කොමඩු කෑමෙන් පසු පවුලක් මිය යාම: ඔවුන්ගේ උදරයන්හි සහ කොමඩු කැබලිවල තිබී හමුවී ඇත්තේ මොනවා ද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,668
    12,863
    113
    35
    Spain

    මුම්බාහි පයිදුනි ප්‍රදේශයේ ඩොකාඩියා පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු මිය යාමේ සිදුවීමට අදාළ අධිකරණ වෛද්‍ය රසායනාගාර වාර්තාව (FSL) නිකුත් වී තිබේ.
    මෙම වාර්තාවට අනුව, මිය ගිය සියලු දෙනාගේ අක්මාව, වකුගඩු සහ ප්ලීහාව ඇතුළු අභ්‍යන්තර අවයව සාම්පලවල මෙන් ම උදරය තුළ තිබූ පිත සහ උදර මේද සාම්පලවල සින්ක් ෆොස්ෆයිඩ් තිබී හමුවී ඇත.

    අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වූයේ කුමක් ද?​

    අධිකරණ වෛද්‍ය රසායනාගාර වාර්තාව පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා බීබීසී මරාති සේවය එම රසායනාගාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය විජේ තැකරේගෙන් අදහස් විමසීය.
    "පයිදුනි ප්‍රදේශයේදී ඩොකාඩියා පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් අපි අද පොලිසියට අධිකරණ වෛද්‍ය රසායනාගාර වාර්තාව භාර දුන්නා," වෛද්‍ය තැකරි පැවසුවේ ය.
    "වාර්තාවට අනුව මිය ගිය පුද්ගලයින්ගේ අභ්‍යන්තර අවයව සාම්පලවල, ඒ කියන්නේ අක්මාව, වකුගඩු, ප්ලීහාව යන අවයව සාම්පලවල වගේ ම උදරයේ තිබූ පිත සහ උදර මේද සාම්පලවල සින්ක් ෆොස්ෆයිඩ් තිබී සොයාගෙන තියෙනවා. කොමඩු සාම්පලවලත් සින්ක් ෆොස්ෆයිඩ් තිබුණා කියලා සොයාගෙන තියෙනවා."
    එමෙන් ම, "අපි පොලිසියට වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා, ඉදිරියේදී සිදු කරන පරීක්ෂණවලදී අවශ්‍ය පරිදි පොලිසියට සහයෝගය ලබා දෙනවා," වෛද්‍ය විජේ තැකරේ පැවසීය.

    මුම්බායිහි කලාප-1 නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ප්‍රවීන් මුණ්ඩේ ද මේ පිළිබඳව අදහස් දැක්වීය. ඔහු පැවසුවේ, "අධිකරණ විද්‍යා රසායනාගාරයෙන් ලැබුණු වාර්තාවෙන් හෙළි වෙලා තිබෙන්නේ මිය ගිය සියලු ම දෙනාගේ අක්මාව, වකුගඩු සහ ප්ලීහාව ඇතුළු අභ්‍යන්තර අවයව සාම්පලවල මෙන් ම උදරයේ තිබූ පිත සහ උදර මේද සාම්පලවල සින්ක් ෆොස්ෆයිඩ් සොයාගෙන තිබෙන," බව ය.
    "පරීක්ෂණය අතරතුර ලබා ගත් කොමඩු සාම්පලයේ තිබිලත් සින්ක් ෆොස්ෆයිඩ් හමු වුණා. කොහොම වුණත්, පරීක්ෂණය සඳහා ‍යොමු කළ වෙනත් කිසිදු ආහාර සාම්පලයක සින්ක් ෆොස්ෆයිඩ් හමු වුණේ නැහැ," ප්‍රවීන් මුණ්ඩේ වැඩිදුරටත් පැවසීය.

    අධිකරණ වෛද්‍ය රසායනාගාර වාර්තාව ගැඹුරින් අධ්‍යයනය කරන බවත්, ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන ආකාරය අධිකරණ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර තීරණය කරන බවත් ප්‍රවීන් මුණ්ඩේ පැවසීය.

    සින්ක් ෆොස්ෆයිඩ් යනු මොනවා ද?​

    සින්ක් ෆොස්ෆයිඩ් යනු විශාල මීයන් සහ එම වර්ගයේ අනෙකුත් සතුන් මරා දැමීමට ප්‍රධාන වශයෙන් භාවිත කරන ඉතා විෂ සහිත රසායනික සංයෝගයකි. එය කෘෂිකර්මාන්තයේ සහ ධාන්‍ය ගබඩා කිරීමේදී මී උවදුරු නාශකයක් ලෙස ද භාවිත කරයි.
    සින්ක් ෆොස්පයිඩ් යනු සින්ක් (Zn) සහ පොස්පරස්වලින් (P) සමන්විත අකාබනික සංයෝගයකි. Zn₃P₂ යනු එහි රසායනික සූත්‍රය වන අතර එය තද අළු හෝ කළු පැහැති කුඩු හෝ කැට ලෙස පවතී.
    එය ආමාශයට ඇතුළු වීමෙන් පසු සිදුවන්නේ කුමක් ද?
    විශේෂඥයින්ට අනුව සින්ක් ෆොස්ෆයිඩ් ආමාශයික අම්ලය සමග ප්‍රතික්‍රියා කර ෆොස්ෆීන් නමැති අධික විෂ සහිත වායුවක් නිපදව යි. මෙම වායුව ශරීරයේ සෛල මගින් ශක්තිය නිපදවීම නවතා දම යි. මෙය හෘදය, පෙනහලු සහ අක්මාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි ය.
    සින්ක් ෆොස්ෆයිඩ් ගැන දැනගත යුතු ප්‍රධාන කරුණු 3ක්:
    • කෘෂිකර්මාන්තයේදී වගාවන්ට හානි කරන මීයන් පාලනය කිරීමට භාවිත කෙරේ.
    • ධාන්‍ය ගබඩා මධ්‍යස්ථාන, ගොවිබිම්, උද්‍යාන සහ මාර්ග අද්දර විවෘත ස්ථානවල මීයන් මර්දනය කිරීමට භාවිත කෙරේ.
    • බොහෝ විට, මෙම ද්‍රව්‍ය ධාන්‍ය හෝ සත්ව ආහාර සමග මිශ්‍ර කර මීයන් ඇතුළු සතුන්ය කෑමට සලස්වයි.
    සින්ක් ෆොස්ෆයිඩ් අත්වැරදීමකින් ගිලීම හෝ ෆොස්ෆීන් වායුව ආශ්වාස කිරීම මාරාන්තික විය හැකි ය. එබැවින් බොහෝ රටවල මෙම රසායනිකය භාවිතය දැඩි රෙගුලාසි සහ පාලනයකට යටත් වන අතර එය සාමාන්‍ය ජනතාවට පහසුවෙන් ලබාගත නොහැක.

    ආහාර හා ඖෂධ පරිපාලන (FDA) වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ කුමක් ද?​

    පයිදුනිහිදී ඩොකාඩියා පවුලේ සාමාජිකයින් හතර දෙනාගේ මරණවලින් පසු, ආහාර හා ඖෂධ පරිපාලනය විසින් කොමඩු ලෙලි සාම්පල පරීක්ෂණ සඳහා ලබා දී තිබිණි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසී මරාති සේවයට පැවසුවේ ලබාගත් සාම්පලවල කිසිවක් මිශ්‍ර කර තිබී හමු නොවූ බව තහවුරු වූ බව ය.
    මේ අතර, මෙම පරීක්ෂණය කිසිදු ආකාරයක ආහාර විෂ වීමක් සඳහා පරීක්ෂා කිරීමේ අදහසින් සිදු නොකළ බව ද ඔහු පැහැදිලි කළේ ය.
    ඔහු පැවසුවේ, මේ පිළිබඳ පැහැදිලි තොරතුරු ලබා ගත හැකි වන්නේ ද අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පමණක් බව ය.
    තව ද, ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ (FDA) කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානය ආශ්‍රිත මුළු ප්‍රදේශය ම පරීක්ෂා කළහ.

    දේශීය පලතුරු වෙළෙන්දන්, විශේෂයෙන් කොමඩු වෙළෙන්දන් සමග කතා කිරීම සඳහා FDA කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී තිබූ නමුත් එම අවස්ථාවේදී ඔවුන්ට එහි කිසිදු වෙළෙන්දෙකු සොයා ගැනීමට නොහැකි වූ බව FDA ජ්‍යෙෂ්ඨ නිලධාරියා බීබීසී මරාති පුවත් සේවයට පැවසීය.
    ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයට මෙහි වෙළෙන්දන් සමග කතා කර ඔවුන් අලෙවි කරන කොමඩු පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ නමුත් වෙළෙන්දන් නොමැති බැවින් කණ්ඩායමට තවමත් කිසිදු තොරතුරක් ලැබී නොමැත.
    Earlier, it was also reported that the Food and Drug Administration Department had not found a single case of poisoning from Kalingada.
    මීට පෙර වාර්තා වී තිබුණේ, ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය කොමඩු විෂ වීමක් පිළිබඳ කිසිදු සිදුවීමක් සොයාගෙන නොමැති බව ය.
    මුම්බායිහි ජීවත් වූ සාමාජිකයින් සිව්දෙනෙකුගෙන් යුතු පවුලක සියලු දෙනා පාචනය සහ වමනය හේතුවෙන් මියගොස් තිබිණි. ඉකුත් අප්‍රේල් මස 25 වන දා රාත්‍රී 10.30ට පමණ අදාළ පවුලේ සාමාජිකයින් ඥාතීන් පිරිසක් සමග රාත්‍රී ආහාරය ගෙන තිබිණි. ඥාතීන් පිටව ගිය පසු අලුයම 1.30ට පමණ තමන් කොමඩු ආහාරයට ගත් බව ඔවුන් දැනුම් දී ඇතැයි පොලිසිය පැවසීය.
    පවුලේ සියලු දෙනා රාත්‍රී ආහාරයෙන් අනතුරුව කොමඩු ආහාරයට ගෙන ඇති අතර ඔවුන් ආහාර විෂවීමක් හේතුවෙන් මියයන්නට ඇතැයි ප්‍රදේශයේ වෛද්‍යවරු මීට පෙර සැක පළ කළහ.

    https://www.bbc.com/sinhala/articles/cy82e9ylkelo.lite
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,668
    12,863
    113
    35
    Spain
    party එකට ආපු උන් දැම්මද දන්නේ නෑ
    කලින් රිපෝට් එකේ විදියට මුන් වෙන ගෙදරක පාටි එකට ගිහින් තියෙන්නේ. රාත්‍රී 1ට පමණ ගෙදර ඇවිත් ගෙදර තිබුණු කොමඩු කාල නිදාගෙන. පවුලේම එකෙක් වෙන්න ඇති වැඩේ කරන්න ඇත්තේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,575
    25,424
    113
    කලින් රිපෝට් එකේ විදියට මුන් වෙන ගෙදරක පාටි එකට ගිහින් තියෙන්නේ. රාත්‍රී 1ට පමණ ගෙදර ඇවිත් ගෙදර තිබුණු කොමඩු කාල නිදාගෙන. පවුලේම එකෙක් වෙන්න ඇති වැඩේ කරන්න ඇත්තේ.
    On the night of April 25, 44-year-old Abdullah Dokadia, his wife Nasreen, and their two teenage daughters hosted relatives for a dinner of chicken biryani.
     
    • Wow
    Reactions: Inigo Montoya