Luke 9:3
1එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී, 2දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්ටත් රෝගීන් සුවකරන්ටත් ඔවුන් යැවූසේක. 3තවද උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ගමනට කිසිවක් එනම් සැරයටියක්වත් මල්ලක්වත් රොටිවත් මුදල්වත් කබා දෙකක්වත් නොගන්න. 4නුඹලා ඇතුල්වන්නේ යම් ගෙදරකටද එහි වාසයකොට, එතැනින් පිටත්ව යන්න. 5නුඹලා පිළිනොගන්න යම් පමණ දෙනෙක් ඇද්ද නුඹලා ඒ නුවරින් පිටත්ව යන කල ඔවුන්ට විරුද්ධව සාක්ෂි පිණිස නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්නැයි කීසේක. 6ඔව්හු පිටත්ව හැම තැන්හිම ශුභාරංචිය දේශනාකරමින්ද රෝග සුවකරමින්ද ගමින් ගමට ගියෝය.
මුනුත් හොරු, පාස්ටර්ස්ලාත් හොරු