හිච්චි දොස්තරලා නර්ස්ලට ගහලා 😮

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,084
    15,483
    113


    තවත් වෛද්‍යවරයකුගේ විග්‍රහය

    කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය

    පලමු කොටස

    2002 වසරේදී කරාපිටිය වෛද්‍ය පීඨයේදී මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවක් ආරම්භ කරන ලදි. මෙම පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් සමහරක් විරෝධතාවය දැක්වූහ. විරෝධතාව උත්සන්නයේදී වෛද්‍ය සිසුන් පිරිසක් මෙම මවු කිරි දීමේ පාඨමාලාවට සහභාගි වූ හෙද නිලධාරීන්ට පහර දෙන ලදි. මේ අතර ගැබිණි හෙදියක්ද වූවාය. එක් වෛද්‍ය සිසුවෙක් ඇයට පහර දී ඇය බිම වැටුණු විට ඇයගේ බඩටද පයින් පහර දෙන ලදි.

    මෙම සිදුවීම වන විට මා සිටියේ රජයේ රෝහලක සේවය කරමිනි. එකී සිදුවීම රෝහලේදී එක් වෛද්‍යවරයෙක් විසින් සඳහන් කල අතර සමහර වෛද්‍යවරු මෙම පහර දීම අනුමත කරමින් හෙදියන් වෛද්‍ය පීඨයේ පාඨමාලා වලට සහභාගි කරවා ගැනීම නුසුදුසු බව අනියම් අයුරින් කීහ. මේ නිසා මම බොහෝ සෙයින් ව්‍යාකූලත්වයට පත් වූයෙමි.

    එදින නිවසට ගිය විටද මාගේ මතකයට ආවේ මෙම හෙදියන්ට පහර දීමේ සිද්ධියයි. මේ සිදුවීම මා තුල බලවත් සසල කිරීමක් ඇති කරන ලදි. මම සාමකාමී ක්‍ෂාන්තිවාදියෙකු නොවෙමි. එහෙත් තමන්ට පුද්ගලිකව වරදක් නොකල ගැබිණියක් ඇතුළු නිරායුද පුද්ගලයන් පිරිසකට පහර දීම මට පිලිගත නොහැකි කරුණක් විය.

    මේ හේතුව නිසා සති 8 ඇතුලත කාලයක් තුලදී මම පොතක් ලියුවෙමි. එම පොතේ නම " මිනිසුන් තුලින් ලෝකය දුටුවෙමි " යන්නයි. මේ පොතේ අඩංගු වූයේ මා විසින් විදෙස් රටවල් වලදී මුණ ගැසුනු පුද්ගලයන් සහ ඔවුන් සහ මා අතර තිබූ මානව සබඳතා ය. මාගේ අදහස වූයේ මෙම පහර දීම සඳහා හේතුවූ එක් මූලික කරුණක් නම් ලෝකය හරි හැටි නොදැක ලිං මැඩියෙකු මෙන් තමන් ගේ අඳුරු සෙවල පිරි ලිඳ තුල ජීවත් වන විට ඇති වන ලිං මැඩි සින්ඩ්‍රෝමය නම් තත්වය විසින් ඇති කරන ලද්දක් බවයි. එසේම අපගේ උගතුන් තුල තිබෙන කුහක භාවයද මින් පෙන්නුම් කරන්නක් විය.

    මෙම සිද්ධිය සිදුවී මේ වන විට වසර 16 කට ආසන්න කාලයක් ගතවී තිබේ. එදා මේ පහර දීමේ චෝදනාවට බඳුන් වූ වෛද්‍ය සිසුන් ගෙන් බහුතරය වෛද්‍යවරු වෙති. මෙම සිදුවීම ගැන වසර 16 කට පසු ඔවුන් දරන අදහස් මොනවාද ? (අනිවාර්‍යෙන්ම ඔවුන්ටද මේ පිලිබඳව කියන්නට කතාවක් තිබේ) මේ නිසා මම මේ පිලිබඳව මහාචාර්‍ය සුජීව අමරසේන , එවකට පීඨාධිපතිව සිටි මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් , පහර දීමේ චෝදනා වට ලක්වූ ඉඳුනිල් විජේනායක ( වර්තමානයේ විශේෂඥ කායික වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි) , සහ ගැටුම ආශ්‍රිත චෝදනාවට ලක්වූ අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ ( වර්තමානයේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි -තමන් මෙම පහර දීම කලේ නැති බව අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ පවසා සිටියි. )

    මුලින්ම වෛද්‍ය ඉඳුනිල් විජේනායක පැවසුවේ මෙය අතීත සිද්ධියක් නිසා මෙය ගොඩ නොගත යුතු මෘත ශරීරයක් බවයි. එහෙත් මාගේ අදහස වූයේ මෙම සිදුවීම පශ්චාත් මරණ පරීක්‍ෂණයකට ලක් කිරීම මගින් අප වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙන බවයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එන බවයි. කෙසේ නමුත් වෛද්‍ය විජේනායක පැවසුවේ තමන් මෙම පහර දීම කලේ නැති බවත් එහෙත් ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු නිසා විශ්ව විද්‍යාල තමන්ව පරිපාලකයන් විසින් තමන්ව මේ සිද්ධියට පටලවන ලද බවයි. මේ සඳහා ඔහු මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් මහතාගේ පරිපාලනයට දොස් කියයි.

    මා විසින් වෛද්‍ය ඉඳුනිල් විජේනායකව සාකච්චාවට ලක් කල විටදී ඔහු මාගේ සමහර ප්‍රශ්න මඟ හරින බවත් සමහර කරුණු වසන් කරන බවටත් හැඟීමක් මා තුල ඇති විය. එහෙත් ඉදිරි කාලයේදී කරන සාකච්චා වලදී ඔහු මීට වඩා ඍජු ලෙස පිළිතුරු දෙනු ඇතැයි මා බලාපොරොත්තු වෙමි.

    දෙවන කොටස



    කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් 2002 වසරේ ආරම්භ කරන ලද හෙදියන් සඳහා මවු කිරි දීමේ පාඨමාලාවට කරාපිටිය වෛද්‍ය පීඨයේ සමහර වෛද්‍ය සිසුන් විරෝධය පළ කරන ලදි. මෙම විරෝධතාව වෛද්‍ය පීඨයේ සීමිත සම්පත් යොදාගෙන මුදල් ගෙවන පාඨමාලවක් පැවැත්වීමේ සිට අධ්‍යාපනය පුද්ගලික කරණය කිරීමේ වෑයමක් ලෙසට හඳුන්වන ලදි. මේ අතර සමහර වෛද්‍ය සිසුන් හෙදියන් සඳහා පාඨමාලා වෛද්‍ය පීඨයේදී යොදා ගැනීමට එරෙහි වූහ. එය තමන් ගේ තරාතිරම පිලිබඳ ගැටළුවක් ලෙස මතු වූ බව මධ්‍යස්ථ සිසුන් පවසති. ආතතිය වර්ධනය වන විට මෙම ගැටලුවට ජවිපෙ මතවාදී සිසුන් ද අත දැමීම නිසා ප්‍රශ්නය ජවිපෙකරණයවී සංකීර්ණ මුහුණුවරක් ගත් බව වෛද්‍ය රංග වීරක්කොඩි පවසයි.

    මෙම පාඨමාලාව පිලිබඳව විවිධ කට කතා පැතිරුනද මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පවසන්නේ තමන් මේ පාඨමාලාව හෙදියන් ගේ දැණුම වර්ධනය සඳහා සත් භාවයෙන් ආරම්භ කරන ලද බවත් එමගින් කිසිම වානිජමය ලාභ අපේක්‍ෂා නොකල බවත්ය. මේ පාඨමාලාවෙන් තමන් සතයක් වත් නොගත් බව ඔහු පවසයි. මා විසින් ඇසූ ප්‍රශ්න සඳහා මහාචාර්‍ය සුජීව අමරසේන මහතා විසින් පෙන්වා දුන්නේ මෙම පාඨමාලාව සඳහා රුහුණු විශ්ව විද්‍යාලය රුපියල් 1000 අය කල බවත් ලෝක සෞඛ්‍යය සංවිධානය රුපියල් 750000 පාඨමාලාව සඳහා මුල්‍ය ආධාර කල බවත් ය. දේශන පවත්වන ලද්දේ සති අන්තයේය. හෙද සිසු සිසුවියන් ගෙන් මුදල් අය කර ගන්නා ලද්දේ අනෙකුත් දේශකයන්ට ගෙවීම සඳහාය.

    මෙම පාඨමාලාව අධ්‍යාපනය පුද්ගලික-කරණය හෝ අධ්‍යාපනය විකිනීම මුල් කරගෙන ආරම්භ කල එකක් නොවන බව මහාචාර්‍ය අමරසේන මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. තවද මෙම පාඨමාලාව ආරම්භ කල අවස්ථාවේදී අධ්‍යාපන පීඨ මඩුල්ල ( Faculty Board) එය අනුමත කල බවත් ඒ අවස්ථාවේදී ශිෂ්‍ය නියෝජිතයෝ එම පාඨමාලාව සඳහා විරෝධය පළ නොකල බවත් එහෙත් පාඨමාලාව ආරම්භ වීමත් සමගම ශිෂ්‍ය නියෝජිතයන් දේශපාලන හේතූන් මත පාඨමාලාව සඳහා විරෝධය පළ කිරීම ඇරඹූ බව මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පවසයි.

    මහාචාර්‍ය අමරසේන මහතා පෙන්වන ආකාරයට විරෝධතාව සඳහා WGID කුමාර නොහොත් ඉඳුනිල් විජේනායක , අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ , සාරද කන්නංගර , කේ.ජී.ඒ කුමාර යන ශිෂ්‍ය නියෝජිතයන් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර අනෙකුත් සිසුන් උසි ගැන්වීම සඳහා මෙය අධ්‍යාපනය පුද්ගලික කිරීමේ වෑයමක් ලෙස ඔවුන් විසින් පෙන්වා දෙන ලදි .

    මෙම අර්බුධය උත්සන්න වූ අවස්ථාවේදී වෛද්‍ය සිසුන් පිරිසක් විසින් කරාපිටිය වෛද්‍ය පීඨයට කඩා වැදී මෙම පාඨමාලාවට සහභාගි වෙමින් සිටි හෙද සිසු සිසුවියන්ට පහර දෙන ලදි. මෙම පහර දීම සිදුවූ අවස්ථාවේදී එම පාඨමාලාවේ සිටි හෙදියක් තම අත්දැකීම මෙසේ පවසන්නීය. (මෙම හෙදිය දැනට විදේශයක රැකියාව කරන අතර ඇයගේ ඉල්ලීම පිට ඇයගේ නම යොදා ගන්නේ නැත )

    " අපි හිටියෙ ලෙක්චර් හෝල් එකේ. එක පාරටම දොරවල් දෙකෙන් පිරිමි ලමුන් රෑනක් ඇවිත් පුටු උස්සල අපිට ගැහුවා ,අපි පන්තිය කෙලවරට දුවන කොට පුටු විසි කර කර ගැහුවා, පස්සෙ මම ආයෙත් ඉස්සරහට දුවල ගිහින් මගෙ බෑග් එක ගත්ත ගැබිනි ශිෂ්‍යවකුත් හිටිය. ඒත් කිසිම අනුකම්පාවක් තුබුනෙ නැහැ වෛද්‍ය සිසුන් මැරයෝ වගෙ තමයි හැසිරුනෙ, පස්සේ මම ඔවුන් අතරින් කොහොම හරි එලියට පැනල දිව්වා. අපි දුවගෙන යනකොට වෛද්‍ය සිසුවියෝ වගයක් උඩ බැල්කනි එකේ ඉඳන් කුණු වතුර වලට තාර වගේ දෙයක් මිශ්‍ර කරලා අපේ ඇඟවල් වලට හැළුවා. අපි ඔක්කොම වගේ ඒ කුණු වතුරට නෑවුනා. පස්සේ මම හොස්පිට්ල් ක්වාටස් වලට ඇවිදින් කුණු සෝද ගත්තා .............

    මාගේ දෙවන සාකච්ඡාවේදී ඉඳුනිල් විජේනායක වඩාත් විවෘත වූ අතර ඔහුගේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කලේය. ඔහු පවසන පරිදි මෙම පහර දීමට ඔහු සහභාගි වූයේ නැත. රුහුණු විශ්ව විද්‍යාලයේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමක් සිදු වූවාද නැද්ද කියා මා විසින් විමසන ලද අවස්ථාවේදී ඉඳුනිල් පැවසුවේ එම සිද්ධිය තමන් නොදුටු නිසා කිසිවක් කිව නොහැකි බවයි. කෙසේ නමුත් තමන් කිසිදු පහර දීමකට සහභාගි නොවූ බවත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් තමන් ගේ නම ප්‍රහාරකයෙකු ලෙස ඉස්මතු කොට දුන් බව ඔහු කියයි. තවද මේ ගැටළුව සංකීර්ණ වීම සඳහා මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ අපරිණත පරිපාලනය මෙන්ම ඔහුගේ අගතිගාමී ක්‍රියා පටිපාටීන් හේතු වූ බව ඉඳුනිල් පවසයි.

    මෙම සිද්ධිය ආශ්‍රිතව නීතිය ඉදිරියට පමුණුවන ලද අමිල ඉසුරු ලෙනදූව ලොකුගේ (වර්තමානයේ ඔහු විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි ) තමන් මෙම පහර දීමට කිසි සේත්ම සහභාගී නොවූ බව තරයේ කියා සිටියි. එහෙත් මෙම සිදුවීමෙන් පසුව තමා විශ්ව විද්‍යාල සෙනේට් ගොඩනැගිල්ල වටකර ගෙන වාඩිලා සිටි සිසුන් අමතා කතාවක් කල බවත් පසුව විශ්ව විද්‍යාල පරිපාලකයන් බලහත්කාරයෙන් සෙනේට් ගොඩනැගිල්ල තුල රඳවාගෙන තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා ගොනු වූ බව කියයි. තව දුරටත් කරුණු පැහැදිලි කල ඔහු මෙම නඩුවට තමන්ව සම්බන්ධ කිරීම පසුපස මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් සිටි බවත් යම් ලෙසකින් නඩුවේදී වරදකරු වූයේ නම් තමාට සිර දඞුවම් ලැබී අධ්‍යාපනය කඩාකප්පල් වීමේ සම්භාවිතාවක් තිබූ බව කියා සිටියි. කෙසේ නමුත් තමා අවසානයේදී නඩුවෙන් ජයග්‍රහණය කලද මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් විසින් තමන්ව ගොදුරක් කර ගත් බවත් ඔහු පවසයි.

    කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය මතුවූ අවස්ථාවේදී මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුව ඇමතුවෙමි. මහාචාර්‍ය මෙන්ඩිස් අදාල සිසුන් විසින් කල චෝදනා ප්‍රතික්ශේප කලේය. එහෙත් මා විසින් ඔහුට යොමු කල කඩීම ප්‍රශ්න වලට පිළිතුරු නොදී මඟ හැර ගියේය. එහෙත් පාඨකයන් වෙනුවෙන් මම තවත් වරක් මහාචාර්‍ය මෙන්ඩිස්ව අමතා ඔහුට එරෙහිව තිබෙන චෝදනා පිලිබඳව ඔහුගේ ප්‍රකාශය ලබා ගැනීමට ඉදිරි කාලයේ උත්සහ කරමි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,084
    15,483
    113
    තෙවන කොටස



    මෙම අර්බුධය උත්සන්න වෙමින් පවතින විටදී කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය සුජීව අමරසේන මහතා ගේ මෝටර් රථයට පහරදී අලාභ හාණි කරනු ලැබීය. ඔහුට නොකඩවා මරණීය තර්ජන දුරකථන මාර්ගයෙන් එල්ල කරන ලදි. තවද වේලාහෙට්ටි නම් සිසුවෙක් සුජීව අමරසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් කල බවත් පසුව එය අසාර්ථක වූ බවත් ගාල්ල නගරයේ ව්‍යාපාරිකයෙකු පවසයි.

    අමරසේන මහතා පවසන පරිදි නඩුව අවසානයේදී චූදිතයන්ට වෛද්‍ය පීඨය තුලදී ගුරුවරුන් ගෙන් සමාව ගැනීමටත්, වාහනයට කළ අලාබය නිසා රුපියල් 170000 මුදලක් ගෙවීමටත් පහර කන ලද හෙදියන් සඳහා එක් හෙදියෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට සිදු වූ බවත් පවසයි. සියළුම චූදිතයන් සති දෙකට රිමාන්ඩ් කරනු ලැබීය . නඩුව වසර හතක් අසන ලදි.

    මහාචාර්‍ය සුජීව අමරසේන මහතා පෙන්වා දෙන පරිදි එම් .වී .ප්‍රියංකා නම් ගැබිණි හෙදියට පා පහර දෙන ලද්දේ මාරයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද ලලිත් පෙරේරා නම් සිසුවෙකි. ඔහු 22 කණ්ඩායමේ සිසුවෙකු විය. හෙදියන්ට පහර දීමට ක්‍රියා කල තවත් සිසුවෙකු වූ අමරසේකර නම් තැනැත්තා පසු කාලයක මොලයේ පිළිකාවක් නිසා මිය ගියේය. ඔහුගේ පියා බලපිටිය රේවත විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකි. ඔහුගෙන් පහර කෑ එක් හෙදියක් මෙම අමරසේකර නම් සිසුවාව හඳුනා ගත්තද ඔහුට එරෙහිව සාක්කි දුන්නේ නැත. හේතුව ඇය අමරසේකර ගේ පියාගේ සිසුවියක වීම නිසාය. මේ නඩුව නිසා කේ.ජී.ඒ කුමාර නම් සිසුවා අධ්‍යනය වසරකින් පහත ගියේය.

    මෙම නඩුව ගැන අදහස් දැක්වූ වෛද්‍ය ඉඳුනිල් විජේනායක නොහොත් WGID කුමාර මෙසේ කියයි

    " මම ගිය අවුරුද්දේ ලංකාවට ගියාම මට හම්බ උනා වෛද්‍ය පීඨයේ පරණසිකියුරිටි මහත්මයෙක් . එයා ඇවිත් මම එක්ක කතාකලා. පස්සෙ මම එයාට කිව්ව ඔයා මම නර්ස්ලට ගහනව දැක්ක කියල සාක්ෂි දුන්න මතකද ? කියල. එයා කිව්ව පිස්සුද මහත්තය මම තාම මූනුවලින් දන්නෙ නෑ මම සාක්ෂි වල දීපු අයගෙ නම්. අපි රස්සාව බේර ගන්න එයාල දෙන නමක් පොතේ ලියනව කියල. මට හිතෙනව එයා මම කියන තුරු දන්නෙ නෑ ඒක. විශ්ව විද්‍යාල ඉන්ක්වයරි වලදි එයාල කවදාවත් ඉඩ දෙන්නෙ නෑ සාක්ෂිකාරයො cross questioning කරන්න. ඒක ස්වාභාවික යුක්තියට පටහැනියි. එයාල එහෙම කරන්න ඉඩ නොදෙන්නෙ තමන්ට ඕන අයව දඩයම් කරන්න පාර ඇර ගන්න. කැම්පස් වල උන් දන්නව සික්කොන්ට දෙන නම් ටික උන් දෙන්නෙ කියල. පරිපාලනේ මගේ නම දැම්මෙ W G I D kumara කියල රිජිස්ට්‍රෙෂන් එකේ තියන විදියටඔය සික්කො එකෙක්වත් මගේ නම කුමාර කියල දන්නෙ නෑ තාමත්. උන් දන්නෙ මම ඉදුනිල් කියල......... සුසිරිත් (මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස්) කියන්නේ අපරිණත පරිපාලකයෙක්. සිසුන්ගෙ පීඩනය තේරුම් ගැනීමට පරිපාලන බුද්ධියක් ඔහුට තිබ්බෙ නෑ. කැන්ටිමට පුටුවක් මේසයක්.ඉල්ලුවත් ඔහු හිතුවේ ජේවීපී උවමනාව කියල. ලමයින්ට පාඩම් තැනක් ඉල්ලුවම ඔහු හිතුවෙ පෝස්ටර් අදින්න තැනක් ඉල්ලනව කියල. ඔහු ෆ්ලෙක්සිබල් පරිපාලකයෙක් උනේ නෑ.කිසිම දවසක ඔහුට බැරි උනා ශිෂ්‍ය නියෝජිතයො නියෝජනය කලේ පොදු ශිෂ්‍ය මතය කියල තේරුම් ගන්න.මම හිටිය කාලේ ඩීන් හිටියෙ එයා. මුකුත් ලමයින්ට නොදුන්නත් මම එක්ක පුද්ගලික ගැටුමක් එයාට තිබුන කියල මම හිතන්නෙ නෑ. ඔය සිද්දිය වෙනකම් එහෙම එකක් තිබ්බ කියල. හැබැයි එයා හිතුව ඕකට ලමයි විරුද්ද් උනේ අපේ උවමනාවට කියල......

    මෙම අර්බුධය පිලිබඳව මහාචාර්‍ය සුසිරිත් මෙන්ඩිස් ගේ භූමිකාව පැහැදිළි කර ගනු වස් මම ඔහුට පණිවිඩ කීපයක් දුන්නද මහාචාර්‍ය මෙන්ඩිස් නිහඞ වූවා මිසක පිලිතුරක් දුන්නේ නැත. එසේම මෙම පහරදීමේ සිද්ධිය නිසා නීතිය හමුවට ගෙන එන ලද දැනට විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන සාරද කන්නංගර මහතා ගෙන් ප්‍රකාශයක් ගැනිමට මා උත්සහ කෙරුවද ඔහුද මට පිළිතුරක් දුන්නේ නැත.

    මෙම අවාසනාවන්ත සිද්ධිය විග්‍රහ කල බැලීමේදී පෙනී යන්නේ සරසවි සිසු ත්‍රස්තවාදය , අන්තවාදී සිසු සංවිධාන , අපරිණත සහ දඩයම් මානසිකත්වයෙන් යුතු පරිපාලනය , අවස්ථාවාදී වෘත්තීය සංගම් විසින් මෙම අර්බුධය ඇති කල බවයි.

    රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේදී හෙදියන්ට පහර දීමේ සිද්ධිය වෛද්‍ය පීඨය ලත් විශාල කැළලක් මෙන්ම අපකීර්තියක්ද වන්නේය. මෙම සිද්ධිය සඳහා චෝදනා ලද වෛද්‍ය සිසුන් බොහෝ දෙනෙකු අද වෛද්‍යවරුන් ලෙස සේවය කරති. ඔවුන් බොහෝ දෙනෙකු මේ වන විට අන්තවාදී මානසිකත්වයකින් බැහැරවී සිටින බව පෙනෙන්නට තිබේ. එය සතුටට කරුණකි.

    අවසාන වශයෙන් කිව යුත්තේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරි කාලයේ සිදු නොවීම සඳහා කරාපිටිය සිදුවීම සෑම දෙනෙකුටම පාඩමක් වන බවයි. තවද කරාපිටිය කළු පැල්ලම වර්තමාන සරසවි සිසුන්ටද පණිවිඩයක් දෙයි. එනම් ඔබ විසින් සරසවි ජීවිතයේදී යම් අකටයුත්තක් සිදු කලහොත් එය වසර දහයකට හෝ විස්සකට පසුවද ඔබව හඹාගෙන එයි.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
     
    • Like
    Reactions: Inigo Montoya

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,273
    3,524
    113
    Maligawatta
    දොස්තරලා නර්ස්ලාට ගහලා කියපු ගමන් මං හිතුවේ වෙනම දෙයක්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,084
    15,483
    113
    ඒක දිගයිනෙ..
    20160313_110159.jpg

    Ketiyen kiyanna please.. oka kiyawaddi kiwana unuth bada wenawa
    තව එකෙක් ඉගෙනගන්නවට අවුල්
    NDT වගේ වලියක්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,445
    10,124
    113
    35
    Spain
    ඔය සීන් එක මට මතකයි. ඔය කාලේ නේ ස්ලිට් එක මාලබේ මෙඩිකල් කොලේජ් එක එහෙමත් පටන් ගත්තේ. තව ඇක්ට් 16 කියල විභාගයක් ගැනත් අවුලක් ආව. ජෙප්පෝ ඔය ඔක්කොගෙන්ම හොඳට වාසි ගත්ත. අර රන්වල පකයාත් ඔය මාලබේ කැම්පස් එකට විරුද්ධව රැස්වීම් වලට ගියා නේ, එතකොට ඌව හැඳින්වූවේ ප්‍රොෆෙසර් රන්වල කියල. :lol:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,908
    13,626
    113
    ඔය සීන් එක මට මතකයි. ඔය කාලේ නේ ස්ලිට් එක මාලබේ මෙඩිකල් කොලේජ් එක එහෙමත් පටන් ගත්තේ. තව ඇක්ට් 16 කියල විභාගයක් ගැනත් අවුලක් ආව. ජෙප්පෝ ඔය ඔක්කොගෙන්ම හොඳට වාසි ගත්ත. අර රන්වල පකයාත් ඔය මාලබේ කැම්පස් එකට විරුද්ධව රැස්වීම් වලට ගියා නේ, එතකොට ඌව හැඳින්වූවේ ප්‍රොෆෙසර් රන්වල කියල. :lol:
    Ow ow. Ranwala pons thamai Saitm ekata virudda mokadda sangameka sabapathi hitiye. Uge putha doctor. Uu ara accident eka karapu welawe uge putha gihin kiyala a babage thaththata oka sulu deyak kiyala.
    Mata wage kiwwa nam kariyage kana galawala athata denawa.
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,084
    15,483
    113
    Lankawe medical faculty inna samahara un nam gu 70i.
    Engineering un nam kochchara private campus dammath unta awulak naha.
    Private medical colleges genna denne naththe unge monopoly kadena nisa. Doctor kenek kiwwama empathetic manussayek wenna ona uparima.

    අඩු කුලේ ගංකබරයො නෙ ඉතිං ඔය කොහෙටත් යන්නේ.
    සමාජ ඇරියස් උපරිමයි.
    සල්ලි ටිකක් අතපත ගාලා පවුල් පන්සල් උනාම තමයි මොලේ ටිකක් පෑදෙන්න ගන්නෙ.
    ඉතින් වයසට යද්දී ලෝකෙ දැකලා ගොඩක් උන් හැදෙනවා.
    තරුණ මදය + දේශපාලන අතකොළු එකතු උනාම විනාසයි.
    දැන් උන්ටම ලැජ්ජාත් ඇති.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,131
    25,255
    113
    අන්තරේ ආතල්

    2005 වගේ කැලණිය කැම්පස් එකේ ඉඳන් පුද්ගලික medical college එපා කියලා උද්ගෝෂණයකින් කොළඹ ආවා. කිසිම medical faculty එකක අය ආවේ නෑ. dental 10ක්‌ විතර ආවා. කොටුවේදී කඳුළු ගෑස් සහ ගුටි කෑවා, මගේ සගයන් මග හැරුනා....මම වරාය පැත්තට දුවලා, මට්ටක්කුලිය බස් එකේ පැනගත්ත.
     
    • Wow
    Reactions: ozykolla