එකට බීලා ඔළුවට පොල්ලෙන් ගහලා පයාගල පුද්ගලයකු මරලා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,787
    7,710
    113
    හිසට පොල්ලකින් පහර දී පයාගල ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බව පයාගල පොලිසිය පවසයි.

    මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි දැරණියගලගේ නිශාන්ත පීරිස් නමැති අයයි. පයාගල විහාරකන්ද ප්‍රදේශයේ නිවසක පෙරේදා (15 දා) රාත්‍රියේ අවුරුදු මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී එකට මත්පැන් පානය කළ අය අතර කතාබහක් ඇතිව තිබූ බව සඳහන් වෙයි.

    මත්පැන් සාදයෙන් අනතුරුව ඝාතනයට ලක්වූ පුද්ගලයාට දකුණු පයාගල දුම්රිය ස්ථානයේ අසල ඇති එළවළු වෙළෙඳසල ආසන්නයේදී පහර දී ඇති බව පොලිසිය පවසයි.

    හිසට බරපතල තුවාල ලබා සිටි ඔහු කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. ඝාතනය සිදුකළ පුද්ගලයා එම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
     
    • Haha
    Reactions: Cypress

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,206
    15,310
    113
    Never drink with adukuley fellows. This is why I don't go to batch parties and only drink with a selected few :yes:
    KrishanL89
    Farmers Market Cheers GIF by The Pozek Group
    tharakaf