තායිලන්තයට ගිය ඕනෑම කෙනෙකුට පළමුවම පෙනෙන්නේ කොළ, තැඹිලි, රතු වර්ණ ලාංඡනයක් සහිත 7-Eleven වෙළඳසැල්ය. බෑංකොක් සිට පුකට්, පතායා සිට චියැන්ග් මයි දක්වා – තායිලන්තයේ සෑම වීදියකම වගේම 7-Eleven එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අද 7-Eleven තායිලන්තයේ ජීවිතයේ කොටසක් බවට පත්වී ඇත. 
7-Eleven මුලින්ම ඇරඹුණේ ඇමරිකාවේ. පසුව එය ලොව පුරා ප්‍රසිද්ධ වුණා. තායිලන්තයට 7-Eleven අයිතිය ලැබුණේ CP All සමාගමට 1988 දී. පළමු 7-Eleven වෙළඳසැල 1989 දී Bangkok Patpong Road හි විවෘත කරන ලදී. එදා පටන් අද දක්වා එය විශාල ව්‍යාපාර ජාලයක් බවට වර්ධනය වී තිබේ. 
2025 වන විට තායිලන්තය පුරා 15,000+ කට වැඩි 7-Eleven ශාඛා තිබෙනවා. මෙය ජපානයට පසුව ලෝකයේ විශාලම 7-Eleven ජාල වලින් එකක් ලෙස සැලකේ. 
බස් නැවතුම්පල ලඟ, හෝටල් අසල, apartment area වල, even petrol shed ලඟ – ඕනෑම තැනක 7-Eleven එකක්.
දවල් රාත්‍රී ඕනෑම වෙලාවක යන්න පුළුවන්.
බීම, snacks, ready meals, ice cream, coffee – tourist ලාටත් affordable.
Toastie sandwiches, Thai fried rice, noodles, burgers, desserts – microwave කරලා දෙනවා.
Electricity bill, mobile reload, parcel sending, banking services පවා තියනවා.. 
*
*
*
*
*
*
7-Eleven තායිලන්තයේ retail market එකේ විශාල කොටසක් අල්ලාගෙන ඉන්නවා. රැකියා දහස් ගණනක් ලබා දීලා තියෙනවා. Logistic, bakery, food production, delivery sectors වලටත් CP All හරහා ලොකු බලපෑමක් තියෙනවා. 
* එකම වීදියක stores 2ක් 3ක් තියෙනවා
* Tourist spots වල almost every 100m store එකක්
* Clean toilets.
තායිලන්තයට යන ලංකාවේ අයට cheap food, water bottles, snacks, SIM reload, quick meals ගන්න හොඳම තැන 7-Eleven.
7-Eleven කියන්නේ තායිලන්තයේ සාමාන්‍ය shop එකක් නෙවෙයි. එය තායි ජන ජීවිතයේ කොටසක්. Tourist කෙනෙක් නම් අනිවාර්යෙන්ම එක පාරක් යන්න ඕන තැනක්. තායිලන්තයට ගිහින් 7-Eleven නොගියොත් trip එක complete නෑ