ලෝකේ මොන ආගම වුනත් අනෙත් ආගම් ඇදහිලි කවලම් වෙලා තියෙන්නෙ. එක ජාතීන් අනුවත් වෙනස්. එක තමා සංස්කෘතිය කියන්නේ. ඉතින් ගහට වඳින පුදන එකත් ඒ වගේ ආපු එකක්. කොහොමත් බුදුන් වහන්සේගේ පිළිම ඇඹීමක් තිබුනේ නැහැ. නමුත් බුදුන් ශාරීරිකධාතු සහ පාරිභෝගිකධාතු කියන ධාතුන් දෙවර්ගය ගැන කියල තියෙනවා, ආනන්ද බෝධිය, පාත්‍රය, සහ කේශධාතු, පසුව පරිනිර්වාණයෙන් පසුව ලැබුණු ධාතු කියල තියෙනවා.ඒවා තියෙන්නේ බුදුසසුන ගැන මතකය රඳවාගන්න. සමහරු බුදුන් වඳිනවා පිහිට ඉල්ලනවා. ඒවා ඉතින් එක එකාගේ සිතැඟි අනුව වෙන දෙයක්. කැමති නම් වඳින එක නොවඳින එක ත් ඔවුන්ගේ ආසාව. ඉතින් එක අහිංසක දෙයක් නේ. කාටවත් කරදරයක් නැහැ. නමුත් ගහට වැඳලා හෝ බුදුන්ගේ ශාරීරික ධාතු වලට වැඳලා හෝ නිවන් දකින්න බැහැ.