අාච්චිගෙ රෙද්ද තමයි. මේක තමයි මේ ලෝකෙ තියෙන සුපිරිම විහිලුව. වැඩි දෙනෙක්ට තේරෙන්න සිංහලෙන්ම කියන්නම්.
ඩොලර් එක වැඩි වුණා කියල දිනන කෙනෙක් නෑ බං. හැමෝටම කෙළවෙනවා. කෙළවෙන ප්‍රමාණය විතරයි වෙනස් වෙන්නෙ. ඔය ඉලක්කම ලොකු වුණාම එ‍්ක බලාගෙන අතේ ගහන අාතල් එකෙන් ජීවිතේට ලැබෙන දෙයක් නෑ.
සරලම කතාව මේකයි, ඩොලර් එක වැඩි වෙනවා කියන්නෙ inflation හරහා භාණ්ඩ / සේවා මිල වැඩි වෙන එක ඊට වඩා වේගවත් වෙනවා. අන්තිමට සිද්ධ වෙන එකම දේ කලින් තිබ්බ income එකෙන් කරන්ඩ පුළුවන් දේවල් ප්‍රමාණය අඩු වෙන එක විතරයි.
උදාහරණයක් ගත්තොත් ඩොලර් එක 300 කාලෙ ඩොලර් එකක් දීලා රුපියල් 300 ට තියෙන පරිප්පු කිලෝ එකක් ගන්න පුළුවන්. හැබැයි ඩොලර් එක 300 ඉඳල 400 ට ගියොත් 300 තියෙන පරිප්පු එක 500 ක්වත් වෙනවා. එතකොට ඩොලර් එකට 400 ක් හම්බුණාට එ‍්කෙන් ගන්න පුළුවන් වෙන්නෙ පරිප්පු ග්‍රෑම් 800 ක් විතරයි.
මේ කතාව across the board හරියටම හරි. පරිප්පු විතරක් නෙවෙයි හැම දෙයක්ම. අන්තිමට සිද්ධ වෙන එකම දේ වෙනදා හම්බෙන ඩොලර් ගාණෙන් කරගන්න පුළුවන් දේවල් ටික අඩු වෙන එක විතරයි. රුපියල් ගාණ ලොකු වුණාට එ‍්කෙන් කරන්න පුළුවන් දේ අඩු වෙනවා.
උදාහරණයක් විදිහට මාසෙට ඩොලර් 1000 ක් හම්බෙන කෙනෙක් හිතමු. 300 කාලෙ එයාට රුපියල් ලක්ෂ තුනක් එනවනෙ. 350 වුණාම වැඩිපුර 50,000 ම අතට එනවා කියල සතුටු හිතෙනවා අැති.
හැබැයි එදා ලක්ෂ 3 න් ගන්න පුළුවන් කම තිබ්බ බඩු මුට්ටු / service ටික ගන්ඩ දැන් ලක්ෂ 4 ක් යනවා බං. ඉතින් අැත්තටම වෙන්නෙ 50,000 ක් අතට එන එක නෙවෙයි. කලින් ලක්ෂ 3 ට කරපු දේවල් ටික කරන්න තවත් 50,000 ක් හොයන්න ඕන වෙන එක.
මේ යථාර්ථය හොඳටම තේරුම් ගන්න බලන්න. එකපාර තේරෙන් නෑ තමයි. හැබැයි ලොකු ඉලක්කමේ සතුට මායාවක් විතරයි. අැත්තටම වෙන්නෙ තමන්ගෙ income එකේ වටිනාකම තවත් අඩු වෙන එක විතරයි.
P. S. ඔව් ඉතින් අනිත් අතට ඩොලර් හම්බෙන්නෙවත් නැති රුපියල් පඩි අරන් එහෙමම ඉන්න අයට වෙන දේ කතා කරලවත් වැඩක් නෑ. එයාලට ලක්ෂ 3 වැඩ ටික කරගන්න තව ලක්ෂයක්ම අමතරව හොයන්න වෙනවා. කෙළවීම ultra pro max.
ඩොලර් එක වැඩි වීමේ අැත්තම කතාව ඔන්න ඕකයි. ඩොලර් income එන අයට චුට්ටක් කෙළවෙනවා. රුපියල් income විතරක් තියෙන අයට බර පන්තියෙන් කෙළවෙනවා.
හැමෝටම කෙළවෙනවා, කෙළවෙන ප්‍රමාණය විතරයි වෙනස්.
මේකෙ අනිත් පැත්තත් හරියටම හරි. ඩොලර් එක බහිද්දි income අඩු වෙනවා වගේ හිතුණට අැත්තටම වෙන්නෙ භාණ්ඩ හා සේවාවල මිල පහත වැටිලා තමන්ට ගන්න පුළුවන් දේවල් ප්‍රමාණය වැඩි වෙන එක. අැත්‍තටම බුද්ධිමත්ව හිතනවා නම් වෙන්න ඕනෙත් එ‍්කයි. ඉලක්කමේ ප්‍රමාණය දිහා බලාගෙන චූන් වෙනවා වෙනුවට purchasing power එකේ වැදගත්කම තේරුම් ගන්න බලන්න.
දැන් කාලෙ රුපියල් කෝටියක් අතේ තියෙන එකෙයි, 2000 දි විතර රුපියල් ලක්ෂ 50 ක් අතේ තියෙන එකෙයි වෙනස ගැන හිතුවාම වඩාත් වටින්නෙ මොකක්ද කියල තේරුම් ගන්න හරි ලේසියි.
තේරුම් ගන්නවා නම් ගන්න. බැරි නම් මටත් වැඩක් නෑ.
