AI වලින් ලෝකෙට වෙන්නෙ හොඳක්ද? නරකක්ද? කීපදෙනෙක් මුලු ධනයම තමන් ගාවට ගන්න කැපෙන පාරක්ද? - උඹලා මොකද හිතන්නෙ?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,982
    1
    8,809
    113
    -~උලක් උඩ-~
    That's why domains are insanely valuable in coming years,because all the jobless niggas gonna start something and they need a domain name
    What if Someone create a system on web with a buitin AI where addresses of websites , domains are identified with visible numbers instead of words and you can assign specific words on your choosing to that numbers string within your PC ?
     
    • Like
    Reactions: CohenLenstra

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    What if Someone create a system on web with a buitin AI where addresses of websites , domains are identified with visible numbers instead of words and you can assign specific words on your choosing to that numbers string within your PC ?
    Like web3? Doesn’t seem to work people are still hard coded to
     
    • Like
    Reactions: jamiezue and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,474
    1
    6,274
    113
    AI කම්පැනි තාම ප්‍රොෆිට් නෑනේ
    ඒක තමා indication එක. Company ඔච්චර cash burn කරනවා කියන්නේ උන්ට ලොකු potential එකක් පේන නිසා.

    Experts speculate that Anthropic will surpass 1Trillian evaluation if the current growth rate persist for next 24 months.

    AI is the pinnacle of Silicon Technology dude - there won't be anything superior to this.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    මම කැමැති ලොකේ හැමෝම රස්සා නොකර අතට ගානක් දීලා ඔහේ ජීවත් වෙන්න දවසක් එනවනම්ම්
    Elon Musk කාරයත් UHI ( Universal High Income ) කියන Concept එක ගැන කථා කරනවනේ. ඒ කියන්නේ AI & Robotics එක්ක ඉස්සරහට ලෝකේ මිනිස්සු වැඩ කරන්න ඕනේ නෑ. නිෂ්පාදනය AI & Robotics විසින් කරගෙන යනවා රජයන් විසින් මිනිස්සුන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න මුදලක් දෙනවා කියලා. හැබැයි එහෙම උනාම මිනිස්සුන්ගේ Creative Thinking එක නැති වෙනවා. මිනිස්සුන්ගේ ජීවිතේට අභියෝග කියන දේවල් නැතිවෙනවා. මිනිස්සුන්ට ජීවිතේ අරමුණක් නැතිවෙනවා. අන්තිමට මේ ලෝකෙට මිනිස්සු කියන ජීවී කොට්ඨාශය ඉඳලා වැඩක් නැති පරිණාමයට උදව්වක් නැති වඳවෙලා යන තත්වයකට පත් වෙයි :D
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,198
    2,689
    113
    ඒක තමා indication එක. Company ඔච්චර cash burn කරනවා කියන්නේ උන්ට ලොකු potential එකක් පේන නිසා.

    Experts speculate that Anthropic will surpass 1Trillian evaluation if the current growth rate persist for next 24 months.

    AI is the pinnacle of Silicon Technology dude - there won't be anything superior to this.
    As i expect this will collaps within 2 years, they have to change package prices or relye on invetment, i don't think they will invet if they cant make profit
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,035
    5,222
    113
    මම තේරුම් ගත්ත විදිහ මේක. AI වගේ දේවල් කියන්නෙ දැන් නැතත් කවදහරි දවසක උනත් fully 100% implement කරන්න පුළුවන් දෙයක් නෙමේ ලෝකෙට.
    AI ඉන්නෙ business world එකේ නං business තියෙන්නෙ buyers and sellers කියන base එක මත. ඕක හෙන සරල කරල මුලින් තේරුන් ගන්න ඕන.

    මොකක් හරි product එකක් විකුණන sellers ල සෙට් එකක් ඉන්නව කියල හිතමු. හැබැයි කිසිම buyer කෙනෙක් ඔය product එක ගන්න නැත්තං එතන අර sellers ල කියන market එක පවතින්නෙ නෑ. අනිවාර්යයෙන්ම market එකක් පවතින්න buyers ල sellers ල දෙගොල්ලොම ඉන්න ඕන.

    අන්න ඒ වගෙ අපි හිතමු ලෝකෙ තියන හැම business එකම AI දාල automate කළා කියල. ලෝකෙ හැම service එකක්ම production එකක්ම product එකක්ම AI වලට implement කළා කියල හිතමු. Bank එකකට ගියත් ඉන්නෙ රොබෝල, super market එකේ එක cashier කෙනෙක් නෑ එක්කොම automated. ඉන්නෙ සිකුරුට්ටල විතරයි. ඒකත් රොබෝ සිකුරිටිල කියල හිතමු. දැන් එතකොට එහෙම ලෝකෙම මිනිස්සු නිකන්ම නිකම්මු වෙලා මොකුත් වැඩක් කරන් නෑ.

    ඒ කියන්නෙ ඵලදායිතාවයක් නෑ. මිනිස්සු අතින් කිසිම production එකක් service එකක් වෙන්නෙ නෑ. එතකොට ඒගොල්ලොන්ට කොහොමද සල්ලි හම්බ වෙන්නෙ කිසිම වැඩක් නොකර? ඒ වගෙ situation එකක අර automated කරපු රොබෝල ඉන්න කිසිම business එකකට business එකක් වෙන්නෙ නෑ. මොකද ඇත්ත මිනිස්සුන්ට buy කරන්න සල්ලි නෑ. Sell කරන sellers ලට supply එක විතරක් ඉතුරු වෙලා තියෙයි business එකක් නැතුව.

    එතකොට එහෙම business එකක් පවතින්නෙ නෑ. එතකොට business ලෝකයක් ඉතුරු වෙන්නෙ නැ. Business sell වෙන්න මිනිස්සු ඕන. මිනිස්සුන්ට business තියෙන්න ඕන jobs වලට යන්න මොකද උන්ට සල්ලි ඕන. ඒ සල්ලි වලින් ආයෙ ඒ business වලින්ම buy කරනව. ඒ business ඒ සල්ලි අරන් sell කරනව. මේක circle එකක් වගේ. මට දැනිච්ච විදිහට ඒක නිකන් universe theory එකක් වගේ.

    ඒ නිසා කවදවත් මේ ලෝකෙ තියන තාක් මම හිතන් නෑ 100% මිනිස්සු වෙනවට AI replace වෙයි කියල. හැබැයි business වලට AI use කරගනී සමහර දේවල් වලට ලේසියෙන් කරගන්න හැමදේකටම නෙමේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වෙනසක් වෙනව. Limited කට්ටියකගෙ jobs අනිවාර්යයෙන්ම නැති වෙයි. එතකොට ඒ මිනිස්සුන්ට ඉස්සරහට යන්න නං අලුත් jobs අලුත් skills අලුත් අවශ්‍යතා හා උවමනා ඇති කරගන්න වෙනව අර replace වෙච්ච දේවල් වලට services දෙන්න. එතකොට අලුත් job category එකක් හැදෙනව.

    Example එකක් විදිහට නිකන් හිතමු web develop කරන එකෙක්ව replace කරා කියල AI වලට. ඌට තියෙන්නෙ update වෙන්න AI web develop කරවන්න පුළුවන් විදිහට train කරවන එකෙක් වෙන්න. Prompt engineering වගේ එකක්. මේක නිකන් සරල example එකක් විතරයි. ඒ වගෙ එහෙම job නැති වෙන කෙනෙක් ඉන්නව නං කරන්න තියෙන්නෙ ඒ නැති වෙච්ච හේතුවම හේතුවක් කරගෙන update වෙලා අලුතෙන් AI වලට service එකක් දෙන්න ඉගෙනගන්න එක. හරියට විසෙන් විස නසනව වගේ

    මම දකින විදිහට AI කියන එකට ගැති වෙලා අපි වහලෙක් වෙන්න හොද නෑ. AI, අපේ වහලෙක් විදිහට තමා ඉන්න ඕන. කල්පනා කරල බලන්න AI ආවට පස්සෙ Google search bar එකේ දේවල් search කරපු ප්‍රමාණය කොච්චරක්ද කියල. අඩු වෙලාද නැත්තං ඒ ප්‍රමානෙම තියෙනවද කියල.
     
    • Like
    Reactions: ITGuy25