මාලිමා ආණ්ඩුව විසින් කන්ටේනර් 323ක් ඉතා ඉක්මනින් රේගු පරීක්ශාවකින් තොරව පිටමං කර තම මුල්ම ආර්ථික සංවර්ධන කටයුත්ත සිදු කෙරිනි.
ඉන්පසු කීප වතාවක් ලයිට් බිල අඩු වැඩි කර කාන්චනගේ කොමිස් එක කපා හරින ලදි. ඒ අනුව දැන් ලයිට් බිල පෙරට වඩා වැඩි වුවත් එය ආර්ථික සංවර්ධනයේ ගාමක බවේගයක් බවට පත් වී ඇත.
සමලිංගිකයන් සදහා සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම තුලින් ලොව වැඩිම සමලිංගික සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත් කිරීමට සැලසුම් සකස් කලද ලිං මැඬි පොහොට්ටුවන්, පදක්කමන් සහ ටැලිපෝන් කරුවන් එක්වී එයට අකුල් හෙලීම නිසා එය අකුලා ගන්නට සිදු විය. එමගින් ශ්‍රී ලාංකික ආර්ථිකයට එක්වීමට නියමිතව තිබූ ඩොලර් ට්‍රිලියන දෙකක පමණ මුදලක් අහිමි වී ඇති බවට පැලවත්තේ බුද්ධි අංශ විමර්ශන වලින් අනාවරණය වී ඇත.
වැඩේ ගානට යටින් කරන්නට සිතා අධ්‍යාපන ප්රතිසංස්කරන වලට සමලිංගිකත්වය ඔබා පසුව මෙම ඩොලර් ට්‍රිලියන කීපය ආර්ථිකයට එකතු කර ගැනීමට සැලසුම් සකස් කලද ලිං මැඬි පොහොට්ටුවන්, පදක්කමන් සහ ටැලිපෝන් කරුවන් නැවත එයටද කොක්කක් දැමූ බැවින් එයද අකුලා ගන්නට වූයේ ඩොලර් ට්‍රිලියන ගනන කෙසේ වෙතත් ගුටි නොකා සිටීම වඩා වැදගත් බව තේරුම් ගත් නිසාවෙනි. කෙසේ වෙතත් මෙම ඩොලර් ට්‍රිලියන ගනන ශ්‍රී ලාංකික ආර්ථිකයට එක්වීම නැවැත් වීම හරහා මෙන්ම එම ව්‍යාපෘති වලට වැය කල මිලියන ගනනක මුදල් වල පාඩුවද සිදුවූයේ ලිං මැඬි පොහොට්ටුවන්, පදක්කමන් සහ ටැලිපෝන් කරුවන් නිසාවෙන් බව පැලවත්තෙන් අවදාරණය කර ඇත.
මීට අමතරව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම තුලින් එක් ආයතනයක් වෙනුවට ආයතන හයක් බිහි කල අතර මේ අනුව අළාභය 6ට බෙදීම තුලින් විශාල අලාභයක් අඩු කර ආර්ථිකය සවිමත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.
මහින්ද හොරා කමින් හැදූ හයිවේස් ටික නිසා අර ගෙදර බල්ලාට මේ ගෙදරට යාමට ඇති හැකියාව නැති වීමෙන් විශාල ආර්ථික හාණියක් වන බව පැලවත්තෙන් සොයාගෙන ඇති නිසා මෙම හයිවේස් ටික විනාස කිරීමට දැනටමත් සැලසුම් කර ඇත. එමගින් ආර්ථිකයට විශාල සෙතක් වන බව පැලවත්තේ ආර්ථික විශේශඥ්ඥයින් සොයා ගෙන ඇත.
රනිල් වික්‍රමසිංහට බදු පනවන්නට නොහැකි වූ සහ බදු නොපැනවූ විවිධාකර වූ ක්ශේත්‍ර දෙක තුනක් පමණ (ඔන්ලයින් සේවා සපයන ආයතන සහ පුද්ගලයන්, ජෙප්පන්ට කඩේ ගිය ටියුශන් මාස්ටර් වරුන්, ලංකාවට ඔන්ලයින් බඩු ගෙන්වීමේදි ) සොයාගෙන දැනටම ඒවාට බදු පනවා රුපියල් ට්‍රිලියන කීපයක මුදල් උපයා ගෙන ඇත.
පාස්කු ප්‍රහාරයට මුදල් ආයෝජනය කල ඉබ්රහීම් නානාගේ අත්හිටුවා තිබූ සියළු වත්කම් මුදා හැර ඒවා රටේ ආර්ථිකයට යොමුකරගෙන විශාල ආර්ථික ප්‍රාග්දනයක් උපයා ගෙන ඇත.
ලාල් කාන්ත ඇමැති වරයාගේ නව්‍ය සොයා ගැනීමක් වන සමාජ ප්රාග්ධනය නම් "දුන්නු එකෙකුත් නැති / ලැබුණු ප්‍රමාණෙකුත් නැති" අපූරු උපක්‍රමය ඔස්සේ මුදල් උපයාගෙන රට පුරා නිවාස 153ක් අලුතින් සෑදීමට නව වැඩසටහනක් ආරම්භ කර පාර්ලීමේන්තුවේ නිවාස නොමැති මන්ත්‍රී වරුන් (මාලිමා පමණි.) 153ට ලබා දීමට සැලසුම් කර ඇත. පලාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් (මාලිමා පමණි.) පිළිබදවද පසුව සලකා බලනු ලැබේ. (සුදුසුකම් පරීක්ශා කිරීමෙන් පසුව පමණක් ඩෝබීන් වද සලකා බලනු ඇත.)
වසන්ත සමරසිංහ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ක්ශුද්‍ර මූල්‍ය ක්ශේත්‍රය සහ විතත්යය මූල්‍යය ඒකක (ක්‍රිප්ටෝ ෆයිනෑන්ස්) එක් කරමින් නව්යය ක්‍රමයකින් රටේ ජනතාවගේ මූල්‍යය තත්වය නගා සිටුවීමට නව වැඩ සටහනක් ආරම්භ කර ඇත. (සැලකිය යුතුයි. මහ බැංකුව විසින් නියාමනය නොකරන ව්‍යාපෘතියක් වුවද පැලවත්තෙන් අදාල නියාමනය සිදු කරනු ඇත.)
සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ක්‍රියාත්මක කල දුඹුරු සීනි විකිණීමේ විසල් ව්‍යාපෘතිය මගින් මේ වන විට රට පුරා දුබුරු සීනී විකිණීමේ වෙළඳ සැල් එකක් විවෘත කර ඇති අතර එමඟින් දෛනිකව දුබුරු සීනි මිලි ග්‍රෑම් 5000 බැගින් විකුණමින් විසාල ආධායමක් රජයට ජනිත කරනු ලබන අතර උත්පාදනය වන විශාල අධායම හේතුවෙන් ආදායම ගනනය කර ගැනීමේ අපහසුතාවයක් පවතී.
තංගල්ල ප්‍රදේශයේ ඛනිජ වැලි නිධිය සම්පූර්ණයෙන් මාලිමා කරනයෙන් පසුව නව විදෙස් ආයෝජනයක් රැගෙනවිත් ඩොලර් සත දහස් ගනනක් උපයා ගැනීමට ඇත්තේ තව දින කීපයකි.
දිට්වා සුලි කුණාටුවෙන් විනාස වී ගිය කොළඹ නුවර දුම්.රිය මාර්ගය, ප්‍රසන්න ගුණසේන සහෝදරයාගේ මග පෙන්වීම යටතේ මාර්තු 31 වන දින වන විට සම්පූර්ණයෙන් ප්රතිසංස්කරනය කොට මේ වන විට අම්මට සිරි වෙන්න ලාභ උපයනු ලැබේ.
සුනිල් හඳුනෙත්ති සහෝදරයාගේ සංකල්පයක් අනුව මල්වතු ඔය ආපසු හරවා ත්‍රීකුණාමලයෙන් මුහුදට බැස්සවීමේ ව්‍යාපෘතිය නුදුරේදීම අවසන් කරනු ලබන අතර එමගින් ත්‍රීකුණාමල දිත්රික්කයෙන් පමණක් මුළු ලංකාවේම ආර්ථික ගැටළු වලට අවශ්‍යය මුදල් සම්පාදනය කර ගැනීමට සැලසුම් සකස් කර ඇත.
අඩු මිළට ගල් අඟුරු රටට ගෙන විත් අති විශාල ලාභයක් මෙරට ආර්ථිකය අත්කර දී ඇති අතර ඉදිරි වසර ගනනාව තුලදීද මේ ආකාරයෙන්ම ගල් අඟුරු ගෙනවිත් රටේ මුදල් ඉතිරි කිරීමට සැලසුම් කර ඇත.