ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ කෙසේ නම් අරිඅටඟිමග වඩාද, අරිඅටඟිමග බහුල කෙරේ ද: ආනන්දය, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට, නිවනට නැමෙනසුලුකොට සම්‍යග්දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකොට, විරාගය ඇසුරුකොට, නිරෝධය ඇසුරුකොට නිවනට නැමෙනසුලුකොට සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වචනය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්ආජීවය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යග්වය්‍යයාමය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්ස්මෘතිය වඩයි. විවේකය ඇසුරුවූවක්, විරාගය ඇසුරුවූවක්, නිරෝධය ඇසුරුවූවක්, නිවනට නැමෙන සුල්ලක් කොට සම්‍යක්මාධිය වඩයි. ආනන්දය, කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුළු මහණ මෙසේ අරිඅටඟිමග වඩයි. අරිඅටඟිමග බහුල කෙරෙයි.
☸ මූලාශ්‍රය : උපඩ්ඪ සූත්‍රය : https://tipitaka.lk/sn-5-1-1-2/sinh
සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!