතින් අර අලුතෙන් එන සම ආරක්ෂා කරන්න නම් sunscreen ඕනිමයි.

    ඉතා වැදගත්: Tretinoin වලට සම වේලෙනවා හරි ඉක්මණට ඉතින් හම හුරු වෙනකන් සති තුන හතරක් (ඊට වැඩි වෙන්නත් පුලුවන්) මූණ හම යන්න වගේ පුලුවන්. අනිත් එක මූණේ කුරුලෑ වැඩියෙන් එන්න පුලුවන් ඒකට හේතුව තමයි Tretinoin හම ඇතුලටම කිදා බැහැලා කුණු වගේම හැංගිලා තියෙන කුරුලෑ සේරම් එළියට ඇඳලා ගන්නවා. ඉතින් පලවෙනි සති කිහිපය මූණ කැත වෙන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා වැඩේ අතරින්න එපා consistency එක ඉතා වැදගත්. සමහරුන්ට ඉතින් මේ කියන side effects එන්නෙ නෑ. කෙනාගෙන් කෙනාට වෙනස්.

    හොඳින් මතක තියාගන්න Tretinoin ගාලා දවසින් දෙකින් ප්‍රතිඵල ගන්න බෑ අඩුම මාස 6ක්වත් use කරන්න ඕනි. පහලින් දාන්නම් මන් දැන් යූස් කරන ප්‍රඩක්ට්ස් ටික.

    තව දෙයක්. අපි හැමෝම නාකි වෙනවා තමයි ඒක නවත්තන්න බෑ. හැබැයි ඉතින් නාකි උනත් කැත නැතුව ඉන්න බලමු. තමන්ට ආදරේ කරන්න. දවසට අවම පැය භාගයක්වත් තමන් වෙනුවෙන් වෙන් කරන්න. තමන් ගැනත් හිතන ජෙනරේෂන් එකක් නිර්මාණය කරමු. ජය වේවා.

    Cetaphil Cleanser (Indian version bought from Daraz, from authorized dealer "Sunshine Healthcare")
    ඩිස්කවුන්ට් වලින් මන් මේක ගත්තේ 2000 ගාණයි

    cleanser.jpg


    Cetaphil Moisturizer ((Indian version bought from Daraz, from authorized dealer "Sunshine Healthcare")

    මේකත් 2000 ගාණක් වුණා

    moist.jpg


    Tretinoin - 0.025 (ෆාමසියෙන් ගත්තේ රු 620ක් වගේ වුණේ)

    tret.jpg


    Prevense Sunscreen (රු 1750යි. කලින් එක ගණන් වැඩි නිසා මේකට මාරු වුණා. ඔයිලි ස්කින් අයට නම් එච්චරම මැච් වෙන එකක් නෑ. හැබැයි මට නම් මරු.)


    sunscreen.jpg


    වියදම් කරන්න පුලුවන්නම් මීට වඩා ගොඩාක් හොඳ ප්‍රඩක්ට්ස් තියෙනවා. මේ දැම්මේ මගේ බජට් එකට මැච් වෙන ඒවා.

    before vs after tretinoin කියලා සර්ච් කරලා බලන්න. results බලා ගන්න පුලුවන්. මට කුරුලෑ ප්‍රශ්නයක් තිබ්බේ නෑ. anti-aging සහ ලස්සන ස්මූත් skin texture එකක් ගන්න තමා මන් යූස් කරන්නේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,183
    113
    tfs.
    ado me mata ahanna deyak thiyenawa me tike use kare cerave acne control face cleanser eka set une naha mata. mata kiyapan la roche-posay effaclar face wash eka ganna thanak hari wena hodama ekak oily skin ekakata.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,393
    1
    5,337
    113
    acne, melasma වගේ ප්‍රශ්ණයක් නැතිනම් prescription strength retinoid ගාන්න එපා, side effects තියනවා. Cosmetic grade skincare retinol serum එකක් ගාන්න

    safer approach එක
    micro needling කරල
    හොද brand එකක
    Retinol serum
    hyaluronic acid serum
    ගාන්න
     
    Last edited:
    • Like
    Reactions: Pol hora

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පොඩි ළමයි එක්ක ඉන්න ගුරුවරු නාකි වෙන්නේ නැහැ බං
     
    • Sad
    Reactions: tupac97

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,668
    4,694
    113
    Tretinoin is a prescription-only medication in most countries, including the US, UK, Australia, and much of Europe. :ROFLMAO: