අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,674
    1
    14,232
    113
    68AKb2O.jpeg

    QM7RF2i.jpeg

    MDTLh5g.jpeg





    2003 දී Iraq වලින් අල්ලපු WMDs :baffled:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,630
    113
    ඇයි බං මේ මනුස්සයා ඇත්තක් කිව්වත් අපේ උන් ජෝක් එකට ගන්නෙ?

    කමෙන්ට්ස් බලපල්ලා.





    සීන් එක ඇත්ත.


    laundry GIF
    machine washing GIF
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,701
    3,358
    113
    ඇයි බං මේ මනුස්සයා ඇත්තක් කිව්වත් අපේ උන් ජෝක් එකට ගන්නෙ?

    කමෙන්ට්ස් බලපල්ලා.



    සීන් එක ඇත්ත කියන එක මේ ත්‍රෙඩ් එක බලන් හිටපු සහ යුද්දේ ගැන අවධානෙන් හිටපු සේරම දන්නවා, අනෙක Bab al-Mandab Strait එකට ඔය සෙතේ වෙන්න ඉඩකඩ තියනවා කියන එක අපි මුල ඉඳන්ම මේකේත් කතා කරානේ බන්, මොක ද යේමන්වල හුතිලා ඕක එක පාරකුත් වහපු උන්. අනෙක මීට කලිනුත් ඇමරිකා එක්ක සීන් එකක් දාගෙන ඇමරිකාවට දැනෙන්න ගහපු සෙට් එකක්. ඉතිං මතක ඇතිනේ මීට සතියකට කලින් වගේ හුතිලා ඇවිත් දීපු ස්ටේට්මන්ට් එකයි, ඉරාක් මීට දවස් 2-3කට කලින් US-Israel වලට විරුද්ධව යුද ප්‍රකාශ කරලා ඊට පස්සේ දවසේ හුතිලා (යේමන්) යුධ ප්‍රකාෂ කලානේ, ඒ වගේම ගහන්න පටන් ගත්තා. එතකොට ඕනේ කෙනෙක් දන්නවා රතු මුහුද පැත්ත අයේ සැරයක් වැහෙන්න තියෙන Probablity එක සෑහෙන වැඩි කියලා (as history)
    ඔතන අවුල තියෙන්නේ ඕක කියන්නේ සජියා නිසා, සජියා හදා ගත්තා Image එක සහ සජියව ඒ කාලේ ඉදන් යුඑන්පී එක පත් කරපු තත්වේ තමයි. සජියා හරියට ඉගෙන ගත්තේත් නෑ, අනෙක ඇත්තටම ගත්තොත් සජියාට ලොකු බුද්ධිමත් භාවයක් නෑ. UNP එක ඇතුලේ රනිල්ට සෑහෙන තැනක් හැදිලා තිබ්බා, හෙන උගතා, බුද්ධිමතා සහ හොඳට ඉංග්‍රිසි කතා කරන්න පුළුවන් කියලා. ඒක දකින නායක කම ගන්න උන තියෙන සජියා මොක ද කරන්නේ, ඉංග්‍රිසි පුළුවන් කියලා පෙන්නන්න බර වචන දානවා, දැනුම තියෙයි කියලා පෙන්වන්න ඒ ගැන ලොකුවට කතා කරනවා අදාලද නැද්ද කියලා හොයලා බලන්නේ නැතුව උදාහරණ විදියට සම්මැරීන් සිද්දුධිය කොරෝනා කාලේ බෙහෙත් සම්බන්ධව කතා කරන එක, මිනිහගෙත් තියෙන්නේ හීන මානයක්. මිනිහාට ඔප්පු කරන්න හදන්නේ රනිල්ට වඩා පොර කියලා. සජියා ජනාධිපති උනත් බුවාගේ ඔළුවේ වැඩ කරන්නේ රනිල්. ඒක යටටම කා වැදිලා තියෙන්නේ.
    ඔය සේරමත් එක්ක ඕක ඒ කාලේ ඉදන් අදුර ගත්තු රනිල් හිතවාදි සෙට් එකයි ජවිපෙයි සජියව බුලි කරන්න පටන් ගත්තා. ඇත්තටම මිනිහා ඉතිං අවුල් තමා. තමන් කතා කරන්නේ කාට ද කියන එක සහ ඒක නිවැරදිව කමුයිනිකේට් කරන්නේ කොහොම ද කියන එක දැන ගන්න ඕනේ.
    සරලව ගත්තොත් මම සමහරු මගේ කන්ට්ස් වලට රිප්ලයි කරන ඒවට මම උත්තර දෙන්නේ නැහැ. සමහරු අහන ප්‍රශ්න වලටවත් උත්තර දෙන්න යන්නේ නැහැ. මේකත් උඹ අහපු නිසයි මේ මගේ වෙලාව අරන් මගේ Opinion එක මෙතන දාන්නේ. ඒ උඹ හදාගත්ත image එක නිසා. (අමතක වෙලා හරි මඟහැරිලා රිප්ලයි නොකරන ඒවා ගනන් ගන්න එපා මේක කියවන අය).
    නිකන් ත්‍රෙඩ් වලත් කුණු හරුප කියාගෙන, බැනගෙන අය එක්ක කතා කරන එකත් ටයිම් අපාරාදේ.
    ඔය සිද්ධියම චාමරට කිව්වනම්, හෙන සරලව මිනිහා ඕක ගැන කියයි. මිනිහගේ 2 පන්තියේ දැනුමයි, අත්දෑකිමුයි එක්ක. ඌ දන්නවා පල්ලෙහාම ලෙවල් එකට කතා කරන්නේ කොහොම ද කියලා. ඌ කියයි
    "රතු මුහුද පැත්තෙනුත් නැව් එන්න විදියක් නැති වෙන්න යන්නේ, ISIS වගේ සෙට් එකක් ඉන්නවා හුති ද මොකක් ද කියලා, ආන්න උනුත් ගහන්න පටන්, උන් ඒ පැත්තෙන් එන නැව් මොකක් ද සන්ධියකින් වහන්නේ හදන්නේ, මට ඒ නම කියවගන්නත් බෑ, හැබැයි පුතේ, අපිට තෙලුත් නෑ පොහොරත් නෑ කන්න වෙන්නේත් නෑ කෙල වෙනවා" කියයි. :lol:


    මොක උනත් හීන මානයත් එක්ක තියෙන මෝඩ කමක් තමයි සජියට තියෙන්නෙත්. මොලයක් තියනවන් මේ අවුරුදු 2 ට ආණ්ඩුව කෙලපු බුලි ටික හොදටම ඇති විපක්ෂයක් විදියට නායකත්වය අරන් ආණ්ඩුව බිත්තියට හේත්තු කරන්න
     
    Last edited:

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,056
    8,047
    113
    M-Town
    BRAKING UPDATE -
    ඉශ්‍රයිල් chemical industry එකෙන් විෂ රසායනික ද්‍රව්‍ය පිටතට කාන්දුවීමට පටන් ගෙන, ජනෙල් වාසා තබන්න, (AC) OFF කරන්න, ප්‍රදේශයම හුදේකලා කරල. ☢️

    මේ වෙද්දී එන Verified Reports වලට අනුව Ne'ot Hovav වල Chemical industry hub එකට ඉරාන් විසින් අද දින එල්ල කල ප්‍රහාරයේ තත්ත්වය ගොඩක් Serious අතකට හැරෙමින් තියෙන්නේ.. මේක Israel වල ප්‍රධානම Chemical hub එක සහ hazardous waste Facility එක වෙන නිසා, මිසයිල ප්‍රහාරයත් එක්ක Pesticides, bromine සහ Phosphoric acid වගේ අතිශය භයානක විෂ රසායනික ද්‍රව්‍ය (highly toxic chemicals) වාතයට කාන්දු වෙලා තියෙනවා කියලා Environmental Protection Ministry එක තහවුරු කරනවා. මේ මොහොතේත් විශේෂ Fire and Rescue Teams ලොකු ගේමක් දෙනවා damage වුණු Chemical storage Tanks seal කරලා මේ hazardous materials leak එක පාලනය කරන්න. වාතයට විෂ වායු එකතු වෙලා තියෙන නිසා Home Front Command එකෙන් අවට Negev ප්‍රදේශයේ ජීවත් වෙන අයට දැඩිව උපදෙස් දීලා තියෙන්නේ කිසිම හේතුවක් මත එළියට බහින්න එපා, ගෙවල් ඇතුළටම වෙලා ජනෙල් දොරවල් හොඳට වහගන්න වගේම air conditioning (AC) ඔක්කොම off කරලා තියන්න කියලයි. ඒ වගේම Beersheba හරහා වැටිලා තියෙන Highway 40 සම්පූර්ණයෙන්ම block කරල
    ඒ අවට කලාපයට ඇතුල් වෙන එක තහනම් කරලා තියෙනවා. මේක නිකම්ම ගින්නක් නෙමෙයි, ලොකු Environmental Catastrophe එකක් වෙන්න යන ලකුණු තියෙන්නේ දිගටම Update Follow කරන්න.

    Sunday, March 29, 2026 at 8:35 PM +0530 | Sources: The Times of Israel, Ynet News, Environmental Protection Ministry
    Update by @Buddikasajith

    #IsraelIranWar #NeotHovav #ChemicalLeak #HazmatEmergency #Beersheba #MiddleEastConflict #BreakingNews #Buddikasajith

    Copied