චම්පික රණවක

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,910
    2,008
    113
    දිදුලන වදන් මුව අග තවරා ගන්නේ
    වැඩ බැරි කමයි සළු පිළිවල හංගන්නේ
    අතවන වනම බොරු සිහිනෙක පාවෙන්නේ
    පිටකොන්ද නැති හැටි කාටද නොපෙනෙන්නේ

    අද කී දේම හෙට අමතක කරලන්නේ
    වාසිය ලැබෙන මං සොයමින් දුවපන්නේ
    හුළඟට පාවෙනා කොඩියක රූ වෙන්නේ
    නැමෙනා රැලකි බත් බැලයෝ සැදෙන්නේ

    රට ගැන නොවෙයි තනතුර ගැන වැලපෙන්නේ
    කන බොන තැනයි දණ ගහලා වඳින්නේ
    මල් මාලා දමා වේදිකාවට එන්නේ

    හෙට දින නුඹව ඉතිහාසය හඳුනන්නේ

    කවියේ අදහස:
    මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළේ ප්‍රතිපත්තියක් නොමැතිව, වාසියට පමණක් ඕනෑම තැනක නැමෙන සහ වැඩකට වඩා වචනයෙන් පමණක් දක්ෂකම් දක්වන දේශපාලන ස්වරූපයයි.


     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,267
    15,877
    113
    මූව හිරේ දාන්නම වෙනවා

    දැනටම නඩු දෙකක් සෙට් කරලා තියෙන්නේ
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,326
    9,058
    113
    Around the world
    අනුර පාඨළීට බයද?
    අනුර පාඨළීට බයද කියලා ඔයාලගෙන් ඇහුවොත්,සමහරු ඔව් කියයි,සමහරු නෑ කියයි.අනුර පාඨළීට බයද කියලා රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළටත් කියන්න වෙන්නේ ඔව් කියලා. පාඨළීගේ විපක්ෂ භූමිකාව ඉස්සරහා අනුරගේ,ටිල්වින්ගේ සහ මාලිමාව පොලීසියේ හැසිරීම මේක නං බැලූ බැල්මටම පේන්නේ අනුර පාඨළීට බයයි කියලා තමයි.
    ඒක මේ මිත්‍යාවක ඉඳන් කියන කතාවක් නෙවෙයි.පාඨළීට පක්ෂපාතීව දෙන උත්තරයකුත් නෙවෙයි.මොකද රටේ රාළ ඔය දෙන්නටම බය නෑ.මීට මාස කීපයකට උඩදී රටේ රාළ කිව්වා පාඨළි කොටුකරන මෙහෙයුමක් පැලවත්තේ සාකච්ඡා වෙනවා කියලා.පැලවත්තේ ඩයි සීයගේ Table එකට ෆයිල් එක එනකොටම ඒකේ පිටපතක් පැලවත්තෙන්ම අපේ අතටත් එනවා.
    අනුර පාඨළීට බය නෑ කියලා කියන අයට එහෙම කියන්න හේතු ගොඩකුත් ඇති.පාඨළීට ලොකු මහජන බලයක් නෑ.ජවිපෙට වගේ රට පුරා විසිරුණු පක්ෂ යාන්ත්‍රණයක් නෑ.එහෙම ශක්තියක් තිබුණා නං ගිය මහ මැතිවරණයට ඉල්ලලා පාඨළී පාර්ලිමේන්තු එන්න ඕනිනේ.පාඨළීට රාජ්‍ය බලයත් නෑ.පාඨළී එක්ක කාටවත් වැඩ කරන්න බෑ.පාඨළී ආක්‍රමණශීලී,පාඨළී අවස්ථාවාදී ඔය වගේ චෝදනාත් ගොඩක් තියනවා.ඒ චෝදනාවලින් සමහරක් රටේ රාළටත් තියනවා.
    ඇත්තටම ඇයි අනුර පාඨළීට බය.ඒකට හේතු කීපයක් තියනවා. මේක කතාව හොඳට පැහැදිලි කරගන්න අපි රනිල්,පාඨළී සහ අනුරව සන්සන්දනය කරමු.මේ තුන් දෙනාගේ තියෙන්නේ මතවාදය තුනක්.රනිල් ලිබරල් මතය දරන කෙනෙක්.අනුර මතයක් විදිහට පිලිගත්තේ මාක්ස්වාදය.රටේ රාළ එහෙම කියන්නේ තවමත් ජවිපෙ ඇතුලේ පන්ති පහ කරන හින්දයි.
    දැන් රාජ්‍ය සේවකයන්ට පවා පන්ති කරන්න පටන් අරන්.අනුරලා බලය ගත්තට පස්සේ රට පාලනය කරන්නේ රනිල්ගේ ලිබරල්වාදයට අනුව.ඒකනේ අනුර ජේආර්ගේ පුතෙක් කියලා කවුද කිව්වේ.හාබැයි අනිත් පැත්තෙන් ටිල්වින් රාජ්‍යය අත්පත් කරගන්න යන්නේ මාක්ස්වාදයට අනුව.දැන් දෙන්නගෙ දෙක පැටලිලා සමනල ගැටේ වැටිලා තියෙන්නේ.රටේ රාළ කියන්නේ නෑ පාඨළී මුල ඉඳන් එකම මතයක හිටියා කියලා.
    අවස්ථාව අනුව පාඨළී මතවාදය වෙනස් කරගත්ත තැන් ඕනි තරම් තියනවා.රටේ රාළ පාඨළීගේ මේ මතවාදී චලනය දකින්නේ දියුණු වෙන එකක් විදිහටයි.ලිබරල්වාදය සහ මාක්ස්වාදය අතර තියලා හිතුවොත් පාඨළී මාක්ස්වාදයට ගොඩක් මෙහා ලිබරල්ම නොවෙන ඒත් ලිබරල්වාදයට කිට්ටු,ජාතිකවාදයත් ගැබ්වුන,යම් තරමකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිත මතයක් නියෝජනය කරනවා.
    ඒකේ අහිතකර ලක්ෂණ නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. හැබැයි ඒවා ක්‍රමයෙන් ක්ෂය වෙමින් හොඳ සහ විද්‍යාත්මක පදනමක් වටේට පාඨළී තමන්ගේ මතවාදය පෝෂණය කරගෙන තියනවා.ඒ ඇතුලේ ලොකු හැදෑරීමක් තියන බව පේනවා.ජවිපෙ මතවාදීමය වශයෙන් දුර්වලට වෙද්දී පාඨළී මතවාදීව ශක්තිමත් වෙලා තියනවා.ඊළඟ එක තමයි පාඪළිට රාජ්‍යය තුලින් විශාල වශයෙන් තොරතුරු සන්නිවේදනය වෙනවා.
    ආණ්ඩුවේ වැරදි රාජ්‍ය යාන්ත්‍රණය තුලින්ම එලියට එනවා.මේ වෙලාවේ ඒක ආණ්ඩුවට මාරාන්තිකයි.අනුර දැන් පාඪළිට විතරක් නෙවෙයි පාඪළිගේ ෆොන් එකටත් බයයි.පහුගිය කාලේ එක එක කඳවුරුවල රස්තියාදු උන පාඪළි දැන් තමන්ගේ කඳවුරු විදිහට ඒකාබද්ධ විපක්ෂය තෝරගෙන තියනවා.ඒ කඳවුරු ඇතුලේ පාඪළිගේ භූමිකාව ප්‍රබලයි.
    පාඪළිගේ මතවාදය ප්‍රබලයි සහ පාඨළී ඒ කදවුරේ ස්ථානගත වීම අභියෝගය විදිහට ජවිපෙ සලකනවා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ කදවුරේ දැනට මතුවෙමින් තියන නායකත්වයන් අතර පාඨළීත් ප්‍රභල වරිතයක්.දයාසිරි,දිලිත් වගේ මතුවෙමින් පවතින චරිත අතර පාඨළී විශේෂක් විදිහට කැපිලා පේනවා.ඒ වගේම ඒ කඳවුරට රනිල්ගෙන් පස්සේ ලොකු නායකත්ව හිස්තැනක් එනවා.
    ඒ හිඩැස පිරවිය හැකි කීපදෙනාගෙන් එක්කෙනෙක් විදිහට පාඨළී හදුනා ගන්න පුළුවන්.පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයේ භූමිකාවේ ප්‍රධානම වැඩ කොටස පාඨළී ඉෂ්ඨ කරනවා.සමහර අවස්ථාවල ඒක පාර්ලිමේන්තු ඇතුලේ විපක්ෂ භූමිකාවටත් වඩා ප්‍රබලයි.පාඨළී,ගම්මන්පිල,විමල් වගේ පාර්ලිමේන්තුවෙන් පිටත විපක්ෂයේ භූමිකාවට පණ පොවන කීපදෙනෙක් ඉන්නවා.
    මේ තීරණාත්මක මොහොතේ ආණ්ඩු විරෝධී සහ ශ්‍රී ලංකා රාජ්‍යයට පක්ෂපාතී භූමිකාවේ ප්‍රභල හඩක් බවට පාඨළී පත්වෙලා තියන බව කුහක නොවී කියන්න ඕනි.ජාතික සහ ජාත්‍යන්තර ප්‍රශ්න ගැන දත්ත සහිත නිවැරදි විග්‍රහක් පාඨළීට තියනවා.ඒ සදහා විශාල දැනුමක් සහ ප්‍රායෝගික භාවිතාවක් පාඨළීට තියනවා.ඒ හරහා පාඨළී අවධි කරන ජනමතය ආණ්ඩුවට කිසිසේත් හිතකර නෑ.
    පාඨළී කියන්නේ තමන් හිමිවුන වගකීම්වලට සාධාරණය ඉෂ්ඨ කරපු කෙනෙක්.මේ ඇමති මණ්ඩලයේ කිසිම කෙනෙකුට පාඨළීලා එක්ක හැරෙන්නවත් බෑ.ඒ නිසා පැලවත්තේ තීරණය පාඨළීගේ හඩ නිහඩ කිරීමයි.රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ගේන්නේ ඒකට.ඇත්තටම රාජ්‍ය විරෝධීන් ඉන්නේ මේ ආණ්ඩුවේ.පාඨළී ආණ්ඩු විරෝධියෙක් මිසක රාජ්‍ය විරෝධියෙක් නෙවෙයි.
    පාඨළීගෙන් ප්‍රකාශිත ආණ්ඩු විරෝධය මාලිමා පොලිසිය හරහා ඊනියා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට පත් කරලා සූරේෂ් සලේට දුන්න දඬුවම පාඨළීටත් දෙන්න හදනවාද කියන සැකය රටේ රාළට තියනවා.
    එහෙම බැරි උනොත් ඩයි සීයාගේ යමපල්ලෝ ටීම් එක හරහා එයාලගේ නන්දන ගුණතිලක සිස්ටම් එක උනත් ක්‍රියාත්මක කරන්න බැරි නෑ.පාඨළී ඉලක්ක කර ආණ්ඩුව කරන්න හදන මේ දේශපාලන දඩයමට විපක්ෂය කොන්දේසි විරහිතව එරෙහි වෙන්න ඕනි.ඒ වෙනුවෙන් සමස්ථ විපක්ෂයම සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් නැගිටින්න ඕනි.ඔන්න රටේ රාළ ඒ සටනේ මුලික පියවර තිබ්බා.
    හරි එසෙනම් ගිහින් එන්නම්.
    ජයවේවා.
    මිට
    රටේ රාළ(
    Priyanjith witharana)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    The Difference is person who got in to Engineering Faculty and the person who settled for basic degree in Physical Science . Both did JVP/DJVP politics. One is lucky whereas the other is unlucky. Both supported MR to come to power and both had differences later. AKD states more lies and jokes than facts and truth.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,850
    13,893
    113
    මු හොද මීටරෙ. මූ එයිද නැද්ද දන්නෙ නැ. හැබයි මන් නම් කැමති ඩයල් එකට. අනුරට තමයි මාත් සපොර්ට් කරෙ. හැබයි අනුරයි පාටලි ඉල්ලුවොත් මන් පාටලි ට දෙනවා.
    ඇත්තටම අනුරලා තාම ඉන්නෙ ලොකු ලොකු දේවල් ප්ලැන් කරන්න බැරි ලෙවල් එකක බන්.
    මට මතකයි wtc එකෙ වැඩ කරන කාලෙ සමහර උන් එලියෙ පොර වගෙ ඉදියට ඕකට යන්න බයයි. එ මයින්ඩ් එක හදන්න බැ. අනුර ආපු එක හොදයි. ඊට පස්සෙ ඊට වඩා පොරක් එන්න ඕන.
     
    • Like
    Reactions: wtsamantha

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,515
    1
    6,313
    113
    Oh come on dude 😂

    The Difference is person who got in to Engineering Faculty and the person who settled for basic degree in Physical Science

    I can't affirm this with evidence but ; read somewhere AKD got selected to Faculty of Engineering University of Peradeniya but turned over due to "Political Reasons"

    Yeah agree - Patali is the luminar here - I think became the Colombo or Kalutara District 1st. No doubt about his brilliancy.

    Both did JVP/DJVP politics.

    Y know " infamous rumours say Patali was taken to a concentration camp and got tortured hard then he turned down his "peers" ; became a fucking snitch. 👀 No smoke without fire dude huh ?🔥


    One is lucky whereas the other is unlucky.

    One became the fucking 9th Executive President of the Democratic Socialist Republic of Sri Lanka and other didn't even secure a MP seat 😂 nor a stable political party.

    Both supported MR to come to power and both had differences later.

    AKD collated and endorsed MR while Patali literally sucked his old vintage Cock for years 😅

    AKD states more lies and jokes than facts and truth.

    Far Less than former presidents huh 👀