භික්ෂූන් වහන්සේ නමක් මූල්‍ය වංචාවක් සම්බන්දයෙන් අත්අඩංගුවට 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,719
    7,608
    113
    Monk


    බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ලෙස පෙනී සිටිමින් ව්‍යාජ වට්ස්ඇප් ගිණුමක් ඔස්සේ මූල්‍ය වංචාවක නිරත වූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකාර භික්ෂූන් වහන්සේ මුදල් ආධාර එක්රැස් කර ඇත්තේ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ පාසල් දරුවන්ට උපකාර කිරීම සඳහා බවට අසත්‍ය ප්‍රකාශ කරමිනි. අමාත්‍යවරයාගේ නමින් නිර්මාණය කළ එම ව්‍යාජ වට්ස්ඇප් ගිණුම ඔස්සේ, විවිධ ආයතනවල බලධාරීන් වෙත පණිවිඩ යවමින් ඔවුන් මුළා කොට මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

    මෙම වංචාව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය ක්‍රියාත්මක විය. ඔවුන් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීමෙන් අනතුරුව සැකකාර භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගන්නා විට විසිඑක් හැවිරිදි වියේ පසුවූ උන්වහන්සේ, ලග්ගල, හත්තොට, අමුණු දාස්ගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බවට හඳුනාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාර භික්ෂූන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇති අතර, නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ මෙහෙයවනු ලැබේ.

    මේ හා සමාන සිද්ධියක් පසුගිය මාසයේදී ද වාර්තා විය. එහිදී, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ නම භාවිත කරමින් 'දිට්වා' සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව සඳහා ආධාර හා මුදල් එක්රැස් කළ බවට චෝදනා එල්ල වූයේ පිළිමතලාව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකටය.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,725
    3,465
    113
    Kohomath liyum kaware denna ona ne. Eka natthan nikan kanna yanneth na. Liyum kawareth Aran loudspeaker pirith daala dawasama wedanawak wenawa. Minissunta arina eka normal.