ලෝකේ අනිත් රටවල් වල ප්‍රශ්න විසඳන්න පෙරමුණ ගන්න අපේ ලංකාවේ සමීරා, පහුගිය දවසක ගාසා තීරය බේරගන්න ගිහින් කරගත්ත වැඩේ දන්නවාද? කතාව අහපුවාම හිනා යන්නේ ඉබේටමයි.
පසුබිම් කතාව (සමීරා නොදන්නවා වුණාට)
ගාසා තීරය කියන්නේ ඊශ්‍රායලයට යාබදව තියෙන, ලක්ෂ 20කට අධික පලස්තීනුවන් ඉන්න ප්‍රදේශයක්. 2023 ඔක්තෝබර් 7 වෙනිදා වෙනකම්ම ගාසා වල 20,000කුත්, බටහිර ඉවුරේ 170,000කුත් ඊශ්‍රායලයේ රස්සාවල් කරගෙන පාඩුවේ හිටියා.
ඒත් ඔක්තෝබර් 7 පාන්දර හමාස් ත්‍රස්තවාදීන් 6,000ක් විතර එකපාරටම ඊශ්‍රායලයට පැනලා ලාංකිකයන් දෙදෙනෙකුත් ඇතුළුව 1,200ක් ඝාතනය කළා. එක්සත් ජාතීන්ගේ වාර්තා වලට අනුව නෝවා සංගීත සැණකෙළියේදී සහ තවත් තැන්වලදී ඊශ්‍රායල් තරුණියන්ව දූෂණය කරලා, 251 දෙනෙක්ව පැහැරගෙනත් ගියා. ඊට පස්සේ ඊශ්‍රායල් හමුදාව පටන් ගත්ත අවුරුදු 2ක යුද්ධෙන් 70,000කට අධික පිරිසක් (ඒකෙන් 20,000ක්ම හමාස් ත්‍රස්තවාදීන්) මියගිහින්, ලක්ෂයකට ගෙවල් දොරවල් නැති වුණා.
සමීරාගේ "මාධ්‍ය සංදර්ශනය"
ඔන්න ඔය අස්සේ තමයි අපේ සමීරාට "ගාසා වලට ආධාර අරන් යන වීරයෙක්" වෙන්න හිතුණේ! දවසකට ඊශ්‍රායලය හරහා කෑම බීම පුරවපු ලොරි 600ක් නිකම්ම ගාසා වලට යනවා. ඒත් ඒකෙ කිසිම "ත්‍රාසයක්" නැති නිසාද කොහෙද, සමීරා තවත් 430 දෙනෙක් එක්ක බෝට්ටු 50ක නැගලා මුහුදෙන් ගාසා වලට කඩාවදින්න ගියා. හුදෙක් මෙය අවධානය ගන්න කරපු වැඩක් සහ සයිඩ් ආතල් ගන්න ගිය වැඩක්.
හරියට නිකන් ලංකාවේ බස් එකක ටිකට් නැතුව නගිනවා වගේ, කිසිම රටක අවසරයක්, වීසා එකක් නැතුව වෙන රටකට පනින්න පුළුවන් කියලා සමීරා හිතන්න ඇති. ප්‍රතිඵලේ? ඊශ්‍රායල් නාවික හමුදාවෙන් මේ "වීරයන්ව" අත්අඩංගුවට අරගෙන, කනෙන් අල්ලලා ආපහු රටින් පිටුවහල් කරලා දැම්මා. ඇත්තටම රටකට ඇතුළු වෙන්න අවසර ඕන කියලා මේ අය නොදැන හිටියා නෙවෙයි, මේක හුදෙක් කැමරාවලට මුහුණ දීලා ලකුණු දාගන්න කරපු "ප්‍රචාරක ෂෝ" එකක් විතරයි!
සමීරා බෝට්ටු පදිද්දී අපිට වුණු දේ
සමීරාලා බෝට්ටු සවාරි ගිහින් ආතල් ගත්තට, අද ලංකාවේ අපිට පෙට්‍රල්, ඩීසල්, ගෑස් වලට ගිනි ගණන් ගෙවන්න වෙලා තියෙන්නේ ඔය හමාස් සංවිධානයේ ක්‍රියාකලාපය නිසාම තමයි. හමාස්, හිස්බුල්ලා වගේ ත්‍රස්තවාදීන්ව නටවන්නේ ඉරානය නිසා, ඇමරිකාවයි ඊශ්‍රායලයයි ඉරානයට ප්‍රහාර එල්ල කළා. ඒකෙන් ලෝකෙම ඉන්ධන අර්බුදයක් හැදුණා.
ඉතින් සමීරෝ, ඊළඟ පාර ලෝකේ බේරගන්න බෝට්ටුවෙන් යන්න කලින්, අඩුම තරමේ යන රටේ වීසා එකවත් ගහගෙන පලයන්. නැත්තම් අන්තිමට වෙන්නේ මුහුදු හුළං ටිකක් කාලා ආපහු එන්න තමයි!
