ලබුගම කලටුවාව හිඳිලා! ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් .

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    මූ ආපුදා ඉදන් රටට මුසලයි… දැන් ඩෝබිලා වැඩ කරන්නේ කොහොමද ?🤌🤣
    වැඩ කරගන්න බැරිව ඩෝබි පොන්නයෝ හතර දෙනෙක් කෙදිරි ගාලා තියෙන්නේ බන්
    උබ දාපු කමෙන්ට් එකට කලින්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    මුන්ට හරියට වැස්සක් වත් වස්සගන්න බෑ.

    කරන්න බැරි නං රනිල්ට දීපන් 🤌🏼

    පයින්
    ඇයි මාස දෙක තුනකට කලින් සුලි කුනාටුවක්ම දුන්නෙ
    මතක නැද්ද
     
    • Haha
    Reactions: HKavinda and KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    ඊයෙත් කැපුවා හෙටත් කපනවලු :lol:

    හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    April 6, 2026 06:36 pm

    පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙට (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
    ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම කප්පාදු කෙරේ.
    පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

    - https://sinhala.adaderana.lk/news/223770
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36

    වේශ බල්ලෝ බොරු කියන්නේ

    අපිට හවස 5 ඉඳන් වතුර නෑ. එන්නේ හෙට උදේ 5ට ලු.

    කියලා නෙවෙයි කැපුවෙ
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    අද ආපහු කපනවා හෝමාගම පැති වලට :lol:

    පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැවවල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරක පිටිය පාර, නියදගල පාර, දොලේකඩේ හන්දිය, කුඩමාදුව 255 බස් මාර්ගයේ වෙල දක්වා, පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා ප්‍රදේශ වලට අද (07) ප.ව. 8.00 සිට හෙට (08) පෙ.ව. 8.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇත.

    පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමාකර ඇති අතර එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය සපයනු ලබන ඉහත ප්‍රදේශයන් සඳහා ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව වැඩිදුරටත් සඳහන් වේ.
    - https://sinhala.adaderana.lk/news/223810
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,018
    20,206
    113
    Panadura
    මේ ටිකේ ඉංගිරිය පැත්තට වැහැපු හින්ද ද දන්නේ නෑ වතුර ප්‍රෙෂර් එක ටිකක් වැඩි කරලා
    අපිට (පානදුර) වතුර එන්නේ හොරණ ඉඳන්