විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    මම දන්නවා. හැබැයි මට දැන ගන්න ඕනේ මම දන්න දේ හරිමද කියලා. ඒ හින්දා ඔයා කියන්නකෝ කවුරු කොහොම කාලාද රටේ ඩොලර් නැති උනේ කියලා.

    කෝ ඉතින් මෙයා කියන් නෑනේ 2022 දී මොකද උනේ කියලා...
    ------ Post added on Apr 6, 2026 at 2:56 AM
    මේව කරන්න පුළුවන් මාලිමා ආණ්ඩුවකට විතරයි. ඔන්න තෙක් නැව්, ගල් අගුරු එනව රුසියාවෙ ඉස්සරහට. ඉස්සර වගේ කොමිස් ගහන් නැති නිසා රටවල් උදවු කරනව. ඒ වගේම ඕනම රටක් එක්ක මිත්‍රශීලී මද්‍යස්ත රටක් විදිහට සම්බන්ධකම් තියාගන්න දන්නෙ අනුර කුමාර ප්‍රමුඛ NPP පක්ශයට විතරයි
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    903
    1,439
    93

    දැන් ඕක නෙවෙයිනේ මම ඇහුවේ. මම ඇහුවේ "කවුරු කාලාද ඩොලර් නැති උනේ?" කියලානේ. උඹට ඒකට හරි හමං උත්තරයක් නෑ නේද?
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!

    Me gon silibaiyangen serious prashna ahanna ubata pissuda ban :lol:. Unma dannawa 2029 election eka dinanna puluwan ekek na kiyala. Eth ohe kiyawanawa.

    Un kiyawana ekath hodai. Nattan jeppo onewata wada pissu kelala 2029 sajith ehema dinnoth gedara inna minissunwath meheta gennaganna wenawa.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    දැන් ඕක නෙවෙයිනේ මම ඇහුවේ. මම ඇහුවේ "කවුරු කාලාද ඩොලර් නැති උනේ?" කියලානේ. උඹට ඒකට හරි හමං උත්තරයක් නෑ නේද?
    කවුරු කවදා විසින්ද නේද... 2018 වෙනකොට බිලියන් 10කට ලග සංචිතයක් තිබ්බ dollar අවුරුදු දෙකෙන් මාර වාශ්ප විල්ලක් නේද.. 2021දි warn කරල තිබ්බ සංචිත නැති වේගන එන්නෙ ඒකට action ගන්න කියල. හැබැයි ගත්තෙ නෑ IMF එකට ගියේ නෑ චන්ද ටික නැති වෙයි කියල. 2022දි DOLLAR සංචිත ටික හිදෙනකන්ම බලාගෙන ඔහේ හිටිය.
    තනි මනුස්සයෙක්ගෙ පොකට් එකේ රුපියල් 1000ක් තියනව කියල හිතමු දවසට 100 ගානෙ වියදම් කරල පාන් ගෙඩිය ගානෙ අරන් එනව සතියක් යනකොට දන්නව තව තියෙන්නෙ දවස් 3කට සල්ලි විතරයි කියල. සල්ලි හොයන්න ක්‍රමයක් කොහෙන් හරි හොයාගන්න ඕන එහෙම හොයාගන්නෙ නැතුව ඔහේ බලන් හිටියොත් දවස් 3කින් පස්සෙ බඩගින්නෙ ඉන්න පුළුවන්.
    ඔන්න ඔය වැඩේම තමා ලංකාවට උනෙත්. 2022 උනේ එතකොට කොහොමද කවුද කියල හිතාගන්න ඔයා ඉපදුනෙ 2023 වගේ නෙමේ වෙන්න ඇතිනෙ නේද. ඉතින් විපක්සෙ මොකද කලේ එයාලට බලය ගන්න නැටුව මිසක් ආයෙ රටක් හදන්න ඕන කියන උවමනාවක් තිබ්බෙ නෑ. ඒක කරන්න පුළුවන් අනුරට විතරයි.

    Me gon silibaiyangen serious prashna ahanna ubata pissuda ban :lol:. Unma dannawa 2029 election eka dinanna puluwan ekek na kiyala. Eth ohe kiyawanawa.

    Un kiyawana ekath hodai. Nattan jeppo onewata wada pissu kelala 2029 sajith ehema dinnoth gedara inna minissunwath meheta gennaganna wenawa.
    2029 දිත් නියත ජනපති අනුරමයි. ආණ්ඩුවත් අනුරමයි.
    මොකද හේතුව?
    හරි රට දියුණු කරන්නෙ මොකුත්ම කරල නෑම කියමුකො 2029 වෙනකොට. දැන් ඔය තියන විදිහටම තියනව. හැබැයි කොමිස් ගැහිලි නෑ. යටින් වැඩ කරන්න බෑ. රජයෙ සේවකයින්ට යටි කූට්ටු වැඩ කරන්න බෑ. ඇමතිලට රජයෙ වැඩ වලට ඇගිලි ගහන්න බෑ. රජයෙ නිලධාරීන් ලවා ඇමතිල මන්ත්‍රීලට තමන්ගෙ යටිකූට්ටු වැඩ කරගන්න බෑ. දූෂනය නැති කරන එකම ජනපති අනුර විතරයි.
    ------ Post added on Apr 6, 2026 at 3:21 PM
     
    • Haha
    Reactions: Ldy

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    903
    1,439
    93
    කවුරු කවදා විසින්ද නේද... 2018 වෙනකොට බිලියන් 10කට ලග සංචිතයක් තිබ්බ dollar අවුරුදු දෙකෙන් මාර වාශ්ප විල්ලක් නේද.. 2021දි warn කරල තිබ්බ සංචිත නැති වේගන එන්නෙ ඒකට action ගන්න කියල. හැබැයි ගත්තෙ නෑ IMF එකට ගියේ නෑ චන්ද ටික නැති වෙයි කියල. 2022දි DOLLAR සංචිත ටික හිදෙනකන්ම බලාගෙන ඔහේ හිටිය.
    තනි මනුස්සයෙක්ගෙ පොකට් එකේ රුපියල් 1000ක් තියනව කියල හිතමු දවසට 100 ගානෙ වියදම් කරල පාන් ගෙඩිය ගානෙ අරන් එනව සතියක් යනකොට දන්නව තව තියෙන්නෙ දවස් 3කට සල්ලි විතරයි කියල. සල්ලි හොයන්න ක්‍රමයක් කොහෙන් හරි හොයාගන්න ඕන එහෙම හොයාගන්නෙ නැතුව ඔහේ බලන් හිටියොත් දවස් 3කින් පස්සෙ බඩගින්නෙ ඉන්න පුළුවන්.
    ඔන්න ඔය වැඩේම තමා ලංකාවට උනෙත්. 2022 උනේ එතකොට කොහොමද කවුද කියල හිතාගන්න ඔයා ඉපදුනෙ 2023 වගේ නෙමේ වෙන්න ඇතිනෙ නේද. ඉතින් විපක්සෙ මොකද කලේ එයාලට බලය ගන්න නැටුව මිසක් ආයෙ රටක් හදන්න ඕන කියන උවමනාවක් තිබ්බෙ නෑ. ඒක කරන්න පුළුවන් අනුරට විතරයි.

    ඔන්න ඔය ටික උබ එළියට දානකම් තමයි පුතේ මමත් හිටියේ.

    2018දී බිලියන 10ක් නම් තිබ්බේ නෑ මට මතක විදියට. කමක් නෑ තිබ්බයි කියමුකෝ. ඒ බිලියන් 10 ට කෙල වෙන්න පටන් ගත්තේ පාස්කු ප්‍රහාරෙන් බෝම්බ වැදිලා ලංකාවේ ටුවරිසම් ඩවුන් වෙච්ච වෙලේ ඉදන්. හැබැයි ගැට ගහගෙන යන්න තිබ්බා මොකද පිටරට වලින් ෆොරීන් රෙමිටන්ස් එකයි, එක්ස්පෝර්ට් ඉන්කම් එකයි එන නිසා. හැබැ‍යි කොවිඩ් එකත් එක්කම පිටරට වල හිටපු උන් ඔක්කොම වගේ බය වෙලා ලංකාවට ආවා කියලා දැක්කාද දන් නෑ. එතනින්ම ෆොරීන් රෙමිටන්ස් ඉවරයි. ඊට පස්සෙ එක්ස්පොර්ට් වලට වැදිච්ච රෙස්ට්‍රික්ශන්ස් ටිකයි, ග්ලෝබල් ලොජිස්ටික්ස් ලයින් නවත්තපු එකෙනුයි එක්ස්පෝර්ට් ඉන්කම් එකටත් කෙලවුනා විතරක් නෙවෙයි කිසිම භාණ්ඩයක් ඉම්පෝර්ට් කරන්න බැරි තත්වෙට පතුවුනා. වැටිච්ච ටුවරිසම් යාන්තං ඔළුව උස්සන්න හදනකොටම වෙච්ච දේ නිසා ආයි ටුවරිසම් බින්දුවටම වැටුනා. ටුවරිසම් ඉන්කම් එකත් බිංදුවයි. ඒවාටත් එක්ක හරියන්න උබලා හරි උබලාගේ අම්මලා තාත්තලා හරි වැඩට ගිහින් වැඩ කරන්න කැමැති උනාද? ඒත් නෑ. ජීවිත ආරක්ශාව වෙනුවෙන් ගෙවල් වලට වෙලා රටම ලොක්ඩවුන් කරගත්ත එකෙන් ලංකාවේ ප්‍රඩක්ශන් එක බින්දුවට ඉතාම ආසන්න උනා.

    ප්‍රඩක්ශන් එකක් නැතුව, සතපහක ඉන්කම් එකක් නැතුව තියෙද්දි උබලා කැමති උනාද ආයි වැඩට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න? ආයි ප්‍රඩක්ශන් පටන් ගන්න? නෑ හැබැ‍යි උබලාට ගෙදර ඉද්දිමත් ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලුවා. ඒ අස්සේ සජිත් මෝඩයයි උබලාගේ වර්ථමාන ජනාධිපති පච කොටයි පාර්ලීමේන්තු ඇවිල්ලා රට දිගටම ලොක්ඩවුන් කරන්න කිව්වා මතකද? ගෝඨාභයත් මෝඩයා වගේ රු 5000/- ගානේ බෙදුවා. ඊළඟට රට අරින්න ඕනේ කියලා උබලාට කොවිඩ් වැක්සීනුත් ඕනේ උනා. ආණ්ඩුවෙන් ඒවා ගෙනාපුවාම උබලා ඒවාට සල්ලි ගෙවලා ගන්න කැමති උනාද? ඒත් නෑ. ඒවත් උබලාට ඕනේ උනේ නොමිලේ. ඊළඟට බඩු මිළ වැඩි වෙනවාට උබලා කැමති උනාද? ඒත් නෑ. උබලාට බඩුත් අඩු මිළට ගන්න ඕනේ උනා. ලයිට් බිල්, වතුර බිල්, පෙට්‍රල්, ඩීසල්, වැඩි වෙනකොට උබලා එළියට බැහැලා උද්ඝෝශනේ කලේ නැද්ද? ඔය ගෙන්නපු බඩු වලට, පෙට්‍රල් / ඩීසල් වලට, උබලාට 5000/- ගානේ ගෙවන්න තිබ්බේ අර බිලියන් 10 තමයි.

    ඒවා ඔක්කොම අස්සේ ආයි මිනිස්සු රට ගිහිල්ලා කීය කීය හරි ආයි ඒවන්න ගත්තාම උබලා (ජෙප්පෝ) කිව්වේ මොකද්ද? ලංකාවට ෆොරීන් රෙමිටන්ස් එවන්න එපා කිව්ව. ගුරු උද්ඝෝෂණ මෙහෙයවලා පඬි වැඩි කරගත්තා. උබට මතකද උබලා ඒ කරපුවා?

    ඕන් උබ ඔය කයිවාරු ගහපු බිලියන් 10ට වෙච්ච දේ. ඔය බිලියන් 10 කෑවේ උබලාද? රටේ දේශපාලකයොද? රටට සල්ලි එවන්න එපා කිව්වේ රටේ පාලකයොද? ජෙප්පොද? රටේ හැමතැනම උද්ඝෝශන මෙහෙයවලා පඩි වැඩි කරවගෙන ආණ්ඩුවේ වියදම් වැඩි කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? හැමදාම උද්ඝෝශණ තියලා රටේ හිටපු විදේශ ආයෝජකයෝ පිට වෙලා යන තැනට වැඩ කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? ඔය උබ කියන විදියට බලේ ගන්න නටපු විපක්ශේ වෙන විපක්ශයක්ද? නැත්තන් ජෙප්පෝ ටිකද?
     
    ඔබ කියනවා NPP එක කිව්ව නිසා මිනිස්සු සල්ලි එවන එක නැවැත්තුවා කියලා. අපි පොඩ්ඩක් මෙහෙම හිතමු; 2022 ඒ කාලේ රටේ බඩු මිල අහස උසට ගිහින් තිබුණේ. මිනිස්සුන්ට කන්න බොන්න, බෙහෙත් ටික ගන්න සල්ලි ඕන වෙලා තිබුණා. ඉතින් විදේශගත වෙලා ඉන්න කෙනෙක් තමන්ගේ අම්මා, තාත්තා, දරුවෝ ලංකාවේ බඩගින්නේ ඉද්දී දේශපාලන පක්ෂයක් කිව්ව පළියට සල්ලි නොඑවා ඉඳියි කියලා ඔබ ඇත්තටම හිතනවාද?

    ඇත්තටම එතන වුණේ NPP එකේ ඉල්ලීමකට වඩා, එදා පාලකයෝ බලහත්කාරයෙන් ඩොලරයේ අගය රුපියල් 200 මට්ටමක රඳවාගෙන සිටීමයි. පිටරට ඉන්න මිනිස්සු තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලට නිසි වටිනාකමක් බැංකුවෙන් නොලැබෙන කොට, ඔවුන් වැඩි වාසියට උණ්ඩියල් හෝ හවාලා වැනි ක්‍රමවලට යොමු වුණා. ඒක ආර්ථික විද්‍යාත්මකව සාමාන්‍ය දෙයක්. පාලකයෝ නිසි වෙලාවට ඩොලරය නිදහස් කළා නම් ඒ ප්‍රශ්නය එන්නේ නැහැ. ඒකේ වගකීම විපක්ෂයට පටවන එක කොතරම් දුරට සාධාරණද?

    ඔබ පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් ගැන කිව්වා. ඔව්, ඒකෙන් ආර්ථිකයට බලපෑමක් වුණා. හැබැයි ඩොලර් බිලියන 7කට වඩා තිබුණු සංචිතය බිංදුවටම බැහැලා රට "බංකොලොත්" කියලා ප්‍රකාශ කරනකම්ම පාලකයෝ මොකද කළේ? ආර්ථික විශේෂඥයෝ අවුරුදු දෙකකට කලින් ඉඳන් කිව්වා රට අනතුරක, ඉක්මනින් IMF යන්න, ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. හැබැයි එදා හිටපු පාලකයෝ ඒක අහන්නේ නැතුව සංචිත දිය කරමින් ණය ගෙව්වා. 2022 විනාශය වෙන්න අවුරුද්දකට කලින් IMF ගියා නම් අද අපිට මෙහෙම පෝලිම් වල මැරෙන්න වෙන්නේ නැහැ නේද? ඒ තීරණය ගත්තේ NPP එකද? නැත්නම් එදා හිටපු පාලකයෝද?

    2019 අග භාගයේදී කිසිම විද්‍යාත්මක පදනමක් නැතුව ලබා දුන්න අතිවිශාල බදු සහන නිසා රජයට රුපියල් බිලියන 600කට වඩා වාර්ෂික ආදායමක් අහිමි වුණා. ඒක නිසා තමයි අපේ රටේ රේටින්ග්ස් පහළ වැටිලා අපිට ජාත්‍යන්තරයෙන් ණය ගන්න බැරි වුණේ. ඒ බදු සහන දුන්නේ ජෙප්පෝද? නැහැ, ඒක එදා පාලකයන්ගේ වැරදි ආර්ථික තීන්දුවක්.
    මිනිස්සු පාරට බැස්සේ දේශපාලන පක්ෂයක් කිව්ව නිසාම නෙවෙයි. පැය 10-12 ලයිට් කපද්දී, කිරිපිටි ටික, ගෑස් ටික නැතිවෙද්දී, තමන්ගේ දරුවෝ බඩගින්නේ ඉද්දී මිනිස්සුන්ට ඉවසීමේ සීමාවක් තියෙනවා. ගුරු උද්ඝෝෂණ ආවේ අවුරුදු ගණනාවක වැටුප් විෂමතාවයක් නිසයි. පාලකයෝ රටේ සල්ලි නිසි ලෙස කළමනාකරණය කළා නම් මේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ.

    අවසාන වශයෙන් අහන්න තියෙන්නේ, අවුරුදු 70ක් රට පාලනය කරපු ප්‍රධාන පක්ෂ දෙකම කරපු ආර්ථික විනාශයේ වගකීම, කවදාවත් රට පාලනය නොකරපු, හැමදාම වැරැද්ද පෙන්වා දුන්න පක්ෂයකට පටවන එක සාධාරණද? රට වැටුණේ NPP එකේ කතාවලින්ද, නැත්නම් පාලකයන්ගේ දුර්වල සහ අත්තනෝමතික තීන්දු තීරණ වලින්ද කියලා ඔබම බුද්ධිමත්ව හිතලා බලන්න.
     
    Last edited:

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    525
    509
    93
    ඔන්න ඔය ටික උබ එළියට දානකම් තමයි පුතේ මමත් හිටියේ.

    2018දී බිලියන 10ක් නම් තිබ්බේ නෑ මට මතක විදියට. කමක් නෑ තිබ්බයි කියමුකෝ. ඒ බිලියන් 10 ට කෙල වෙන්න පටන් ගත්තේ පාස්කු ප්‍රහාරෙන් බෝම්බ වැදිලා ලංකාවේ ටුවරිසම් ඩවුන් වෙච්ච වෙලේ ඉදන්. හැබැයි ගැට ගහගෙන යන්න තිබ්බා මොකද පිටරට වලින් ෆොරීන් රෙමිටන්ස් එකයි, එක්ස්පෝර්ට් ඉන්කම් එකයි එන නිසා. හැබැ‍යි කොවිඩ් එකත් එක්කම පිටරට වල හිටපු උන් ඔක්කොම වගේ බය වෙලා ලංකාවට ආවා කියලා දැක්කාද දන් නෑ. එතනින්ම ෆොරීන් රෙමිටන්ස් ඉවරයි. ඊට පස්සෙ එක්ස්පොර්ට් වලට වැදිච්ච රෙස්ට්‍රික්ශන්ස් ටිකයි, ග්ලෝබල් ලොජිස්ටික්ස් ලයින් නවත්තපු එකෙනුයි එක්ස්පෝර්ට් ඉන්කම් එකටත් කෙලවුනා විතරක් නෙවෙයි කිසිම භාණ්ඩයක් ඉම්පෝර්ට් කරන්න බැරි තත්වෙට පතුවුනා. වැටිච්ච ටුවරිසම් යාන්තං ඔළුව උස්සන්න හදනකොටම වෙච්ච දේ නිසා ආයි ටුවරිසම් බින්දුවටම වැටුනා. ටුවරිසම් ඉන්කම් එකත් බිංදුවයි. ඒවාටත් එක්ක හරියන්න උබලා හරි උබලාගේ අම්මලා තාත්තලා හරි වැඩට ගිහින් වැඩ කරන්න කැමැති උනාද? ඒත් නෑ. ජීවිත ආරක්ශාව වෙනුවෙන් ගෙවල් වලට වෙලා රටම ලොක්ඩවුන් කරගත්ත එකෙන් ලංකාවේ ප්‍රඩක්ශන් එක බින්දුවට ඉතාම ආසන්න උනා.

    ප්‍රඩක්ශන් එකක් නැතුව, සතපහක ඉන්කම් එකක් නැතුව තියෙද්දි උබලා කැමති උනාද ආයි වැඩට ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න? ආයි ප්‍රඩක්ශන් පටන් ගන්න? නෑ හැබැ‍යි උබලාට ගෙදර ඉද්දිමත් ජීවත් වෙන්න ක්‍රමයක් නෑ කියලා ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලුවා. ඒ අස්සේ සජිත් මෝඩයයි උබලාගේ වර්ථමාන ජනාධිපති පච කොටයි පාර්ලීමේන්තු ඇවිල්ලා රට දිගටම ලොක්ඩවුන් කරන්න කිව්වා මතකද? ගෝඨාභයත් මෝඩයා වගේ රු 5000/- ගානේ බෙදුවා. ඊළඟට රට අරින්න ඕනේ කියලා උබලාට කොවිඩ් වැක්සීනුත් ඕනේ උනා. ආණ්ඩුවෙන් ඒවා ගෙනාපුවාම උබලා ඒවාට සල්ලි ගෙවලා ගන්න කැමති උනාද? ඒත් නෑ. ඒවත් උබලාට ඕනේ උනේ නොමිලේ. ඊළඟට බඩු මිළ වැඩි වෙනවාට උබලා කැමති උනාද? ඒත් නෑ. උබලාට බඩුත් අඩු මිළට ගන්න ඕනේ උනා. ලයිට් බිල්, වතුර බිල්, පෙට්‍රල්, ඩීසල්, වැඩි වෙනකොට උබලා එළියට බැහැලා උද්ඝෝශනේ කලේ නැද්ද? ඔය ගෙන්නපු බඩු වලට, පෙට්‍රල් / ඩීසල් වලට, උබලාට 5000/- ගානේ ගෙවන්න තිබ්බේ අර බිලියන් 10 තමයි.

    ඒවා ඔක්කොම අස්සේ ආයි මිනිස්සු රට ගිහිල්ලා කීය කීය හරි ආයි ඒවන්න ගත්තාම උබලා (ජෙප්පෝ) කිව්වේ මොකද්ද? ලංකාවට ෆොරීන් රෙමිටන්ස් එවන්න එපා කිව්ව. ගුරු උද්ඝෝෂණ මෙහෙයවලා පඬි වැඩි කරගත්තා. උබට මතකද උබලා ඒ කරපුවා?

    ඕන් උබ ඔය කයිවාරු ගහපු බිලියන් 10ට වෙච්ච දේ. ඔය බිලියන් 10 කෑවේ උබලාද? රටේ දේශපාලකයොද? රටට සල්ලි එවන්න එපා කිව්වේ රටේ පාලකයොද? ජෙප්පොද? රටේ හැමතැනම උද්ඝෝශන මෙහෙයවලා පඩි වැඩි කරවගෙන ආණ්ඩුවේ වියදම් වැඩි කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? හැමදාම උද්ඝෝශණ තියලා රටේ හිටපු විදේශ ආයෝජකයෝ පිට වෙලා යන තැනට වැඩ කලේ පාලකයෝද? නැත්තං ජෙප්පොද? ඔය උබ කියන විදියට බලේ ගන්න නටපු විපක්ශේ වෙන විපක්ශයක්ද? නැත්තන් ජෙප්පෝ ටිකද?
    Well said මචං. ඒ අස්සෙ ඩොක්ටර්ස් ල, ඊට පස්සෙ නර්ස්ල, ඊටත් පස්සෙ phi ල, පස්සෙ ගෙදර හිටපු ටීචර්ස් ල පඩි වැඩි කරගන්න මුන් පාරට බැස්සව්ව උද්ගෝශන කරන්න. කෝවිඩ් කාලෙ...
     
    • Like
    Reactions: Cyber Punk

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    Well said මචං. ඒ අස්සෙ ඩොක්ටර්ස් ල, ඊට පස්සෙ නර්ස්ල, ඊටත් පස්සෙ phi ල, පස්සෙ ගෙදර හිටපු ටීචර්ස් ල පඩි වැඩි කරගන්න මුන් පාරට බැස්සව්ව උද්ගෝශන කරන්න. කෝවිඩ් කාලෙ...
    ඔබ කියන විදිහට දොස්තරලා, නර්ස්ලා, PHI මහත්වරු කියන්නේ ඉගෙන ගත්තු, රටේ ඉහළම බුද්ධිමතුන්. දේශපාලන පක්ෂයක් කිව්ව පලියට තමන්ගේ වෘත්තීය ගරුත්වයත්, ජීවිතයත් පරදුවට තියලා පාරට බහින්න තරම් ඔවුන් මෝඩයි කියලා ඔබ හිතනවාද? ඇත්තටම එතන වුණේ NPP එකේ මෙහෙයවීමක් නෙවෙයි, පාලකයන් විසින් ඔවුන්ව අන්ත අසරණ කිරීමයි. ඔවුන් පාරට බැස්සේ පඩි වැඩි කරගන්න විතරක් නෙවෙයි, රෝහල්වල බෙහෙත් නැති වෙනකොට, ආරක්ෂිත ඇඳුම් (PPE) නැතිව තමන්ගේ ජීවිත අනතුරේ වැටෙනකොටයි.

    ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය කියන්නේ අවුරුදු 24ක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. හැම ආණ්ඩුවක්ම ඒක දෙනවා කියලා පොරොන්දු වෙලා ඔවුන්ව රැවැට්ටුවා. ලෝකෙම වසංගතයකින් බැටකද්දී, අපේ රටේ පාලකයෝ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා සුඛෝපභෝගී වාහන ගේන්න උත්සාහ කරපු හැටි ඔබට මතකද? වසංගතය අස්සේ මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දී "සීනි බදු වංචාවෙන්" රුපියල් බිලියන 15ක් තමන්ගේ හිතවතුන්ට දුන්නේ කවුද? පාලකයෝ එහෙම සල්ලි නාස්ති කරන කොට, තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැති වුණාම ගුරුවරු පාරට බහින එක සාධාරණ නැද්ද?

    ඕනෑම රටක මිනිස්සු පාරට බහින්නේ පාලකයෝ තමන්ට දීපු පොරොන්දු ඉටු නොකරන කොට සහ තමන්ට ජීවත් වෙන්න බැරි මට්ටමට රටේ ආර්ථිකය වැටෙන කොටයි. NPP එක කළේ ඒ පීඩිත මිනිස්සුන්ගේ හඬට නායකත්වය දීම පමණයි. වැරැද්ද තියෙන්නේ ප්‍රශ්නය අහන කෙනාගේ නෙවෙයි, ප්‍රශ්නය නිර්මාණය කරපු පාලකයාගේ නේද?

    දේශපාලන පක්ෂයකට පුළුවන් නම් රටේ ඉන්න දහස් ගණන් දොස්තරලා, නර්ස්ලා සහ ගුරුවරුන්ව පාරට බස්සන්න, ඒකෙන් තේරෙන්නේ නැද්ද එදා පාලනය කරපු ආණ්ඩුව ගැන ඒ වෘත්තිකයන්ට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ කියලා?

    කොවිඩ් කාලේ පාලකයෝ "සීනි බදු වංචාවෙන්" සහ අනෙකුත් ගනුදෙනු වලින් රටේ සල්ලි රුපියල් බිලියන ගණනින් කොල්ලකද්දී, ඒ ගැන කතා නොකර තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලපු වෘත්තිකයන්ට දොස් කියන එක කොතරම් දුරට සදාචාරාත්මකද?
    NPP එක උද්ඝෝෂණ මෙහෙයවලා රට අස්ථාවර කළා නම්, ඒ කාලේ තිබුණු 2/3ක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවට ඇයි බැරි වුණේ ඒ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දීලා මිනිස්සුන්ව සන්සුන් කරන්න?

    2022දී රට බංකොලොත් වුණේ මිනිස්සු පඩි වැඩි කරන්න අහපු නිසාද, නැත්නම් පාලකයෝ පාරදෘශ්‍යභාවයකින් තොරව ගත්ත ණය සහ අත්තනෝමතික බදු සහන නිසාද
     
    • Haha
    Reactions: RealityOfX

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,936
    2,100
    113
    Well said මචං. ඒ අස්සෙ ඩොක්ටර්ස් ල, ඊට පස්සෙ නර්ස්ල, ඊටත් පස්සෙ phi ල, පස්සෙ ගෙදර හිටපු ටීචර්ස් ල පඩි වැඩි කරගන්න මුන් පාරට බැස්සව්ව උද්ගෝශන කරන්න. කෝවිඩ් කාලෙ...
    Me balahanko. 3% jeppo nisa 2/3 thibba anduwata mokuth karaganna bariwela :lol:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,175
    2,208
    113
    colombo
    හොරු කියලානේ ගියා ආණ්ඩුව යාවීවේ

    මේ ආණ්ඩුව හොරා කනවා මම තියාගෙන වැඩක් තියෙනවද
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි.

    එකගයි. ඉරානෙ මොනාහරි වෙනකොට තෙල් වැඩි කරන්න ආණ්ඩු මොකටද කියල අහපු අය දුන්න විකල්ප වලින් ඒක තේරුනා. නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි.

    විකල්ප කියන්නෙ ක්‍රියාමාර්ග/ සැලසුම් මිසක් පක්ෂ/මිනිස්සු නෙමේ.
    මිනිස්සු රජයක් පත්කරන්නෙ යම් කිසි කාල සීමාවකට. ඡන්දෙ දුන්න නොදුන්න හැමෝටම.
    එයාල ගන්න යම් ක්‍රියාමාර්ගයක් වැරදි නම් මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනි ඒක වැරදි කියන්න. එතකොට හරි එහෙනම් කාටද පුලුවන් කියල ප්‍රශ්නෙ අහන තැනම අවුල් නේද? අපි කතා කරන්න ඕනි මේ කරපු දේ හරිද වැරදිද කියන එක. දවසින් දවස මාරු කරන්න පන්ති නායක කමක් නෙමෙයිනෙ මේක.

    සමහරවිට ඔබතුමාට මේ දේවල් වලින් ගෙවීමක් ලැබෙනව ඇති. නැත්තම් පිටරටක ඉන්නව ඇති.

    තමන් තනියෙන් හම්බ කරල මේ ආර්ථිකේ එක්ක ජීවත් වෙනෝනනම් ඉතින් ඇත්ත තත්වෙ තේරෙන්න ඕනි. ඡන්දෙ දුන්න එක ඇත්ත. තමන්ව /තමන්ගෙ ඡන්දෙ ඩිෆෙන්ඩ් කරනව කියල හිතුනට ඔබතුමාටත් වතුර නෑ. මටත් වතුර නෑ.

    මේ හැම දේම කරන් හොදට ඉන්න තරම් වත්කම් තියෙන අය ඇති. අපි රස්සා කරල Tax ගෙවල අම්ම තාත්ත බලන් ඉන්න සාමාන්‍ය මිනිස්සු. අපි ඡන්දෙ දුන්න කියපුව විස්වාස කරල. දුන්න ඡන්දෙ ගැන කනගාටුයි.
     
    • Like
    • Sad
    Reactions: Cyber Punk and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    ඔබ කියන විදිහට දොස්තරලා, නර්ස්ලා, PHI මහත්වරු කියන්නේ ඉගෙන ගත්තු, රටේ ඉහළම බුද්ධිමතුන්. දේශපාලන පක්ෂයක් කිව්ව පලියට තමන්ගේ වෘත්තීය ගරුත්වයත්, ජීවිතයත් පරදුවට තියලා පාරට බහින්න තරම් ඔවුන් මෝඩයි කියලා ඔබ හිතනවාද? ඇත්තටම එතන වුණේ NPP එකේ මෙහෙයවීමක් නෙවෙයි, පාලකයන් විසින් ඔවුන්ව අන්ත අසරණ කිරීමයි. ඔවුන් පාරට බැස්සේ පඩි වැඩි කරගන්න විතරක් නෙවෙයි, රෝහල්වල බෙහෙත් නැති වෙනකොට, ආරක්ෂිත ඇඳුම් (PPE) නැතිව තමන්ගේ ජීවිත අනතුරේ වැටෙනකොටයි.

    ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය කියන්නේ අවුරුදු 24ක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. හැම ආණ්ඩුවක්ම ඒක දෙනවා කියලා පොරොන්දු වෙලා ඔවුන්ව රැවැට්ටුවා. ලෝකෙම වසංගතයකින් බැටකද්දී, අපේ රටේ පාලකයෝ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා සුඛෝපභෝගී වාහන ගේන්න උත්සාහ කරපු හැටි ඔබට මතකද? වසංගතය අස්සේ මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දී "සීනි බදු වංචාවෙන්" රුපියල් බිලියන 15ක් තමන්ගේ හිතවතුන්ට දුන්නේ කවුද? පාලකයෝ එහෙම සල්ලි නාස්ති කරන කොට, තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැති වුණාම ගුරුවරු පාරට බහින එක සාධාරණ නැද්ද?

    ඕනෑම රටක මිනිස්සු පාරට බහින්නේ පාලකයෝ තමන්ට දීපු පොරොන්දු ඉටු නොකරන කොට සහ තමන්ට ජීවත් වෙන්න බැරි මට්ටමට රටේ ආර්ථිකය වැටෙන කොටයි. NPP එක කළේ ඒ පීඩිත මිනිස්සුන්ගේ හඬට නායකත්වය දීම පමණයි. වැරැද්ද තියෙන්නේ ප්‍රශ්නය අහන කෙනාගේ නෙවෙයි, ප්‍රශ්නය නිර්මාණය කරපු පාලකයාගේ නේද?

    දේශපාලන පක්ෂයකට පුළුවන් නම් රටේ ඉන්න දහස් ගණන් දොස්තරලා, නර්ස්ලා සහ ගුරුවරුන්ව පාරට බස්සන්න, ඒකෙන් තේරෙන්නේ නැද්ද එදා පාලනය කරපු ආණ්ඩුව ගැන ඒ වෘත්තිකයන්ට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ කියලා?

    කොවිඩ් කාලේ පාලකයෝ "සීනි බදු වංචාවෙන්" සහ අනෙකුත් ගනුදෙනු වලින් රටේ සල්ලි රුපියල් බිලියන ගණනින් කොල්ලකද්දී, ඒ ගැන කතා නොකර තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලපු වෘත්තිකයන්ට දොස් කියන එක කොතරම් දුරට සදාචාරාත්මකද?
    NPP එක උද්ඝෝෂණ මෙහෙයවලා රට අස්ථාවර කළා නම්, ඒ කාලේ තිබුණු 2/3ක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවට ඇයි බැරි වුණේ ඒ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දීලා මිනිස්සුන්ව සන්සුන් කරන්න?

    2022දී රට බංකොලොත් වුණේ මිනිස්සු පඩි වැඩි කරන්න අහපු නිසාද, නැත්නම් පාලකයෝ පාරදෘශ්‍යභාවයකින් තොරව ගත්ත ණය සහ අත්තනෝමතික බදු සහන නිසාද

    ඔබ වැනි අය ටයර් මත සිඳුවා , ඒ මත ඉන්ධන වත් කොට ගිනි දැල්වීම මැනවැයි මම කල්පනා කරමි
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඔබ වැනි අය ටයර් මත සිඳුවා , ඒ මත ඉන්ධන වත් කොට ගිනි දැල්වීම මැනවැයි මම කල්පනා කරම
    අන්තිමට තර්ක කරල කියන්න දෙයක් නැති උනහම ඕන කෙනෙක් ඕක තමා කියන්නෙ :yes::cool:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    අන්තිමට තර්ක කරල කියන්න දෙයක් නැති උනහම ඕන කෙනෙක් ඕක තමා කියන්නෙ :yes::cool:
    ඒකනේ මහත්තයෝ අපි ඉතින් තර්ක කරන්න දන්නවා කියලද

    මොකෝ ඇවිදින පුස්තකාල ද අපි? නැත්නම් අපි කදිර්ගාමර් ල ද?

    අඩු ගානේ වසෙද එකෙන් PhD එකක් වත් තියේද අපිට 🥺😵‍💫
     
    • Haha
    Reactions: Cyber Punk

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඒකනේ මහත්තයෝ අපි ඉතින් තර්ක කරන්න දන්නවා කියලද

    මොකෝ ඇවිදින පුස්තකාල ද අපි? නැත්නම් අපි කදිර්ගාමර් ල ද?

    අඩු ගානේ වසෙද එකෙන් PhD එකක් වත් තියේද අපිට 🥺😵‍💫
    එහෙම තමයී එම තමයී.. ඕව ගනන් ගන්න එපා...
     
    • Haha
    Reactions: Ldy

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    903
    1,439
    93
    ඔබ කියන විදිහට දොස්තරලා, නර්ස්ලා, PHI මහත්වරු කියන්නේ ඉගෙන ගත්තු, රටේ ඉහළම බුද්ධිමතුන්. දේශපාලන පක්ෂයක් කිව්ව පලියට තමන්ගේ වෘත්තීය ගරුත්වයත්, ජීවිතයත් පරදුවට තියලා පාරට බහින්න තරම් ඔවුන් මෝඩයි කියලා ඔබ හිතනවාද? ඇත්තටම එතන වුණේ NPP එකේ මෙහෙයවීමක් නෙවෙයි, පාලකයන් විසින් ඔවුන්ව අන්ත අසරණ කිරීමයි. ඔවුන් පාරට බැස්සේ පඩි වැඩි කරගන්න විතරක් නෙවෙයි, රෝහල්වල බෙහෙත් නැති වෙනකොට, ආරක්ෂිත ඇඳුම් (PPE) නැතිව තමන්ගේ ජීවිත අනතුරේ වැටෙනකොටයි.

    ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය කියන්නේ අවුරුදු 24ක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. හැම ආණ්ඩුවක්ම ඒක දෙනවා කියලා පොරොන්දු වෙලා ඔවුන්ව රැවැට්ටුවා. ලෝකෙම වසංගතයකින් බැටකද්දී, අපේ රටේ පාලකයෝ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා සුඛෝපභෝගී වාහන ගේන්න උත්සාහ කරපු හැටි ඔබට මතකද? වසංගතය අස්සේ මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දී "සීනි බදු වංචාවෙන්" රුපියල් බිලියන 15ක් තමන්ගේ හිතවතුන්ට දුන්නේ කවුද? පාලකයෝ එහෙම සල්ලි නාස්ති කරන කොට, තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැති වුණාම ගුරුවරු පාරට බහින එක සාධාරණ නැද්ද?

    ඕනෑම රටක මිනිස්සු පාරට බහින්නේ පාලකයෝ තමන්ට දීපු පොරොන්දු ඉටු නොකරන කොට සහ තමන්ට ජීවත් වෙන්න බැරි මට්ටමට රටේ ආර්ථිකය වැටෙන කොටයි. NPP එක කළේ ඒ පීඩිත මිනිස්සුන්ගේ හඬට නායකත්වය දීම පමණයි. වැරැද්ද තියෙන්නේ ප්‍රශ්නය අහන කෙනාගේ නෙවෙයි, ප්‍රශ්නය නිර්මාණය කරපු පාලකයාගේ නේද?

    දේශපාලන පක්ෂයකට පුළුවන් නම් රටේ ඉන්න දහස් ගණන් දොස්තරලා, නර්ස්ලා සහ ගුරුවරුන්ව පාරට බස්සන්න, ඒකෙන් තේරෙන්නේ නැද්ද එදා පාලනය කරපු ආණ්ඩුව ගැන ඒ වෘත්තිකයන්ට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ කියලා?

    කොවිඩ් කාලේ පාලකයෝ "සීනි බදු වංචාවෙන්" සහ අනෙකුත් ගනුදෙනු වලින් රටේ සල්ලි රුපියල් බිලියන ගණනින් කොල්ලකද්දී, ඒ ගැන කතා නොකර තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලපු වෘත්තිකයන්ට දොස් කියන එක කොතරම් දුරට සදාචාරාත්මකද?
    NPP එක උද්ඝෝෂණ මෙහෙයවලා රට අස්ථාවර කළා නම්, ඒ කාලේ තිබුණු 2/3ක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවට ඇයි බැරි වුණේ ඒ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දීලා මිනිස්සුන්ව සන්සුන් කරන්න?

    2022දී රට බංකොලොත් වුණේ මිනිස්සු පඩි වැඩි කරන්න අහපු නිසාද, නැත්නම් පාලකයෝ පාරදෘශ්‍යභාවයකින් තොරව ගත්ත ණය සහ අත්තනෝමතික බදු සහන නිසාද
    කොච්චර බුද්ධිමත් උනත් මිණිස්සු ආර්ථික කටයුතු වලදි වැඩ කරන්නේ ගොඩක් වෙලාවට එක සමාන විදියට. දොස්තරලා, නර්ස්ලා , පී.එච්.අයිලා, උගත් උනාට ඒ ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එකේ. ඒගොල්ලො ආර්ථික විද්‍යාව දන් නෑ. ඒ ගොල්ලොන්ගේ ඔළුවට ජෙප්පෝ ටික දාපු විශබීජේ තමා ආණ්ඩුව සහ පාලකයෝ දූශිතයි කියලා. එහෙම කලේ නෑ කියනවා නම් උගන්ඩා කුමාරිගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න. අනුර කුමාරගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න.

    අර එක වීඩියෝ එකක් තියෙනවා අනුර ජනාධිපතිවරනේදි ඛනිජ තෙල් සංස්ථාව හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදියි කියලා. ආයි ඌම ජනාධිපති උනාම පාර්ලිමේන්තු ඇවිල්ලා අහනවා ණය ගෙවන්න තියෙන නිසා හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදිද කියලා.

    තව වීඩියෝ එකක් තියෙනවා අනුර කොවිඩ් කාලේ පාර්ලීමේන්තුවට මාස්ක් එකකුත් දාගෙන ඇවිල්ලා ගෑස් මිළ වැඩි කරපු එක වැරදියි කියලා කියන එකක්. ඔය වගේ වීඩීයෝස් ඕන තරම් ඇති සෝශල් මීඩියා වල.

    අනික ඔය බෙහෙත් හිඟ වුනේ ඇ‍යි කියලා මම කලිනුත් කිව්වානේ. ගොඩක් බෙහෙත් ජාති ලංකාවේ නිශ්පාදනය කරන් නෑ. ඒවා රටින් ගෙන්නනවා. ග්ලොබල් ලොජිස්ටික් වල ෆේලියර් එකක් වෙනකොට පිට රටින් එන බෙහෙතුත් නැවතෙන එක සාමන්‍යයයි. අනික ඉතින් ජෙප්පෝ මෙහෙයවන වර්ජනවලට සමානව රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරලා ගෙවන්නත් ගියාම බෙහෙත් ගෙන්නන්න සල්ලි නෑ.

    අවුරුදු 24ක් තිබ්බ ප්‍රශ්නේ විසද ගන්න මතක් උනේ ලෝක අර්බුධේකට මැදි වෙලා රටට කෙල වෙන්න යන වෙලාවෙද බං?

    සීනී බදු වංචාවට කීදෙනෙක් හිරේ එහෙම ගියාද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. ඕක තමා කියන්නේ ආර්ථික විද්‍යාව පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ කියලා. රටට සීනී ගෙනාවම ඒ සීනී වලට ආණ්ඩුව බදු ගැහුවොත් වෙන්නේ ඒ සීනී ගෙන්නපු මනුස්සයා බද්ද ගෙවලා සිල්ලරට සිනී විකුණන්න තමන්ගෙන් සීනි ගන්න තොග මුදලාලිලාගෙන් ඔය බද්ද අය කරගන්න එක. ඒක ඒ මුදලාලිගෙන් ආපහු පාරිභෝගිකයා දක්වාම ගිහින් අන්තිමට පාරිභෝගිකයා අතට යන සීනී කිලෝ එකේ මිළ වැඩි වෙන එක. ඕක නවත්තන්න තමා රජයට එන බදු මුදල අඩු කලේ. අනික එහෙම බදු නැතුව බඩු ගේන්න දුන්නාම ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් බඩු ගෙනල්ලා රට ඇතුලේ භාණ්ඩ හිගයක් නැති වෙනවා. අර්බුදේක ඉන්න රටකට ඒකත් ලොකු දෙයක්. අනික කොහොමත් ජෙප්පො මිනිසුන්ගේ ඔළුව කාලා තිබ්බේ අඩු මිලට බඩු තියෙන්න ඕනේ කියලා. බඩු මිළ අඩු කරන්න නම් බදු අඩු කරන එක තමා ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම දේ.

    උබලාට වැඩි පඩිත් ඕනේ. අඩු බඩු මිළකුත් ඕනේ. ඔය දෙකම කරන කොට රජයේ වියදම් තමා වැඩි වෙන්නේ. රජයේ වියදම් වැඩි වෙලා බිලියන 10 ඉවර උනාම පඩි ගෙවන්නයි, සහන දෙන්නයි සල්ලි මුද්‍රණය කලා. ඊළඟට ඒ මුද්‍රණය කරපු සල්ලි දීලා ඩොලර් ගන්න ගියාම ඩොලර් රේට් එක වැඩි උනා. බඩු මිළ අඩුවෙන් තියා ගන්න ඕනේ නිසා එක්ස්චේන්ජ් රේට් වැඩි කරන්න නොදී හිටියා. අන්තිමට ඉතින් හෝල් ඉකොනොමි කලැප්ස්. ඔය ඔක්කෝටොම උඩ ගෙඩි දීපු ජෙප්පො ටික තව පාරක් මෝඩයන්ගේ මොළ ටික හොදලා ආණ්ඩුවේ දූශණ නිසා මේක උනා කියලා බලයට ආවා.

    එන්.පී.පී. එක බලයට ආවේ ජනතාවට නායකත්වය දීලා නෙවෙයි. ජනතාවගේ මොළ හෝදලා.
     
    • Like
    Reactions: RealityOfX

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    umba kellek da
    hari nam mala paninna ona me weddi
    අහ් හහ් හහ් හහ්. අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුවට සහය දෙන්නෙ රටට ආදරේ ඇත්තටම රට දියුණු වෙනවට කැමති මිනිස්සු. ඒකයි
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    525
    509
    93
    ඔබ කියන විදිහට දොස්තරලා, නර්ස්ලා, PHI මහත්වරු කියන්නේ ඉගෙන ගත්තු, රටේ ඉහළම බුද්ධිමතුන්. දේශපාලන පක්ෂයක් කිව්ව පලියට තමන්ගේ වෘත්තීය ගරුත්වයත්, ජීවිතයත් පරදුවට තියලා පාරට බහින්න තරම් ඔවුන් මෝඩයි කියලා ඔබ හිතනවාද? ඇත්තටම එතන වුණේ NPP එකේ මෙහෙයවීමක් නෙවෙයි, පාලකයන් විසින් ඔවුන්ව අන්ත අසරණ කිරීමයි. ඔවුන් පාරට බැස්සේ පඩි වැඩි කරගන්න විතරක් නෙවෙයි, රෝහල්වල බෙහෙත් නැති වෙනකොට, ආරක්ෂිත ඇඳුම් (PPE) නැතිව තමන්ගේ ජීවිත අනතුරේ වැටෙනකොටයි.

    ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය කියන්නේ අවුරුදු 24ක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. හැම ආණ්ඩුවක්ම ඒක දෙනවා කියලා පොරොන්දු වෙලා ඔවුන්ව රැවැට්ටුවා. ලෝකෙම වසංගතයකින් බැටකද්දී, අපේ රටේ පාලකයෝ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා සුඛෝපභෝගී වාහන ගේන්න උත්සාහ කරපු හැටි ඔබට මතකද? වසංගතය අස්සේ මිනිස්සුන්ට කන්න නැතිව ඉද්දී "සීනි බදු වංචාවෙන්" රුපියල් බිලියන 15ක් තමන්ගේ හිතවතුන්ට දුන්නේ කවුද? පාලකයෝ එහෙම සල්ලි නාස්ති කරන කොට, තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැති වුණාම ගුරුවරු පාරට බහින එක සාධාරණ නැද්ද?

    ඕනෑම රටක මිනිස්සු පාරට බහින්නේ පාලකයෝ තමන්ට දීපු පොරොන්දු ඉටු නොකරන කොට සහ තමන්ට ජීවත් වෙන්න බැරි මට්ටමට රටේ ආර්ථිකය වැටෙන කොටයි. NPP එක කළේ ඒ පීඩිත මිනිස්සුන්ගේ හඬට නායකත්වය දීම පමණයි. වැරැද්ද තියෙන්නේ ප්‍රශ්නය අහන කෙනාගේ නෙවෙයි, ප්‍රශ්නය නිර්මාණය කරපු පාලකයාගේ නේද?

    දේශපාලන පක්ෂයකට පුළුවන් නම් රටේ ඉන්න දහස් ගණන් දොස්තරලා, නර්ස්ලා සහ ගුරුවරුන්ව පාරට බස්සන්න, ඒකෙන් තේරෙන්නේ නැද්ද එදා පාලනය කරපු ආණ්ඩුව ගැන ඒ වෘත්තිකයන්ට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ කියලා?

    කොවිඩ් කාලේ පාලකයෝ "සීනි බදු වංචාවෙන්" සහ අනෙකුත් ගනුදෙනු වලින් රටේ සල්ලි රුපියල් බිලියන ගණනින් කොල්ලකද්දී, ඒ ගැන කතා නොකර තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලපු වෘත්තිකයන්ට දොස් කියන එක කොතරම් දුරට සදාචාරාත්මකද?
    NPP එක උද්ඝෝෂණ මෙහෙයවලා රට අස්ථාවර කළා නම්, ඒ කාලේ තිබුණු 2/3ක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවට ඇයි බැරි වුණේ ඒ ප්‍රශ්නවලට සාධාරණ විසඳුම් දීලා මිනිස්සුන්ව සන්සුන් කරන්න?

    2022දී රට බංකොලොත් වුණේ මිනිස්සු පඩි වැඩි කරන්න අහපු නිසාද, නැත්නම් පාලකයෝ පාරදෘශ්‍යභාවයකින් තොරව ගත්ත ණය සහ අත්තනෝමතික බදු සහන නිසාද
    හරි, එහෙනම් දැන් කාලෙ අවිත් තියෙන්නෙ. බලෙත් තියෙනව. අරම කරන්නම් මෙහෙම කරන්නම් කියල කියපුව දැන් කරල පෙන්වන්නයි තියෙන්නෙ. නිදහසට කාරනා කියන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ. මොකද ඒ කාරනා සේරම විපක්ෂයේ ඉන්න කාලේ ඔබ තුමන් ලා විවේචනය කරලයි තියෙන්නෙ. මාස 6 ක් ඇති කියලයි ආවෙ. 3% ලක්ශ 69 කලේ පිටසක්වලින් අවිත් නෙවෙයි. මේකෙම මිනිස්සු චන්දෙ දාල... මේ කෙ ඔබව විවේචනය කරන මිනිස්සු බහුතරයක් මාලිමා වට චන්දෙදුන්නු අය.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,259
    4,546
    113
    36
    අහ් හහ් හහ් හහ්. අනුර කුමාර ප්‍රමුඛ ආණ්ඩුවට සහය දෙන්නෙ රටට ආදරේ ඇත්තටම රට දියුණු වෙනවට කැමති මිනිස්සු. ඒකයි
    Api modai ne. Eka wennathi
     
    • Like
    Reactions: wtsamantha