වගා නසන කෘමි කන්ටේනර් 12ක් අනුමැතියට පෙර නිදහස් කරලා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,476
    12,418
    113
    35
    Spain
    වගාව වනසන සුදු මැස්සා සහ පුස් වර්ග අඩංගු මල් සහිත කන්ටේනර් දොළහක් අනුමැතිය ලබාදීමට පෙර නිදහස් කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    කෘෂිකාර්මික ප්‍රදේශ වලට බලපාන හෙළිදරව්වක් කරන්න මම කැමතියි.සුදු මැස්සා උවදුර වගාවන් වලට බරපතල ලෙස බලපානවා.

    යුරෝපයට අඹ, කරවිල එළවළු යවන්න ගියොත් ලංකාවේ සුදු මැස්සා ඉන්න නිසා ඒ ඵලදාවන් යුරෝපයෙන් ගන්නේ නැහැ.මේ ප්‍රශ්නය ඇතිවන්නේ රටට ආනයනයය කිරීමේදීයි.ඉකුත් ජනවාරි 12 වැනිදා ලොකු අක්‍රමිකතාවයක් සිදුවුණා.ලංකාවට සමාගමක් විසින් ක්‍රිෂාන්තමන් කියන මල් වර්ගය කන්ටේනර් 18 අරගෙන එනවා.මේ මල්වල ඇස් වලට පේන කෘමීන් ඉන්නා බව අදාළ කන්ටේනර් චෙක් කළ නිලධාරියා මිනිට් එකක් දානවා.

    මල්වල සහ පත්‍රවල පුස් බැඳී ඇති බවත් නිලධාරියා සඳහන් කරනවා.තත්ත්වය එසේ තිබියදී කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය කන්ටේනර් හයක් තබාගෙන ඉතිරි කන්ටේනර් යවන ලෙස වාචිකව උපදෙස් දෙනවා.අනතුරුව සාම්පල් වල කරන ලද විද්‍යාගාර පරීක්ෂණයේදී මේවායේ සුදු මැස්සා සිටින බව තහවුරු වෙනවා.

    වගා විනාශ කළ හැකි පුස් වර්ගයක් එහි තිබෙන බවත් එම මල් කන්ටේනර් විනාශ කරන ලෙසත් උපදෙස් ලැබෙන විට කන්ටේනර් 18න් 12ක් එළියට යවලත් ඉවරයි.මෙවැනි කන්ටේනර් සියයකට වඩා අට වතාවක් මේ සමාගමෙන් ලංකාවට ගෙනවී තිබෙනවා.ලංකාවේ වගාවලට ලෙඩ එන්නේ මේ විදියට තමයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

    https://www.lankadeepa.lk/latest_news/වග-නසන-කම-කනටනර-12ක-අනමතයට-පර-නදහස-කරල/1-692535
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,476
    12,418
    113
    35
    Spain
    හෙළ රාජ්ය නිලදාරින්!
    මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ ගුවන්තොටුපොළකදී මිනිස්සු අරන් එන ශාක ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන එවෙලේම ඒවා විනාශ කරන හැටි. දොඩම් අඹ වගේ පලතුරු ගෙඩි පිටින් මැෂින් එකකට දාල විනාස කරලා දානවා.
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,813
    11,276
    113
    මන් වීඩියෝ එකක් දැක්කා ඇමරිකාවේ ගුවන්තොටුපොළකදී මිනිස්සු අරන් එන ශාක ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන එවෙලේම ඒවා විනාශ කරන හැටි. දොඩම් අඹ වගේ පලතුරු ගෙඩි පිටින් මැෂින් එකකට දාල විනාස කරලා දානවා.
    AU, Canada, USA, UK, saha thawa godak ratawala oka karanawa. loke fines gahanawa, sometimes sniffer dogs yanawa randomly bags langin.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,476
    12,418
    113
    35
    Spain
    AU, Canada, USA, UK, saha thawa godak ratawala oka karanawa. loke fines gahanawa, sometimes sniffer dogs yanawa randomly bags langin.
    ඔව් මට දැන් මතක් වුනා, ලංකාවේ සංගීත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට ගියාම බෙර තබ්ලා රට ඇතුලට ගෙනියන්න දුන්නේ නැහැ, මොකද බෙර තබ්ලා හදා තිබුනේ හරක් හමකින්. ඒවා මගින් ලෙඩ බෝ වේවි කියල එහෙම කරලා තිබුණේ.
     
    • Like
    Reactions: Cypress

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,813
    11,276
    113
    ඔව් මට දැන් මතක් වුනා, ලංකාවේ සංගීත කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට ගියාම බෙර තබ්ලා රට ඇතුලට ගෙනියන්න දුන්නේ නැහැ, මොකද බෙර තබ්ලා හදා තිබුනේ හරක් හමකින්. ඒවා මගින් ලෙඩ බෝ වේවි කියල එහෙම කරලා තිබුණේ.
    habai, un onawata wada strict wade, tabla ekak genichcha kiyala mona leda da. habai un ehema karanneth eka eka hidas assen ringanna bari wenna.
     
    • Like
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,042
    27,427
    113
    කුඩු කන්ටේනර් නිදහස් කරපු අඟුරු කුමාර බදු කොටාගේ සුවච කීකරු නාකි සීවලී වේස තට්ටයාගේ තවත් ප්‍රජා සත්කාරයක් 🤌 🤌 🤌 :angry: . ධම්මිකයාගේ වෙන්න ඇති ඔය කන්ටේනර්. ඌ එකපාරකුත් හොස්පිටල් වලින් අයින් කරන ජරාව කන්ටේනර් වගයක් ගෙනැල්ලා මාට්ටු උන පරයෙක්. අඟුරු කුමාර බදු කොටා ධම්මිකගේ උරන නිසා ලොවෙත් අවසර දෙනවා ඕන කුනු ගොඩක් ගේන්න :angry::angry:🤌🤌🤌🤌.