ලබුගම කලටුවාව හිඳිලා! ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් .

monson

Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

    එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළේ, ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

    ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

    ඉන් අනතුරුව එම ප්‍රදේශ සඳහා දින හතරක කාලයක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු කරන බව ඇය ප්‍රකාශ කළාය.

    නැවතත් අප්‍රේල් මස හත්වෙනිදා පාදුක්කට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

    අප්‍රේල් මස තුන්වෙනිදා රාත්‍රි 8.00 සිට හතරවෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කරනු ඇත.

    එම ප්‍රදේශයට දින හතරක් අඛණ්ඩව සැපයීමට පියවර ගන්න බව දිස්නා පන්නිල මහත්මීය ප්‍රකාශ කළාය.

    අප්‍රේල් මස හතරවෙනිදා රාත්‍රි 8.00 සිට පස්වෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් පැලැන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

    ඉන් අනතුරුව දින 4ක් අඛණ්ඩව එම ප්‍රදේශවලට ජලය ලබා දෙන බවත් නැවතත් 9වෙනිදා යළිත් එම කලාපයට ජල සැපයීම අත්හිටුවනු අත.

    - https://sinhala.adaderana.lk/news/223552

     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,756
    17,697
    113
    රනිල් හිටියනං මෙහෙම වෙන්නේ නෑ

    වැස්ස වලාහක දෙවියො එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා වැසි වස්සොනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,191
    1
    57,237
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රනිල් හිටියනං මෙහෙම වෙන්නේ නෑ

    වැස්ස වලාහක දෙවියො එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා වැසි වස්සොනවා
    රනිල් හිටිය නම් බික්ස් ගිවිසුම අස්සන් කරලා රටින් හරි වතුර ගෙනත් දෙයි
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,440
    113
    මුන්ට හරියට වැස්සක් වත් වස්සගන්න බෑ.

    කරන්න බැරි නං රනිල්ට දීපන් 🤌🏼







    පයින්
    උසි උසි බය්සන්ලා
     
    • Haha
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,714
    113
    35
    Spain
    රනිල් හිටියනං මෙහෙම වෙන්නේ නෑ

    වැස්ස වලාහක දෙවියො එක්ක ඉංග්‍රීසියෙන් කතා කරලා වැසි වස්සොනවා
    කොටා ආවා විතරයි මහා කුණාටුවක් ඇවිත් රටෙන් බාගයක් වැනසිලා ගියා, එකෙන් යන්තම් ගොඩ ඒ ගෙන එන අතරේ දැන් පලු පැලෙන්න පායනවා. ඔන්න කොටාගේ සාපේ රටට වැදිලා තියෙන තරම.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,766
    113


    රනිල් හිටිය නම් බික්ස් ගිවිසුම අස්සන් කරලා රටින් හරි වතුර ගෙනත් දෙයි

    රනිල් හිටිය නම් මෙහෙම සැරට පායන්නේ නැහැ .අනුරගේ වැරැද්ද


    අපේ අවාසනාවට අනුර නල ලිං අයිතිකාරයෙක් නොවුනේ 🫤


    එහෙම උනානම් මේ කිසි ප්‍රශ්ණයක් නෑ
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,362
    2,739
    113
    මු ඉතින් ආයේ රනිල් ගේ ආණ්ඩුවක් එනකම්ම දාන්නේ හිදිච්ච ඒවා කැඩිච්ච ඒවා ගැන තමයි 🥲 :lol::lol:
     
    • Haha
    Reactions: topkollek